News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් විද්‍යාපීඨවලට ඇතුලත් වීමට බලා සිටින දරුවන්ට බරපතළ අසාධාරණයක් සිදුවෙලා - ගුරු අධ්‍යාපනසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මිරිහාන

Sep 17, 2025 at 05:18 PM
|

රජය ගෙන ඒමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් නිසා විද්‍යාපීඨවලට ඇතුලත් වීමට බලා සිටින දරුවන් විශාල සංඛ්‍යාවක් බරපතල අසාධාරණයක් සිදුව තිබෙන බව ගුරු අධ්‍යාපනසේවා සංගමයේ ප්‍රධාන ලේකම් විද්‍යාපීඨ ජේෂ්ඨ කථිකාචාර්ය ධම්මික මිරිහාන මහතා පවසයි.

පහත දැක්වෙන්නේ ඒ මහතා මේ සම්බන්ධයෙන් “අරුණ” පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකි.

වත්මන් රජය ගෙන ඒමට බලාපොරොත්තු වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විද්‍යා පීඨයන්ට ඇතිකරන බලපෑම කොයිවගේද?

2023 හා 2024 විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීමට ගැසට් කිරිමට නියමිතව තිබූ පාඨමාලා යෝජිත ප්‍රතිසංස්කරණ සමඟ ගලපා ගැසට් කරන ලෙසට බලධාරින් විසින් අමාත්‍යංශයේ අදාළ අංශවලට දැන් වූ බව අපට දැන ගන්නට ලැබුනා. මේ තත්ත්වය තුළ දැනටමත් කල් ගොස් ඇති මෙම බඳවා ගැනීම් තවත් කල් යන්නට ඉඩ තියෙනවා  . ඇත්තටම මේ ආකාරයට පීඨවල පාඨමාලා විෂයන් ප්‍රතිසංස්රණ තුළින් හඳුන්වා දෙන විෂයන් අනුව නම් කිරීම අවශ්‍ය වන්නේ නෑ. අලුතින් හඳුන්වා දී ඇති විෂයන්ට අදාළ වන අන්තර්ගතය අනුව දැනය ගැසට් කරන විෂයන් යටතේ මූලික සංකල්ප ටික ගුරුවරයාට ඉගැන්වුවාට පසුව මොන ප්‍රතිසංස්කරණය ආවත් ඒවාට අනුව විෂයට අදාළ නිපුනතා අනුවර්ථනය කරගෙන   දරුවන්ට උගන්වන්න විද්‍යාපීඨ ගුරුවරුන්ට   පුලුවන්. මොකද උසස්පෙළ ගනිත,විද්‍යා,කළා,වානිජ්‍ය සහ තාක්ෂණවේදී  විෂය ධාරා යටතේ විභාග  සමත් වූ දරුවන් තමයි අපි ඒ ඒ පාඨමාලා සඳහා විද්‍යාපීඨවලට බදවා ගන්නේ. උදාහරණයක් ලෙස යෝජිත ප්‍රතිසංස්කරණ තුළ ධිවර කර්මාන්තය පිළිබඳ මොඩියුලයක් තිබෙනවානේ. එහි අන්තර්ගතය අනුව මේ කොටස විද්‍යා පාඨමාලාවට ද සමාජ විද්‍යා පාඨමාලාවට ද අයත් වන්නේ යන්න තීරණය කර එම මොඩියුලය ඉගැන්වීම පිළිබඳ ක්‍රම විද්‍යාව ශික්ෂණලාභින්ට ඉගැන්වීම ගුරු අධ්‍යාපනඥයාගේ රාජකාරියයි. 

එහෙනම් විද්‍යා පීඨවලට ඇතුලත් වෙන්න බලා සිටින ළමයින්ව ඇයි බදවා ගන්නේ නැත්තේ?

අපිත් ආණ්ඩුවට බලකරන්නේ 2023 – 24 උසස්පෙළ සමත් ළමයින් බලාගෙන සිටිනවා විද්‍යාපීඨවලට ඇතුලත් වෙන්න. ඒ අයට ඇතුලත් වීමට අදාල ගැසට්ටුව එළිදක්වන්න කියලයි අපි කියන්නෙත් . අලුතින් විද්‍යාපීඨවලට ළමුන් බඳවා ගැනීමේ ගැසට් එක ඉදිරිපත් කරන්න තිබුණේ පසුගිය සතියේ. නමුත් අධ්‍යාපන බලධාරින්  කියලා තියෙනවා දැන්ම ඒ ගැසට් එක දාන්න එපා කියලා.ඒ සඳහා යෝජිත  ප්‍රතිසංස්කරණ අනුව විෂය නම් කිරීම ජාතික අධ්‍යාපන ආයතනයට බාර දීලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා නව විෂයන් පිළිබඳ ස්ථිර අදහසක් ඔවුන් තුළවත් පවතීද කියලා.

