News Category
From Date
To Date
Maximum Number of Result

ටිල්වින් පොඩි එකාගේ කිරි ටිකත් බීලා ගියා..

Sep 20, 2025 at 10:46 AM
|

ජවිපෙ නායකයින්ගේ වත්කම් ප්‍රසිද්ධවීමත් එක්ක සමස්ථ ජවිපෙ අභ්‍යන්තර ගිනි අරන්.හත් දෙයියනේ.....අපේ දෙයිපනහෙන් නඩත්තු කරලා තියෙන්නේ කෝටිපතියෝ ටිකක්ද කියන ප්‍රශ්නය ජවිපෙ සහෝදරවරුන්ගේ හිතට වධ දෙන්න පටන් අරන්.ජවිපෙ සංවිධාන යාන්ත්‍රණය ඇතුලේ තිබුණ විශ්වාසනීයභාවය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ලොක්කෝ එකිනෙකාට හොරෙන් රහසේම ගේමක් ගහගෙන කියලා පහල බලවේග අතර සංවාදයක් හැදිලා.

මේ අර්බුදය විසඳාගන්න ජවිපෙ අභයන්තර වශයෙන් ලොකු උත්සාහයක් දරමින් ඉන්නවා. විවිධ පැහැදිලි කිරීම් පහලට කරනවා.මේ තත්වය ජවිපෙ නොවෙන කෙනෙකුට ලොකුවට දැනෙන්නේ නෑ.හැබැයි මාලිමාවට ඡන්දය දුන්න අය කිසිකෙනෙක් හිතන්න නැතිව ඇති මෙයාලා මෙහෙම මජර විදිහට හම්බ කරලා ඇති කියලා. මේක තනිකරම අලි බබා සහ හොරු හතලිහ වගේ ඊට වැඩිය ලොකු හොර මුලක්.දැන් ඇත්තටම ජවිපෙ වෙනුවෙන් පෙනී ඉන්නේ මේ කෝටිපතියෝ ටිකයි එයාලගේ කුලී ලියන්නෝ ටිකයි විතරයි.

ජවිපෙ වෙනුවෙන් අවංකව පෙනී හිටිය බලවේගය දැන් අතුරුදහන්.නායකයෝ සහ ඩෝබිලා විතරක් ඉතිරිවෙලා.ජවිපෙ නායකයන්ගේ වත්කම් හෙලිවීමත් එක්ක එයාලා ඉස්සෙල්ලාම කිව්වේ අපි හොරු නොවෙන නිසා අපේ වත්කම් සහ බැරකම් අපිම කෙලින්ම ලියලා දුන්නා කියලයි.ඇත්තටම ඒක උනේ එහෙම නෙවෙයි.2023 අවුරද්දේ සම්මත කරපූ දුෂණ විරෝධී පනතට අනුව මේක කඩකින් බැරි නීතියක්.ඒ පනත නිසා මෙයාලගේ වංචාව සහ බොරුව අතටම අහුවුනා.

ඒකේ ගෞරවය යන්නත් ඕනිත් රනිල්ට.කොහොම හරි දැන් මෙයාලා ඔප්පු කරන්න ඕනි තමන් මේ මුදල් උපයාගෙන තියෙන්නේ සාධාරණ විදිහකට කියලා.ඒ වගේම ජවිපෙ නායකයන් කීපදෙනෙක් ළඟ වත්කම් විදිහට ක්‍රිප්ටෝ තියන බවත් සදහන් කරලා තිබුණා.ඒක එක්තරා මට්ටමකට නීති විරෝධී.මේවා ගැන පරීක්ෂණ කරන්න ඕනි.ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ඕනි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දුෂණ කොමිෂම.දැනටමත් ඒ ගැන පැමිණිලි කරලා තියනවා.

