2009 දී අවසන් කළ යුද්ධය එදා අවසන් නොවුනා නම් මොකද වෙන්න?..
ඔය කරේ තියාගෙන ගහන ආර්පීජී අවිය යුද්ධ හමුදාවට කලින් එල්ටීටීඊය සතුව තිබුනා කියලා හමුදා නිලධාරියෙක් කියනවා මම රූපවාහිනී වැඩසටහනක දැකලා තියනවා..බොහෝ අවස්ථාවල හමුදාවට වඩා හොඳ ආයුධ තාක්ෂණය එල්ටීටීඊය සතුව තිබුනා..ඔය ආර්පීජී කතාව ඒකට උදාහරණයක්..
යුද්ධය අවසන් වුනාට පස්සේ මුලතිව් වලදී හොයා ගත්තු හදාගෙන යන සබ්මැරීන්, මිසයිල වගේ ආයුධවල සැකිලි දැක්කම 2009 දී යුද්ධය අවසන් නොවී තව ඉස්සරහට යුද්ධය ගියානම් එල්ටීටීඊය කොතරම් බලගතු වෙනවාද කියලා හිතාගන්න බෑ..එල්ටීටීඊය ගුවන් යානාවලින් කොලඹට ප්‍රහාර එල්ල කරපු විදිය හැමෝමට මතක ඇති..
අද ලෝකයේ සිද්ධ වෙන යුද්ධ දිහා බැලුවම පේන දෙයක් තමයි අද පාවිච්චි කරන ආයුධ ගොඩක් අධිතාක්ෂණික ආයුධ වීම..විශේෂයෙන්ම ඩ්‍රෝන වලින් තමයි අද සටන් කරන්නේ...
රුසියා-යුක්‍රේන යුද්ධය තනිකරම ඩ්‍රෝන යුද්ධයක්..
එදා යුද්ධය නිමා නොවුනා නම් නිසැක වශයෙන්ම අද එල්ටීටීඊය යුද්ධ කරන්නේ ඩ්‍රෝන වලින්..ධනයෙන් ආඪ්‍ය බෙදුම්වාදි දෙමළ ඩයස්පෝරාවට ඩ්‍රෝන,දිගුදුර මිසයිල නැව් පිටින් එවන එක බොහොම පහසු දෙයක්..කොලඹ,නුවර,ගාල්ල,මාතර,රත්නපුර ඇතුලු රටේ අස්සක් මුල්ලක් නැර ඉන්න උන්ට සිද්ධ වෙන්නේ ප්‍රභාකරන් එවන ඩ්‍රෝන් වලින් කුඩු පට්ටම් නොවී ඉන්න අහස දිහා බල බලා පොලොවේ ගුල් හාරගෙන හැංගෙන්න..
එහෙම නම් ශ්‍රී ලංකා රජයටත් සිද්ධ වෙනවා ඩ්‍රෝන ප්‍රහාර වලින් ආරක්ෂා වෙන්න අති දැවැන්ත මිලක් ගෙවලා ගුවන් ආරක්ෂණ පද්ධති මිලට ගන්න.රට පුරාම ඒවා සවි කරන්න..ප්‍රතිප්‍රහාර දෙන්න ඩ්‍රෝන් මිලට ගන්න.මිසයිල ආරක්ෂණ පද්ධති හයි කරන්න..
ප්‍රාථමික මිනිස් බෝම්බ එවලා රටේ ගුවන්තොටුපොල ,තෙල්ටැංකි ඇතුලු මර්මස්ථාන විනාශ කරපු දහස් ගනන් සිවිල් වැසියන් ඝාතනය කරපු එල්ටීටීයට ඩ්‍රෝන් තාක්ෂණය අත්පත්වුනා නම් සිද්ධ වෙන විනාශය හිතාගන්න බෑ...අද වෙද්දී ඔවුන් ක්‍රියාත්මක උනා නම් නිසැක වශයෙන්ම අතිනවීන ඩ්‍රෝන් ඔවුන් සතුයි
එහෙම නම් රටේ ජාතික ආර්ථිකය,රටේ සංචාරක කර්මාන්තය,රටේ සාමාන්‍යය ජන ජීවිතයට අත්වෙන ඉරණම කෙබඳුද කියලා හිතාගන්න..
රට මිනී පිටියක් වෙන එක නතර කරන්න බෑ...
රටේ ජාතික ධනය කොතරම් විනාශ වෙයිද?
"අවුලක් නෑ..මහින්ද යුද්දෙ ඉවර කලානෙ" කියලා විහිලු කතාවක් හදාගත්ත අයගේ හෘදසාක්ෂිය මොකක්ද?
එහෙව් ඉරණමකින් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සේනාධිනායකයා විදියට පත්වෙලා රට බේරගත්තේ..
2009 දී අවසන් කල යුද්ධය එදා අවසන් නොවුනා නම් මොකද වෙන්න ඕන කියලා අපි බලන්න ඕන 2009 ට ගිහින් නෙවේ..2025 ඉඳන්...අද කොතරම් මුදලක් යුද්ධය වෙනුවෙන් මේ දුප්පත් රට වියදම් කරන්න ඕනද?කොච්චර ජීවිත දේපල බිලිදෙන්න ඕනද?
ඒම හිතද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලන නායකයෙක් විදියට සිද්ධ කරපු දේ වටිනාකම සිය දහස් ගුණයකින් වැඩි වෙනවා...
ලංකා දූපතේ උපන් නූපන් හැම පුරවැසියම එතුමාට ණයයි.ඒ ණය ගෙවලා ඉවර කරන්න ලේසි නෑ..
විශ්‍රාම ගිය එතුමාගේ නිල නිවසින් පන්නා දාලා
එක පුරවැසියෙක් වසරකට ඉතිරි කරගන්නා
රුපියල් හතරයි ශත පනහට කතා කරන්න පුලුවන් නම් ඒ රුපියල් හතරයි පනහා අනිවාර්යෙන්ම මේ රටට ජාතියට සාප කරනවා..
-මාලින්ද ඩයස්-
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..