ඉන්ධන බෙදුම්කරුවනුත් වර්ජනයට..
30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
දැනට උද්ගතව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, එම විරෝධතා ව්‍යාපාරයට පිරවුම්හල් හිමිකරුවන්ගේ සහ සේවක පිරිස්වල දායකත්වය ලබා දිය යුතු බවට ඉන්ධන බෙදුම්කරුවන්ගෙන් මෙන්ම සේවකයින්ගෙන් ද ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බව එම සංගමය කියා සිටී.
2025 වසරේ සිට ඉන්ධන බෙදාහැරීමේ සමාගම් දෙකක් විසින් බෙදුම්කරුවන්ට හිමිවූ වට්ටම් ප්‍රතිශතය අයුක්ති සහගත අයුරින් කප්පාදු කිරීම නිසා සිය ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වී ඇති බව සංගමය පෙන්වා දෙයි.
ඊට අමතරව, නීතිවිරෝධී අන්දමින් වැට් බදු අය කිරීම දරාගත නොහැකි වීම, පෞද්ගලික අංශයේ සමාගම් සතු ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම සහ පිරවුම්හල් හිමියන් මුහුණ දෙන අර්බුද විසඳීමට රජය හෝ අදාළ පාලනාධිකාරිය සංවේදීව මැදිහත් නොවීම යන කරුණු ද මෙම තත්ත්වයට බලපා තිබේ.
මේ අතර, ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සඳහා මෙතෙක් විධිමත් නියාමකවරයෙකු පත් කර නොතිබීමත්, එම ක්ෂේත්රය කඩිනමින් නියාමන කොමිෂන් සභාවක් යටතට පත් නොකිරීමත් හේතුවෙන් සමස්ත ඉන්ධන කර්මාන්තය සහ බෙදුම්කරුවන් බරපතළ අසීරුතාවකට මුහුණ පා සිටිති.
වගකිවයුතු බලධාරීන් විසින් අවම තරමින් මෙම ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට හෝ අවස්ථාවක් ලබා නොදීම නිසා පවතින අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..