News Category
From Date
To Date
Maximum Number of Result

සමරිසි ආදරය වීරත්වයක්ද..?

Oct 23, 2025 at 12:57 PM
|

ශ්‍රී ලංකාව යනු සියවස් ගණනාවක් පැරණි ''සාම්ප්‍රදායික සාරධර්ම, බුද්ධාගම සහ පවුල් සංස්කෘතිය'' මත පදනම් වූ දැඩි සමාජීය ව්‍යුහයක් සහිත රටකි. මෑත කාලීනව, බටහිර ලෝකයෙන් ආනයනය වූ "ලිංගික සුළුතර අයිතිවාසිකම්" සහ "විවෘතභාවය" පිළිබඳ සංකල්ප රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙන්නට පටන් ගෙන කිබේ. මෙම ව්‍යාප්තිය, විශේෂයෙන්ම ''සමරිසි නැඹුරුව'' ප්‍රවර්ධනය වීම, අපගේ සභ්‍යත්වය සහ සංස්කෘතික අනන්‍යතාව කෙරෙහි විශාල තර්ජනයක් එල්ල කර ඇති බව බොහෝ සමාජ විචාරකයින්ගේ සහ මේ රටේ ජවතාව බහුතරයකගේ මතයයි.

ශ්‍රී ලංකාවේ 'විකල්ප' ලිංගික නැඹුරුව පිළිබඳ විවාදය.

ශ්‍රී ලංකාව යනු සියවස් ගණනාවක් පැරණි ''සාම්ප්‍රදායික සාරධර්ම, බුද්ධාගම සහ පවුල් සංස්කෘතිය'' මත පදනම් වූ දැඩි සමාජීය ව්‍යුහයක් සහිත රටකි. මෑත කාලීනව, බටහිර ලෝකයෙන් ආනයනය වූ "ලිංගික සුළුතර අයිතිවාසිකම්" සහ "විවෘතභාවය" පිළිබඳ සංකල්ප රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙන්නට පටන් ගෙන කිබේ. මෙම ව්‍යාප්තිය, විශේෂයෙන්ම ''සමරිසි නැඹුරුව'' ප්‍රවර්ධනය වීම, අපගේ සභ්‍යත්වය සහ සංස්කෘතික අනන්‍යතාව කෙරෙහි විශාල තර්ජනයක් එල්ල කර ඇති බව බොහෝ සමාජ විචාරකයින්ගේ සහ මේ රටේ ජවතාව බහුතරයකගේ මතයයි.

''පවුල් සංස්ථාව බිඳවැටීම සහ ජාතියේ අනාගතය''

සමරිසි නැඹුරුව පිළිබඳ කතිකාවෙන් අපේ සංස්කෘතියට එල්ල වන ප්‍රබලම බලපෑම වන්නේ ''පවුල් සංස්ථාව'' මත ඇතිවන සෘජු බලපෑමයි. ඒ බලපෑම් අපිට පහත ආකාරයට වර්ගකර විග්‍රහ කර ගත හැකිය. 

1. සම්ප්‍රදායික පවුල් ව්‍යුහය. 

ශ්‍රී ලංකාවේ පිළිගත් පවුල් සංකල්පය වන්නේ ''පියා, මව සහ දරුවන්ගෙන්'' සමන්විත සමාජ විද්‍යාවේ සරල පවුල ලෙස සලකන පවුල් ව්‍යුහයයි. මෙය චිරාත් කාලයක් තිස්සේ අපගේ ආගමික සහ සමාජීය හරයන් විසින් පෝෂණය කරන ලද්දකි. විකල්ප ලිංගික නැඹුරුවක් ප්‍රවර්ධනය වීමත් සමඟ, මෙම පවුල් සංස්ථාව ''විකෘති වී හෝ ''බිඳී ගොස්'', අනාගත පරපුරට නිවැරදි ආදර්ශයක් නොලැබීමේ අවදානම ඇති වේ.

2. දරුවන්ගේ මානසික සංවර්ධනය.

මනෝවිද්‍යාත්මකව තහවුරු වී ඇති පරිදි, දරුවෙකුගේ නිසි මනෝ-ලිංගික සංවර්ධනය සඳහා පිරිමි (පියාගේ) සහ ගැහැනු (මවගේ) ආදර්ශ සමතුලිතව තිබිය යුතුය. පිරිමි ළමයෙකුට මෘදු (Feminine) සහ අනවශ්‍ය ලෙස ''හැඟීම්බර'' වීම සඳහා එක් හේතුවක් ලෙස පවුල් තුළ ''පියාගේ අධිකාරය හීනවීම'' සහ ''මව පවුල 'Lead' කිරීමේ'' ව්‍යාප්තිය සැලකිය හැකිය. පිටස්තරින් සාම්ප්‍රදාය ඉක්මවූ විවිධ සංස්කෘතික බලවේගය පැමිණෙන්නේ එසේ අපගේ සරල පවුල දුර්වල වූ විටය.

