News Category
From Date
To Date
Maximum Number of Result

එදා විජිතයි අද ඉන්න විජිතයි අතර වෙනස තේරුම්ගන්න ඕනෑ.. - චන්ද්‍රසේන සී. විජේසිංහ

Oct 12, 2025 at 06:43 AM
|

මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් - බැරකම් ප්‍රකාශ එළිදැක්වීමත් සමග ජවිපෙ පූර්ණකාලීනයන් සම්බන්ධයෙන් කතිකාවක් නිර්මාණය වී තිබේ.

චන්ද්‍රසේන සී. විජේසිංහ යනු ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකි. එමෙන්ම සන්ධාන ආණ්ඩුවෙන් ජවිපෙට හිමිවුණ අමාත්‍ය ධුර හතරෙන් ධීවර අමාත්‍යවරයා ලෙස ජවිපෙ තේරීම වූයේ ඔහුය. මේ ඔහු සමග ජවිපෙ පූර්ණකාලීනයා ගැන කෙරුණු කතාබහකි. 

⭕|• ජවිපෙ දේශපාලන සංස්කෘතියෙහි “පූර්ණ කාලීන සාමාජිකයාට” විශේෂත්වයක් තියෙනවා. ඔබ කොහොමද ඒ විශේෂත්වය විග්‍රහ කරන්නේ ? 

පිළිතුර - පූර්ණකාලීන සාමාජිකයා කියන්නේ පක්‍ෂයේ අරමුණු වෙනුවෙන් තමන්ගේ සමස්ත ජීවිතය, කාලය කැප කරපු ක්‍රියාධර්යාටයි. රෝහණ වීජේවීර සහෝදරයා මේ ආදර්ශනය ගත්තේ බෞද්ධ සංස්කෘතියෙන්.

සසුන්ගතවෙන පුද්ගලයා ඔහුගේ සමස්ත භාවිතාව දෙන්නේ ඒ ශාසනික අරමුණ වෙනුවෙන්. ඒ ආදර්ශය තමයි පක්‍ෂයේ පූර්ණකාලීනයාට ගළපන්නේ. සසුන්ගත වෙන පුද්ගලයාගේ අයිතිය එතැන් සිට දෙමාපියන්ට නෑ.

බෞද්ධ සමාජයටයි ඔහුගේ අයිතිය තියෙන්නේ. ඒ වගේම ඔහුට පෞද්ගලික අරමුණු නෑ. තමන්ට පැවරුණු ශාසනික වගකීම වෙනුවෙන් තමයි ඔහු කැප වෙන්නේ. 

⭕|• ජවිපෙ පූර්ණකාලීනව යැපෙන්නේ සාමාජිකයන්ගේ උදව්වෙන්? 

පිළිතුර - ඔව්. ජනතාවගෙන් තමයි යැපෙන්නේ. ඒ නිසාම ඔහුට ඉතාම සරල ජීවිතයක් තියෙන්නේ. පුද්ගලික අරමුණක් සහිතව කිසිවක් පූර්ණකාලීනයා අතින් සිදුවෙන්න බෑ. ඔහුගේ ජීවිතයේ පැය විසිහතරම ඔහු කැප කරන්නේ පක්‍ෂයේ අරමුණ වෙනුවෙන්. ඔහු දකින හීනය තුළත් තියෙන්නේ පක්‍ෂයේ අරමුණු. ඔහුට පෞද්ගලික ජීවිතයක් තියෙන්න බෑ. 

⭕|• මගේ ප්‍රශ්නය වුණේ ඔහුගේ යැපීම සිද්ධ වෙන්නේ කොහොමද කියලයි? 

