News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය නොවන සංවිධානවල අය 'ශ්‍රී ලංකාව' කියන රට හඳුන්වන විදිහ..

Oct 17, 2025 at 04:34 PM
|

සිංහලයින් මෙයට එරෙහිව සටන් කළ යුතුය.. නමුත්, සටන් කිරීම තියා හිතන්න වත් බැහැ.  හේතුව බහුතර ෆේස්බුක් සිංහලයන්ට සටන් කිරීම කියල තේරෙන්නේ කඩු පොලු අරන් කරන සටනක් විතරක් වීම.  එයින් එහාට ගිය සියුම් සටන්, විශේෂයෙන් මතවාද ,  දේශපාලනය ආදිය මුලික වුනු සටන් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන අයව ඒගොල්ලන්ගේ කැම්පේන් වලට මිලදීගෙන ඉවරයි. දැනටමත් ඔය ඉන්දියානු අධිරාජ්‍යවාදී සටන සැහෙන්න ඉස්සරහට ගිහින් ඉවරයි.  විශේෂයෙන් දෙමල භාෂාව හරහා.  බොහොමයක් වෙබ්සයිට්,  යූටියුබ් වීඩියෝ ආදියේ දෙමළ භාෂා මුලයන් හැටියට ලංකාවත් දක්වනවා. බොහොමයක් විදේශිකයන් හිතන්නේ සිංහල කියන්නේ ඉන්දියාවේ උතුරේ ඉඳන් ලංකාවට පදිංචියට ආපු ආක්‍රමණික කොටසක්ය,  සිංහල කියන්නේ ඉන්දියානු භාෂාවක්ය කියලා.  එතන ඉඳන් කෙනෙකුට  අතීතයේ ලංකාව ඉන්දියාවේ කොටසක් බව ඒත්තු ගන්වන්න බොහොම ලේසියි.

මේ ළඟදි විදේශිකයෙක් මමත් එක්ක කතා කර කර ඉන්නකොට එයාගේ ෆෝන් එක අරගෙන මගේ භාෂාව මේක නේද කියලා අහලා දෙමළ අකුරු වගයක් පෙන්නුවා. මම එයාට පැහැදිලි කරා ඒක මගේ භාෂාව නෙවෙයි, ඒක ලංකාවේ ප්‍රධාන භාෂාව නෙවෙයි, ලංකාවේ බහුතරයක් පාවිච්චි කරන භාෂාව සිංහල කියලා. නමුත් ඔහු මට කිව්වේ වෙනස්ම කතාවක්. ඔහු කියනවා ඔහු වැඩකරන තැන විවිධ ප්‍රොජෙක්ට්ස්වලට එන රාජ්‍ය නොවන සංවිධානවල අය 'ශ්‍රී ලංකාව' කියන රට ගැන හඳුන්වන්නේ එය ඉන්දියාවේ කොටසක් ය, දෙමළ රටක් ය කියලයි. සිංහල කියලා ජාතියක් ගැන ඒ විදේශිකයා දැනගෙන හිටියේ නැහැ. මම ඔහුට කියලා දුන්නා අපි කවුද කියන එක ගැන.

