මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විජේරාම හැරදා තංගල්ලට ගියා..
මේ මොහොතේ ශ්‍රී ලංකාවට බොහෝ දුරින් ලෝකයේ වෙනත් කොනක ජීවත් වෙන පිරිසක්, ඉතාම උණන්දුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති නරඹමින් ජයපැන් බොනවා ඇති. ප්‍රීති ඝෝෂා කරනවා ඇති.
පසුගිය වසර තුළ හිටපු ජනපතිවරු නඩත්තු කිරීමට රජය වියදම් කළ මුදල හෙළිව තිබුණා.
වඩාත් නිවැරදිව කියනවා නම් රජය විසින් හෙළිකර තිබුණා.
ඒ අනුව හිටපු ජනපතිවරු පස්දෙනෙකු නඩත්තු කිරීමට රජ්‍යය දැරූ වියදම රුපියල් කෝටි 9 යි.
හරියටම ශ්‍රී ලංකාව තුළ ටොයෝටා ලෑන්ඩ් කෘසර් මෝටර් රථයක් මිලට ගැනීමට යන මුදලමයි.
එළඹෙන නොවෙම්බර් මාසයේ රජය එවැනි වාහන 159 ක් සිය මන්ත්‍රීවරුන් අතරේ බෙදා දීමට නියමිතයි.
එනම් මේ හිටපු ජනාධිපතිවරු පස්දෙනා අවුරුදු 150 ක් නඩත්තු කිරීමට වැය වෙන මුදල, ඔවුන් එක් අවුරුද්දක මන්ත්‍රීවරුන්ට වාහන සඳහා වෙන් කරනවා.
රාජ්‍යයේ වියදම් , ආදායම් සමග බැලීමේ දී එම මුදල පවා මහා විශාල මුදලක් නොවෙයි.
රාජ්‍යයේ එක් වැය ශීර්ෂයක් රුපියල් බිලියන දහස් ගණනක්.
ජනපති අනුර නඩත්තු කිරීමට පමණක් රජය වසරකට රුපියල් කෝටි 300 ක් වැය කරනවා. (ජනපතිගේ නඩත්තු වියදම පමණක්)
මේවා රාජ්‍යයක් අනිවාර්යෙන්ම දැරිය යුතු වියදම්. රාජ්‍යයක් එහි පාලකයා, හිටපු රාජ්‍ය නායකයන් සහ එහි වැදගත් වගකීම් දරන්නන් ආරක්ෂා කළ යුතුයි. නඩත්තු කළ යුතුයි.
එය සිදු කරන්නේ රාජ්‍යයේ පැවැත්මට මිසෙක, තනතුරු දරන්නන් VIP නිසා ඔවුන්ට 'ආතල්' දීමට නොවෙයි.
නමුත් දිගු කලයක් තිස්සේ මාලිමාව සමාජගත කළේ එවැනි අදහසක්. ඔවුන් රටේ ජනතාවගේ සියලූම ගැටලු වලට හේතුව මේ සොච්චම් මුදල ලෙස සමාජගත කළා.
සෑම රාජ්‍යයක්ම සිය හිටපු නායකයන් සහ රාජ්‍යයේ තීරණාත්මක තනතුරු හෙබවූ පුද්ගලයන් රැකබලා ගන්නවා.
එයට හේතුව ඔවුන් තනතුරු දරන සමයේ ස්වාධීනව සහ නිර්භීතව කටයුතු කිරීමට නම්, තනතුර ඉවත් වූ පසුවත් ඔවුන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම සහතික විය යුතුයි.
ඇමෙරිකාවත්, බ්‍රිතාන්‍යයත්, ඉන්දියාවත්, මාලදිවයිනත්, නයිජීරියාවත්, ස්විට්සර්ලන්තයත් සිය හිටපු රාජ්‍ය නායකයන් රැකබලා ගන්නවා.
එය ශිෂ්ට රාජ්‍යයක ලක්ෂණ.