විද්‍යාපීඨයන්ට ළමයි බඳවා ගැනීමේ ගැසට්ටුව ප්‍රකාශයට පත්කරන්න ආණ්ඩුව ඇයි කල් මරන්නේ? මේ ගැටලුවට විද්‍යාපීඨ ආචාර්යවරුන් විදිහට ඔබලා අදහස කුමක්ද? 

දැනට ගැසට් කිරිමට නියමිත පවතින විෂයන්ට අනුව ළමයි ඇතුලත් කරගෙන   නව ප්‍රතිසංස්කරණය අනුව හඳුන්වා දෙන විෂයන් පිළිබඳ ස්ථිර අදහසක් ප්‍රකාශ වුනාට පසුව  එයින් හඳුන්වා දෙන අලුත්  විෂයන්ට අදාළ විෂය  කරුණු සහ ක්‍රම විද්‍යාව විද්‍යාපීඨ පාඨමාලාවලට ඇතුලත් කර එය ක්‍රමානූකුලව ශික්ෂණලාභින්ට උගන්වන එකයි තියෙන්නේ.බදවා ගැනීම් කල් දැමීමෙන් වෙන්නේ  ළමයින්ගේ වටිනා කාලය ආපස්සට යන එකයි. ජාතික අධ්‍යාපන ආයතනය හදිසියට මේ විෂයන් නම් කරන්නේ නැහැ. තව මාස 6 – 7ක් වත් අඩුම තරමින් ගතවෙයි. ඔවුන් දැනට ප්‍රතිසංස්කරණ යෝජනා ලෙස සමාජයට ඉදිරිපත් කර ඇත්තේ ස්ලයිඩ් 27 පමණක් තියෙන ප්‍රසන්ටේෂන් එකක් විතරයි. ඒ අනුව අධ්‍යාපනඥයන් ලෙස අපටවත් මේ ගැන නිශ්චිත අදහසක් නෑ.

විද්‍යාපීඨයන්ට ළමයි ඇතුලත් කර ගැනීම පමා වෙනවා කියන්නේ පාසල්වල දක්ෂ පුහුණු  ගුරු හිඟයක් මතුවෙනවා කියන එක නේද?

සත්‍යවශයෙන්ම සිදුවෙන් එයයි.රජයේ පාසල්වලට අවශ්‍ය ගුරුවරුන්ගෙන් සියයට 70ක් විතර ලබා දෙන්නේ විද්‍යාපීඨවලින්.  දැනට විද්‍යා පීඨවල පුහුණුව ලබන ළමයින්ගෙන් එක් කණ්ඩායමක් ඔක්තෝම්බර් 13 වෙනිදා පාසල්වලට අනුයුක්ත කරනවා. ඇතුලේ සිටින අනෙක් කණ්ඩායමක් ලබන වසරේ (2026)  ජූලි වන විට  පාසල් වලට ලබා දෙනවා.  බඳවා ගැනීම් කඩිනමින් සිදුකළේ නැති නම් ලබන වසරේ ජූලි වන විට  එක කණ්ඩායමක් වත් විද්‍යාපීඨ තුල නැහැ.

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ලබන වසරේ (2026) සිට ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා නේද? විෂය නිර්දේශයක්වත් ලබා නොදී ඇති  පසුබිමක් යටතේ පුහුණු ගුරුවරුන් ලබා දෙන්නේ කෙසේද?

වසර 2026 සිට මෙය ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කරන බව සඳහන් කරනවා.  දැන් මේ ගතවෙන්නේ  සැප්තැම්බර් මාසය.  මේ වසර අවසන් වෙන්න තවත් තියෙන්නේ මාස තුනයි. ඒ මාස තුනට පුලුවන්ද ගුරු ප්‍රජාව සහ විද්‍යාපීඨ ශික්ෂණලාභින් පුහුණු කරන්න.

