News Category
From Date
To Date
Maximum Number of Result

අදහස් ප්‍රමෝට් කර බලාත්කාරයෙන් ලිංගික අනන්‍යතා වෙනස් කළ හැකිද?

Oct 16, 2025 at 08:34 AM
|

👉 ලිංගිකත්වය කියන්නේ ශ්‍රී ලංකාව තුළ ජාතිකත්වයට, රටේ සංස්කෘතික වටිනාකම්වලට පහරදීලා හීනමානයෙන් යුත් මිනිස්සු හදන්න පාවිච්චි කරන ප්‍රබලතම මතවාදී මෙවලමක්. හැබැයි ලිංගිකත්වය පිළිබඳ කිසිම විද්‍යාත්මක හෝ සමාජීය පදනමක් නැති මිත්‍යා මත කන්දරාවක් ඔස්සේ තමයි මේ පහරදෙන අය ඒ වැඩේ කරන්නේ. 

👉 අද හැමෝම කතාවෙන සමලිංගිකත්වය හා ලිංගික දිශානති කතාව ගැනත් මේ පිරිස ලංකාවේ හදලා තිබුණේ එහෙම කථිකාවක්. ලංකාව වගේ නොදියුණු ආසියාතික රටවල්වල නූගත් මිනිස්සු මේවාට විරුද්ධ වුණාට දියුණු, ශිෂ්ට, විද්‍යාව දන්න බටහිර රටවල මිනිස්සු මේවා හරිම ආදරයෙන් වැළඳගෙන ඉන්නවා කියන අදහස තමයි ඔවුන්ගේ ලොකුම උදාන වාක්‍යය වුණේ.   

👉 ඇත්තටම බටහිර සමාජය තුළ මේ දේවල්වලට කොයි තරම් විරෝධයක් තියනවාද? ඒවා නිසා ඒ රටවල ඇති වුණු බරපතළ සමාජීය අර්බුද මොනවාද? කියන එක ගැන ලංකාවේ අපේ බොහෝ අයට මෑතක් වන තුරු කිසිම අවබෝධයක් තිබුණේ නෑ. 

👉 හැබැයි මෑතකදී ඩොනල් ට්‍රම්ප්ලා, ඉලෝන් මස්ක්ලා වගේ අය මේකට විරුද්ධව එල්ල කරපු බර අවි ප්‍රහාරයත් එක්ක ලංකාවේ රැඩිකල් දුර්මතයටත් බරපතළ අභියෝගයක් එල්ල වුණා. යූඑස්ඒඩ් වැනි සංවිධාන සමලිංගිකත්වය ප්‍රවර්ධනයට මහා පරිමාණයෙන් සැපයූ අරමුදල් ගැන ප්‍රසිද්ධ කතාබහක් ඇති වීමත්, මෑතකදී නෙට්ෆ්ලික්ස් සම්බන්ධව ඉලෝන් මස්ක් පළ කළ Cancel Netflix for the health of your kids  කියන පණිවිඩයෙන් ඇතිවූ ආන්දෝලනයත් වගේ කාරණා මීට අදාළ තවත් උදාහරණ.

👉 මේ මොනවා වුණත් මේ ගැන කතා කරද්දි බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි ඉතින් මේවා ප්‍රමෝට් කළාට මොකද? ප්‍රමෝට් කළා කියලා ස්වභාවිකව සමරිසි නැඹුරුවක් නැති අයට මේ අදහස් බලෙන් ඔබ්බවලා බලෙන් ඒ අයගේ ලිංගික දිශානතිය වෙනස් කරන්න බැහැ නේද කියන ප්‍රශ්නය. 

👉 මේකට තියන ජනප්‍රිය විද්‍යාත්මක උත්තරය තමයි ප්‍රමෝට් කිරීම මගින් කෙනෙකුගේ ලිංගික අනන්‍යතාව, ලැදියාව, සමරිසි හෝ නොරිසි බව වෙනස් කරන්න බෑ කියන එක. හැබැයි ඒ සරල උත්තරයෙන් ආවරණය නොවන කාරණා ගණනාවක් මේ සමඟ බැඳී තිබෙනවා. 

👉 ප්‍රමෝට් කිරීමෙන් කිසිදු බලපෑමක් නැත්නම් ඇතැම් පිරිස් මේ සඳහා මහා පරිමාණයෙන් මුදල් වියදම් කරන්නේ මොන අරමුණකින්ද? මොකද ස්වභාවිකව මෙවැනි ලිංගික දිශානතීන්ගේ වෙනස්කම් සහිත පිරිස ඉන්නේ ජනගහනයෙන් ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි. එතකොට මේ සඳහා විශාල වශයෙන් අරමුදල් පොම්ප කරන්නේ හුදු ස්වභාවිකව ලිංගික දිශානතීන්ගේ වෙනස්කම් ඇති ප්‍රජාවගේ අහිංසක අයිතීන් රැකගැනීම සඳහා විතරද කියන ප්‍රශ්නය ඕනෑම කෙනෙකුට සරලව මතුවෙනවා. 

