News Category
From Date
To Date
Maximum Number of Result

නාගරික සභ්‍යත්ව කර්මාන්තය..

Sep 16, 2025 at 08:48 AM
|

රටක සභ්‍යත්වය කියලා කියන්නේ අතීත උරුමයකට විතරක් නම් නෙවෙයි. රටක සභ්‍යත්වය මොනම විදිහකින්වත් පිටරටින් ආනයනය කරන එකකුත් නෙවෙයි. හැම ජාතියකටම තමන්ගේ අතීත සභ්‍යත්ව උරුමය ආරක්‍ෂා කරගැනීමේ වගකීමක් තියෙනවා. ඒ වගේ ම, තමන්ගේ උරුමය මත පදනම් වෙලා, හොඳින් පෝෂණය කරපු සභ්‍යත්වයක් අනාගතයට උරුම කරලාදීමේ වගකීමකුත් තියෙනවා. කිසිම ජාතියකට ඉබාගාතේ ගිහිල්ලා මේ වගකීම් ඉෂ්ට කරන්න බෑ. ජාතික මට්ටමින් ඒ වෙනුවෙන් කරන මගපෙන්වීමක් තියෙන්න ඕන. මෙහෙම මගපෙන්වීම් වෙනුවෙන් විවිධාකාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නත් ඕන.

චීනයේ ක්‍රියාත්මක වෙන “ජාතික ශිෂ්ට නගර ව්‍යාපෘතිය” එහෙම එකක්. යම් නගරයකට “ජාතික ශිෂ්ට නගර” ඇගැයීම ලබාගැනීම වෙනුවෙන් සම්පූර්ණ කරගන්න ඕන කාරණා ගණනාවක් තියෙනවා. ඒ වෙනුවෙන් නගරයේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. නගරයේ පාලනය විධිමත් කරන්න ඕන. නගරයේ සංස්කෘතික අංශය වර්ධනය කරන්න ඕන. නගරයේ සමාජ ගැටලු විසඳන්න ඕන. නගරයේ පරිසරය ආරක්‍ෂා කරන්න ඕන. නගර අලංකරණය වැඩි දියුණු කරන්න ඕන. නගර පාලනයට මගපෙන්වන චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ කටයුතු හොඳින් මෙහෙයවන්න ඕන.

2003 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී තමයි “ජාතික ශිෂ්ට නගර ව්‍යාපෘතිය” ප්‍රකාශයට පත් කළේ. චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට අනුයුක්ත ජෛවී සභ්‍යත්වයක් ගොඩනැංවීමේ කමිටුව විසින් දියත් කරපු දීර්ඝ පර්යේෂණ කාර්යයකින් පස්සේ මෙහෙම නගර තෝරාගැනීමට අදාළ පටිපාටියත් හඳුන්වලා දුන්නා. ඒ අනුව, මුල් ම “ජාතික ශිෂ්ට නගර” හඳුන්වාගැනීමේ කාර්යය 2005 සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කෙරුණා.

ජාතික ශිෂ්ට නගර ඇගැයීමේ පටිපාටිය “දර්ශක” දෙකකින් සමන්විත එකක්. “මූලික දර්ශක” සහ “විස්තරාත්මක දර්ශක” කියලා තමයි ඒවා නම් කරලා තියෙන්නේ. මූලික දර්ශකවලින් නගරයක අංශ නවයක ප්‍රගතිය මැනලා පෙන්නනවා. නගර පාලනය, නීතියේ පාලනය, වෙළෙඳපොළ පරිසරය, මානවීය පරිසරය, සංස්කෘතික පරිසරය, ජීවන තත්ත්වය, පාරිසරික තත්ත්වය, ආරක්‍ෂක වාතාවරණය, නිර්මාණාත්මක සහ නවෝත්පාදන පරිසරය කියන අංශ නවය තමයි ඒ දර්ශකවලින් මැනලා දක්වන්නේ. යම් නගරයකට විශේෂිත ගෞරවයක් හිමිවිය යුතු නම් ඒ කාර්යයට අදාළ සාධන මට්ටම් විස්තරාත්මක දර්ශකවලින් මැනලා බලනවා.

මේ වෙද්දි, චීනයේ “ජාතික ශිෂ්ට නගර ව්‍යාපෘතිය” ආරම්භ කරලා අවුරුදු 20 ක කාලයක් ගතවෙලා. ඇත්තෙන්ම, මෙහෙම ව්‍යාපෘතියක් පටන්ගන්න දිරිදීපු වැඩපිළිවෙළක් ඊටත් අවුරුදු 21 කට කලින් (1984 අවුරුද්දේ දී) නැගෙනහිර චීනයේ පුංචි නගරයකින් ආරම්භ වුණා. ඒ ෆූ-චියැන් පළාතේ සන්-මිං නගරයෙන්. ඒක “හරිත” නගරයක්. නගරයේ භූමි ප්‍රමාණයෙන් සීයට 71 කට වඩා වනාන්තරවලින් ආවරණය වෙලා. විශාල, පිරිසිදු විල් සහ ගංගාවලින් සමන්විත ජල පරිසරයකුත් ඒ නගරයට තියෙනවා. ඒ වගේ ම, පුරාණ උරුමයකින් සහ ඉතාමත් සාරවත් සංස්කෘතියකිනුත් ඒ නගරය පොහොසත්. ඉතින් මේ සම්පත්වලින් ප්‍රයෝජන ඇරැගෙන “ශිෂ්ට” නගරයක් බවට පත්වෙන වැඩපිළිවෙළක් ඒ භූමියෙන් ආරම්භ කෙරුණා. ඒ අනුව, විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගන්නත් සන්-මිං නගරයට පුළුවන් වුණා.

