" සිංහලේ " හෙවත් "ඇකිරියන් කුඹුර" ගැන මේ විස්තරය ඔයාලා දැනන් හිටියාද..
ගම්පෙරළිය නවකතාවේ ජිනදාස සිංහලේ ගියේ ය. සිංහලේ හෙවත් "ඇකිරියන් කුඹුරේ" ඔහු ජීවත් වූ බව සඳහන් වේ. ජිනදාස නිර්මාණය කෙරුණ චරිතයක් වුව ද, අද ද ඇකිරියන් කුඹුරේ ජිනදාස මෙන් දුක්විඳින සැබෑ මිනිස්සු රැසකි.
කරෝලිස්ට සිංහලේ යන්නට සිදුවූයේ ගැහැනු ගැටවලට හසුවීම නිසා ය. ජිනදාසගේ ගමන නම් ඉඳුරාම වෙනස් වූවකි. පළමුව හෙතෙම නන්දා සමඟ විවාහ විය. ඉන්පසුව ලද දරුවා අකල් මරණයට පත්විය. ඒ සියල්ලට ම වඩා දිනෙන් දින උග්‍රවන අග හිඟකම් ජිනදාසට බලපෑවේ ය. මෙයට විසඳුම් සොයා ජිනදාස සිංහලේ යන්නට තීරණය කළේ ය.
"නන්දා මම මෙහෙම නිකම් ගෙදර හිටියාම කොහොමද? පොඩි වෙළෙඳාමක් වත් කරන්න සිංහලේ යන්නයි මම හිතාගෙන ඉන්නේ."
නන්දා ඇමතූ ජිනදාස ඉන් දින දෙකකට පසුව සිංහලේට පිටත්වූයේ වෙළෙඳාම් කිරීමට ය.
A5 - මාර්ගය නැත්නම් මඩකලපුව - බදුල්ල මාර්ගයේ බිබිල නගරය පසුකර සැතපුම් අටක් යනවිට අපට මේ සිංහලේ යනුවෙන් ව්‍යවහාර ප්‍රදේශය හමුවේ. අද වනවිට සිංහලේ ලෙස ව්‍යවහාර නොවුණත් ඒ ප්‍රදේශයේ දුෂ්කර බව නම් එලෙසින් ම ශේෂ ව පවතියි. ජිනදාසගේ මරණයත් සමඟ ම නැවැතත් සිංහලේ ගැන කතා බහට ගම්පෙරළිය කෘතිය පෙලඹේ.
"උණ ගෙඩියක් සහිත අමාරු ලෙඩෙක් ඇකිරියන් කුඹුරේ සිට ඉතා අමාරුවෙන් බදුල්ලේ ඉස්පිරිතාලයට පැමිණියේ ය. එහි ඇතුළු වී දෙසතියකින් ඔහු මිය ගියේ ය."
බදුල්ල - මඩකලපුව මාර්ගයේ මාදියගල කඳු වළල්ලේ පාමුලට වන්නට ඇකිරියන් කුඹුර ගම්මානය පිහිටා ඇත. සියවස් ගණනාවකට එහා යන ඉතිහාසයක් පවතින මේ ගම්මානය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඇස ගැටුණේ අහම්බයකින් නො වේ. වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාවට ඇකිරියන් කුඹුර සම්බන්ධවීම තමන්ට ලැබුණ ගෞරවයක් ලෙස ගම්මු අද පවා සලකති. කන්න බොන්න අමාරුවී අගහිඟකම් උත්සන්න වී එයට විසඳුම් ලෙස හේනක් කපා වෙළෙඳාමට පැමිණීම ජිනදාසගේ අරමුණ වී තිබිණි. ඒ කුමන අරමුණකින් ජිනදාස ඇකිරියන් කුඹුරට පැමිණිය ද ගමේ මිනිසුන් මාර්ටින් වික්‍රමසිංහ මහතා තම ගමට විශේෂ ගෞරවයක් කළ අයකු ලෙස අද පවා පිළිගනිති.