හැබැයි මාලිමාවේ ශාඛා සමිති දෙකක් බවට පත්වෙලා තියන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිෂමෙන් විදිමත්ව ඒ පරීක්ෂණ කරයි කියලා හිතන්න බෑ.ඒක නිසා ඒ පරික්ෂණ අනාගත රජයක් යටතේ සිද්ධ කරන්න වෙනවා.හැබැයි මෙතනදී දේශපාලන වශයෙන් ගන්න පියවර කීපයක් තියනවා.මෙයාලාගෙන් ගොඩ දෙනෙක් මීට කලින් දිගටම මැතිවරණවලට ඉදිපත්වෙලා තියනවා. මෙයාලා මැතිවරණ කොමිසමට සහ වෙනත් ආයතනවලට වත්කම් සහ බැරකම් ප්‍රකාශ දීලා තියනවා.

උදාහරණයක් විදිහට වසන්ත සමරසිංහ ගත්තොත් එයා දිගටම මෑතිවරණවලට ඉදිරිපත් වෙලා තියනවා.ඒ හැම අවස්ථාවකම වත්කම් සහ බැරකම් ප්‍රකාශ දෙන්න ඇති.ඒ කියන්නේ වසන්ත ඔය කියන අවුරුදු 28 පුරාවට එයාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ මෑතිවරණ කොමිෂමේ තියනවා. තොරතුරු දැන ගැනීමට පනත යටතේ මේවා ගන්න පුළුවන්.ඒවා මගින් වසන්ත නීතියෙන් වැරදිකාරයෙක් කරන්න බැරි උනත් ඒවා සන්සන්දනය කරලා එයා වත්කම් උපයාගෙන තියන විදිහ ගැන අදහසක් රටට හදන්න පුළුවන්.

එතකොට ඔය කෝටි 27.5 කොහොමද උපයාගත්තේ කියලා දැන ගන්න පුළුවන්.එයාට පවුලෙන් ආපු වත්කම් මොනවද?එයා උපයා ගත්ත වත්කම් මොනවද?නෝනාගෙන් හම්බවුනේ මොනවද කියලා බලන්න පූළුවන්.නීතිමය ක්‍රියාමාර්ග ගන්න උනත් වසන්තයේ ඒ පැරණි වත්කම් සහ බැරකම් ප්‍රකාශ වැදගත් වෙනවා. එතකොට බොහොම පැහැදිලිවම පේනවා වසන්ත දේපල සහිතව දේශපාලනයට ආපූ කෙනෙක්ද නැත්තං වසන්ත දේශපාලනයට ඇවිත් වත්කම් උපයා ගත්ත කෙනෙක්ද කියන එක තහවුරු කරගන්න පුළුවන්.

ඊළඟට ඒ වත්කම් සාධාරණව උපයපු ඒවද කියලා වත්කම් බැරකම් ප්‍රකාශ සංසන්දනය කරලා අදහසක් ගන්න පුළුවන්.ඒ වැඩේ වසන්ත ඇතුළු සියලු දෙනාටම කරන්න පුළුවන්.රනිල් කරලා ගිය වැඩේ නිසා ලේසියෙන් බේරෙන්න ජවිපෙ නායකයින්ට බෑ.දැන් ජවිපෙ නායකයන්ට ජවිපෙ ඇතුලේ නියම සත්‍යවාදීන් විදිහට තවදුරටත් පෙනී ඉන්න බෑ.ඒ සදාචාරමය බලය දැන් එයාලට නෑ. සාමාන්‍යයෙන් ජවිපෙ සාමාජිකයා කියන්නේ අයියලා කියන ඕනිම දෙයක් විශ්වාස කරන ගිරා පෝතකයෝ මල්ලිලා නංගිලා සෙට් එකක්.

දැන් ඒ අයියලාටම සීයාගේ පනතට අනුව තමන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරන්නවෙලා.මේ ප්‍රසිද්ධ කරලා තියන වත්කම්වලත් බරපතල අඩුපාඩුකම් තිබෙනවා.විශේෂයෙන්ම වාහන සහ රත්‍රන් සම්බන්ධව ඒ සැකය තියනවා.මේක ජවිපෙ සාමාජිකයා කිසිසේත්ම බලාපොරොත්තු වුන තත්වයක් නෙවෙයි.ඒක නිසා ජවිපෙ නායකයින් කරපූ කියපු බොරු ඔක්කොම නැවත රිවයින් වෙන්න පටන් ගන්නවා.

