මහමඟ යදියකු වන්නට තරම් දෛවයේ සරදමට ලක්වූ ප්‍රවීණ ගීත රචක සී.වීරසේකර..
රුක්මණී දේවිගේ පළමු ගීතය වන,රූපසිංහ මාස්ටර් සමග ගැයූ 'සිරි බුද්ධගයා විහාරේ'ඇතුළු ගීත රාශියක් ලියා ජීවිතයේ අවසාන කාලයේ මහමඟ යදියකු වන්නට තරම් අවාසනාවන්ත ලෙස දෛවය සරදම් කළ ප්‍රවීණ ගීත රචක සී.වීරසේකර හෙවත් චන්ද්‍රසේන වීරසේකර සූරීන් තමයි මේ සේයාරුවෙහි ඉන්නේ.
ග්‍රැමෆෝන් ගායක එම්.කේ.වින්සන්ට් ගැයූ 'ශ්‍රී ගෞතම ශ්‍රී පාද වඳිම් සමනල කන්දේ'
,ආචාර්ය සුජාතා අත්තනායක ගැයූ 'සාදු දන්ත දා වඳිම් සාර ශාන්ති ශ්‍රී පතාලා'(එය මුලින් ම ගායනා කර තිබුණේ සුජාතා අත්තනායකගේ මව වන විමලා කාන්තා මහත්මියයි),රුක්මණී දේවි සමග සුසිල් ප්‍රේමරත්න ගායනා කළ 'පෙම් ලෝක රාජිණී-පුෂ්පා සුරංගනී' සහ 'මනහර ගීත ගයාලා නැළවිලා-සනසනු මා පෙම් පාලා',සුසිල් ප්‍රේමරත්න සහ සූරියරාණි ගැයූ 'සනසනු මා ප්‍රේම සයුරෙ ගිලිලා'සහ තවත් ගීත ගොන්නක් රචනා කළ ගීත රචකයායි ඔහු.චන්ද්‍රසේන වීරසේකරයන් උපන්නේ 1912 කොළඹ දී.
සී.වීරසේකර,චන්ද්‍රසේන වීරසේකර,ගිල්බට් මාස්ටර් එකල ඔහු හැඳින් වූ නම් කීපයක් බව සඳහන් වෙනවා. කුඩා කාලයේ ඔහු තුළ තිබුණු ගායන හැකියාව නිසා ලැබුණු අහඹු අවස්ථාවක් හේතුවෙන් ඔහුට ටවර් නාට්‍යවල ළමා නළුවකු වශයෙන් කටයුතු කරන්නත් අවස්ථාවක් ලැබී තිබුණා.එමෙන් ම ඔහුට නාට්‍ය රචනයට ද අවස්ථාවක් ලැබීමෙන් 'දෑවැද්ද,හාරලක්ෂය,වීදිය බණ්ඩාර,සිංහල නළඟන' ආදි ලෙස නාට්‍ය ගණනාවක් ලියා නිෂ්පාදනය කළ බව සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කරනවා.ග්‍රැමෆෝන් ගී ඉතා ජනප්‍රිය යුගයේ වීරසේකරයන් ග්‍රැමෆෝන් නාටක ද ලියූවෙක්.
ඔහු දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටියට ගීත 11ක් සහ සැඟවුණ පිළිතුර චිත්‍රපටියට ගීත 12ක් ලියූ මුත් චිත්‍රපටි දෙකෙන් ම සී.වීරසේකර නම කැපී තිබුණා.
සිය 'ගේය කාව්‍ය කර්තෘවරු' කෘතියෙහි සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙතුමාගේ ජීවිතයේ අවසාන කාලය ගැන ලියා තිබෙන අනුවේදනීය සටහන මෙහෙමයි.'රෙදි කෝට් ඇඳ,කෝට් සාක්කුවේ මලක් ගසා ගෙන පිළිවෙළකට උන් වීරසේකර ඒ ඇඳුම් වැරහැලි වන තෙක් ඉබාගාතේ ඇවිද්දේ ය.'
-'ගේයකාව්‍ය කර්තෘවරු' කෘතියෙන් වීරසේකරයන් ගැන තවත් විස්තර කියවාගත හැකියි.- චන්ද්‍රසේන වීරසේකරයන් 1972 දී අප අතරින් සමුගන්නවා.
MAHARU TV Youtube චැනලයේ Facebook පිටුවෙහි ඔහු ගැන මෙසේ සඳහන් කරන්නේ ඔහුගේ මෙහෙවරට ගෞරවයක් දැක්වීමේ සහ ගී අසා ඇතත් රචකයා කවුරු දැයි සොයන්නවුන් වෙනුවෙන් තොරතුරක් ලබා දීමේ අරමුණෙන්.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..