👉 මීළඟට තනි තනි පුද්ගලයාගේ ලැදියාව වෙනස් වුණත් නැතත් මේවා ප්‍රවර්ධනය කිරීමෙන් අද වන විට ලෝකය පුරාම සමාජ ගැටලු කන්දරාවක් මතු වී තිබෙනවා. කුඩා හා නව යොවුන් වියේ දරුවන්ට මෙය තදින් බලපානවා. අවශ්‍ය නම් ඒවා වෙනම විස්තරාත්මකව කතා කළ හැකියි. කොහොම වුණත් ඒ ගැටලු නිසා තමයි ලෝකයේ බහුතරයක් රටවල මේවා ප්‍රවර්ධනයට විවිධ මට්ටමේ සීමා පනවා ඇත්තේ සහ ප්‍රවර්ධනය කරපු රටවලත් මේවාට විරුද්ධව විශාල විරෝධයක් මතු වෙන්නේ. 

👉 මෑතකදී ලංකාවේත් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ බුර්කිනෝ ෆාසෝහි තරුණ ජනාධිපති ඉබ්‍රාහිම් සමලිංගිකත්වයට එරෙහි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කළා. හැබැයි ඔහුගේ සිස්ටම් චේන්ජ් වීරකම් ගැන කතා කළ බොහෝ අය ඒ පනත ගැන කතා කළේ නැහැ. 

👉 ලෝකයේ රටවල් 195ක් අතරින් තවමත් සමලිංගික විවාහ නීතිගත කර ඇත්තේ රටවල් 38ක වගේ සුළු ප්‍රමාණයක විතරයි. 

👉 චීනය, රුසියාව වැනි ලෝකයේ වේගයෙන් නැගී එන හා ලෝක දේශපාලනයට ප්‍රබල බලපෑමක් කරන බලවත් රාජ්‍යයන් තුළ කිසිසේත්ම සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමට ඉඩදෙන්නේ නැහැ. 

👉 චීනය සමලිංගිකත්වය නීතිමය වරදක් ලෙස සලකන්නේ නැහැ. අතීතයේ චීනය එය මානසික රෝග ලැයිස්තුවට ඇතුළත් කර තිබුණත් 2001 වසරේ සිට චීනයේ මනෝ විද්‍යා සංගමය එය ස්වභාවික තත්ත්වයක් බව පිළිගන්නවා. හැබැයි ඔවුන් කිසිම ආකාරයකින් සමලිංගික විවාහවලට හෝ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවලට නීතිමය අවසර ලබාදීලා නැහැ. එහෙම නොදෙන්නේ මොන හේතුවක් නිසාද කියන එක ගැන අප සිතා බැලිය යුතුයි. 

👉 මොකද චීනය කියන්නේ රටේ යහපැවැත්ම, සමාජ ස්ථාවරභාවය ගැන ගැඹුරින් හිතලා ඉතාම සැලසුම් සහගතව තීරණ ගන්න රටක්. මහා පරිමාණ සමාගම්වලට, බිස්නස් කාරයන්ට හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ගේ රටේ ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමට චීන රජය කිසිදු ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි ප්‍රශ්නවලදි අප ආදර්ශයට ගත යුත්තේ චීනය වැනි රටවල් මිසක බටහිර රටවල් නොවෙයි. 

👉 ඊළගට ට්‍රාන්ස් ජෙන්ඩර් කියන කාරණය සලකා බැලුවොත් එතෙන්දි මේ ප්‍රවර්ධනය කරන්න බෑ කියන කතාව පවා බිඳ වැටෙනවා. මොකද ඒක කිසිසේත්ම ස්වභාවික තත්ත්වයක් නෙමෙයි. 

👉 එතෙන්දි කරන්නේ ලිංගික දිශානතිය වෙනස් කරන්න ඕන කියන අදහස හය හතර නොතේරෙන ළමා වියේදීම බලෙන් මනසට කාවද්දලා, Puberty Blocking  වගේ ක්‍රම මගින් ශරීරයේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරීත්වය බලෙන් නතර කරලා, හෝමෝන එන්නත් කරලා, මිල අධික ශල්‍යකර්ම මගින් ශරීර අවයව කපලා කොටලා කරලා බලහත්කාරයෙන් ලිංගික අනන්‍යතාව වෙනස් කරන එක. මෙය කිසිසේත්ම ස්වභාවිකත්වයට ඉඩදීමක් ලෙස සලකන්න බැහැ.  

