අවස්ථාවාදියෙකුගේ අප්‍රමාද නික්ම යෑම.. ජාතික විද්‍යා සභාවේ සභාපතිව සිටි මහාචාර්ය සමන් සේනවීර ට ඉල්ලා අස්වීමට සිදු වුණේ ඇයි?
තතු නොදන්නා සමාජ මාධ්‍ය විසින් මොහු ඕස්ට්රේලියාව අත්හැර ශ්‍රී ලංකාවට සේවය කිරීම සඳහා පැමිණි දේශප්‍රේමියෙක් ලෙස හුවා හුවාදැක්වීමට උත්සාහ දැරුව ද ඔහු ලංකාවට පැමිණියේ මේ රජය බලයට පත් වීමෙන් පසුව නොවේ.
ඔහු මුලින්ම ලංකාවට පැමිණියේ 2017 දී පමණය. එසේ පැමිණි පසු ඔහු හන්තානේ ජාතික ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක ධුරයට පත්විය. ඔහු එසේ පත්වූ අවස්ථාවේදී ඔස්ට්රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන ඩෑන් සිල්වා විසින් 2019/01/01/ දිනැති ඊ මේල් පණිවුඩයක් මගින් මොහුගේ නිරුවත් හොඳාකාර ලෙස හෙළිදරව් කර තිබුණි. Dan සිල්වාගේ පණිවිඩයට අනුව මොහු මුදල් වලට අතිශයින් ලොල් කළ අයෙකි. ඩඩ්ලි සිරිසේනගේ සම්බන්ධකම් හරහා ඉඩම් මෙන්ම නොයෙකුත් ආකාරයේ ආයෝජනයන් කරන ලද ඔහු කිසිදු ව්යාපාරික අත්දැකීමක් නොතිබූ තත්වයන් තුළ නුවර ප්‍රදේශයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි දොස්තර චන්දන නමැත්තෙකු සමඟ ව්යාපාර කිහිපයක් ලංකාවේ නුවර පටන් ගත් නමුදු ඔහු ඒවා බංකොලොත් විය.
අන්ත දූෂිතයකු මොහුට එරෙහිව තිබෙන ප්‍රබල සාක්ෂියක් නම්, 2021 -01.19 දිනැති ජාතික විගණන කාර්යාලය විසින්, මූල්ය හා කාර්යසාධන විගණනයේ දී නිකුත් කළ.සී එල් පී/කේ ඩී/ ජේ ඇම් ජේ/එන් අයි එස් 2020/43 දරණ ලියවිල්ල සාක්ෂියකි. එහි හතරවෙනි කාරණාව වන අවිධිමත් බඳවා ගැනීම් යටතේ ජාතික මූලික අධ්යයන ආයතනය විසින් දෙදහස් දහනමය නොවැම්බර් 10 වැනිදා නිකුත් කරන ලද පත්වීම් ලිපි මගින් ආයතන තුළ තාවකාලිකව කොන්ත්‍රාත් පදනම මත සේවය කරන ලද 4 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ලබාදී තිබුණි. ඔවුන් නම් වශයෙන් ගත් කල එම් සී බී බී. සෙනෙවිරත්න, ජී. ජී. එන් එස්. විජේවර්ධන.ඩී එම්. ජී ඩී. දොඩම්වල සහ එස් එම්. මලිත් හසුන් යන අයයි. මෙම ලේඛණයට අනුව ඉහත පත්වීම් ලබාදුන් අයගේ ප්‍රාථමික නුපුහුණු සේවක තුන්වන ශ්‍රේණියේ බඳවා ගත් දෙදෙනාත් අතුරු සඳහා අනුමත කාර්ය මණ්ඩලය තුළ පුරප්පාඩු නොතිබුණි. තවද භාණ්ඩාගාරික ලේකම්ගෙ අංක ඩී එම් එස්/ policy/recruitment/ හා දෙදහස් දහනමය නොවැම්බර් 20 දිනැති ලිපියට අනුව 2019 ජනාධිපතිවරණය හේතුවෙන් සියලු බඳවා ගැනීම් තවදුරටත් අත්හරින ලෙස දන්වා තිබියදීත් අධ්යක්ෂ විසින්ම ඔවුන්ට ස්ථිර පත්වීම් ලබා දීම විගණනයේදී ප්‍රශ්නකාරී දෙයක් බව සඳහන් වේ.