අපිට දෙමළ මිනිස්සු එක කිසිම තරහක් නෑ. මේවා මේ අපේ අල්ලපු ගෙවල් වල ඉන්න අහිංසක දෙමළ මිනිස්සු කරන දේවලුත් නෙවෙයි. මේවායේ මහමොළකරුවෝ මේ පක්ෂෙකට දෙකකට කඩේ යන උනුත් නෙවෙයි. මේවා අවුරුදු ගානක් ඉස්සරහට හිතලා, plan කරලා බොහොම සූක්ෂමව රටවල් යටත් කරගන්න සියලු ඉතෝ සූදානම් කරන නූතන චානක්‍යයලාගේ වැඩ. රාජ්‍ය නොවන සංවිධාන විතරක් නෙමෙයි දේශපාලනඥයන්ගේ ඉඳලා පොඩි දරුවා බලන කාටූන් එක කන බිස්කට් පැකට් එක දක්වා මේ කුමන්ත්‍රණය පැතිරිලා තියෙනව. නිකමට බලන්න ලංකාවේ සිංහල බෞද්ධ ගෑනු කීදෙනෙක් තමන්ගේ විවාහ චාරිත්‍ර හින්දු විදිහට කරනවද කියලා. ආසාවට සල්වාර් එකක් ඇඳලා මොට්ටුව තියෙන එක වෙනයි. නමුත් සම්මාන උළෙලක් බලන්න ලංකාවෙ ගෑනු කීදෙනෙක් පොළොවට අත තියලා පපුව අල්ලලා ස්ටේජ් එකට නගිනවද කියලා. සමහරු එහෙම කරන එකේ තේරුමවත් දන්නේ නැහැ ස්ටයිල් එකට කරාට. අපේ සංස්කෘතිය, අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ ඇඳුමේ පැළඳුමේ ඉඳලා මේගොල්ලෝ ආක්‍රමණය කරලා ඉවරයි.

වරදවා වටහාගන්න එපා...

ඉන්දියාව කියන්නේ හතුරෙක් නෙමෙයි. ඉන්දියාව කියන්නේ අපේ ළඟම එන්න අසල්වැසියා. නමුත් අසල්වැසියා බලසම්පන්න වෙනකොට අපි ඊට මුහුණ දෙන්න පුළුවන් විදිහට ශක්තිමත්ව ඉන්න ඕනේ. මීට මාස හතකට කලින් ජර්මනියේ පැවැත්වුනේ සමුළුවකදි ඉන්දියාව විදේශ සමුළුවකදි ඉන්දියාව විදේශ කටයුතු අමාත්‍යවරයා කියනවා "ශ්‍රී ලංකාවට අමාරු වෙලාවේ අපි අයි එම්එෆ් එක දුන්නටත් වඩා විශාල ණයක් ශ්‍රී ලංකාවට දීලා ඒගොල්ලන්ව ඒ අමාරුවෙන් ගොඩ ගත්තා" කියලා. එතනින් එහාට ඔහු කියනවා හොඳ අසල්වැසියෝ විදිහට අපි ඔවුන්ට කරපු උදව්ව මතක තියාගෙන අසල්වැසියොත් අපි කියන යම් යම් දේවල් වලට එකඟ වෙන්න ඕන කියල. ඒ කියන්නේ ඔවුන් උදව්වක් නෙමෙයි අපිට කරලා තියෙන්නේ. පසුව ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ කරගන්න ඉව අල්ලගෙන තමයි ඔවුන් අපිත් එක්ක සියලු ගනුදෙනු කරලා තියෙන්නේ. මතකනේ රටට හොරෙන් අනුර ගහපු ගිවිසුම් හත. ඒවායේ තියෙන, රටක් විදිහට අපිට අහිතකර දේවල් කරගෙන යනකොට කරන්න එපා කියලා රට ඇතුලෙන් විරෝධතා මතු වුණොත් ඉන්දියාව කියන්න ඉඩ තියෙනවා උඹලට කරන්න දෙයක් නෑ. මොකද උඹලගේ නායකයා අපිට පොරොන්දු වෙලා ඉවරයි කියලා.

