News Category
From Date
To Date
Maximum Number of Result

LGBTQ වටවල තේ මුට්ටියට කුඩු වෙන්නම දුන් ජනතාවට ආචාරය..

Oct 16, 2025 at 06:04 PM
|

අපට කෙනෙකුගෙ ලිංගික චර්යාවන් පිළිබඳව ගැටළුවක් නැත. එය යමෙකුගෙ කැමැත්තයි. එහෙත් එය රටක, සමාජයක විශේෂිකරණය කළ යුතු එමෙන්ම උත්කර්ෂයට නැංවිය යුතු මාතෘකාවක් නෙවේ.

එහෙත් මේ වෙනකොට ඇත්තෙ යම් කණ්ඩායමක් විසින් සමාජයෙ බලහත්කාරයෙන් ඇති කරන ලද සංවාදයකි. තම මතවාදය බලෙන් පැටවීමෙ ව්‍යායාමයකි.

එයට අප විරුද්ධය..

සත්වයා සොබාදහමෙ අපූර්ව නිර්මාණයකි. මානවයා ඉන් ප්‍රධානය. ඒ දියුණු මනසක් ඇති මනුෂ්‍යයා සොබා දහමට සහ සම්මතයට විරුද්ධ වේ නම් එයට විරුද්ධ වීමට අපට සදාචාරාත්මක අයිතියක් ඇත.

මේ වන විට LGBTQ ලොවම වෙළාගත් වසංගතයක් වී හමාරය. තර්කයක් නැත. එය මිනිසාගෙ කුටුම්භය විනාශ කරමින් ඇත. මේ රැල්ලට ගොදුරු වූවන්ගෙ පවුල් වල සාමාජිකයන් නොමැරී මැරෙමින් සමාජයට මුහුණ දී ගත නොහැකිව සිය දිවි නසාගැනීමට පවා පෙළඹී ඇත.

මේ වන විටත් ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක්ම නිල වශයෙන් LGBTQ වලට විරුද්ධව තම මතය ප්‍රකාශ කර ඇත. මෑතකදි පාප් වහන්සේ ද මේ පිළිබඳව තම විරුද්ධත්වය ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන බල අධිකාරියද මේ වන විට LGBTQ ප්‍රවර්ධනය කරන බව පවසන්නේ සාමාන්‍ය සිවිල් ජනතාව වන අප නොව මෙරට කාදිනල් වරයාය.

එමෙන්ම පසුගිය කාල සීමාව පුරාව US AID මගින් LGBTQ ප්‍රවර්ධනය සඳහා ඩොලර් පොම්ප කරපු බවද රහසක් නොවේ.

මෙහි ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ වටවල වෙළෙඳ දැන්වීම හරහාය. LGBTQ මෙරට සමාජය වෙලා ගත් බූවල්ලෙක් බවට පත් වී ඇති බවට තවත් අටුවාටීකා ටිප්පනි අනවශ්‍යය.

වටවල තේ මේ වන විට තමන්ගෙ වෙළෙඳ දැන්වීම අයින් කරගෙන ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත. එහෙත් එයින් ඔවුන්ට වූ වානිජමය පාඩුව නම් රිකවර් කිරීමට නොහැකි වනු ඇත.

එහෙත් ආයතනික වශයෙන් මේ ප්‍රවර්ධනය සිදු කරන්නෙ වටවල තේ විතරද...?

නැත....

මේවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතනයක් වන ජෝන් කීල්ස් ආයතනයටද ප්‍රබලව මේ චෝදනාව එල්ල වෙමින් ඇත.

මේ වන විට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බවත් ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් පොලිස්පති වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලට අනුව සඳහන් වන්නේ ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බව සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි.

මෙම පැමිණිල්ලට පදනම් වී ඇත්තේ, ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර විසින් සමාගම මගින් පවත්වා ගෙන යන ECHELON වෙබ් අඩවියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ.. 

"තම ආයතනය සේවක මණ්ඩලයට LGBTQI+ ප්‍රජාව ඇතුළත් කිරීම “විශේෂ ප්‍රමුඛතාවයක්” සහිතව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි..."

එමෙන්ම...

"මෙම වැඩපිළිවෙල 2020 දී “ONE JKH” සන්නාමය යටතේ සමාගමේ සියලුම DE&I (විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම) මුලපිරීම් සමග ඒකාබද්ධ කර ඇති බව " ද ඔහු සඳහන් කර තිබේ.

මෙහිදී පැමිණිලිකරු වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සමාජයේ ලිංගික බෙදීම පිළිගනු ලබන්නේ ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් පමණක් වන බවයි. පුද්ගලයෙකුගේ ලිංගික හැසිරීම හෝ දිශානතිය අනුව බෙදීමක් ඇති කිරීම සහ ඊට අනුව සැලකීම සිදු කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව SCSD 54/2204 සහ SCSD 55/2024 නඩු තීන්දු මගින් පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති බවටද තර්ක කරති.

මෙය බරපතල චෝදනා මාලාවකි. ඉතින් අපි වර්ජනය කළ යුත්තේ වටවල තේ විතරද...? 

නැත...

LGBTQ ප්‍රවර්ධනය සඳහා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වන සියලුම සමාගම් වල සේවා සහ භාණ්ඩ අප වර්ජනය කල යුතුය. එය සමාජීය මෙහෙවරකි. එය සොබා දහම වෙනුවෙන් අප පෙරළා කලගුණ දැක්වීම වෙනුවෙන් අප සතු යුතුකමක් සහ වගකීමකි.

අපට වටවල තේ සහ ජෝන් කීල්ස් සමග පෞද්ගලික ආරෝවක් නැත. එහෙත් විෂඝෝර සර්පයාගේ වලිගයට පහර දී තේරුමක් නැත. මූලික අවස්ථාවෙදිම හිසටම ගැසිය යුතුය..

හෙට දවසේද යමෙක් චේතනාන්විතව LGBTQ ප්‍රවර්ධනය කරයි නම් එයට විරුද්ධ අවි එසවීමට අප දෙවරක් කල්පනා කරන්නෙ නැත. 

- නිලන්ත සත්සර ගමගේ ✍️

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.