News Category
From Date
To Date
Maximum Number of Result

"ඉසිදාසි"

Oct 21, 2025 at 11:38 AM
|

LGBTQ ගැන නූතන වෛද්‍ය  මතය මොකක් උනත්, බෞද්ධයෙක් විදියට බෞද්ධ මූලාශ්‍ර අනුව බැලුවොත්,  සසරේ කරපු කර්ම විපාක අනුව සමහරුන්ට කැමති උනත්, අකමැති උනත්, ලිංගික වෙනසකට මූණ දෙන්න සිද්ධ වෙනවා..

ඒ නිසාම සමාජයෙන් ගැරහුම් ලබන්නටත් සිද්ධ වෙනවා..

සමහරුන් උපතින්ම මේ "සමරිසි" පැවතුම් අරන් එනවා...ඒවා සසරේ එන කර්ම විපාක වෙන්න පුලුවන් නිසා ඒ වගේ පුද්ගලයන්ට ගැරහිය යුතු නෑ.. ඔවුන්ටත් මේ සමාජයේ සාමාන්‍ය මනුස්සයෙක් ලෙස ජිවීතවීමේ අයිතිය ලැබිය යුතුයි..

ඔවුන් කෙරෙහි වෛරී සිතක් ඇති කර ගැනීම බෞද්ධ වන අපට සුදුසු දෙයක් නෙවෙයි...

සසරක ඇති භායනක කම සිහි කරලා මේ අය කෙරෙහි මැදිහත් සිතින් බලනවා හැරෙන්න්ට වෙනත් විකල්ප මේ සසරේ නෑ.. 

අපි සෝවාන් වන තාක්, සසරේ අපටත් මේ ජිවිතය උරුම වෙන්න තියෙන අවස්ථාව නැතුවා නොවේ..

අද වගේම බුද්ධ කාලේත් මේ අය හිටියා..

මේ අයට එකල කිව්වේ "පණ්ඩක"කියලා..

▪️ආසිත්තපණ්ඩකය

▪️උසූයපණ්ඩකය

▪️ඔපක්කමිකපණ්ඩකය

▪️පක්ඛපණ්ඩකය 

▪️නපුංසකපණ්ඩකය 

ලෙස  පණ්ඩකයන් පස්දෙනකුන් විනය අටුවාවෙහි දක්වා තියෙනවා...

අද ඉන්දියාවේ බහුලව දකින්න ඉන්නේ ඔය "නපුංසකපණ්ඩකයන්" කියන අයයි..

ඒ වගේම "උභතොබ්‍යඤ්ජනක" කියලත් තව කොටසක් ඉන්නවා.. 

මෙයාලගේ "පුරුෂ" සහ "ස්ත්‍රී" අවයව දෙකම අඩු වැඩි වශයෙන් ප්‍රකටව තියෙනවා කියලා තමයි අටුවාවේ දැක්වෙන්නේ...

පෙරුං පුරනා කාරයේදි අපගේ බෝසතාණන් වහන්සේ කිසි විටකත් සසරේ ගැරහුම් ලබන මෙවැනි උපතක් නොලැබූ බව සඳහන්..

ඒ  වගේම බුද්ධ කාලේ මේ අය පැවිදි වෙලා ස්වාමින් වහන්සේලාට වෙච්ච අපහසුතා නිසා, මේ අයව පැවිදි කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා..

- චක්කවත්ති සීහනාද - සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ සමලිංගික සේවනයට වදාලේ 

"මිච්ඡා ධම්ම" කියලයි..

ගැහැණියක් ගැහැණියකට ඇති කැමැත්ත සහ පිරිමියෙක් පිරිමියෙකුට ඇති කැමැත්තට තමයි මේ "මිච්ඡා ධම්ම" කියන්නේ කියලා සූත්‍ර අටුවාවේ සඳහන්..

අධර්ම රාගයත්, විෂම ලෝභයත්, මේ මිච්ඡා ධර්මයත් නිසා අනාගත ලෝකය පිරිහෙන බව භාග්‍යවතුන් වදාලා..( ඒ අනාගතයට අප මේ දැන් මුහුණ දෙමින් සිටිනවා )

උපතින්ම මනුස්සයෙකුට උරුම වෙන මේ සමරිසි බවට හේතු වන කර්ම විපාක මොකක් වෙන්න ඇත්ද??

බුද්ධ කාලේ හිටියා  කාන්තාවක්..

ඇයට සසරේ "නපුංසක" ජිවිතයකුත් උරුම වෙලා, බොහෝ දුක් විඳලා ගෞතම බුද්ධ සාසනයේ ඉපදිලා ඒ ජිවිතෙත් දුක් විඳලා, අවසානයේ ඇය සදහටම ඒ දුක නිමා කලා...

ඇයගේ නම "ඉසිදාසි"...

ගෞතම බුදු සසුනේ අවසන් සිරුරු දැරූ "ඉසිදාසි" අරහත් තෙරණිය..

මේ ඇයගේ කතාවයි...

===============================

කුසුම් පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නවා. 

 එක් භික්ෂුණියක ගේ නම ඉසිදාසී. දෙවැනි සිල්වත් තැනැත්තිය ගේ නම් බෝධි තෙරණිය. ඒ දෙන්න ධ්‍යාන සැපයෙන් වාසය කරන්නෙ. බුදු සමිඳුන් ගේ ධර්මය ගොඩාක් අහල තියෙනවා. ඒ වගේ ම නිකෙලෙස්. 

. දවසක් ඒ භික්ෂුණීන් දෙනම පිණ්ඩපාතෙ වැඩියා. දන් වැළඳුවා. දෙපා සෝද ගෙන විවේක තැනක සුවසේ සිටිද්දි තමයි මේ කතාබහ ඇති වුණේ. 

. ආර්ය වූ ඉසිදාසී, ඔයා හරි ම ලස්සන කෙනෙක්. තව ම ඉන්නෙ තරුණ වයසේ. ඔයා මහණ වෙන්ට කල්පනා කළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකල ද? 

. විවේක තැනක දී මේ විදිහට අසද්දී දහම් දෙසීමෙහි දක්ෂ වූ ඉසිදාසී භික්ෂුණිය මේ විදියට පිළිතුරු දුන්නා. “එහෙම නම්, පින්වත් බෝධි, මං මහණ වෙච්ච විදිය අහගන්න.” 

. මගේ තාත්තා සිල්වත් කෙනෙක්, එයා උදේනි නගරයේ සිටුවරයෙක්. මං ඒ ගොල්ලන් ගෙ එක ම දුව. ඒ ගොල්ලන් ගෙ හැම ආදරයක් ම ලැබුණෙ මට. 

. සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආවා. ඒ සිටුවරයාට ත් ගොඩාක් වස්තුව තිබුණ. ඒ සිටුතුමා ගේ ලේලිය හැටියට මාව, මගේ තාත්තා ඒ ගෙදරට පාවා දුන්නා. 

. ඉතින් මං නැන්ද යි මාම යි ළඟට උදේ සවස ගිහින් ඒ ගොල්ලන් ගෙ දෙපා වැන්දා. ඔවුන් කියන දේ විතරක් ම කෙරුවා. 

. මං මගේ ස්වාමියා හරි, සහෝදර සහෝදරියන් හරි, ඒ කවුරු හරි දැක්කොත් මං පුටුවෙන් නැගිටිනවා. මං ඒ ගොල්ලන්ට වාඩි වෙන්න දෙනවා. 

. කෑමෙන් බීමෙන් වුණත්, කැවිලි පෙවිලිවලින් වුණත් ඒගොල්ලො කැමැති දේවල් හදල දීල සතුටු කරනවා. මං ඒ ගොල්ලන්ට හොඳට සැලකුවා. 

. අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල උපස්ථාන කරනවා. මං මගේ අතින් සැමියා ගේ පා සෝදල යි ගෙට ගන්නෙ. ස්වාමියා ළඟට මං යන්නෙත් වැඳගෙන යි. 

. මං පනාව ත්, සුවඳ විලවුන් වර්ග ත්, වෙනත් දේවලුත්, කන්නාඩිය ත් අරගෙන සැමියා ළඟට යනවා. මගේ අතින් ම යි මං එයා ව සැරසුවේ. 

. මගේ අතින් ම බත් ඉව්වා. හැලි වලං හේදුවා. අම්ම කෙනෙක් එක ම දරුවෙකුට සලකනවා වගෙයි මං සැමියට කටයුතු කළේ. 

. එයාට මං කොයිතරම් ආදරෙන් වැඩකාරකම් කරගෙන හිටියත්, නිහතමානී ව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජීවිතයක් ගෙවන මට ම යි එයා බණින්නෙ. 

. අන්තිමේ දී එයා ඒ ගොල්ලන් ගෙ දෙමාපියන්ට මෙහෙම කිව්වා. “මං යනවා මේ ගෙදර අත්හැරල, මට මේ ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕන කමක් නෑ.” 

. “පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසී ඤාණවන්ත කෙනෙක් නේ. වාසනාවන්ත කෙනෙක් නෙ. වීරියවන්ත යි නෙ. කම්මැලි නෑ නෙ. ඉතින් පුතේ, ඔයා මොකද ඉසිදාසීට මේ තරම් අකැමැති?” 

