News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමා අස්වැසුම ඇමතිගේ ‘යාචක මානසිකත්වය’ ඇත්තක්ද?

Oct 22, 2025 at 09:09 AM
|

ලංකාවේ පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වෙද්දී, එයින් 43ක්ම අස්වැසුම ඉල්ලා ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. මෙය නිවැරදි සංඛ්‍යාලේඛනයක් විය නොහැකිය.

පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වන්නේ 2012 ජන සංගණනය අනුවය. එම සංගණනය අවධියේ සංගණන හා නිවාස ඒකක සංඛ්‍යාවට වඩා 2024 සංගණනයේ එම සංඛ්‍යාවන් වැඩිය. එබැවින් පවුල් සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ලක්ෂ 60කට ආසන්න විය හැකිය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවමත් මෙම දත්ත නිකුත් කර නැත.

අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන සඳහා මුලින්ම අයදුම්පත් කැඳවනු ලැබුවේ දැඩි ආර්ථික අර්බුදයක් පැවති 2022 වර්ෂයේදීය. ඇත්තෙන්ම, මෙම සමාජ සුබසාධන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කරනු ලැබුවේ ද අපේක්ෂා කළ දැඩි දිළිඳුකම නිසාය. ආර්ථික අර්බුදයෙන් අවදානමට පත් සියලු දෙනා අයදුම් කරන ලෙස දිරිගන්වන ලද අතර පවුල් ලක්ෂ 37කට වඩා ඒ අනුව අයදුම් කළ බව වාර්තා විය. ඒ එවකට පැවති අවදානම නිසාය.

එහෙත්, ඇත්ත වශයෙන්ම අස්වැසුම සඳහා යෝග්‍ය වූයේ පවුල් ලක්ෂ 19ක් පමණි. ඒ සියල්ලන්ටම අස්වැසුම ලැබුණේ නැත. ඇත්තටම ලැබුණු සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් අඩුය. සත්‍යය එයයි. මේවා අස්වැසුම දෙන සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ තිබෙන දත්තය.

2024 මුලදී අස්වැසුම දෙවන වටය සඳහා නැවත අයදුම්පත් කැඳවන ලදී. නොලැබුණු බොහෝ අය නැවත අයදුම් කළහ. ඒ අය කලින් ද අයදුම් කර සිටි අයයි.

ඇමතිවරයා මේ සංඛ්‍යාලේඛනය හදාගෙන තිබෙන්නේ අර ලක්ෂ 37ට දෙවන වර අයදුම් කළ සංඛ්‍යාව එකතු කරගෙනය. අස්වැසුම ගැන ජාතික ජන බලවේග ආණ්ඩුවේ දැක්ම පමණක් නොව, එය පදනම් වන සාක්ෂිමය පදනම ද අවුල් සහගත බව මෙයින් ඉතා පැහැදිලිය.

රටකට සමාජ සුබසාධන ක්‍රම අවශ්‍යය. මූල්‍ය ආධාර සැපයීමට අමතරව, සමාජ ආරක්ෂණ ක්‍රම මගින් රටකට ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ ලැබේ.

ආදායම් අසමානතාවය අඩු කිරීම: මෙම ක්‍රම මගින් ධනවතුන්ගෙන් බදු ගෙන, දුප්පතුන්ට සහ අවදානම් සහිත කණ්ඩායම් වලට ප්‍රතිලාභ ලබා දීමෙන් ආදායම් පරතරය අඩු කරයි.

සමාජ ස්ථාවරත්වය: මූලික අවශ්‍යතා සපුරා ගන්නා විට, මිනිසුන් අතර ඇතිවන අසහනය සහ ගැටුම් අඩු වේ. එයින් සමාජයේ සාමය සහ සුරක්ෂිතභාවය වැඩි දියුණු වේ.

නිෂ්පාදන හැකියාව ආරක්ෂා කිරීම: රෝගී වූ විට හෝ රැකියා අහිමි වූ විට සහය ලැබීම නිසා, පුද්ගලයන්ට නැවත ඉක්මනින් වැඩට පැමිණීමට සහ රටේ ආර්ථිකයට දායක වීමට ඇති හැකියාව ආරක්ෂා වේ.

ආර්ථික වර්ධනය: සමාජ ආරක්ෂණය මගින් මිනිසුන්ගේ මිලදී ගැනීමේ බලය (Purchasing Power) වැඩි කරන අතර, එය වෙළඳපොළට මුදල් ගලා ඒම හරහා සමස්ත ආර්ථික ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි.

සරලව කිවහොත්, මේවා ආර්ථික කම්පනවලට එරෙහිව රටේ පුරවැසියන් රක්ෂණය කරන බලසතුකරණ පද්ධති (Empowering Systems) වේ.

ජාතික ජන බලවේගය දැන් ජනතාව යාචක මානසිකත්වයක සිටින බවට අවමන් කළත්, රජයෙන් ඉල්ලාගෙන කෑමට පොළඹවන මෙම යාචක මානසිකත්වය නිර්මාණය කිරීම සඳහා ඔවුන් දක්වන ලද දායකත්වය සුළුපටු නොවේ. එතරම් දුරට නොගොස් 2024 අවුරුද්ද අග හරිය බැලුවත්, ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණ අන්දම අපට මතකය. ඡන්ද ලබාගැනීම වෙනුවෙන් රජයෙන් දෙන සහනාධාර මත යැපීම දිළින්දන් අතර පැතිරවීමට ඔවුන් පවා දායක වී තිබේ.

ලෝක බැංකුවේ 2025 වාර්තාවල දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණත්, දරිද්‍රතාවය තවමත් 2019ට සාපේක්ෂව දෙගුණයකට වඩා වැඩි බවයි. රටේ ජනගහනයෙන් හතරෙන් පංගුවක් පමණ දිළින්දෝය. ඔවුන්ට රජය උදව් කිරීම වරදක් නොවේ.

එහෙත්, දිළින්දන්ගේ යාචක මානසිකත්වය ගැන කතා කළාට රජයෙන් යැපෙන දේශපාලකයන් හා රාජ්‍ය සේවකයන්, නිලධාරීන් හා කොන්ත්‍රාත්කරුවන් ආදීහු ඊට අන්තය. රජය දිළින්දන්ට බෙදන්නේ කුඩා හැන්දකිනි. ඉහත කී අයට බෙදන හැන්ද ගොඩක් ලොකුය.

පහත දැක්වෙන්නේ අස්වැසුම පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යයනයක් පාදක කරගෙන අපි ඉදිරිපත් කරපු වාර්තාවේ ලින්කුව, https://www.right2lifelanka.org/aswesumarelief-or-deception

- අජිත් පැරකුම් ජයසිංහ

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.