මෝදි පාලනය ඉන්දියාවට හොඳ උනාට ඉන්දියාව අවට රටවල්වලට ඉතා භයානකයි. මෝදි පාලනය ඇතුලේ ඉන්නේ විශිෂ්ට මොළ කාරයෝ. ඔවුන් බහුතරයකගෙන් මම දැක්ක පොදු කාරණාව තමයි ආක්‍රමණයට ප්‍රිය වීම. ශ්‍රී ලංකාවේ හතරවෙනි ඊළාම් යුද්ධය දිනන්න දුටුගැමුණු රජතුමාගේ සිතියම් භාවිතා කළා වගේ, මෝදිලා රජ කරන්න යොදා ගන්නේ මහාභාරතය, රාමායනය පාඩම් පොත් කරගෙන. ඒ අතරේ අපේ රටේ ඉතිහාසය පාසල්වලින් මකා දමමින් පවතිනවා. අපේ දරුවන්ගෙන් අනාගතය උදුරා ගනිමින් පවතිනවා. ඒක කරන්න රටේ ඉහළම පුටුවක් වෙන අගමැතිගේ සෘජු මැදිහත්වීම ලැබෙනවා. 

මුල් ගැඹුරට ගියපු ගහක් ගලවන්න අමාරුයි වගේ තමන්ගේ මුල් ගැන හොඳින්ම දන්න සමාජයක් වට්ටන්න හෝ යටත් කරගන්න අමාරුයි. අන්න ඒක නිසා තමයි අපේ දරුවන්ගේ මුල් ගැඹුරට දුවන එකට අගමැතිතුමිය හරහා යම් යම් ජාත්‍යන්තර බලවතුන් සීමා මායිම් බඳින්නේ. ඉන්දියාව යහමින් ඔවුන්ගේ ඔත්තු සේවා ශ්‍රී ලංකාව ඇතුලේ යොදවලා තියෙනවා. ඔවුන්ගේ කීමට අවනත නොවෙන හමුදා නිලධාරීන්ට මාධ්‍ය හරහා මඩ ගහන්න, ඔවුන්ගේ කීමට අවනත නොවන ආණ්ඩු බිමට සමතලා කරන්න ඉන්දියාවට තියෙන බලය අසීමාන්තිකයි.

අපි ඉතින් බයවෙන්න ඕනෙද?

ඇත්තටම ඔව්. ශ්‍රී ලංකාවට සිද්ධ වෙච්ච ආක්‍රමණ 21 න් 17 ක්ම දකුණු ඉන්දීය ආක්‍රමණ. අනුරාධපුර යුගය අවසානයේ ඉඳලා අද මේ මොහොත වෙනකන් ගතවුණ කාලෙට වඩා කාලයක් සශ්‍රීකව අනුරාධපුර යුගය පැවතුණා. අනුරාධපුර යුගය අවසාන කරපු කාලිංග මාඝ උතුරු මැද පළාත ආක්‍රමණය කළායින් පස්සේ එහේ කරපු යුධ අපරාධ ගැන පොත් 100 ක් වුනත් ලියන්න පුළුවන්. ඒ ගිනිබත් කරපු පොත්පත්වල අපේ සිංහල වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඉඳලා බුද්ධ කාලයේ ඉඳලා ධර්මස්කන්ධය ග්‍රන්ථාරූඪ කරපු පොත් පතුත් තිබුණා. ඒ ගින්නට වීසි කරපු ඇතැම් ස්වාමීන් වහන්සේලා අතර සිත් දියුණු කරපු අයත් හිටියා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. කාලිංග මාඝගේ සේනාව පුංචි දරුවෙක්වත් අතහැරියේ නැහැ. එතනින් පටන් ගත්තෙ සංස්කෘතික කඩා වැටීම අද දක්වාම අපිට පේන්න තියෙනවා.

මම තාමත් අහන්නේ අපි බයවෙන්න ඕනෙද?

