News Category
From Date
To Date
Maximum Number of Result

"ඉසිදාසි"

Oct 21, 2025 at 11:38 AM
|

LGBTQ ගැන නූතන වෛද්‍ය  මතය මොකක් උනත්, බෞද්ධයෙක් විදියට බෞද්ධ මූලාශ්‍ර අනුව බැලුවොත්,  සසරේ කරපු කර්ම විපාක අනුව සමහරුන්ට කැමති උනත්, අකමැති උනත්, ලිංගික වෙනසකට මූණ දෙන්න සිද්ධ වෙනවා..

ඒ නිසාම සමාජයෙන් ගැරහුම් ලබන්නටත් සිද්ධ වෙනවා..

සමහරුන් උපතින්ම මේ "සමරිසි" පැවතුම් අරන් එනවා...ඒවා සසරේ එන කර්ම විපාක වෙන්න පුලුවන් නිසා ඒ වගේ පුද්ගලයන්ට ගැරහිය යුතු නෑ.. ඔවුන්ටත් මේ සමාජයේ සාමාන්‍ය මනුස්සයෙක් ලෙස ජිවීතවීමේ අයිතිය ලැබිය යුතුයි..

ඔවුන් කෙරෙහි වෛරී සිතක් ඇති කර ගැනීම බෞද්ධ වන අපට සුදුසු දෙයක් නෙවෙයි...

සසරක ඇති භායනක කම සිහි කරලා මේ අය කෙරෙහි මැදිහත් සිතින් බලනවා හැරෙන්න්ට වෙනත් විකල්ප මේ සසරේ නෑ.. 

අපි සෝවාන් වන තාක්, සසරේ අපටත් මේ ජිවිතය උරුම වෙන්න තියෙන අවස්ථාව නැතුවා නොවේ..

අද වගේම බුද්ධ කාලේත් මේ අය හිටියා..

මේ අයට එකල කිව්වේ "පණ්ඩක"කියලා..

▪️ආසිත්තපණ්ඩකය

▪️උසූයපණ්ඩකය

▪️ඔපක්කමිකපණ්ඩකය

▪️පක්ඛපණ්ඩකය 

▪️නපුංසකපණ්ඩකය 

ලෙස  පණ්ඩකයන් පස්දෙනකුන් විනය අටුවාවෙහි දක්වා තියෙනවා...

අද ඉන්දියාවේ බහුලව දකින්න ඉන්නේ ඔය "නපුංසකපණ්ඩකයන්" කියන අයයි..

ඒ වගේම "උභතොබ්‍යඤ්ජනක" කියලත් තව කොටසක් ඉන්නවා.. 

මෙයාලගේ "පුරුෂ" සහ "ස්ත්‍රී" අවයව දෙකම අඩු වැඩි වශයෙන් ප්‍රකටව තියෙනවා කියලා තමයි අටුවාවේ දැක්වෙන්නේ...

පෙරුං පුරනා කාරයේදි අපගේ බෝසතාණන් වහන්සේ කිසි විටකත් සසරේ ගැරහුම් ලබන මෙවැනි උපතක් නොලැබූ බව සඳහන්..

ඒ  වගේම බුද්ධ කාලේ මේ අය පැවිදි වෙලා ස්වාමින් වහන්සේලාට වෙච්ච අපහසුතා නිසා, මේ අයව පැවිදි කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා..

- චක්කවත්ති සීහනාද - සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ සමලිංගික සේවනයට වදාලේ 

"මිච්ඡා ධම්ම" කියලයි..

ගැහැණියක් ගැහැණියකට ඇති කැමැත්ත සහ පිරිමියෙක් පිරිමියෙකුට ඇති කැමැත්තට තමයි මේ "මිච්ඡා ධම්ම" කියන්නේ කියලා සූත්‍ර අටුවාවේ සඳහන්..

අධර්ම රාගයත්, විෂම ලෝභයත්, මේ මිච්ඡා ධර්මයත් නිසා අනාගත ලෝකය පිරිහෙන බව භාග්‍යවතුන් වදාලා..( ඒ අනාගතයට අප මේ දැන් මුහුණ දෙමින් සිටිනවා )

උපතින්ම මනුස්සයෙකුට උරුම වෙන මේ සමරිසි බවට හේතු වන කර්ම විපාක මොකක් වෙන්න ඇත්ද??

බුද්ධ කාලේ හිටියා  කාන්තාවක්..

ඇයට සසරේ "නපුංසක" ජිවිතයකුත් උරුම වෙලා, බොහෝ දුක් විඳලා ගෞතම බුද්ධ සාසනයේ ඉපදිලා ඒ ජිවිතෙත් දුක් විඳලා, අවසානයේ ඇය සදහටම ඒ දුක නිමා කලා...