. “ඔව්! ඇය මට වරදක් කළේ නෑ. නමුත් මට ඉසිදාසී ත් එක්ක ඉන්ඩ ඕන කමක් නෑ. මට ඈ ව අප්පිරිය යි. මට ඇගෙන් වැඩක් නෑ. මං එහෙනම් ඕගොල්ලන්ට ත් නොකියා ම මේ ගෙදරින් යන්ඩ යනවා.” 

. නැන්ද යි මාම යි එයා ගෙ වචනෙ පිළිගත්තා. ඉතින් ඒ ගොල්ල මගෙන් ඇහැව්වා, “දරුවො, ඔයා මොකක් ද අපේ පුතාට කරපු වැරැද්ද? සැක නැතිව කියන්න” 

. මං එයාට කිසි ම වරදක් කළේ නෑ. හිංසාවක් කළේ නෑ. වැරදි වචනයක් කියල නෑ. ආර්යාවෙනි, ඉතිං එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මං මොකද කරන්නෙ? 

. “අපේ පුතා ව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මී ව අපේ පවුලට නැති වුණා” කියල ඒ දෙමාපියන් මාව ආයෙමත් අපේ තාත්ත ළඟට ඇරලුවා. 

. ඒ වතාවේ මගේ තාත්තා, අපට වඩා බදු ආදායම භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්ඳල දුන්නා. 

. මාසය යි මං ඒ ගෙදර හිටියේ. මං කීකරු දාසියක් වගෙ උපස්ථාන කරද්දී, ද්‍රෝහිකම් නොකරද්දී, සිල්වත් ව සිටිද්දී, ඒ ගෙදරිනුත් මාව අයින් කළා. 

. අන්තිමේ දී මගේ තාත්තා, සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්කගෙන ආවා. “ළමයෝ, ඔය රෙදි කඩමාල්ල යි, ඔය තැටිය යි වීසි කරපන්. මගේ දියණිය ගේ ස්වාමිය බවට පත් වෙයන්” කියල කිව්වා. 

. ඒ මනුස්සයා මම ත් එක්ක ටික කලක් හිටියා. එයත් මාව අත්හැරල ගියා. එයා යන දවසේ තාත්තට මෙහෙම කිව්වා. “මගේ රෙදි කඩමාල්ල යි, මගේ තැටිය යි, මට ආපහු ඕන. මං ආයෙමත් සිඟා කන්ඩ පටන් ගන්නවා.” 

. එතකොට අම්ම යි තාත්ත යි එයාට මෙහෙම කිව්වා. “මේ ගෙදරින් ඔයාට මොනව ද ලැබෙන්නෙ නැත්තෙ? ඕන දෙයක් කියන්න, හරි ගස්සල දෙන්නම්.” 

. එහෙම කියද්දි ත් එයා මෙහෙම යි කිව්වෙ. “නෑ, මට ජීවත් වෙන්ඩ තාම හයිය තියෙනවා. මට මේ ඉසිදාසී ගෙන් වැඩක් නෑ. මට ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕනකමක් නෑ.” 

. ඒ ඉඳුල් කන මනුස්සය ත් මාව දාල ගියා. මං තනියම හිතන්ට පටන් ගත්තා. එක්කෝ මං කාටවත් නොකියා දිවි නසා ගන්නවා. එක්කෝ මං මහණ වෙනවා. 

. විනයධර, බහුශ්‍රැත, සිල්වත් භික්ෂුණියක් හිටියා. ආර්ය වූ ඒ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාතෙ වඩින ගමන් අපේ ගෙදරට ත් වැඩියා. 

. එතුමිය දැකල අපි සිටිය ආසනේ වාඩිවෙන්ට පිළියෙල කළා. එතන හිඳගත්ත ඒ භික්ෂුණී ගේ දෙපා වැඳල දානෙ පූජා කරගත්තා. 

. දන් පැන්වලිනුත්, කැවිලි පෙවිලිවලිනුත් ඇයට සැලකුවා. “ආර්යාවෙනි, මාත් කැමැති යි මහණ වෙන්ට.” 

. එතකොට තාත්ත මට මෙහෙම කිව්වා. “දුවේ, ඔයා මේ ගෙදර ඉඳගෙන ම ධර්මයේ හැසිරෙන්න. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දාන මානවලින් සලකන්න.” 

. මං තාත්ත ළඟ වැඳ ගෙන හඬා වැටුණා. “නෑ, මං කරගත්තු පව් තමයි මේ. මම් ම ඒ පව් දිරවල අවසන් කරල දානවා.” 

. ඊට පස්සෙ තාත්ත මෙහෙම කිව්වා. “නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම්, ඔය ත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබාගන්න. නිවනට පත්වෙන්න.” 