ඒ ශිෂ්ටත්වය අත්හැරි පාලකයෙකු බලය දරන සමයේ හැකි තරම් අනාගතය උදෙසා 'ඉපැයීමට' බල කෙරෙන ලොව පළමු අශිෂ්ට රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් වුණා.
උණුසුම් සුබ පැතුම්!
මේවා විශාල වියදම් ලෙසත්, ජනතාව විඳිමින් සිටිනා දුක් කම්කටොලු වලට හේතුව ලෙසටත් පෙන්වා වෛරී දේශපාලනයක් කළේ මාලිමාව.
ආදරය, ධනාත්මක චින්තනය, නැවුම් අදහස් සහ සත්‍යයට වඩා වෛරය, සෘණාත්මක සිතුවිලි සහ අසත්‍ය සමාජගත කිරීම පහසුයි.
අවසානයේ ඔවුන් ජයග්‍රහණය කළා.
ජාතියකට හුස්ම ගැනීමට නිදහස දුන් මිනිසා මහින්ද රාජපක්ෂ නිවෙසින් ඇද දැමීම වනාහි ඊටත් එහා ගිය දේශපාලනික පොරොන්දුවක්.
මාලිමාවට බලයට පැමිණීමට උපකාර කළ, ජාතියේ සතුරන්ට ලබා දුන් ත්‍යාගයක්.
අද බර්ලීනයේත්, ලන්ඩනයේත්, පැරිස් නගරයේත්, ටොරොන්ටෝ හීදිත් විස්කි වීදුරු එකට ගැටෙනවා ඇති. දෙමල භාෂාවෙන් ප්‍රීති ගී ගැයෙනවා ඇති.
කොහොමත් අප ජාතියක් ලෙස අපගේ වීරයන් සහ අප වෙනුවෙන් සටන් කළ මිනිසුන් පාවා දෙන පළමු අවස්ථාව මෙය නොවෙයි.
අර්චුනා ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු යැයි සිතනා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අත ඔසවන්නැයි කියූ විට, 300 කට අධික ප්‍රමාණයකින් එක අතක් හෝ ඉහළට එසවුණේ නැහැ.
ඔවුන්ට අනුව ත්‍රස්තවාදියා මහින්ද රාජපක්ෂ මිසෙක ප්‍රභාකරන් නෙවෙයි.
මහින්ද රාජපක්ෂ විසල් මිනිසෙක්.
නිවාසයක් අහිමි කර ඔහු රිදවීමට බැහැ.
නමුත් අසත්‍ය සහ වෛරය මත පිහිටා අප වෙනුවෙන් සටන් කළ, අපගේ වීරයෙකු, සතුරන් පිනවීම උදෙසා නිවසින් ඇද දැමීම මහ පොළව පවා කම්පා විය හැකි, ස්වභාව ධර්මයේ ශාපයට ලක් විය හැකි ක්‍රියාවක්.
එයටත් වඩා හද දවන සිදුවීම වන්නේ අද දිනයේ සිට ශ්‍රී ලංකාවේ පාලකයාට ඔහු තනතුරේ සිටියදීම, සුවබර විශ්‍රාම දිවියක් වෙනුවෙන් 'ඉපැයීමට' සහ ජාවාරම්කරුවන් පිනවීමට සිදුවන රටක්, මිනිසුන් විසින්ම ප්‍රීතිඝෝෂා කරමින් නිර්මාණය කිරීමයි.
ජනපතිවරයෙකුට නිවසක්, ආරක්ෂාව වෙනුවෙන් වියදම් කිරීමට පිරිස් සොයා ගැනීම අතිශය පහසුයි.
නමුත් කණගාටුව නම් අවසානයේ එහි මිල කිහිප ගුණයකින් ගෙවීමට සිදු වන්නේ රටට සහ ජනතාවට බව ඔවුන්ට නොවැටහීමය.
- සචින් රත්වත්තේ
(අන්තර්ජාලෙයන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..