අනිවාර්‍යයෙන්ම... අපි අද ඉන්නේ ලංකා ඉතිහාසයේ දුර්වලම පාලකයා යටතේ. ඔහුට ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීලාවත් පාලනය කරගන්න බෑ. අනුර කුමාර දිසානායක කියන්නේ පඹයෙක්. රාජ්‍ය පාලනයේ දැනුමක් නැති, ඇත්ත කියනවා කියලා කාටවත් විශ්වාස කරන්න බැරි, ඒ නිසාම හීනමානය හිත ඇතුළේ තියෙන, පාලකයෙක් සතු විය යුතු charisma එක නැති, ඇමරිකන් තානාපතිටත් දෙකට නැවෙන නිකන්ම නිකන් පඹයෙක්. ඒක ආණ්ඩුව ඇතුලේ පවා හැමෝම රහසේ කතාබහ කරන දෙයක්. සමාජවාදී ආණ්ඩුවක් යටතේ කිව්වට මේ වෙනකොට රට පාලනය කරන්නේ කෝටිපති ව්‍යාපාරිකයන්. ව්‍යාපාරිකයෝ කියලා කියන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනය කරන අය නෙවෙයි. ඔවුන්ට රට හෝ රටේ අනාගතය වැඩක් නැහැ. දැක්කනේ ලංකාවෙ තේ කොල කඩකාරයෙක් තමන්ගෙ ෆාමසි බිස්නස් එක නග්ග ගන්න ලංකාවේ ළමයින්ට ඊයේ පෙරේදා කරන්න ගිය හරිය. ඒ නිසා ලංකාවෙ බිස්නස් කාරයෝ පාලනය කරන රටක් ගොඩ යයි කියලා හිතන්න එපා. අපි ව්‍යාපාරිකයන්ට වෛර කරන්නේ නැහැ. නමුත් තමන්ගේ ව්‍යාපාරය ගොඩනගන මෝටි එකෙන් රටේ පාලනයට බලපෑම් කරන ව්‍යාපාරිකයෝ එක්ක රටක් කරන්න බැහැ.

ඉන්දියාව වගේ ඉතා බලසම්පන්න අසල්වැසියෙක් ළඟ ඉන්නකොට පාලකයා හැමෝටම දෙකට නැවෙන නෝංජලයෙක් වෙලා හරියන්නෙ නැහැ. ඒක හරියට නිකන් ඉතා කඩවසම් නමුත් සල්ලාල පිරිමියෙක්ව අසල්වැසියෙක් වෙච්ච ගෙදරක පිරිමියා න'පුං'සක'කයෙක් වෙනවා වගේ වැඩක්. අල්ලපු ගෙදර එකාගෙන් පටන්ගත්තට පස්සෙ මුලු ගමම එනවා ඇරලා යන්න. දැන් ලංකාවට වෙලා තියෙන්නෙ ඒක.

මේ වගේ තර්ජනයකට මුහුණ දෙනකොට බුද්ධි අංශ සීරුවෙන් ඉන්න ඕනෙ. විමර්ශන සහ මෙහෙයුම් වෙනදාටත් වඩා රහසිගත වෙන්න ඕනෙ. අසනීපයි කියලා නිවාඩු දාලා රට ගිහිල්ලා අපරාධකාරයෙක් අල්ලගෙන ආපු එකේ සුල මුල සවිස්තරාත්මකව මීඩියාවල දීලා රහසිගත මෙහෙයුම්වල ක්‍රම සහ විධි ප්‍රසිද්ධ කරලා ශෝ දාලා හරියන්නේ නැහැ. ත්‍රස්තවාදීන්ගෙන් සාක්ෂි අරගෙන ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් හිරේ දාලා ආරක්ෂක අංශවල තියෙන මොරාල් එක බස්සලා හරියන්නෙ නැහැ. මේ වෙලාවේ අපිට පාවිච්චි කරන්න පුළුවන් සෑම ආරක්ෂක අංශ නිලධාරියෙක්ම, ජාතික ආරක්ෂාවට භාවිතා කරන්න පුළුවන් සෑම සිවිල් පුරවැසියෙක්වම අන්තිම බිංදුව දක්වාම පාවිච්චි කරන්න ජනාධිපතිට කොන්ද පණ තියෙන්න ඕනේ. එහෙම පාවිච්චි කරන්න ඔවුන්ගේ මොරාල් එක අදාල තත්ත්වයේ තියාගන්න ආණ්ඩුවට හැකියාව තියෙන්න ඕනේ. නමුත් එහෙම කොන්ද පණ තියෙන බවක් හෝ හැකියාවක් තියෙන බවක් අනුර කුමාර ජනාධිපතිගෙන් අපිට පේන්නේ නැහැ.