පිළිතුර - ඔහුගේ යැපීම සිද්ධ වෙන්නේ අර මම මුලින් කියපු විදියට භික්‍ෂුවක් විදියට තමයි. මම ඔබට පෞද්ගලික අත්දැකීමක් කියන්නම්. මම පක්‍ෂයේ පූර්ණකාලීනයෙක් වෙන්නේ 1977න් පස්සේ. 1977 මහ මැතිවරණයේ දී අපි ආසන හතරක් තරග කරනකොට, මගේ ආසනය වුණේ මාතර – හක්මන ආසනය. අපි ඒ මැතිවරණයේ දී ස්වාධීනව තරග වැදුණා සීනුව ලකුණින්. එතැනින් තමයි මගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙන්නේ. රෝහණ සහෝදරයා එළියට ආවටත් පස්සේ කළ මූලික ඉල්ලීම තමයි... මොකද ඒ වෙනකොට පක්‍ෂයෙහි පූර්ණකාලීනයන් හතළිහක්වත් හිටියේ නෑ. ඒ පසුබිම අනුව තමයි රෝහණ සහෝදරයා පූර්ණකාලීනව පක්‍ෂයේ වැඩ කරන්න කියලා අපෙන් ඉල්ලන්නේ. අපි අපේ අධ්‍යාපනය පැත්තකින් තියලා “ෆුල්ටයිමර්” කෙනෙක් වෙනවා. මම පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයෙක් විදියට වැඩ කරද්දී දෙපාරක්ම මහ පාරේ ක්ලාන්තය හැදිලා වැටෙනවා. 

⭕|• බඩගින්නට ද? 

පිළිතුර - ඔව්. එක් අවස්ථාවක 1987 දී විතර සෙවණගල ඇළ බන්ට් එකේදී මට ක්ලාන්ත ගතිය දැනෙනවා. මම ෆුට් සයිකල් එක නවත්වලා බිම වැතිරුණා. ටික වේලාවක් ගියාට පස්සේ එතැන හන්දියේ කඩයක් තියෙනවා. ඒ කඩයට ගිහින් තේ එකක් බීලා තමයි මම මගේ ගමන යන්නේ. 1988 දී තලවකැලේ බස් නැවතුමේ මම කලන්තෙ දාලා වැටෙනවා. මේ අවස්ථා දෙකේදීම මම දිස්ත්‍රික් නායකයෙක්. පක්‍ෂයේ සල්ලි මගේ අතේ තියෙනවා. නමුත් ඒ මුදල් පෞද්ගලිකව පාවිච්චි කරන්න අපට අයිතියක් නෑ. තලවකැලේ බස් නැවතුමේ දී මම කලන්තේ දාලා වැටුණම ඒ අවට හිටපු දෙමළ ජනතාව මට වතුර ඉහළා සිහිය අරන් තිබුණේ. අපේ සගයකුගේ ගෙදරකට ගිහින් තමයි ප්ලේන්ටියක් හරි බොන්නේ. එහෙම නැතිව පක්‍ෂයේ මුදල් අවභාවිත කරන සංස්කෘතියක් පක්‍ෂ ඉතිහාසයේ තිබුණේ නෑ. 

⭕|• පූර්ණකාලීන අතට එන මුදල් ඔයතරම්ම අවංකව පරිහරණය කරනවා කියන එක සනාථ කරගන්නේ කොහොම ද? 

පිළිතුර - අපි සාකච්ඡාවකට වෙන්න පුළුවන් වෙනත් දේශපාලන කටයුත්තකට වෙන්න පුළුවන්. එහෙම ගියාට පස්සේ අපි කවුද කියන එක අපේ හිතවත්තු දන්නවා. අපි කන්නෙ බොන්නේ කොහොමද. ඊළඟ කටයුත්තට අපි යන්නේ කොහොමද කියලා ඔවුන් දන්නවා. ඒ දැනුවත් භාවයෙන් තමයි ඔවුන් අපට සලකන්නේ. මම පෞද්ගලික උදාහරණයක් කියන්නම්. මම ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ දේශපාලනය කරපු අවස්ථාවක උදේ හයට විතර අපේ ගෙදරට ආපු ව්‍යාපාරිකයෙක් මගේ අතට රුපියල් ලක්‍ෂ 2ක් ගෙනත් දුන්නා. ඒ වෙලාවේ ගෙදර හිටියේ මමයි බිරිඳයි, කිරි දරුවයි විතරයි. මම ගෙදරින් පිටවෙන්න කලින් තමයි ඔහු උදෙන්ම ඇවිත් මෙහෙම සල්ලි දෙන්නේ. ඒ සල්ලි කිසිම අපහසුවකින් තොරව මගේ පෞද්ගලික කටයුත්තකට යොදා ගන්න තිබුණා. නමුත් අපි එහෙම කළේ නෑ. ඊයේ, පෙරේදා පක්‍ෂයේ පූර්ණ කාලීනයන් යැයි කියාගන්නා පුද්ගලයන්ගේ වත්කම්, බැරකම් සාකච්ඡාව එළියට එනකොට අපිත් එක්ක වැඩ කරපු පැරැණි සගයෙක් කෝල් කරලා ඔය කතාව මට මතක් කළා. “අයියෙ ඔයාලා වැඩ කළේ එහෙමයි. වර්තමානයේ ඉන්න අය වැඩ කරන්නේ මෙහෙමයි” කියලත් ඒ සහෝදරයා කිව්වා. අපි පක්‍ෂයේ මුල්ම රුපියල් ලක්‍ෂයේ අරමුදල හදන්න මුල් වෙච්ච කෙනෙක් මම. එතකොට මම හිටියේ මාතර දිස්ත්‍රික්කයේ. අපි ගෙන්ගෙට ගිහිල්ලා ශත පහ, ශත දහය එකතු කරලා තමයි ඒ අරමුදල හදන්න මුල් වුණේ. ඒ යන ගමනෙදි කොතැනක හරි ගෙදරකින් කුරුම්බා ගෙඩියක් තැඹිලි ගෙඩියක් දුන්නොත් මිස කහට කෝප්පයක් දුන්නොත් හැර ඒ සල්ලිවලින් කහට කෝප්පයක්වත් අපි බිව්වේ නෑ. ඒ මුදල් දෙවියන්ගේ හාල් වගේ කිසිම කෙනෙක් පෞද්ගලිකව පාවිච්චි කරන්න පෙලඹුණේ නෑ. ඒක එදා තිබුණ සංස්කෘතිය. 