සන්-මිං නගරයේ හපන්කම චීන ආණ්ඩුවේ අවධානයටත් ලක්වුණා. අනිත් නගරත් ඒ “ශිෂ්ට” පාරේ යන්න පටන්ගත්තා. 1996 ඔක්තෝබර් මාසයේ දී, චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව පවත්වපු සැසි වාරයක දී “තුන් මහා මෙහෙයුම” කියලා ක්‍රියාන්විතයකට අදාළ යෝජනාවක් සම්මත කරගත්තා. “ශිෂ්ට ගම්මාන”, “ශිෂ්ට නගර”, සහ “ශිෂ්ට වැඩපොළ” ඇති කරගැනීමට ජනතාව පෙළැඹවීම තමයි ඒ යෝජනාවේ අරමුණ වුණේ. ඒත් ඒ මෙහෙයුමට නිශ්චිත ඇගැයීම් වැඩපිළිවෙළක් ඇතුළත් කරලා තිබුණේ නෑ. ඉතින් ඒක සළකන්න පුළුවන් මේ කාර්යයට අදාළව ආණ්ඩුව පැත්තෙන් තියපු මූලික පියවරක් විදිහට විතරයි. කොහොම වුනත්, 1997 සහ 1999 අතර කාලයේ දී ආණ්ඩුවට තමන්ගේ නායකත්වය යටතේ නගර 10 ක් ශිෂ්ට පාරේ යවන්න පුළුවන් වුණා.

චීන මහජන ජනරජය පිහිටුවලා අවුරුදු 50 ක කාලයක් සම්පූර්ණ වුණේ 1999 ඔක්තෝබර් 1 වැනි දා. ඒ වෙනුවෙන් සංවිධානය කරපු සැමරුම්වලට “ශිෂ්ට නගර” ඇගැයීමේ වැඩපිළිවෙළකුත් ඇතුළත් කරලා තිබුණා. ඒ යටතේ රට පුරා ම නියෝජනය වෙන විදිහට හඳුනාගත්ත “ශිෂ්ට නගර” 58 ක් ප්‍රකාශයට පත් කරන්න චීන ආණ්ඩුව ක්‍රියා කළා. “ශිෂ්ටත්වය ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළේ ඉදිරියෙන් ම සිටින නගර” විදිහටයි ඒවා නම් කෙරුණේ. 2002 අවුරුද්දේ දී, ඒ “ශිෂ්ට මාර්ගය” ඔස්සේ ඉදිරියට යන දෙවැනි නගර කාණ්ඩය නම් කරන්න චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට අනුයුක්ත ජෛවී සභ්‍යත්වයක් ගොඩනැංවීමේ කමිටුව කටයුතු කළා. 2003 දී විධිමත් කෙරුණේ සහ 2005 අවුරුද්දේ ක්‍රියාත්මක කළේ මේ විදිහට පරිණාමයක් අත්පත් කරගත්ත වැඩපිළිවෙළක්.

යම් නගරයක් මේ “ශිෂ්ට ගෞරවය” ලබාගැනීමට අයැදුම් කරනවා නම් ඒ වෙනුවෙන් සම්පූර්ණ කරන්න ඕන මූලික කරුණු හයකුත් තියෙනවා. මුලින් ම, “ශිෂ්ටත්වය ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළේ ඉදිරියෙන් ම සිටින නගර” ලැයිස්තුවට තේරි පත්වෙන්න එහෙම නගරයකට පුළුවන් වෙන්න ඕන. අයැදුම් කරන අවස්ථාවට ආසන්න අවුරුදු දෙකේ දී පිට පිට ම නගරයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය රටේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයට ඉහළින් පවත්වාගෙන යන්න ඕන. නගර පාලනයේ සහ නගරයේ පක්‍ෂ කමිටුවේ නායක මට්ටමේ කිසිම කෙනෙක් අයැදුම්කිරීමට ආසන්න මාස 12 ක කාලය ඇතුළත විනය විරෝධී කාර්යයක නිරතවෙලා තියෙන්න බෑ. අයැදුම්කිරීමට ආසන්න මාස 12 ක කාලය තුළ ජාතික අවධානයට ලක්වෙන මට්ටමේ කිසිම අපරාධයක් හරි අනතුරක් හරි නගරය තුළ ඇතිවෙලා තියෙන්න බෑ. බලශක්ති සංරක්‍ෂණයට සහ වායු විමෝචනයට අදාළව රාජ්‍ය සභාව විසින් පවරපු කාර්යයන් සම්පූර්ණ කරලා තියෙන්නත් ඕන. නීති විරෝධි සහ අසභ්‍ය ප්‍රකාශන පළකිරීම සහ විකිණීම, හිමිකම් උල්ලංඝණය සහ අනවසර ප්‍රකාශන සම්බන්ධ සිදුවීම් ඇතිවෙලා තියෙන්නත් බෑ.

