News Category
From Date
To Date
Maximum Number of Result

ඔබලා බාරගත්ත රට ඒ විදිහටම බාර දීලා යන්න.. - ජෙයෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් හඬ අවදිකරයි..

Oct 21, 2025 at 08:51 AM
|

[ජෙයෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් හඬ අවදිකරයි. පහත ඇත්තේ ඔහු මුහුණු පොතට  ලියූ ලිපියකි]

කවදත් මගේ ජීවිතයේ දවස ආරම්භ වූයේ මාධ්‍යයත් සමගය.  නමුත් මා ඇමරිකාවට පැමිණියායින් පසුව එය වෙනස් විය. ඒත් මෑතක සිට මගේ දවස ආරම්භ වන්නේ සේපාල් අමරසිංහ චැනල්, මාතලන් ,බයි තක්සලාව, වරුණ රාජපක්ෂ, කැළුම් ජයසුමන,චාමර විජේසූරිය, පචහන්ටර්ස් ,ඩාක් රූම්,මී මැස්සෝ, සිසි සහ එස් එල් ලීඩර්ස් අභීත එදිරිසිංහ වැනි චැනල්  සමගය. 

මේවායේ කෙරෙන  කතාබහ සාකච්ඡා සහ කරුණු ඉදිරිපත් කිරීම් තුළින් වත්මන් රජයේ ක්‍රියාකාරීත්වයත් ඔවුන්ගේ හැකියාවන් දක්ෂතා ගැනත් තීරණ ගැනත් මනාව අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා පමණක්  නොව වත්මන් ශ්‍රී ලංකාවේ කැටපතක් දකින්නට ලැබෙනවාට කිසිම සැකයක් නැත.

රටේ තත්ත්වය හෝ වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය පිළිබදව මා කිසිවක් මෙහි සඳහන් නොකරන්නේ තවත් අටුවා ටීකා අනවශ්‍ය හෙයිනි. මේවා නරඹන සියලු දෙනාට ඒ පිළිබඳව මා සඳහන් කළ යුතු නැත. ඔවුන්ට මටත් වඩා අවබෝධයක් ඇති බව හොඳින් දනිමි.  ඒවා තවමත් නරඹන්නේ නැති කෙනෙක් ඇත්නම් ඒවා නරඹා මේ විස්තරය කියවන්න.  

වත්මන් රටේ විපක්ෂ නායකයකු වශයෙන් ජේ.ආර් හෝ ප්‍රේමදාස වැනි නායකයකු සිටියා නම් සේපාල්  අමරසිංහ මහතා කරගෙන යනු ලබන චැනල් සහ අනෙක් බොහෝ චැනල් පක්ෂයේ ක්‍රියාවක් ලෙස රට පුරා ජනතාව අතරට රැගෙන යෑමට ගම්මට්ටමින් වැඩපිළිවෙළක් සකසනවාට කිසිම සැකයක් නැත. ඔවුන්ගේ පාලන කාලයවලදී ඊට සමාන වෙනත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක  කළ අයුරුත්  ඒවායින් ප්‍රතිඵල නෙලා ගත් අයුරුත් ඒ සමයේ සිටි බොහෝ අයට තවමත් මතක ඇතැයි මම සිතමි. 

මට හොඳටම මතක ඇත්තේ 1970 මැතිවරණයෙන් පසු පැවති දේශපාලන වාතාවරණයයි. ඊට  පසුව සිදු වූ සියලු මැතිවරණ ක්‍රියාකාරීත්වය නායක නායිකාවන් පිළිබඳ හොඳටම මතකයි. ඊට පෙර දේශපාලනයත් මට හොඳටම හුරුපුරුදිය. ඒ පොත්පත් කියවමින් සහ ඔවුන්ගේ කතා සහ ජීවිත කතා කියවීමෙන්ය.

