News Category
From Date
To Date
Maximum Number of Result

ඔබලා බාරගත්ත රට ඒ විදිහටම බාර දීලා යන්න.. - ජෙයෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් හඬ අවදිකරයි..

Oct 21, 2025 at 08:51 AM
|

[ජෙයෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් හඬ අවදිකරයි. පහත ඇත්තේ ඔහු මුහුණු පොතට  ලියූ ලිපියකි]

කවදත් මගේ ජීවිතයේ දවස ආරම්භ වූයේ මාධ්‍යයත් සමගය.  නමුත් මා ඇමරිකාවට පැමිණියායින් පසුව එය වෙනස් විය. ඒත් මෑතක සිට මගේ දවස ආරම්භ වන්නේ සේපාල් අමරසිංහ චැනල්, මාතලන් ,බයි තක්සලාව, වරුණ රාජපක්ෂ, කැළුම් ජයසුමන,චාමර විජේසූරිය, පචහන්ටර්ස් ,ඩාක් රූම්,මී මැස්සෝ, සිසි සහ එස් එල් ලීඩර්ස් අභීත එදිරිසිංහ වැනි චැනල්  සමගය. 

මේවායේ කෙරෙන  කතාබහ සාකච්ඡා සහ කරුණු ඉදිරිපත් කිරීම් තුළින් වත්මන් රජයේ ක්‍රියාකාරීත්වයත් ඔවුන්ගේ හැකියාවන් දක්ෂතා ගැනත් තීරණ ගැනත් මනාව අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා පමණක්  නොව වත්මන් ශ්‍රී ලංකාවේ කැටපතක් දකින්නට ලැබෙනවාට කිසිම සැකයක් නැත.

රටේ තත්ත්වය හෝ වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය පිළිබදව මා කිසිවක් මෙහි සඳහන් නොකරන්නේ තවත් අටුවා ටීකා අනවශ්‍ය හෙයිනි. මේවා නරඹන සියලු දෙනාට ඒ පිළිබඳව මා සඳහන් කළ යුතු නැත. ඔවුන්ට මටත් වඩා අවබෝධයක් ඇති බව හොඳින් දනිමි.  ඒවා තවමත් නරඹන්නේ නැති කෙනෙක් ඇත්නම් ඒවා නරඹා මේ විස්තරය කියවන්න.  

වත්මන් රටේ විපක්ෂ නායකයකු වශයෙන් ජේ.ආර් හෝ ප්‍රේමදාස වැනි නායකයකු සිටියා නම් සේපාල්  අමරසිංහ මහතා කරගෙන යනු ලබන චැනල් සහ අනෙක් බොහෝ චැනල් පක්ෂයේ ක්‍රියාවක් ලෙස රට පුරා ජනතාව අතරට රැගෙන යෑමට ගම්මට්ටමින් වැඩපිළිවෙළක් සකසනවාට කිසිම සැකයක් නැත. ඔවුන්ගේ පාලන කාලයවලදී ඊට සමාන වෙනත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක  කළ අයුරුත්  ඒවායින් ප්‍රතිඵල නෙලා ගත් අයුරුත් ඒ සමයේ සිටි බොහෝ අයට තවමත් මතක ඇතැයි මම සිතමි. 

මට හොඳටම මතක ඇත්තේ 1970 මැතිවරණයෙන් පසු පැවති දේශපාලන වාතාවරණයයි. ඊට  පසුව සිදු වූ සියලු මැතිවරණ ක්‍රියාකාරීත්වය නායක නායිකාවන් පිළිබඳ හොඳටම මතකයි. ඊට පෙර දේශපාලනයත් මට හොඳටම හුරුපුරුදිය. ඒ පොත්පත් කියවමින් සහ ඔවුන්ගේ කතා සහ ජීවිත කතා කියවීමෙන්ය.