උදාහරණයක් විදිහට ටිල්වින් දිස්තික් කමිටු කැඳවන්න හරි දිස්ත්‍රික් ක්‍රියාකාරී සාකච්ඡාවකට ආවට පස්සේ අනිත් ඔක්කොටෝම තේ දෙද්දී ටිල්වින්ට විතරක් හොරෙන් කිරි එකක් හදලා දෙනවා.ඒක හේතුව තමයි ටිල්වින් එක්ක එන සඟයා ඒ ගෙදර අයට හොරෙන් කියනවා ටිල්වින් අයියා තේ බොන්නේ නෑ.ගෑස්ටික් තියනවා කිරි විතරයි බොන්නේ කියනවා.එතකොට අර ගෙදර මිනිස්සු ගෙදර පොඩි එකාට තියන කිරි ටික හරි ටිල්වින්ට හදලා දෙනවා.මේවා ඒ මිනිස්සු දුන්නේ කොච්චර ගෞරව භක්තියකින්ද?

අද මේවා දිහා පවා ඒ මිනිස්සු බලන්නේ වපර ඇහෙන්.ටිල්වින් ඇවිත් පොඩි එකාගේ කිරි ටිකටත් කෙලලා ගියා කියලා පහල සමාජිකයේ දැන් කියනවා.ඇත්තටම ජවිපෙ ඇතූලේ සෝමවංශගෙන් පස්සේ ආදර්ශ නැතිවුනා.අද ජවිපෙ ඉන්න නායකයෝ ජවිපෙ හිටපු නායකයන් එක්ක සන්සන්දනය කරද්දී මේවා ඔක්කොම දේශපාලන පරඬැල් බව තේරුම් ගන්න පුළුවන්. විජේවීර එක්ක.ගමනායක එක්ක.ශාන්ත බණ්ඩාර එක්ක.

සමන් පියසිරි එක්ක.නිශ්මි,බාලේ,ත්‍රිමා එක්ක. සෝමවංශ එක්ක මෙයලා සන්සන්දනය කලොත් ඇඩෙනවා.ජවිපෙ නැතිව වෙනත් පක්ෂවල හිටපු නායකයෝ එක්ක සන්සන්දනය කරන්න පුළුවන්ද?ඩීඑස්,ඩඩ්ලි,බණ්ඩාරනායක.සිරිමාවෝ,එන්එම්, කොල්වින්......ඔය කාත් එක්ක සන්සන්දනය කලත් මේවා දේශපාලන පරඬැල්ම තමයි.මෑතකාලින ආදර්ශමත් දේශපාලනඥයන් උන ලක්මන් කදිරගාමර්,මංගල සමරවීර,කරූ ජයසූරිය වගේ අයත් එක්ක සන්සන්දනය කලත් එන්නේ අර උත්තරයම තමයි.

ජවිපෙ ආධ්‍යාත්මික නායකයා විදිහට ඉන්නේ ටිල්වින්.රටේ රාළ නං ටිල්වින් සමාන කරන්නේ පාතාල මැරයෙකුට.පහුගිය දවස්වල යක්කල පෙටුගාමී කාර්යාලයට පැනලා ටිල්වින්ගේ පාතාලය ක්‍රියාත්මක උන හැටි ඔයාලා දකින්න ඇති. ටිල්වින්ගේ පාතාලයෙන් බැටකාපු කෙනෙක් විදිහට ටිල්වින් පාතාල නායකයෙක් විදිහට හැදින්නුවේ නැත්තං ඒක රටේ රාළ කරන ලොකු දේශපාලන වැරද්දක්.ඇත්තටම ජවිපෙ කියන වැදගත් දේශපාලන පක්ෂය එක්තරා තැනකදී දේශපාලන මංකොල්ලකරුවන් කණ්ඩායමක් අතට පත්වුනා.

ඊට වැඩිය වෙනස් විග්‍රහයක් ජවිපෙ ගැන හෝ ජවිපෙ නායකයන් ගැන රටේ රාළට නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

(අන්තර් ජාලයෙන් උපුටා ගැණිනි.)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.