ඇයගේ නම "ඉසිදාසි"...

ගෞතම බුදු සසුනේ අවසන් සිරුරු දැරූ "ඉසිදාසි" අරහත් තෙරණිය..

මේ ඇයගේ කතාවයි...

===============================

කුසුම් පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නවා. 

 එක් භික්ෂුණියක ගේ නම ඉසිදාසී. දෙවැනි සිල්වත් තැනැත්තිය ගේ නම් බෝධි තෙරණිය. ඒ දෙන්න ධ්‍යාන සැපයෙන් වාසය කරන්නෙ. බුදු සමිඳුන් ගේ ධර්මය ගොඩාක් අහල තියෙනවා. ඒ වගේ ම නිකෙලෙස්. 

. දවසක් ඒ භික්ෂුණීන් දෙනම පිණ්ඩපාතෙ වැඩියා. දන් වැළඳුවා. දෙපා සෝද ගෙන විවේක තැනක සුවසේ සිටිද්දි තමයි මේ කතාබහ ඇති වුණේ. 

. ආර්ය වූ ඉසිදාසී, ඔයා හරි ම ලස්සන කෙනෙක්. තව ම ඉන්නෙ තරුණ වයසේ. ඔයා මහණ වෙන්ට කල්පනා කළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකල ද? 

. විවේක තැනක දී මේ විදිහට අසද්දී දහම් දෙසීමෙහි දක්ෂ වූ ඉසිදාසී භික්ෂුණිය මේ විදියට පිළිතුරු දුන්නා. “එහෙම නම්, පින්වත් බෝධි, මං මහණ වෙච්ච විදිය අහගන්න.” 

. මගේ තාත්තා සිල්වත් කෙනෙක්, එයා උදේනි නගරයේ සිටුවරයෙක්. මං ඒ ගොල්ලන් ගෙ එක ම දුව. ඒ ගොල්ලන් ගෙ හැම ආදරයක් ම ලැබුණෙ මට. 

. සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආවා. ඒ සිටුවරයාට ත් ගොඩාක් වස්තුව තිබුණ. ඒ සිටුතුමා ගේ ලේලිය හැටියට මාව, මගේ තාත්තා ඒ ගෙදරට පාවා දුන්නා. 

. ඉතින් මං නැන්ද යි මාම යි ළඟට උදේ සවස ගිහින් ඒ ගොල්ලන් ගෙ දෙපා වැන්දා. ඔවුන් කියන දේ විතරක් ම කෙරුවා. 

. මං මගේ ස්වාමියා හරි, සහෝදර සහෝදරියන් හරි, ඒ කවුරු හරි දැක්කොත් මං පුටුවෙන් නැගිටිනවා. මං ඒ ගොල්ලන්ට වාඩි වෙන්න දෙනවා. 

. කෑමෙන් බීමෙන් වුණත්, කැවිලි පෙවිලිවලින් වුණත් ඒගොල්ලො කැමැති දේවල් හදල දීල සතුටු කරනවා. මං ඒ ගොල්ලන්ට හොඳට සැලකුවා. 

. අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල උපස්ථාන කරනවා. මං මගේ අතින් සැමියා ගේ පා සෝදල යි ගෙට ගන්නෙ. ස්වාමියා ළඟට මං යන්නෙත් වැඳගෙන යි. 

. මං පනාව ත්, සුවඳ විලවුන් වර්ග ත්, වෙනත් දේවලුත්, කන්නාඩිය ත් අරගෙන සැමියා ළඟට යනවා. මගේ අතින් ම යි මං එයා ව සැරසුවේ. 

. මගේ අතින් ම බත් ඉව්වා. හැලි වලං හේදුවා. අම්ම කෙනෙක් එක ම දරුවෙකුට සලකනවා වගෙයි මං සැමියට කටයුතු කළේ. 

. එයාට මං කොයිතරම් ආදරෙන් වැඩකාරකම් කරගෙන හිටියත්, නිහතමානී ව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජීවිතයක් ගෙවන මට ම යි එයා බණින්නෙ. 

. අන්තිමේ දී එයා ඒ ගොල්ලන් ගෙ දෙමාපියන්ට මෙහෙම කිව්වා. “මං යනවා මේ ගෙදර අත්හැරල, මට මේ ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕන කමක් නෑ.” 

. “පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසී ඤාණවන්ත කෙනෙක් නේ. වාසනාවන්ත කෙනෙක් නෙ. වීරියවන්ත යි නෙ. කම්මැලි නෑ නෙ. ඉතින් පුතේ, ඔයා මොකද ඉසිදාසීට මේ තරම් අකැමැති?” 