මේ වෙලාවේ බුද්ධි අංශ බිසී වෙලා ඉන්නේ social media වල පෝස්ට් දාන අය ගැන හොයන්න. බුද්ධි අංශවල ජනාධිපති ආරක්ෂාව ගැන බලන කට්ටිය ඉන්නේ ජනාධිපතිගේ ගමන් බිමන් කිට්ටු කරලා ඒ ගැන ෆේස්බුක් එකේ පෝස්ට් දාන කට්ටියගෙ පාස්පෝට් ෆොටෝස් බලන්න.

ත්‍රස්තවාදී සංවිධානයකට infilterate කරලා ත්‍රස්තවාදීන්ගේ තොරතුරු අරගෙන, සිදුවිය හැකි ප්‍රහාරයක් වළක්වන්න හෝ ඒ ගැන තොරතුරු පුළුවන් තරම් එකතු කරගන්න ශ්‍රී ලංකා බුද්ධි අංශ ආපහු වතාවක් initiate කරයි කියලා හිතන්න බැහැ කාදිනල් ප්‍රමුඛ හරින්, මනූෂ සහ ජවිපෙ නඩය විසින් කරපු sonic sonic නාඩගම නිසා.

තමන්ගේ ඇඟේ රට ගැන තියෙන කැක්කුමට ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙක් විදිහට වෙස්වලාගෙන ඔවුන්ගෙන් තොරතුරු ලබාගන්න යන බුද්ධි අංශ සාමාජිකයින්ව උසාවි ගෙනල්ලා ඔවුන්ගේ නම් ගම් ලිපිනයන් පවා ප්‍රසිද්ධ කරාට පස්සේ, ආරක්ෂක අංශවලට බුද්ධි අංශවලට බැඳෙන්න තරුණ කොල්ලන්ට කෙල්ලන්ට ගෙවල් වලින් ඉඩක් දෙයි කියලා හිතන්න එපා. ඒ වගේ භාරදූර වගකීම් දරන ආරක්ෂක අංශ නිලධාරීන්ව විවාහ කර ගන්න තමන්ගේ දුවෙක්ව පුතෙක්ව වෙන දෙමාපියෙක් දෙයි කියලා හිතන්නත් එපා. මේ ආණ්ඩුව පත්වුනාට පස්සේ ආරක්ෂක අංශ නිලධාරීන් කී දෙනෙක් සේවයෙන් ඉවත් වෙලා රට ගියාද කියලා පොඩ්ඩක් ගණන් කරලා බලන්න. ඒ අතරේ බුද්ධි අංශ නිලධාරීන් නිලධාරීන් ඉන්නවද නැද්ද ඉන්නවනං කී දෙනෙක් හිටියද කියලත් හොඳට හොයලාා බලන්න.

මේ පෝස්ට් එක දැම්මට පස්සේ තමන්ගේ තියෙන වැරදි හදා ගන්නවා වෙනුවට වඩිවේල් ගේ පුතා මෙහෙයවන අදාල ආරක්ෂක අංශ විසින් මගේ හදහන බලනවා මිසක, ආක්‍රමණිකයා රට තුළට ඇතුල්වීම වළක්වන්න හෝ රට තුළට ඇතුල්වෙලා ඉන්න ආක්‍රමණිකයාව සොය සොයා දුර්වල කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මොකද කිව්වොත්, ආක්‍රමණිකයා විසින් පත් පත් කරපු ඉත්තො, තමන්ගේ ලොක්කන්ට විරුද්ධව යන අයව හොය හොයා නිශ්ශබ්ද කරනවා මිසක ලොක්කන්ට විරුද්ධව යන්නේ නැහැ...

තේරුණාද?

- සුහාරා

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.