3. ප්‍රජනනයෙන් තොරවීම 

ප්‍රායෝගිකව, සමරිසි සම්බන්ධතා තුළින් ''ප්‍රජනනය'' සිදු නොවේ. ජාතියක පැවැත්ම සඳහා ප්‍රධානතම සාධකය වන සෘජු ප්‍රජනනය වළක්වන මෙවැනි නැඹුරුවක් සාමාන්‍යකරණය වීම, දිගු කාලීනව රටක ''ජනගහන ව්‍යාප්තියට'' සහ ජාතියේ පැවැත්මට අහිතකර ලෙස බලපෑම් කළ හැකි බවට සැක පහළ වේ. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාව වැනි බහුවාර්ගික සමාජ ව්‍යුහයක් ඇති රටක සිංහල බෞද්ධ ජනවර්ගය මේ රටේ ප්‍රධාන ජාතිය ලෙස පෙනී සිටියත්, රටේ ජීවත් වන අනෙකුත් ජන වර්ග දෙක වන මුස්ලිම් හා දෙමළ ජාතිකත්වයන් සිය වර්ගයා බෝ කිරීමේ වේගය හා සාපේක්ෂව බලන කල සිංහලයින් සිටින්නේ බලවත් අභියෝගයකය. එවන් ජාතික අවධානමක් පවතිද්දී සමරිසි  සංස්කෘතියේ බලපෑම සිංහලයන් වෙත වැඩි වැඩියෙන් බලපාන්නට පටන් ගතහොත් අනාගතයේදී ඔවුන් මේ රටේ දෙවන හෝ තුන්වන ජාතිය බවට පත් වීම වැළකිය හැකිද. එසේ වන්නේ අනෙකුත් ජාතීන් දෙකටම එන මෙවන් පිටස්තරින් එන අදහස් උදාස් වැළඳ ගැනීම හෝ ගරු කිරීමට නොහැකි දැඩි සංස්කෘතික බැඳීමක් ඇති පරිසරයකය. 

''අන්තර්ජාලයේ අඳුරු පැත්ත සහ යෞවනයන්ගේ දඩයම''

සමරිසි ප්‍රවණතාව වර්තමාන තරුණ පරපුර අතර වේගයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුවක් ලෙස සැලකිය හැක්කේ ''අසීමිත අන්තර්ජාල භාවිතය'' සහ ''විදේශීය සංස්කෘතික ආභාසය'' වේ.

1. ඩිජිටල් මාධ්‍යවල බලපෑම

'Wattpad', 'Facebook' සහ 'Telegram' වැනි වේදිකාවලදී ''පාසල් දරුවන්'' පවා සමරිසි සම්බන්ධතා ප්‍රවර්ධනය කරන කතා, සාහිත්‍ය සහ සමූහයන්ට පහසුවෙන් නිරාවරණය වීම කනගාටුදායකය. පාසල් දරුවෙකු ලිංගිකත්වය ගැන කුතුහලයෙන් සිටින අවධියක, එම කුතුහලය ''සම්ප්‍රදායික මායිම්'' ඉක්මවා යන ආකාරයේ සම්බන්ධතා වෙත යොමු කිරීමට මෙම මාධ්‍යයන් පෙළඹවීමක් ලබා දේ.

2. සමාජීය ප්‍රතිරෝධය බිඳ වැටීම

පොත්පත් සහ මාධ්‍ය ඔස්සේ ''සමරිසි ආදරය 'වීරත්වයක්'' ලෙස නිරූපණය කිරීම තුළින්, අපගේ සමාජය තුළ මේ දක්වා පැවති ''ප්‍රතිරෝධය සහ විනය'' බිඳ වැටේ. මෙය අපේ දරුවන් නිසි මඟින් බැහැරව යාමට හේතුවකි. මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ඉහළම නැඹුරුවක් හා ජනප්‍රියත්වයක් තරුණ පරපුර අතර හිමි කරගත් සාහිත්‍ය කෘති විමසා බලන්න. නම් වශයෙන් කිව හැකි වුවත් එසේ කීම ද සාහිත්‍යයට ප්‍රවර්ධනයක් වන්නේය. එවන් කෘතිවලින් යම්කිසි ආකාරයකින් මේ සමාජයේ ඉටු කර ඇත්තේ සමරිසි ආදරය වීරත්වයට නගා සමාජය මත ආරෝපණය කිරීම නොවේද.