. “ඔව්! ඇය මට වරදක් කළේ නෑ. නමුත් මට ඉසිදාසී ත් එක්ක ඉන්ඩ ඕන කමක් නෑ. මට ඈ ව අප්පිරිය යි. මට ඇගෙන් වැඩක් නෑ. මං එහෙනම් ඕගොල්ලන්ට ත් නොකියා ම මේ ගෙදරින් යන්ඩ යනවා.” 

. නැන්ද යි මාම යි එයා ගෙ වචනෙ පිළිගත්තා. ඉතින් ඒ ගොල්ල මගෙන් ඇහැව්වා, “දරුවො, ඔයා මොකක් ද අපේ පුතාට කරපු වැරැද්ද? සැක නැතිව කියන්න” 

. මං එයාට කිසි ම වරදක් කළේ නෑ. හිංසාවක් කළේ නෑ. වැරදි වචනයක් කියල නෑ. ආර්යාවෙනි, ඉතිං එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මං මොකද කරන්නෙ? 

. “අපේ පුතා ව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මී ව අපේ පවුලට නැති වුණා” කියල ඒ දෙමාපියන් මාව ආයෙමත් අපේ තාත්ත ළඟට ඇරලුවා. 

. ඒ වතාවේ මගේ තාත්තා, අපට වඩා බදු ආදායම භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්ඳල දුන්නා. 

. මාසය යි මං ඒ ගෙදර හිටියේ. මං කීකරු දාසියක් වගෙ උපස්ථාන කරද්දී, ද්‍රෝහිකම් නොකරද්දී, සිල්වත් ව සිටිද්දී, ඒ ගෙදරිනුත් මාව අයින් කළා. 

. අන්තිමේ දී මගේ තාත්තා, සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්කගෙන ආවා. “ළමයෝ, ඔය රෙදි කඩමාල්ල යි, ඔය තැටිය යි වීසි කරපන්. මගේ දියණිය ගේ ස්වාමිය බවට පත් වෙයන්” කියල කිව්වා. 

. ඒ මනුස්සයා මම ත් එක්ක ටික කලක් හිටියා. එයත් මාව අත්හැරල ගියා. එයා යන දවසේ තාත්තට මෙහෙම කිව්වා. “මගේ රෙදි කඩමාල්ල යි, මගේ තැටිය යි, මට ආපහු ඕන. මං ආයෙමත් සිඟා කන්ඩ පටන් ගන්නවා.” 

. එතකොට අම්ම යි තාත්ත යි එයාට මෙහෙම කිව්වා. “මේ ගෙදරින් ඔයාට මොනව ද ලැබෙන්නෙ නැත්තෙ? ඕන දෙයක් කියන්න, හරි ගස්සල දෙන්නම්.” 

. එහෙම කියද්දි ත් එයා මෙහෙම යි කිව්වෙ. “නෑ, මට ජීවත් වෙන්ඩ තාම හයිය තියෙනවා. මට මේ ඉසිදාසී ගෙන් වැඩක් නෑ. මට ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕනකමක් නෑ.” 

. ඒ ඉඳුල් කන මනුස්සය ත් මාව දාල ගියා. මං තනියම හිතන්ට පටන් ගත්තා. එක්කෝ මං කාටවත් නොකියා දිවි නසා ගන්නවා. එක්කෝ මං මහණ වෙනවා. 

. විනයධර, බහුශ්‍රැත, සිල්වත් භික්ෂුණියක් හිටියා. ආර්ය වූ ඒ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාතෙ වඩින ගමන් අපේ ගෙදරට ත් වැඩියා. 

. එතුමිය දැකල අපි සිටිය ආසනේ වාඩිවෙන්ට පිළියෙල කළා. එතන හිඳගත්ත ඒ භික්ෂුණී ගේ දෙපා වැඳල දානෙ පූජා කරගත්තා. 

. දන් පැන්වලිනුත්, කැවිලි පෙවිලිවලිනුත් ඇයට සැලකුවා. “ආර්යාවෙනි, මාත් කැමැති යි මහණ වෙන්ට.” 

. එතකොට තාත්ත මට මෙහෙම කිව්වා. “දුවේ, ඔයා මේ ගෙදර ඉඳගෙන ම ධර්මයේ හැසිරෙන්න. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දාන මානවලින් සලකන්න.” 

. මං තාත්ත ළඟ වැඳ ගෙන හඬා වැටුණා. “නෑ, මං කරගත්තු පව් තමයි මේ. මම් ම ඒ පව් දිරවල අවසන් කරල දානවා.” 

. ඊට පස්සෙ තාත්ත මෙහෙම කිව්වා. “නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම්, ඔය ත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබාගන්න. නිවනට පත්වෙන්න.” 