👉 ඉතාම හොඳින් පුරුෂයන් හෝ කාන්තාවන් ලෙස ජීවත් වී, පවුල් ජීවිත ගතකොට දරුවන් ලැබූ අය පවා මේ විකෘතියට හසුව බලාත්කාරයෙන් ලිංගිකත්වය වෙනස් කරගත් අවස්ථා තිබෙනවා. 

👉 කාඩෑෂියන් පවුලට සම්බන්ධ විලියම් බෲස් ජෙනර්ගේ කතාව මීට අදාළ ලෝක ප්‍රකට උදාහරණයක්. ඔහු හොඳ පිරිමියෙක්. සුප්‍රකට ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙක්. කසාද තුනකින් දරුවන් හය දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒත් 1949 දි උපන් මේ පුද්ගලයා 2015දි ඒ කියන්නේ වයස අවුරුදු 66 දී ලිංගික අනන්‍යතාව වෙනස් කරගනිමින් කාන්තාවක් බවට පත් වෙනවා. 

👉 මේ ආකාරයට ලිංගිකත්වය මාරු කිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු පවා මතුවීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම මේ ආකාරයට බලෙන් ලිංගික අනන්‍යතාව වෙනස් කළ අයට සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් මිල අධික ප්‍රතිකාර පවා ලබාගැනීමට සිද්ධ වෙනවා. ඒ නිසාම මේ ට්‍රාන්ස් ජෙන්ඩර් ව්‍යාපෘතිය පිටිපස්සේ මහා පරිමාණ ඖෂධ සමාගම් ඉන්නවා කියන එකත් ප්‍රබලව එල්ල වෙන චෝදනාවක්. 

👉 මේ තත්ත්වය කොතරම් බරපතළද කිවතොත් මෑතකදී ස්වීඩනය, ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය වැනි රටවල පවා Puberty Blocking  නීතිමය වශයෙන් පාලනය කිරීමට කටයුතු කළා. 2022 දී ස්වීඩනයේ National Board of Health and Welfare  ආයනතන නිකුත් කළ නිවේදනයක් මගින් වයස 18ට අඩු අය සඳහා ලිංගික හෝමෝන ප්‍රතිකාර සහ වැඩිවිය පැමිණීම සීමා කිරීම අතිවිශේෂ තත්ත්වයකදී පමණක් කළ යුතු බව කියා සිටියා. 

👉 එතකොට මේ විදිහට ලෝකය පුරාම මේ සම්බන්ධව දැඩි විරෝධයක් හා එහි අහිතකර පලවිපාක ගැන පැහැදිලි කථිකාවක් ඇතිවූ කාලයක තමයි ලංකාවේ මේ වසංගතය ප්‍රවර්ධනය කිරීම වේගවත් වෙන්නේ.

👉 අද ලංකාවේ තේ සමාගමක් කළ ආකාරයටම වෙනත් රටවලත් මේවා ප්‍රවර්ධනයට උත්සාහ දැරූ සමාගම්වලට එහි අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවී තිබෙනවා. අමෙරිකාවේ Anheuser-Busch බියර් සමාගම මුහුණ දීපු ප්‍රශ්නය මීට එක උදාහරණයක්. 

👉 කෙටියෙන්ම කිවතොත් ස්වභාවිකව යම් යම් වෙනස්කම් ඇති පුද්ගලයන් හෝ සමරිසි ප්‍රජාව හෙළා දැකීමට පිළිකෙව් කිරීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැහැ. 

👉 ඒත් ස්වභාවිකව එවැනි පිරිස් ඉන්නේ ජනගහනයෙන් ඉතාම අල්ප ප්‍රතිශතයක් පමණයි. එතකොට දැන් සිදුවෙමින් තිබෙන්නේ ඒ ඉතාම සුළු පිරිසක ප්‍රශ්නයක් අල්ලා ගනිමින්, ඒ ප්‍රශ්නය සිය දහස් වතාවක් අතිශයෝක්තියට නංවමින්, ඒ සුළු පිරිසේ අන්තවාදී ඉල්ලීම් අනුව සමස්ත සමාජ පද්ධතියේම සැකැස්ම  අර්බුදයට ඇද දැමීමක්. ඔය ඉංග්‍රීසි අකුරු කිහිපයේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිටුපස තිබෙන්නේ ඒ කාරණය. ඒ නිසා මේ ප්‍රශ්නයේ සමස්ත වපසරිය දෙස නොබලා ප්‍රවර්ධනය කිරීමේ සමරිසි භාවය ඇති කළ හැකිද වැනි සරල තර්කයකට සීමා වී මේ ප්‍රශ්නය දෙස බැලීම ප්‍රායෝගිකව කිසිදු අර්ථාන්විත භාවයක් නැහැ.

- ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.