3. වැඩිහිටි දඩයම්කරුවන්ගේ උවදුර

විශේෂයෙන්ම ''Telegram'' වැනි සමාජ මාධ්‍ය සමූහ තුළ, වයස අවුරුදු 15 සිට 21 දක්වා වූ ''බාලවයස්කාර පිරිමි ළමයින්'' ලිංගික සහකරුවන් සොයා ගැනීම සඳහා ක්‍රියාකාරී වීම අතිශය භයානකය. තවද, ''පීඩෝ (Pedophile) නැඹුරුවක්'' සහිත වැඩිහිටියන් විසින් මෙම කුඩා පිරිමි ළමයින් ''දඩයම් කිරීමේ'' අවදානම, රටේ ''ළමා ආරක්ෂාවට'' එල්ලවන බරපතලම තර්ජනයයි. පීඩෝ (Pedophilia) යනු සරලවම කිවහොත්, වැඩිහිටියෙකුට ලිංගිකව පරිණත නොවූ දරුවන් (සාමාන්‍යයෙන් අවුරුදු 13ට අඩු ළමුන්) කෙරෙහි ඇතිවන අසාමාන්‍ය සහ ප්‍රබල ලිංගික ආකර්ෂණය යි.

4. සෞඛ්‍ය බෝම්බය හෙවත් සමාජ රෝග ව්‍යාප්තිය.

සමරිසි ලිංගික සම්බන්ධතා වේගයෙන් වර්ධනය වීම, සෞඛ්‍ය අංශයට විශාල අභියෝගයක් එල්ල කර ඇත. ලංකාවේ ''HIV/AIDS'' ව්‍යාප්තියේ වැඩිම ප්‍රතිශතයක් (60%කට වැඩි) වාර්තා වන්නේ ''පුරුෂයන් සමඟ ලිංගිකව හැසිරෙන පුරුෂයන් (MSM)'' අතරිනි. විද්‍යාත්මක දත්ත අනුව, සමරිසි සම්බන්ධතා අතරේ ආරක්ෂිත නොවන ලිංගික හැසිරීම් නිසා ''සමාජ රෝග (STI/STD)'' පැතිරීමේ අවදානම අතිශයින් ඉහළ ය.

''වේගවත් ව්‍යාප්තියේ අනතුර'' මේ වනවිට අපේ සමාජයේ බහට ලක්වී ඇති මාතෘකාවකි. අමරසි තරුණ පරපුර අතර ''දිනපතා හෝ නිතර නිතර ලිංගික සහකරුවන් මාරු කිරීමේ'' ප්‍රවණතාව, මෙම රෝග ජාලය පුදුම සහගත වේගයකින් ව්‍යාප්ත වීමට හේතුවකි. ඉදිරි වසර පහ තුළදී, ''අවුරුදු 18 - 25'' අතර තරුණ පරපුර තුළ බරපතල සමාජ රෝග රැල්ලක් ඇති වුවහොත් පුදුම විය යුතු නැත.

ශ්‍රී ලංකාව, ආසියාවේ අනෙකුත් රටවල් මෙන්, ''විවෘත ලිංගික සම්බන්ධතා'' සහ ''සම්ප්‍රදායට පිටින් වූ සබඳතා'' දිරිගැන්වීමට සූදානම් සමාජයක් නොවේ. සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ ලිංගික එක්වීම හැරුණු විට තවමත් අපේ සමාජය ''සමලිංගිකයන් අතර'' එවන් ප්‍රවණතා ඇති බව කතාබහ කරන්නේ විවෘත සංවාදයේ නොවේ. එය අප විග්‍රහ කරන්නේ විකෘති ලිංගික චර්යාවක් ලෙස බවත් මමත් හොදාකාරවල් දනී.

සමරිසි නැඹුරුව හුදෙක් ''ජීව විද්‍යාත්මක කාරණයක්'' පමණක් යැයි පිළිගැනීමට වඩා, එය බටහිර ''වෝක් සංස්කෘතියේ'' (Woke Culture) බලපෑම යටතේ හටගත් ''සමාජීය විකෘතියක්'' ලෙස සැලකිය යුතුය. අපගේ සභ්‍යත්වයට අනුව, ලිංගිකත්වය යනු ප්‍රජනනය සහ පවුල පවත්වාගෙන යාම සඳහා වූ ''පූජනීය බැඳීමක්'' මිස, විනෝදාස්වාදය හෝ අත්හදා බැලීම සඳහා වූ දෙයක් නොවේ.

ශ්‍රී ලංකාවට සිය ''සංස්කෘතික අනන්‍යතාව, ළමා ආරක්ෂාව සහ ජාතික සෞඛ්‍යය'' රැක ගැනීමට නම්, මෙම විෂය පථය සමාජය තුළ ව්‍යාප්ත වීම ''වහාම සීමා කළ යුතු'' අතර, සාම්ප්‍රදායික පවුල් වටිනාකම් සහ සභ්‍යත්ව බැඳීම් යළි තහවුරු කරගත යුතුය. ''ලිංගික විෂමතා'' මගින් අපේ සමාජයට එල්ල කරන බලපෑම ''මහා විනාශයක්'' බව වටහාගෙන, ජාතියක් ලෙස එයට එරෙහිව නැගී සිටීම අප සැමගේ වගකීමකි.

- බුලිත ප්‍රදීප් කුමාර

(අන්තර්ජාලයෙන් උපුටා ගැනිණි)

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.