ලබන වසරේ සිට 1 වසර සහ 6 වසර සඳහා මෙම නව ප්‍රතිසංස්කරණ  මෙය ක්‍රියාත්මක කරනවා. ඒ සදහා අපි විද්‍යාපීඨවලින් ගුරුවරුන් ලබා දිය යුතුයි. නමුත් තාම අපි ට විෂය නිර්දේශයක්වත් නැතිව ගුරුවරුන් පුහුණ කිරීමට නොහැකි වී තිබෙනවා.ජාතික අධ්‍යාපන ආයතනය දැනට පවතින විද්‍යාපීඨ පාඨමාලාවල විෂය නිර්දේශයවත් 2011 පසුව සංශෝධනය කර නැහැ. 

ආණ්ඩුව ගෙන එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුල තිබෙන මෙවැනි අඩුපාඩු විද්‍යාපීඨ ආචාර්යවරුන් විදිහට ඔබලා රජය පෙන්වා දීමක් කළේ නැතිද?

පි- මේ ඉතා කණගාටුදායක් තත්තවයක්. විද්‍යාපීඨ ආචාර්යවරුන් විදිහට අපි කැමතියි මෙහි තිබෙන අඩුපාඩු පෙන්වලා . අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්න. ඒත් අධ්‍යාපන බලධාරීන් ඒවාට සවන් දෙන්නේ නැහැ. විද්‍යාපීඨ පීඨාධිපතිවරුන්ව අධ්‍යාපන අමාත්‍යංශයට කැඳවලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් පීඨාධිපතිවරුන්ට කරුණු දක්වන්න අවස්ථාව දිලා නැහැ. ඔවුන්ට සිදුවෙලා තියෙන්නේ කියන දේ අහගෙන නැවත් හැරිලා එන්න විතරයි. 

ඔබ කියන විදිහට අධ්‍යාපන බලධාරීන් , අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පුද්ගලයින්ට ඇහුම්කම් දීමක් වෙන්නේ නැතිද?

අපිට පැහැදිලිව පේන විදිහට ඇහුකම්දිම සිදුකරන්නේ නැහැ. එහෙම කරනවා නම් දැනට ගෙනත් තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අඩුපාඩු බොහෝමයක් තියෙනවා. ඒවා නිවැරදි කර ගන්න පුලුවන්නේ.  අඩුම තරමින් මෙවැනි ප්‍රතිසංස්කරණයක් ගේන්න කලින් එය පාසල්වලට ගැලපෙනවාද කියලා දැනගන්න නියමු ව්‍යාපෘතියක් කල යුතුයි. නමුත් එහෙම එකක්වත් කරලා නැහැ.

මීට කලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ගෙනාවා. ඒ තුල නියමු ව්‍යාපෘති තිබුණාද?

1997දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙනාවා.  1998දී ගම්පහ පාසල් 100ක් තෝරාගෙන අධ්‍යාපන අමාත්‍යංශය ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන කොමිෂන් සභාව කියන ආයතන තුනම එකතු වෙලා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කලා. එහිදී සාර්ථක විචල්ලයන්  තෝරාගෙන අසාර්ථක  විචල්ලයන් ඉවත් කරලා තමයි එදා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කළේ.

නීතීඥයාට වැරදුනොත් අඩි 6ක් උඩ, දොස්තරට වැරදුණොත් අඩි 6ක් යට නමුත් ගුරුවරයෙකුට වැරදුණොත් සමස්ත දරු පරපුරකගේම විනාශය. මම හිතන්නේ ජාතික අධ්‍යාපන ආයතනය අපේ දරුවන්ගේ අනාගතය සමඟයි සෙල්ලම් කරන්නේ.

ඒ කියන්නේ  ආණ්ඩුව ගෙනවිත් ඇති අධ්‍යාපන ප්‍රතිසංසකරණයට මහමොළකරුවෙක් හෝ කණ්ඩායමක් නැතිද?

මම දන්නා පරිදි එවැනි මහමොළ කරුවෙක් නැහැ. වසර 1972 දී 1997 ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී විද්වත් මණ්ඩලයක් හිටියා. නමුත් වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුල එහෙම මණ්ඩලයක් හෝ පුද්ගලයෙක් නැහැ.  කොහොම නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී (2019)  ආචාර්ය උපාලි සේදර මහතා ගෙනා  අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ද මේ ගෙන යන්නේ කියලා අපට හිතෙනවා. මොකද ඒ ප්‍රතිසංස්කරණයක් තුල තිබු බොහෝ කරුණු මෙහි අන්තර්ගතයි.

කොහොම නමුත් 2023 – 24 වසර වල උසස් පෙළ සමත් දරුවන් කොපමණ සංඛ්‍යාවක් විද්‍යාපීඨයන්ට ඇතුලත් වෙන් බලාගෙන සිටිනවාද?