. මං දෙමාපියන්ටත්, නැදෑ පිරිසටත් වන්දනා කළා. ඔන්න ඉතින් මාත් මහණ වුණා. මහණ වෙලා හත් දවසින් මා ත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. 

. මට අතීත ජීවිතේ ආත්මභාව හතක් සිහි කරන්ට පුළුවන්. මං මේ ජීවිතේ විපාක වින්දේ ඒ කාලේ කරපු පවක්. මං ඔයාට ඒක කියන්නම්. හොඳට අහගෙන ඉන්න. 

. මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ඡ නගරයේ ගොඩාක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මං හිටියේ. මං තරුණකමින් මත්වෙලා හිටියා. මං නොයෙක් කාන්තාවන් පස්සෙ ගියා. 

. මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙලින් ම ඉපදුණේ නිරයේ. මං ගොඩාක් කල් නිරයේ දුක් වින්දා. නිරයෙන් චුත වුණාට පස්සෙ උපන්නෙ වැඳිරියක ගේ කුසේ. 

. එතකොට මං ඉපදිලා දවස් හතයි. ඒ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරල දැම්මා. පරස්ත්‍රීන් සේවනය කරපු කර්මවිපාක තමයි මං ඒ වින්ඳේ. 

. මං එතැනින් චුත වුණා. සින්ධව වනයේ හිටියා එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහිච්ච බූරු දෙනක්. ඒ ගමන මං උපන්නෙ ඇගේ කුසේ. 

. මං කුඩා කාලේ අරඅඹවල මගේ රහසඟේ ඇට තැලුවා. දොළොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාල වෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහල මං ලෙඩ වුණා. පර ස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාක තමයි. 

. මං එතනින් චුත වුණා. හරක් වෙළෙන්දෙක් ළඟ හිටපු ගව දෙනක ගේ කුසේ ඉපදුණා. මං රතුපාට වහු පැටියෙක්. දොළොස් වෙනි මාසෙ දී අර විදිහට ම මගේ ලිංගේ ඇට තැලුවා. 

මං නගුල් උස්සගෙන ගියා. ගැල් බර කර තියාගෙන ගියා. අන්ධයෙක් වගේ මං පරස්ත්‍රීන් සේවනය කළ නිසා මං අන්ධ වෙලා, ලෙඩ වෙලා ගියා. 

🔻. මං එතනින් චුත වුණා. නගරේ වීදියේ දාසියක ගේ කුලයේ තමයි ඊළඟට උපන්නෙ. පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ වතාවෙ මං ගැහැණියෙකුත් නොවේ, පිරිමියෙකුත් නොවේ. නපුංසකයෙක්! 

. මං අවුරුදු තිහේ දී මැරුණා. මං ගොඩාක් දුක් වින්දා. ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලක යි මං ඊ ළඟට ඉපදුණේ. ඒ ගමන මං ස්ත්‍රියක්. 

. අපේ ගෙදරට ණය ගෙවා ගන්ට බැරි වුණා. ගැල් නායකයා අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දී ම බලාත්කාරයෙන් මාව අරගෙන ගියා. 

. එතකොට මට වයස දහසයයි. මං තරුණයි. ඒ ගැල් නායකයා ගේ පුතෙක් හිටිය ගිරිදාස කියලා. එයා මාව තමන් ගෙ ගෙදරට කැඳව ගත්තා. 

. එයාට හිටිය හොඳ සිල්වත්, ගුණවත්, ස්වාමිභක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුණා. ඉතින් මං කළේ ඒ බිරිඳ ගැන කිපෙන විදිහට එයාට කටයුතු කිරීම යි. 

. මං දාසියක් වගේ ස්වාමියා ට උපස්ථාන කරද්දී. ස්වාමියා මාව අත්හැරල යන්නෙ, ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්මය ත් අවසන් කළා. 

ඛුද්ධක නිකාය - ථේරි ගාථා

=====================================

ඔය විදියට ඉසිදාසි අරහත් තෙරණිය තම ජිවිත කතාව ලෝකෙට කිව්වා..

වැරදි කාමසේවනයේ විපාක විදියට එක ජිවිතයක සමරිසි ජිවිතයක් උරුම උනත්, "ඉසිදාසියට" ගෞතම බුදු සසුනේ නිවන් දකින්න පින තිබුනා..

ඒ නිසා කවුරු කොහොම, කොතන, සසරෙන් නිදහස් වෙයිද කියන්න අපි දන්නේ නෑ...

සදහටම සසර දුක නිමා කල..

ඉසිදාසි අරහත් උත්තමාවියට නමස්කාර වේවා!!!

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.