⭕|• ඔබ කියන්නේ අද එහෙම නෑ කියල ද? 

පිළිතුර - අනිවාර්යයෙන්ම අපි දේශපාලනය වචනවලින් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හැබැයි දේශපාලනය එහෙම ඉගැන්නුවට පූර්ණකාලීනයගේ කැපවීමේ භාවිතාව උගන්වන්න වෙන්නේ නායකයන්ගේ භාවිතාවෙන්. නායකත්වයේ ආදර්ශයෙන් මිස වචනවලින් ඒක උගන්වන්න බෑ. නායකත්වයෙන් ආදර්ශයක් නැති වුණාට පස්සේ නායකත්වය වැරැදි ආදර්ශ දුන්නට පස්සේ දේශපාලන ව්‍යාපාරයම ජරාජීර්ණ වෙනවා. වර්තමානයේ තියෙන තත්ත්වයට නායකත්වය අනිවාර්යයෙන්ම වග කියන්නම ඕනෑ. 

⭕|• පූර්ණකාලීනයාට පක්‍ෂයෙන් වැටුපක්, දීමනාවක් දෙනවා? 

පිළිතුර - ඉතිහාසය පුරා එහෙම දීමනාවක් ගැන සාකච්ඡාවක් නෑ. එහෙම අවශ්‍යතාවක්වත් නෑ. මොකද ඔහුට පෞද්ගලික ජීවිතයක් නැත්නම්... පක්‍ෂය වෙනුවෙන් ජීවිතය කැප කරපු මිනිසුන්නේ මේ. කමල, බන්ධුල ලී ඉරන කියත් වලින් කෑලි- කෑලිවලට කපලා මරලා දානකොට ඔහු කිසිදු පාවාදීමක් කරන්නේ නැතිව පක්‍ෂය ආරක්‍ෂා කරලා “ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා” කියලා ජීවිතය පූජා කරනවා. මාතර සුසිල් වික්‍රම ජීවිතය පූජා කරන්නේ එහෙම. මේ අය වීරයන් හැටියට ඉතිහාසගත වුණේ එහෙම. බද්දේගම කමල බන්ධු හරි සුසිල් වික්‍රම හරි කියන්නේ පක්‍ෂයේ නායකයා නොවෙයිනේ. නමුත් ඇත්ත අව්‍යාජ පූර්ණකාලීනයන් හැටියට ඔවුන් මැරුණේ එහෙම. තල්පාවිල ධර්මෙ සහෝදරයා මරලා දානවා. නමුත් පක්‍ෂයට කිසිම හානියක් කරලා නෙවෙයි ඔහු මැරෙන්නේ. ඔහුගේ ජීවිතයේ එකම අරමුණ පක්‍ෂය ආරක්‍ෂා කිරීම හා පක්‍ෂයේ අරමුණ ජයග්‍රහණය කරවීමයි. ඒ නිසා මේක ඇතුළේ වැටුපක්, දීමනාවක් දෙන්න අවශ්‍ය නෑ. වැටුප් ගන්න දේශපාලනයක් ජවිපෙට තිබුණේ නෑ. 