මේ වන විට වසර දෙකේම දරුවන් 8000කට  ආසන්න පිරිසක් බලාගෙන සිටිනවා. මේ අයව බදවා ගැනීම දිනෙන් දින තවත් කල් ගියොත් මේ ළමයි විද්‍යාපීඨයන්ට ඇතුලත් නොවී වෙනත් විකල්පයන් සොයාගෙන යයි. අනික මෙතැන තිබෙන තවත් බරපතලම දේ තමයි උසස් පෙණ සමත්ව විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ දරුවන් පවා විශ්ව විද්‍යාල අතහැර දමා විද්‍යාපීඨයන්ට ඇතුළු වීමට බලාගෙන සිටියා. එවැනි දරුවන්ට බරපතල අසාධාරණයක් වෙනවා.

ඔබ කියන විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් බලාපොරොත්තු වුණ  ඉලක්ක ඉටුවෙලා නැතිද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සමාජයේ ඉල්ලීම් කිහිපයක්  තිබුණා එකක් තමයි ශිෂ්‍යත්ව විභාගායේ බර අඩුකරන්න. අනික් එක තමයි පොත්වල බර අඩුකරන්න කියලා

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල අපොස සාපෙළ මට්ටමේ දී  විෂයන් 7 සීමා කරලා තවත් මොඩියුල විෂයන් 17ක් ළමයින්ට හදුන්වා දී තිබෙනවා. පෙලපොත් 9 ක් ගෙන ගිය දරවාට දැන් මොඩියුලර් 17ක පොත් ගෙනයන්න සිදුවෙනවා.6 වසරේ ඉදලා 11 වසර දක්වා  මේ මෙඩියුලර් 17 ඉගෙන ගන්න අවශ්‍යයයි. මොඩියුලර් වලටත් දැන් පොත් මුද්‍රණය කරලා අවසන් බව කියනවා .

අනික මෙහි තිබෙන බරපතල කම තමයි මේවා ළමයා තනියම හදාරන්න බව දන්වලා තියෙන එක.මේ ක්‍රමය හොදයි කොළඹ පාසල්වලට . දුෂ්කර පාසල්වල දරුවන්ට ළඟ ඉදලා කියලා දෙන දේවත් තේරුම් ගන්න හැකියාවක් නැති බහුතරයක්  ළමයින් ඉන්නවා.තවත් කාරණයක් තමයි විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාගයට අමතරව පාසල් පාදක තක්සේරුවට වැඩි ප්‍රමුඛතාවයක් දීම. තාම අපේ රටේ ගුරුවරුන් පුද්ගලබද්ධ සාධක නොමැතිව තීරණ ගනියි ද කියන ප්‍රශ්නය අත්දැකීම් ඇසුරින් අපට පැන නගිනවා.

ඒ වගේම අපේ රටේ තිබෙන බරපතළම ගැටලුවක් තමයි රජයේ පාසල්වල දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් වසර 13ක් කැප කිරීම. හැබැයි අපේ රටේම ලන්ඩන් සිලබස් අනුව පෞද්ගලික පාසල්වල  ඉගෙන ගන්න ව්‍යාපාරිකයන්ගේ, මැති ඇමතිවරුන්ගේ දරුවන් වසර 11කින් පාසල් අධ්‍යාපනය හමාර කරලා විශ්වවිද්‍යාලවලට යනවා.  මේ විෂමතාවය නැති කරන්න මේ ප්‍රතිසංස්කරණවලින් කටයුතු කරලා නැති බව පේනවා. යම් බටහිර රටක අධ්‍යාපන ක්‍රමයක් දිහා බලලා මේක හොඳයි මේකේ ඩොලර් උපයන්න උගන්වනවා, කෘතිම බුද්ධිය තමයි උගන්වන්න අවශ්‍ය වගේ අදහස් අධ්‍යාපන බලධාරින් අවධාරණය කරනවා. ප්‍රතිසංස්කරණ එන්නටත් පෙර අපේ තරුණ පරපුර කෘතිම බුද්ධිය පිළිබඳ දැනුවත්. අපි අනාගත පරපුරට උගන්වන්න අවශ්‍ය මොන දියුණු තාක්ෂණය ආවත් මනුෂ්‍යකම නැති නොකර ගෙන ජීවත් වෙන්න. ඒ සඳහා මේ ප්‍රතිසංස්කරණ අවධානය යොමු කරලා තියෙනවද කියන එක සොයා බැලීම වැදගත්. 

 සාකච්ඡාව - ශ්‍රියානි විජේසිංහ


සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.