ජනතා විමුක්ති පෙරමුණේ හයිඩ් පාක් පිට්ටනියේ පැවැති මුල්ම රැස්වීම  නැරඹීමට මා ගිය කෙනෙකි. එමෙන්ම 1977 රජය පැමිණීමෙන් පසුවය නිදහස ලැබූ රෝහණ විජේවීරයන්ගේ වීරසිංහ ලී  මෝලේ පැවැති මුල්ම පුවත්පත් සාකච්ඡාවට "දිනමිණ" වෙනුවෙන් සහභාගි වූයේ මාය. "ඩේලි නිවුස්" පත්‍රය වෙනුවෙන් සහභාගි වූයේ ජී.ඩී කුලතිලක මහතාය. ඔහු පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙසද කලක් කටයුතු කළේය.මෙහිදී තවත් එක්  සිද්ධියක් මතක් කිරීමට කැමැත්තෙමි. ඒ ,1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලෙන් රට අවුරුදු සියයකින් පස්සට ගිය බවට සඳහන්  පුවතක් "දිනමිණ" පුවත්පතට මා ලිව්වා මතකයයි. එදා එය එහි ප්‍රධාන පුවත ලෙස පලවිය.මෙම පුවතට හේතු වූයේ එවකට පැවැති ආර්ථික හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ විසින් වත්වන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයයි.මා මෙම පුවතට අදාළ කරුණු ලබා ගත්තේ එම අමාත්‍යාංශයේ සිටි ලේකම් ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාගනි.මෙවැනි තවත් සිහිවටන රැසකි. ඒත් ඒවා එකින් එකට  මෙහි සඳහන් කිරීමට කාලය නොවෙයි.මෙම   සටහන ලියන්න අදහස් කලේද  වෙනත් අරමුණක් සිතේ තබාගෙනය.ඒ නිසාම ඒ ගැන අවධානය යොමු කිරීම වටියි. 

වත්මන් ශ්‍රී ලංකාව  ගැන යථාර්ථය අවබෝධ වන විට ඇතිවන්නේ සංවේගයකි. මේ තරමට ළාබාල දේශපාලන තත්ත්වයක් රටට ඇද වැටුණු  යුගයක් මට නම් මතක නැත. දුර්වල නායක නායිකාවන් පිරිසක් මට මතක නැත. එදා සිතුවේ මෛත්‍රිපාල සිරිසේන ඉතාම දුර්වල  නායකයා ලෙසය. එහෙත් අද තත්ත්වය දෙස බලන විට ඔහු යම් ප්‍රමාණයකට බුද්ධිමත්වය. වත්මන් රජයේ බොහෝ අය ඔහුටත් වඩා බොහෝ සෙයින් දුර්වලය. ඔහුගේ තිබූ යම් යම් පෞරුෂයන් පවා අද නායකයින්ට නැත්තට නැති තරම්ය. 

නමුත් මට මොවුන්ගේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වෙනත් දෙයකි . එනම් දෙමල ඩයස්පෝරාවත් සමග තිබෙන සම්බන්ධය සහ ගනුදෙනුවය. එය ඉතාම භයානක දෙයක් ලෙස මම දකිමි. 

උතුරේ දකුණේ හෝ වෙනත් ඕනෑම ප්‍රදේශයක දෙමළ මිනිසුන් සමඟ ගනුදෙනු කිරීම හෝ ඔවුන්ගේ යහපතට ක්‍රියා කිරීම  තීරණ ගැනීම කිසිම ප්‍රශ්නයක් නැත. ඔවුන්ට යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කළ යුතුය. එවැනි ප්‍රශ්නයක් ඇත්දැයි මම විශ්වාස නොකරමි. දෙමළ ජනතාවට රටේ ඕනෑ තැනක ඕනෑ විදිහකට ජීවත්විය හැකිය. එයට කිසිම තර්ජනයක් හෝ බාධාවක් නැත. 