තවද ජාතික මූලික අධ්යන ආයතනයේ ලේකම් විසින් ද 2019 දෙසැම්බර් 4 වැනි දින නිකුත් කරන ලද සටහන් අනුව භාණ්ඩ භාණ්ඩාගාර ලේකම්ගේ අංක DSM/Policy/recruitment 2019 නොවැම්බර් 20 දින ලිපියට අනුගතවෙමින් ඉහත සඳහන් ස්ථිර පත්වීම් ලබා ලබාදීම අවලංගු කර ඇතත්, අධ්යක්ෂවරයා විසින් 2019 12.05 දින ගණකාධිකාරී තුමිය වෙත නිකුත් කරන ලද අභ්යන්තර ලිපිය මඟින් ලේකම්තුමා විසින් නිකුත් කරන ලද සටහන් අවලංගු කළ බව සඳහන් කරමින් එම නිලධාරීන් දෙදහස් දහනමය සැප්තැම්බර් පලවෙනි දින සිට ස්ථිර සේවයේ සේ සලකා ඔවුන් වෙත වැටුප් ලබා දෙන ලෙස දන්වා සිටින ලදී. ඒ අනුව ඉහත සඳහන් නිලධාරීන් අවිධිමත් පරිදි ස්ථිර සේවය බඳවා ගැනීම මත 2019 සැප්තැම්බර් 1 සිට 2020 දෙසැම්බර් 31 වැනි දින දක්වාත් පහත සඳහන් පරිදි වේ වැටුප් වැටුප් හා දීමනා වශයෙන් රුපියල් විසි එක්ලක්ෂ හත්දාස් අසූ හතරක මුදලක් ද ගෙවා තිබුණි. එසේ නම් මහජන මුදල් වැරිදි ආකාරයට පරිහරණය කළ නිලධාරියෙකු වශයෙන් මොහුට එරෙහිව කවුරුන් හෝ අල්ලස් හා දූෂණ චෝදනා මත පැමිණිලි කළ යුතුවම ඇත. එහෙත් ඔහුගේ දේශපාලන හැකියාවන් මත ඔහු ඒවා යට ගසා තිබුනි. කෙසේ වුවද මෙම ආයතනයට නව සභාපතිවරයෙක් පැමිණි පසුව ඔහුගේ මෙම ක්රියා කලාපයන්ට තදින් වැට බැඳෙනු ලද අතර ඔහුට එරෙහිව නොයෙක් ආකාරයේ කමිටු මගින් පරීක්ෂණ ද ද කරන ලදී. ඔහුගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව, ඔහු නැවත වතාවක් දෙවැනි වරට, වසර තුනක් සඳහා නැවත අධ්යක්ෂක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා සිටියද ආයතනයේ පර්යේෂණ සභාව විසින් ඒකමතිකව ඔහුට එම වගකීම භාර දීම ප්‍රතික්ෂේප කරන ලදී.
ඒ ආකාරයටම පාලක මණ්ඩලය විසින් ද එසේ පත්වීම ලබාදීම ප්රතික්ෂේප කරන ලදී. මොහු එයට එරෙහිව උසාවි ගියා නමුදු පසුව ඔහු විසින්ම එය ඉල්ලා අස්කර ගත් ගැනීමට සිදුවූයේ ඔහුගේ සියලු දූෂණ චෝදනාවන් හෙළි දරව් වන බවට ඔහුට ලැබුණු උපදෙස්.නිසා විය යුතුය. එම චෝදනා අතර ඔහුගේ පෞද්ගලික වතුයායේ කටයුතු සඳහා ඔහු නිල රථ දෙකක් භාවිතා කරන ලදී. සෝමානන්ද නමැති ඔහුගේ රියදුරු වැඩිපුර කටයුතු කලේ වත්තේය. තවද ඔහු.ජාතික මූලික අධ්යන ආයතනයේ රැඳී සිටි කාලය තුළදී කිසිදා ඔහු වාසය කළ නිල නිවාසයට මුදල් ගෙවා නොතිබුණි. ඒ ආකාරයටම මේ ආකාරයට මොහු ආයතනයේ පරිපාලනය නිලධාරීන්ට මෙන්ම අධ්යයන අනධ්‍යයන නිලධාරීන්ට දැඩි බලපෑම් කළේය. විශේෂයෙන් කාන්තා පක්ෂය යකඩ හස්තයෙන් පානය කළ ඔහු එරෙහිව. 2020 සැප්තැම්බර් 11 දිනැති පැමිණිල්ලක් කළ නමුදු ඒවාද යට ගැසීමට ඔහු සමත් විය.
කෙසේ වුවද මෙම රැකියාව අහිමි වීමෙන් පසුව ඔහු.රුහුණු විශ්ව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට උත්සාහ කර පළවෙනි වතාවේ දී අසාර්ථක වී දෙවන අවස්ථාවේදී එයට ඇතුළත් විය. නමුත් දැන් මතුවන කරුණු අනුව ඔහු එතැනින් ද නෙරපා ඇති බව පැහැදිලිය. මොහු රාජ්ය නීතිරීති තුට්ටුවකට මායිම් නොකළ අත්තනෝමතික වංචනික පාලකයෙකි. මොහුට තිබුණු බලපෑම් ඩඩ්ලි සිරිසේන ගේ බලපෑම මොහු අධ්යක්ෂක ධුරයෙන් ඉවත් කළ පසු ඩඩ්ලි සිරිසේන සමඟ පෞද්ගලිකව පැමිණ ආයතනයේ ජ්‍යෂ්ඨ මහාචාර්යවරුන්ට පවා තර්ජනය කොට තිබුනේ හන්තාන මූලික අධ්යන ආයතනය නැවත හෝටලයක් බවට පත් කරන බවයි. කෙසේ නමුදු පසුව ඔහු බරපතළ දේශපාලන බල්ටියක් ගසා ජාතික ජන බලවේගයට එක් විය. මොහුට එරෙහිව නොයෙක් ආකාරයේ පැමිණිලි. සේවකයන්ගෙන් මෙන්ම වෙනත් අය විසින් කරනු ලැබුවද මොහුගේ සටකපට උපක්රම තුළ, මොහු ජාතික විද්යා සභාවට රිංගා ගැනීමට සමත් වුවද සෑම දෙනෙකු ටික කළත් ටික දෙනෙකු සැම කළත් රැවටිය හැකි වුවද සැමදෙනා සැම කලටම රැවටිය නොහැකි බව පැහැදිලි වෙමින් මොහුට මොහුගේ පට්ටම ගැලවී තිබුණි. මේ රටේ ජනතාව මේ වගේ අවස්ථාවක් අවස්ථාවාදීන් පිළිබඳව හොඳින් තේරුම් ගත යුතුය.
(අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්