⭕|• පූර්ණකාලීනයගේ බිරිඳට දරුවන්ට සලකන්න බැරිවීම ඔවුන්ට කරන අසාධාරණයක්? 

පිළිතුර - මම ඒක ඒ විදියට දකින්නේ නෑ. මම පුංචි උදාහරණයක් කියන්නම්. මට ඉන්නේ දූලා දෙන්නෙකුයි, පුතෙකුයි. මගේ ලොකු දුව හම්බවෙනකොට මම දේශපාලන මණ්ඩල රැස්වීමේ හිටියේ. මට ආරංචිය ආවම නිහාල් ගලප්පත්ති සහෝදරයගේ වාහනයෙන් තමයි මම ගෙදර ආවේ. ඒ එනකොටත් පක්‍ෂයේ සහෝදරවරු ඇවිත් දරුවට අවශ්‍ය සියල්ල අරන් දීලා. අපේ අවශ්‍යතාවන් සපිරුණේ එහෙමයි. ඒ නිසා ඒක දරුවට කරන අගතියක් කියලා අපි හිතන්නේ නෑ. අපේ භාවිතය අනාගත පරපුරක් වෙනුවෙන් කරන භාවිතාවක්. 

⭕|• ඔබ 2004 සන්ධාන ආණ්ඩුවේ ධීවර ඇමති. ඒ ඇමති වරප්‍රසාද ඔබ කොහොම ද භුක්ති වින්දේ? 

පිළිතුර- ඒ ඇමතිකම්, මන්ත්‍රීකම් අපි ගන්නේ පක්‍ෂයටනේ. අපි මන්ත්‍රීවරු වුණේ පක්‍ෂයේ වුවමනාවට මිසක් අපේ වුවමනාවට නොවෙයිනේ. අපේ මුල්ම පළාත් සභා මැතිවරණය ආවට පස්සේ අපට තිබුණු ප්‍රශ්නය තමයි පළාත් සභාවට යවන්නේ කවුද කියන එක. විශ්වාස කරන්න පුළුවන් අය කවුද කියන එක. එතැනදී තමයි අපට යෝජනා කරන්නේ පළාත් සභාවට යන්න කියලා. අපි සංවිධායකවරුනේ. එහෙම නැතිව අපි වේදිකා උඩ දේශපාලනය කරපු අය නොවෙයි. බිම් මට්ටටම් සංවිධාන කටයුතු කරපු පූර්ණ කාලීනයා පළාත් සභා මන්ත්‍රීවරයෙක් කරලා යවන්නේ පක්‍ෂය විසින්. පාර්ලිමේන්තුවට යවන්නෙත් පක්‍ෂය විසින්. එහෙමනම් ඒකට ලැබෙන වැටුප දීමනා සියල්ල අපි පක්‍ෂයට පරිත්‍යාග කරනවා. අපේ මුල්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සහෝදරයනේ. ඒ සහෝදරයගේ වැටුප මුලින්ම පරිත්‍යාග කරන්නේ පක්‍ෂයටත් නෙවෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න තමයි ඒ මුදල දුන්නේ. ඊට පස්සේ තමයි පක්‍ෂය කරන සමාජ සේවා කටයුතු වෙනුවෙන් පක්‍ෂයේ අරමුදලට පරිත්‍යාග කරන්නේ. ඒක ස්වේච්ඡාවෙන් කරන පරිත්‍යාගයක්.

⭕|• සමහරු කියන්නේ මන්ත්‍රී වැටුප පක්‍ෂයට ගන්නේ බලහත්කාරයෙන් කියලයි. 