ජනතා විමුක්ති පෙරමුණේ හයිඩ් පාක් පිට්ටනියේ පැවැති මුල්ම රැස්වීම  නැරඹීමට මා ගිය කෙනෙකි. එමෙන්ම 1977 රජය පැමිණීමෙන් පසුවය නිදහස ලැබූ රෝහණ විජේවීරයන්ගේ වීරසිංහ ලී  මෝලේ පැවැති මුල්ම පුවත්පත් සාකච්ඡාවට "දිනමිණ" වෙනුවෙන් සහභාගි වූයේ මාය. "ඩේලි නිවුස්" පත්‍රය වෙනුවෙන් සහභාගි වූයේ ජී.ඩී කුලතිලක මහතාය. ඔහු පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙසද කලක් කටයුතු කළේය.මෙහිදී තවත් එක්  සිද්ධියක් මතක් කිරීමට කැමැත්තෙමි. ඒ ,1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලෙන් රට අවුරුදු සියයකින් පස්සට ගිය බවට සඳහන්  පුවතක් "දිනමිණ" පුවත්පතට මා ලිව්වා මතකයයි. එදා එය එහි ප්‍රධාන පුවත ලෙස පලවිය.මෙම පුවතට හේතු වූයේ එවකට පැවැති ආර්ථික හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ විසින් වත්වන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයයි.මා මෙම පුවතට අදාළ කරුණු ලබා ගත්තේ එම අමාත්‍යාංශයේ සිටි ලේකම් ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාගනි.මෙවැනි තවත් සිහිවටන රැසකි. ඒත් ඒවා එකින් එකට  මෙහි සඳහන් කිරීමට කාලය නොවෙයි.මෙම   සටහන ලියන්න අදහස් කලේද  වෙනත් අරමුණක් සිතේ තබාගෙනය.ඒ නිසාම ඒ ගැන අවධානය යොමු කිරීම වටියි. 

වත්මන් ශ්‍රී ලංකාව  ගැන යථාර්ථය අවබෝධ වන විට ඇතිවන්නේ සංවේගයකි. මේ තරමට ළාබාල දේශපාලන තත්ත්වයක් රටට ඇද වැටුණු  යුගයක් මට නම් මතක නැත. දුර්වල නායක නායිකාවන් පිරිසක් මට මතක නැත. එදා සිතුවේ මෛත්‍රිපාල සිරිසේන ඉතාම දුර්වල  නායකයා ලෙසය. එහෙත් අද තත්ත්වය දෙස බලන විට ඔහු යම් ප්‍රමාණයකට බුද්ධිමත්වය. වත්මන් රජයේ බොහෝ අය ඔහුටත් වඩා බොහෝ සෙයින් දුර්වලය. ඔහුගේ තිබූ යම් යම් පෞරුෂයන් පවා අද නායකයින්ට නැත්තට නැති තරම්ය. 

නමුත් මට මොවුන්ගේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වෙනත් දෙයකි . එනම් දෙමල ඩයස්පෝරාවත් සමග තිබෙන සම්බන්ධය සහ ගනුදෙනුවය. එය ඉතාම භයානක දෙයක් ලෙස මම දකිමි. 

උතුරේ දකුණේ හෝ වෙනත් ඕනෑම ප්‍රදේශයක දෙමළ මිනිසුන් සමඟ ගනුදෙනු කිරීම හෝ ඔවුන්ගේ යහපතට ක්‍රියා කිරීම  තීරණ ගැනීම කිසිම ප්‍රශ්නයක් නැත. ඔවුන්ට යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කළ යුතුය. එවැනි ප්‍රශ්නයක් ඇත්දැයි මම විශ්වාස නොකරමි. දෙමළ ජනතාවට රටේ ඕනෑ තැනක ඕනෑ විදිහකට ජීවත්විය හැකිය. එයට කිසිම තර්ජනයක් හෝ බාධාවක් නැත. 

