සෝවියට් දේශය, බණ්ඩාරනායක මැතිණිය වෙත පිරිනමණු ලැබූ ගෞරවනීය පිළිගැනීම..
ඒ දෙවැනි ලෝක මහා යුද්ධය අවසන් වී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සෝවියට් දේශය ලෝකයේ ප්‍රබලම මට්ටමක සිටි හැටේ දශකයේ මුල යුගයයි....
රුසියාවේ ආරම්භක නායකයා වූ ලැඩ්මියර් ලෙනින්, අයෝමය නායකයෙකු ලෙස සැලකෙන ජෝසප් ස්ටාලින් , ගෙන් පසුව එහි නායකත්වයට පත් වූ සෝවියට් දේශයේ ප්‍රබලම නායකයෙකුවූ නිකිතා කෘෂෙව් නායකත්වය දැරූ කාලයයි..
ඔහුගේ නායකත්වය සෝවියට් දේශයට තිබෙන යුගයේ සූවස් ඇලෙහි අර්බුදයක් පැන නැගුණු අවස්ථාවේ, ඇමෙරිකාව සිය යුධ බලය ඒ සඳහා යෙදවීමට සූදානම් වූ මොහොතේ, රුසියානු නායක නිකිතා කෘෂෙව් ඇමෙරිකාවට එල්ල කරුණු ලැබූ තර්ජනාත්මක එක පණිවිඩයකින්,
" ඔබ මිසරයට එරෙහිව එක වෙඩි උණ්ඩයක් නිකුත් කලහොත්, ඔබ වෙත ඉලක්ක කර ඇති රුසියානු මිසයිල මුදා හැරීමට මම නියෝග කරනවා"
එම ඇමරිකානු මැදිහත්වීම නැවැත්වීමට හැකිවීම ගැන සලකා බලන විට ඔහුගේ එකල ලෝකයට කෙරෙහි වූ බලපෑම ගැන සිතාගත හැකිය..
එම ප්‍රබල නායකයා සෝවියට් දේශය පාලනය කරන සමයේ, එවකට ලංකා අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සෝවියට් දේශයට පැමිණෙන ලෙස කරනු ලැබූ ආරාධනයකින් අනතුරුව එහි ගිය මොහොතේ, සෝවියට් දේශය විසින් බණ්ඩාරනායක මැතිණිය වෙත පිරිනමණු ලැබූ ගෞරවනීය පිළිගැනීම, ඊට පෙර හෝ පසුව කිසිදු ශ්‍රී ලාංකික නායකයෙකුට සෝවියට් දේශය තුළ ලැබුණා යැයි කිව නොහැකිය...
නිලන්ත සත්සර ගමගේ මල්ලී අද තබා තිබූ සටහනක එම සංචාරයේදී සිදු වූ දෙබසක් ගැන සඳහන් වෙලා තිබුණා..
රුසියානු නායකයා බණ්ඩාරනායක මැතිනිය අමතමින්,
"ගරු අගමැතිනියනි, රුසියාවේ දැඩි ශීත කාලයක සංචාරය කරන ඔබතුමියට මේ සීතලෙන් සිදුවන අපහසුතාවය පිළිබඳ අපට කණගාටුයි.."
එතුමියගේ පිළිතුර අපූරු එකක්..
"ලාංකික ජනතාවගේ සෝවියට් දේශයට පිරිනැමෙන උණුසුම් සුබ පැතුම් සමග මා පැමිණ නිසා මට ඒ සීතල අපහසුවක් නෙවෙයි..."
මොහොතකට හිතන්න ඒ ක්ෂණික පිළිතුර තුළ ගැබ් වී තිබෙන ගැඹුරු රාජ්‍යතාන්ත්‍රික භාවය....
Lal De Alwis
(උපුටා ගැනීමකි)



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්