 නමුත් ප්‍රශ්නය ඇත්තේ දෙමළ ඩයස්පෝරාවත් සමගය. ඔවුන්ගේ අවශ්‍යතා තරමක් වෙනස්ය.  උතුරු නැගෙනහිර එකතු කිරීම, එම පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබා ගැනීම වැනි දේත් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර ගැනීම ඔවුන්ගේ අභිප්‍රායයි. වරක් මහින්ද රාජපක්ෂ මහතා 13+ ගැන කතා කලෙත් එවැනි ඉල්ලීම් හේතු කොටගෙනය. නමුත් කිසිවෙක් ඒ මෝඩ වැඩේ කළේ නැත.මෛත්‍රීපාල සිරිසේන  මහතා පවා ඊට අත ගැසුවේ නැත.  

මෙවර පළාත් සභාව කුමන අරමුණක් හිතේ තබාගෙන පවත්වනවාදැයි සැකසහිතය. බොහෝ අයගේ විශ්වාසය මෙය දෙමළ ඩයස්පෝරාවේ උවමනාව පිට පවත්වන පළාත් සභා මැතිවරණයක්  ලෙසයි.මෙම පළාත් සභා මැතිවරණය  ඔවුන්ගේ ජයග්‍රහණයක් ලෙස දෙමළ ඩයස්පෝරාව විශ්වාස කරන බවට සැකයක් පවතී.ඒ ඔවුන්ගේ අභිප්‍රාය ඉටුවන බවට විශ්වාසයක් ඇති  හෙයිනි. එමෙන්ම වර්තමාන රජයට මෙම පළාත් සභා මැතිවරණය එතරම් ශුභදායක නොවන බව දනියි. කිසිම දේශපාලන පක්ෂයක් පරදින්නට මැතිවරණවලට මුහුණ දෙන්නේ නැත. එනිසාම අලුත් මැතිවරණ අයවැයක් ඉදිරියේ ඉදිරිපත් කිරීමට සැරසෙන බවටද රාවයක් පවතී.කොහොම වුනත් මෙම පළාත් සභා මැතිවරණය සෑම පැත්තකින්ම ඉතාම තීරණාත්මක  එකක් වනවාට කිසිම සැකයක් නැත. 

මෙම  දෙමළ ඩයස්පෝරා  උගුලට වත්මන් නායකයා  හසු වී ඇත්දැයි සැක කරයි. එසේ සිතන්නේ පළාත් සභාවට කුමන බලතල දුන්නත් ජනාධිපති බලතල අනුව ඒවා ආපසු ගන්නට හැකි බව පෙන්වා දෙන පණ්ඩිතයින්ද සිටින හෙයිනි. නමුත් කාරණය තවත් බරපතල වන්නේ පසුව ජනාධිපති බලතලත් ඉවත් කිරීමෙනි. මේවා සියල්ල සිදුවන්නේ වත්මන් නායකයාත් මුලාවට පත් කරමින්ය. එහෙම වුණොත් රටට අබසරණයි. 

මේ පිළිබඳව නීතිඥ  සංජීව වීරවික්‍රම මහතාගේ සම්පූර්ණ විග්‍රහයක් පසුගිය දිනක විවිධ චැනල් කීපයක් ඔස්සේ ප්‍රචාරය විය.එම විග්‍රහයේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සහ ඉතාම පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කෙරුණි. පැහැදිලිවම මෙවැන්නක් ඉදිරියේදී සිදුවුවහොත් රට ඉතාමත්ම බරපතළ තත්ත්වයකට මුහුණ දෙනාට කිසිම සැකයක් නැත. එහෙම වුනොත්  රට බේරගන්න නැවතත් කීර්ති විජයබාහු කෙනෙක් පහළ වෙන තුරු වසර සිය ගණනක් ඉන්න වෙනවාට කිසිම සැකයක් නැත.

 එනිසා මෙහෙම දේවල් නම් කරන්න එපා. ඩයිස් පෝරාවට රැවටෙන්න එපා. ඔබලා බාරගත්ත රට ඒ විදිහටම බාර දීලා යන්න. නැත්නම් මෙයට සම්මාද වුනු ඔබ සැමටත් රට ඇහැරලා යන්න වෙනවට කිසිම සැකයක් නැත.

- උපාලි තෙන්නකෝන් | Upali Tennakoon

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.