 නමුත් ප්‍රශ්නය ඇත්තේ දෙමළ ඩයස්පෝරාවත් සමගය. ඔවුන්ගේ අවශ්‍යතා තරමක් වෙනස්ය.  උතුරු නැගෙනහිර එකතු කිරීම, එම පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබා ගැනීම වැනි දේත් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර ගැනීම ඔවුන්ගේ අභිප්‍රායයි. වරක් මහින්ද රාජපක්ෂ මහතා 13+ ගැන කතා කලෙත් එවැනි ඉල්ලීම් හේතු කොටගෙනය. නමුත් කිසිවෙක් ඒ මෝඩ වැඩේ කළේ නැත.මෛත්‍රීපාල සිරිසේන  මහතා පවා ඊට අත ගැසුවේ නැත.  

මෙවර පළාත් සභාව කුමන අරමුණක් හිතේ තබාගෙන පවත්වනවාදැයි සැකසහිතය. බොහෝ අයගේ විශ්වාසය මෙය දෙමළ ඩයස්පෝරාවේ උවමනාව පිට පවත්වන පළාත් සභා මැතිවරණයක්  ලෙසයි.මෙම පළාත් සභා මැතිවරණය  ඔවුන්ගේ ජයග්‍රහණයක් ලෙස දෙමළ ඩයස්පෝරාව විශ්වාස කරන බවට සැකයක් පවතී.ඒ ඔවුන්ගේ අභිප්‍රාය ඉටුවන බවට විශ්වාසයක් ඇති  හෙයිනි. එමෙන්ම වර්තමාන රජයට මෙම පළාත් සභා මැතිවරණය එතරම් ශුභදායක නොවන බව දනියි. කිසිම දේශපාලන පක්ෂයක් පරදින්නට මැතිවරණවලට මුහුණ දෙන්නේ නැත. එනිසාම අලුත් මැතිවරණ අයවැයක් ඉදිරියේ ඉදිරිපත් කිරීමට සැරසෙන බවටද රාවයක් පවතී.කොහොම වුනත් මෙම පළාත් සභා මැතිවරණය සෑම පැත්තකින්ම ඉතාම තීරණාත්මක  එකක් වනවාට කිසිම සැකයක් නැත. 

මෙම  දෙමළ ඩයස්පෝරා  උගුලට වත්මන් නායකයා  හසු වී ඇත්දැයි සැක කරයි. එසේ සිතන්නේ පළාත් සභාවට කුමන බලතල දුන්නත් ජනාධිපති බලතල අනුව ඒවා ආපසු ගන්නට හැකි බව පෙන්වා දෙන පණ්ඩිතයින්ද සිටින හෙයිනි. නමුත් කාරණය තවත් බරපතල වන්නේ පසුව ජනාධිපති බලතලත් ඉවත් කිරීමෙනි. මේවා සියල්ල සිදුවන්නේ වත්මන් නායකයාත් මුලාවට පත් කරමින්ය. එහෙම වුණොත් රටට අබසරණයි. 

මේ පිළිබඳව නීතිඥ  සංජීව වීරවික්‍රම මහතාගේ සම්පූර්ණ විග්‍රහයක් පසුගිය දිනක විවිධ චැනල් කීපයක් ඔස්සේ ප්‍රචාරය විය.එම විග්‍රහයේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සහ ඉතාම පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කෙරුණි. පැහැදිලිවම මෙවැන්නක් ඉදිරියේදී සිදුවුවහොත් රට ඉතාමත්ම බරපතළ තත්ත්වයකට මුහුණ දෙනාට කිසිම සැකයක් නැත. එහෙම වුනොත්  රට බේරගන්න නැවතත් කීර්ති විජයබාහු කෙනෙක් පහළ වෙන තුරු වසර සිය ගණනක් ඉන්න වෙනවාට කිසිම සැකයක් නැත.

 එනිසා මෙහෙම දේවල් නම් කරන්න එපා. ඩයිස් පෝරාවට රැවටෙන්න එපා. ඔබලා බාරගත්ත රට ඒ විදිහටම බාර දීලා යන්න. නැත්නම් මෙයට සම්මාද වුනු ඔබ සැමටත් රට ඇහැරලා යන්න වෙනවට කිසිම සැකයක් නැත.

- උපාලි තෙන්නකෝන් | Upali Tennakoon

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.