. මං දෙමාපියන්ටත්, නැදෑ පිරිසටත් වන්දනා කළා. ඔන්න ඉතින් මාත් මහණ වුණා. මහණ වෙලා හත් දවසින් මා ත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. 

. මට අතීත ජීවිතේ ආත්මභාව හතක් සිහි කරන්ට පුළුවන්. මං මේ ජීවිතේ විපාක වින්දේ ඒ කාලේ කරපු පවක්. මං ඔයාට ඒක කියන්නම්. හොඳට අහගෙන ඉන්න. 

. මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ඡ නගරයේ ගොඩාක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මං හිටියේ. මං තරුණකමින් මත්වෙලා හිටියා. මං නොයෙක් කාන්තාවන් පස්සෙ ගියා. 

. මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙලින් ම ඉපදුණේ නිරයේ. මං ගොඩාක් කල් නිරයේ දුක් වින්දා. නිරයෙන් චුත වුණාට පස්සෙ උපන්නෙ වැඳිරියක ගේ කුසේ. 

. එතකොට මං ඉපදිලා දවස් හතයි. ඒ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරල දැම්මා. පරස්ත්‍රීන් සේවනය කරපු කර්මවිපාක තමයි මං ඒ වින්ඳේ. 

. මං එතැනින් චුත වුණා. සින්ධව වනයේ හිටියා එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහිච්ච බූරු දෙනක්. ඒ ගමන මං උපන්නෙ ඇගේ කුසේ. 

. මං කුඩා කාලේ අරඅඹවල මගේ රහසඟේ ඇට තැලුවා. දොළොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාල වෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහල මං ලෙඩ වුණා. පර ස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාක තමයි. 

. මං එතනින් චුත වුණා. හරක් වෙළෙන්දෙක් ළඟ හිටපු ගව දෙනක ගේ කුසේ ඉපදුණා. මං රතුපාට වහු පැටියෙක්. දොළොස් වෙනි මාසෙ දී අර විදිහට ම මගේ ලිංගේ ඇට තැලුවා. 

මං නගුල් උස්සගෙන ගියා. ගැල් බර කර තියාගෙන ගියා. අන්ධයෙක් වගේ මං පරස්ත්‍රීන් සේවනය කළ නිසා මං අන්ධ වෙලා, ලෙඩ වෙලා ගියා. 

🔻. මං එතනින් චුත වුණා. නගරේ වීදියේ දාසියක ගේ කුලයේ තමයි ඊළඟට උපන්නෙ. පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ වතාවෙ මං ගැහැණියෙකුත් නොවේ, පිරිමියෙකුත් නොවේ. නපුංසකයෙක්! 

. මං අවුරුදු තිහේ දී මැරුණා. මං ගොඩාක් දුක් වින්දා. ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලක යි මං ඊ ළඟට ඉපදුණේ. ඒ ගමන මං ස්ත්‍රියක්. 

. අපේ ගෙදරට ණය ගෙවා ගන්ට බැරි වුණා. ගැල් නායකයා අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දී ම බලාත්කාරයෙන් මාව අරගෙන ගියා. 

. එතකොට මට වයස දහසයයි. මං තරුණයි. ඒ ගැල් නායකයා ගේ පුතෙක් හිටිය ගිරිදාස කියලා. එයා මාව තමන් ගෙ ගෙදරට කැඳව ගත්තා. 

. එයාට හිටිය හොඳ සිල්වත්, ගුණවත්, ස්වාමිභක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුණා. ඉතින් මං කළේ ඒ බිරිඳ ගැන කිපෙන විදිහට එයාට කටයුතු කිරීම යි. 

. මං දාසියක් වගේ ස්වාමියා ට උපස්ථාන කරද්දී. ස්වාමියා මාව අත්හැරල යන්නෙ, ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්මය ත් අවසන් කළා. 

ඛුද්ධක නිකාය - ථේරි ගාථා

=====================================

ඔය විදියට ඉසිදාසි අරහත් තෙරණිය තම ජිවිත කතාව ලෝකෙට කිව්වා..

වැරදි කාමසේවනයේ විපාක විදියට එක ජිවිතයක සමරිසි ජිවිතයක් උරුම උනත්, "ඉසිදාසියට" ගෞතම බුදු සසුනේ නිවන් දකින්න පින තිබුනා..

ඒ නිසා කවුරු කොහොම, කොතන, සසරෙන් නිදහස් වෙයිද කියන්න අපි දන්නේ නෑ...

සදහටම සසර දුක නිමා කල..

ඉසිදාසි අරහත් උත්තමාවියට නමස්කාර වේවා!!!

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.