පිළිතුර - නෑ. මම මෙහෙම කියන්නම්. මම පක්‍ෂයෙන් එළියට එනකොට මා සතුව වාහන දෙකක් තිබුණා. ඒ වගේම මගේ වැටුප වැටෙන පාර්ලිමේන්තු ගිණුම තිබුණා. ඒ සියල්ල පක්‍ෂයට බාර දීලා කුලී ගෙයින් එළියට ඇවිත් හිස් අතින් ගෙදර ගියා. මම එළියට ආවට පස්සේ සහෝදරවරුන් කීප දෙනෙක්ම මාව හමුවෙලා කිව්වා බැංකු ගිණුමක් පටන් ගන්න. අපි මාසිකව මුදලක් දාන්නම් කියලා. මම එපා කිව්වා. මම දැන් ඉන්න ගේ අරන් දුන්නේ හිතවතෙක්. පක්‍ෂයෙන් ආවට පස්සේ මට ඒ ගෙදර ඉන්න අයිතියක් නෑ. ඒ නිසා ඒ ගේ මම බැංකුවට තියලා අර හිතවතාට සම්පූර්ණ මුදලම දුන්නා. අපි පක්‍ෂයෙන් ඉවත් වෙනකොටත් ගෞරවන්‍ීය විදියටම තමයි ඉවත් වුණේ. පක්‍ෂය යන ගමන අනුමත කරන්න බැරිවෙනකොට ඒකට අදාළ විවේචනය ඉදිරිපත් කරලා මම පක්‍ෂයෙන් එළියට බැස්සා. 

⭕|• ඔබ පක්‍ෂය වෙනුවෙන් හිරබත් කාපු කෙනෙක්? 

පිළිතුර - ඔව්. මමත් අත්අඩංගුවට පත්වෙනවා. ටිල්වින් සිල්වත් අත්අඩංගුවට පත් වෙනවා. අවුරුදු පහකට ආසන්න කාලයක් රැඳවුම් කඳවුරුවල වගේම මැගසින් බන්ධනාගාරයේ, බෝගම්බර බන්ධනාගාරයේ මම හිටියා. බූස්ස කඳවුරේ අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් හිටියා.

⭕|• හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඔබටත් විශ්‍රාම වැටුපක් හිමියි. ඔබ ඒක ගන්නව ද? පක්‍ෂයට දෙනව ද? 

පිළිතුර - පක්‍ෂයෙන් අයින් වුණාට පස්සේ ටිල්වින් සිල්වාට මම කිව්වා “මට මේ විශ්‍රාම වැටුප පක්‍ෂ කාර්යාලයට ඇවිත් බාර දෙන්න විදියක් නෑ. ඒ නිසා මට ගිණුම් අංකයක් දෙන්න” කියලා. නමුත් ඒක මට ලැබුණේ නෑ. පක්‍ෂය දෙකට කැඩෙන්න කලින් මම මේ ගැන පක්‍ෂයට පැහැදිලි කිරීමක් කළා. . ඒ වැරැදි භාවිතය අනුමත කරන්න බැරි නිසා මම මගේ විශ්‍රාම වැටුප ඔවුන්ට දුන්නේ නෑ. 

⭕|• ඔය ඔබ කියන පූර්ණකාලීනයගේ පෞරුෂය වැහැරුණේ කොහොම ද? 

පිළිතුර - නායකත්වයෙන් ආදර්ශනයක් නොවීම තමයි ප්‍රධානම හේතුව. දේශප්‍රේමී අරගලයේ දී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිහිවුණා. ඒකේ හිටියෙ ජවිපෙ අය පමණක් නොවෙයි. ඒ නිසා පක්‍ෂය තනියෙන් වැඩ කරන කාලෙද වගේ පූර්ණකාලීනයා ඒ හැඩයෙන්ම නඩත්තු කරන්න බැරි වෙනවා. දැන් ඉන්න නායකයන් දකින්නේ ඒ විකෘතිය. ඔබ දන්නවා විජිත රණවීර සහෝදරය ගැන. ඔහු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියටත් පත් වුණේ. ඔහු ඉතා හොඳ කෙනෙක්. ඔහුගේ විතාරන්දෙණියේ හේනගම වලව්ව පක්‍ෂයේ පාසල විදියටයි සැලකුවේ. ඔහු ජවිපෙ පරම්පරා තුනකට සෙවණ දුන්න නායකයෙක්. ඔහුගේ වලව්ව දැන් නඩත්තු කරගන්න විදියක් නැතිව ඉන්නේ. ඒ විජිතත් අද ඉන්න විජිතලත් අතර තියෙන වෙනස ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්. 

සංවාදය - ප්‍රසන්න සංජීව තෙන්නකෝන් 

ලංකාදීප

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.