"වික්‍රමසිංහ මහත්තයා ජිනදාස එව්වේ අපේ ගමටනේ"
ඇකිරියන් කුඹුර ගම්මානයේදී හමුවූ බොහෝ දෙනකු කියන්නේ ඒ නිසා වන්නට ඇත. ඇතැමුන් එසේ කියන්නේ ජිනදාස යනු නවකතා චරිතයක් ලෙස නොව සැබෑවටම සිටි චරිතයක් ලෙස සලකා ගෙන ය.
මාර්ටින් වික්‍රමසිංහ මහතා 1918 දී පමණ මඩකලපු ප්‍රදේශයේ ව්‍යාපාරයක නියැළුණු බව ඔහුගේ 'උපන්දා සිට' කෘතියේ සඳහන් වේ. ඇකිරියන් කුඹුර පිළිබඳ අත්දැකීම ඔහුට ලැබෙන්නට ඇත්තේ මේ නිසා වන්නට ඇත.
එකල මඩකලපුවට යාම සඳහා බදුල්ල - මඩකලපුව මාර්ගය භාවිත වී තිබේ. අද ද මේ ප්‍රදේශයේ ජීවත්වන තුලතුනා ගැමියන් සමඟ කතාබහ කරන විට ඔවුන් කියන්නේ එකල මේ මාර්ගය කරත්ත පාරක් ව තිබෙන්නට ඇති බව ය. මේ කරත්ත පාර ඔස්සේ විදේශිකයන් මෙන් ම ස්වදේශිකයන් ද බදුල්ලේ සිට මඩකලපුවට ගියහ. ප්‍රවාහනය සඳහා බහුලව භාවිත වූ කරත්ත වලින් ලුණු, කරවල ආදිය එකල මඩකලපුවේ සිට බදුල්ලට ගෙන ගොස් තිබේ. බදුල්ලේ සිට ඇත් දළ, බුලත්, පුවක් ආදිය මඩකලපුවට ගෙන ගොස් තිබේ. මේ මාර්ගයේ එහා මෙහා යන පිරිසට නවාතැන් ගැනීම සඳහා නවාතැන් පොළවල් ඉදිකර තිබී ඇත. ඇකිරියන් කුඹුර, මහඔය, පිල්ලුමලේ ආදී ප්‍රදේශවල එවැනි නවාතැන් පොළවල් තිබී ඇති අතර, ඇකිරියන්කුඹුරේද නවාතැන් පොළක් තිබී ඇත්තේ වර්තමානයේ ඇකිරියන් කුඹුර මහා විද්‍යාලය තිබෙන ස්ථානයට ආසන්නයේ ය.
"වික්‍රමසිංහ මහත්තයා නවසිය ගණන්වල මඩකලපුවේ ඉඳන් බදුල්ලට යන්න ඇවිල්ලා තියෙනවා. එහෙම යන කොට නතර වුණු තැනක් තමයි ඇකිරියන් කුඹුර රෙස්ට් හවුස් එක. එතැන නතරවෙලා ඉන්න කොට වික්‍රමසිංහ මහත්තයා මෙහේ විස්තර හොයලා බලන්න ඇති. හේන් වගාව තියෙනවා. සිංහලේ කියනවා. ඊළඟට මේ කාලේ මේ ප්‍රදේශයේ බොහොම තදේට මැලේරියාවත් පැතිරිලා තිබිලා තියෙනවා. මේ තොරතුරු සියල්ල හොයාගෙන ඊට පස්සෙ තමයි එතුමා ගම්පෙරළිය ලියන කොට ජිනදාස සිංහලේට එවන්නේ.”
නමුත් මේවනවිට බදුල්ල මඩකලපුව A5 මාර්ගය අලුතින් ඉදිකර නවීකරණය වී ඇත.තවත් කාලයක් ගතවන විට සිංහලේ දුෂ්කර ගමක්ව තිබූ බව ගම්පෙරලිය පොතට පමනක් සීමාවනු ඇත.
- බුද්ධික විදානගේ මහතාගේ ලිපියකි
(අයිතිය ඔහු සතුය)



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..