නගරයක “ශිෂ්ට” බව ප්‍රකාශ කරන්න කලින් අදාළ ඇගැයීම් කාර්යය සිද්ද කෙරෙන පිළිවෙළකුත් චීන ආණ්ඩුව විසින් හඳුන්වලා දීලා තියෙනවා. උඩින් කියපු අයැදුම්කිරීමේ සුදුසුකම් සැපිරීමේ කාර්යය තුළ දී සිද්දවෙන්නේ ස්වයං-ඇගැයීමක්. මෙහෙම ලැබෙන අයදුම්පත් ප්‍රමුඛ නගරයේ දී ඇගැයීමට ලක්වෙනවා. ඒ ඇගැයීමේ දී ඉහළ ලකුණු ලබාගන්න ඒවා පළාත් සභ්‍යත්ව ඇගැයීම් කමිටුවේ අවධානයට යොමු කරනවා. එතැනින් ගොඩ යන ඒවා තමයි මධ්‍යම සභ්‍යත්ව ඇගැයීම් කාර්යාංශයේ ඇගැයීමටත් විගණනයටත් යොමු කරන්නේ. ඉතින් මෙහෙම හැම කඩුල්ලක් ම පනින්න පුළුවන් නගරවලට “ජාතික ශිෂ්ට” ඇගැයීම ලබාගන්න පුළුවන් වෙනවා.

උඩින් විස්තර කරපු “මූලික දර්ශක” ඇගැයෙන්නේ ලකුණු 100 ක සීමාවක් ඇතුළේ. ඊට අමතරව හඳුනාගන්න “විස්තරාත්මක දර්ශක” අගයන්න ලකුණු 20 ක් ලබාදෙනවා. මේ ලකුණු 120 න් ඉහළ ලකුණු ගන්න නගර “ජාතික ශිෂ්ට” ගෞරවයෙන් සම්මානයට පත් කෙරෙනවා.

තමන්ගේ නගරය “ශිෂ්ට” එකක් බවට පත් කරගැනීමේ වගකීම නායකත්වයට විතරක් පැවැරිච්ච එකක් නෙවෙයි. මේ වැඩේ වෙනුවෙන් නගරවැසියන්ගේ දායකත්වයක් තියෙන්නත් ඕන. තැන තැන කෙළගැසීම, චුවිංගම් හප හැළීම, අසභ්‍ය වචන කීම, එළිමහනේ මළ මුත්‍රාකිරීම, තැන තැන කුණු බැහැරකිරීම, කුණු ගොඩගැසීම, අවිධිමත් විදිහට කුණු වතුර බැහැරකිරීම, කුරුටු බලි - චිත්‍ර ඇඳීම, තැන නොතැන බලන්නේ නැතුව දැන්වීම් ඇලැවීම, දැන්වීම් - කටවුට් එසැවීම සහ රෙදි වැරැහිළි එල්ලීම, මාර්ග අවහිර වන විදිහට වෙළෙඳ අට්ටාල ඇටවීම, මහමග හඬ නගා වෙළෙඳාම්කිරීම, තණබිම් - මල් පාත්ති පෑගීම, අශිෂ්ට විදිහට ඇඳුම් ඇඳගෙන මහමග යෑම, මාර්ග සංඥා නොතැකීම, ආරක්‍ෂක වැටවල් උඩින් පැනීම, වාහනවලින් ද්‍රව්‍ය විසිකිරීම, නීති විරෝධි විදිහට වාහන නැවැත්වීම, පොදු ස්ථානවල දුම්පානය, පොදු සම්පත් ආරක්‍ෂා නොකිරීම, පෝලිම් පැනීම, අවශ්‍ය අයට පොදු වාහනවල ආසන ලබා නො දීම වගේ වැරැදි නො කරන්න නගරවැසියෝ වග බලාගන්න ඕන.

මේ සැප්තැම්බර් මාසයේ නිකුත් කරපු දත්තවලට අනුව, අවුරුදු 20 ක මහන්සියකින් පස්සේ නගර 505 කට “ජාතික ශිෂ්ට” ගෞරවය ලබාදෙන්න චීන ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා. ඒ අතරින් 202 ක් අලුතින් ම තේරිච්ච ඒවා. කලින් “ශිෂ්ට” බවට පත්වෙච්ච නගර 303 ක් තමන්ගේ තත්ත්වය ආරක්‍ෂා කරගෙන තියෙනවා.

(2025 සැප්තැම්බර් මස 14 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කරන ලද “චීන පෙරැළිය” ලිපි මාලාවේ 13 වැනි කොටස)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.