2009 දී අවසන් කළ යුද්ධය එදා අවසන් නොවුනා නම් මොකද වෙන්න?..
ඔය කරේ තියාගෙන ගහන ආර්පීජී අවිය යුද්ධ හමුදාවට කලින් එල්ටීටීඊය සතුව තිබුනා කියලා හමුදා නිලධාරියෙක් කියනවා මම රූපවාහිනී වැඩසටහනක දැකලා තියනවා..බොහෝ අවස්ථාවල හමුදාවට වඩා හොඳ ආයුධ තාක්ෂණය එල්ටීටීඊය සතුව තිබුනා..ඔය ආර්පීජී කතාව ඒකට උදාහරණයක්..
යුද්ධය අවසන් වුනාට පස්සේ මුලතිව් වලදී හොයා ගත්තු හදාගෙන යන සබ්මැරීන්, මිසයිල වගේ ආයුධවල සැකිලි දැක්කම 2009 දී යුද්ධය අවසන් නොවී තව ඉස්සරහට යුද්ධය ගියානම් එල්ටීටීඊය කොතරම් බලගතු වෙනවාද කියලා හිතාගන්න බෑ..එල්ටීටීඊය ගුවන් යානාවලින් කොලඹට ප්‍රහාර එල්ල කරපු විදිය හැමෝමට මතක ඇති..
අද ලෝකයේ සිද්ධ වෙන යුද්ධ දිහා බැලුවම පේන දෙයක් තමයි අද පාවිච්චි කරන ආයුධ ගොඩක් අධිතාක්ෂණික ආයුධ වීම..විශේෂයෙන්ම ඩ්‍රෝන වලින් තමයි අද සටන් කරන්නේ...
රුසියා-යුක්‍රේන යුද්ධය තනිකරම ඩ්‍රෝන යුද්ධයක්..
එදා යුද්ධය නිමා නොවුනා නම් නිසැක වශයෙන්ම අද එල්ටීටීඊය යුද්ධ කරන්නේ ඩ්‍රෝන වලින්..ධනයෙන් ආඪ්‍ය බෙදුම්වාදි දෙමළ ඩයස්පෝරාවට ඩ්‍රෝන,දිගුදුර මිසයිල නැව් පිටින් එවන එක බොහොම පහසු දෙයක්..කොලඹ,නුවර,ගාල්ල,මාතර,රත්නපුර ඇතුලු රටේ අස්සක් මුල්ලක් නැර ඉන්න උන්ට සිද්ධ වෙන්නේ ප්‍රභාකරන් එවන ඩ්‍රෝන් වලින් කුඩු පට්ටම් නොවී ඉන්න අහස දිහා බල බලා පොලොවේ ගුල් හාරගෙන හැංගෙන්න..
එහෙම නම් ශ්‍රී ලංකා රජයටත් සිද්ධ වෙනවා ඩ්‍රෝන ප්‍රහාර වලින් ආරක්ෂා වෙන්න අති දැවැන්ත මිලක් ගෙවලා ගුවන් ආරක්ෂණ පද්ධති මිලට ගන්න.රට පුරාම ඒවා සවි කරන්න..ප්‍රතිප්‍රහාර දෙන්න ඩ්‍රෝන් මිලට ගන්න.මිසයිල ආරක්ෂණ පද්ධති හයි කරන්න..
ප්‍රාථමික මිනිස් බෝම්බ එවලා රටේ ගුවන්තොටුපොල ,තෙල්ටැංකි ඇතුලු මර්මස්ථාන විනාශ කරපු දහස් ගනන් සිවිල් වැසියන් ඝාතනය කරපු එල්ටීටීයට ඩ්‍රෝන් තාක්ෂණය අත්පත්වුනා නම් සිද්ධ වෙන විනාශය හිතාගන්න බෑ...අද වෙද්දී ඔවුන් ක්‍රියාත්මක උනා නම් නිසැක වශයෙන්ම අතිනවීන ඩ්‍රෝන් ඔවුන් සතුයි
එහෙම නම් රටේ ජාතික ආර්ථිකය,රටේ සංචාරක කර්මාන්තය,රටේ සාමාන්‍යය ජන ජීවිතයට අත්වෙන ඉරණම කෙබඳුද කියලා හිතාගන්න..
රට මිනී පිටියක් වෙන එක නතර කරන්න බෑ...
රටේ ජාතික ධනය කොතරම් විනාශ වෙයිද?
"අවුලක් නෑ..මහින්ද යුද්දෙ ඉවර කලානෙ" කියලා විහිලු කතාවක් හදාගත්ත අයගේ හෘදසාක්ෂිය මොකක්ද?
එහෙව් ඉරණමකින් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සේනාධිනායකයා විදියට පත්වෙලා රට බේරගත්තේ..
2009 දී අවසන් කල යුද්ධය එදා අවසන් නොවුනා නම් මොකද වෙන්න ඕන කියලා අපි බලන්න ඕන 2009 ට ගිහින් නෙවේ..2025 ඉඳන්...අද කොතරම් මුදලක් යුද්ධය වෙනුවෙන් මේ දුප්පත් රට වියදම් කරන්න ඕනද?කොච්චර ජීවිත දේපල බිලිදෙන්න ඕනද?
ඒම හිතද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලන නායකයෙක් විදියට සිද්ධ කරපු දේ වටිනාකම සිය දහස් ගුණයකින් වැඩි වෙනවා...
ලංකා දූපතේ උපන් නූපන් හැම පුරවැසියම එතුමාට ණයයි.ඒ ණය ගෙවලා ඉවර කරන්න ලේසි නෑ..
විශ්‍රාම ගිය එතුමාගේ නිල නිවසින් පන්නා දාලා
එක පුරවැසියෙක් වසරකට ඉතිරි කරගන්නා
රුපියල් හතරයි ශත පනහට කතා කරන්න පුලුවන් නම් ඒ රුපියල් හතරයි පනහා අනිවාර්යෙන්ම මේ රටට ජාතියට සාප කරනවා..
-මාලින්ද ඩයස්-
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය