ශත 20 ට මිල හොයන සිංහල ජාතියේ කොටසකට ජයවේවා‼️
ඔස්කා වයිල්ඩ් කියන ලොව ප්‍රකට සාහිත්‍යවේදියා වරක් කියනවා නරුමයා ලෝකයේ සියල්ලේම මිල හොයනවා සසදනවා නමුත්, නරුමයා කිසිදේක වටිනාකම හොයන්නේ හෝ සසදන්නේ නෑ කියලා.
අපි අද ඉන්නේ නරුමයන් තීන්දු ලියන කාලයක.
මහා කළු සිංහයා පලා යනවෝ කියලා වළගම්බා අනුරාධපුරය අතහැර යනවිට කෑ ගහපු ,හිනාවුන නිගන්ඨයන් සතුටු වුන පරිදිම මහින්ද නිල නිවසින් එලෙව්වෝ, කියා සතුටු වන වර්ථමාන නිගන්ඨයන් ගොඩක් දකින්නේය.
ඒ මේ, ජාතියේ කොටසක හැටිය. ‼️
තත්පරයට රු 750 වියදම් කරපු යුද්ධයක් සදහටම නතර කර
රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 400න් ඉහළට 2000, ඉක්මවන සීමාවට ගත්තේ මහින්දය.
රටේ සෑම නිවසකටම විදුලිය සපයා අවසන් වුනේ යුද්ධයෙන් පසු, ගෙවුන වසර පහ තුළය.
ඉතිහාසයේ ජනාධිපතිධුරය ආරම්භ කල දවසේ සිට අද දක්වා වසරකට වැඩිම රජය මිළට ගත්වී තොගය ලියවෙන්නේ මහින්දගේ නම ඉදිරිපිටය.
දකුණු කොරියාවට තරුණ තරුණියන්ට රැකියා සදහා දොරටු ඇර ගත්තේ මහින්දගේ යුද්ධයෙන් පසු වසර පහ තුළය.
යුද්ධයෙන් පසු කිසිදු විදේශයකින් දෙමළ ජනතාවට පහසුකම් සපයන්න ඩොලර් මිලියන 100 නොලැබුනත් දෙමළ ජනතාව බහුළ උතුරේ, දිස්ත්‍රික් පහකට වැඩිම රජයේ මුදල්, යොදවා සංවර්ධනය කලේ මහින්දය.
වර්ග කිලෝමීටර 65610 වුන ලංකාවට අළුතින් වර්ග කිලෝමීටර 4 එකතු කලේ මහින්දය
මම මේ, කීපයක් ලීවේ මහින්ද නඩත්තු කරන්න බදු මුදල් යොදවන්නේ ඇයි කියලා අහන සිංහල ජාතියේ කොටස වෙනුවෙන්ය.
ජනාධිපතිවරයෙක් ලෙස ලංකාවේ ජනාධිපති ධුරය ආරම්භ කරන ලද දවසේ සිට උහුලන ලද වගකීම් සහ අවධානම ගත්තොත්
ලංකාව වෙනුවෙන්
රාජ්‍යය වෙනුවෙන්
සිංහළ ජාතිය වෙනුවෙන්
බෞද්ධාගම වෙනුවෙන්
වැඩිම අවධානම සහ වගකීම පහර දීම නින්දා කිරීම කොන් කිරීම බාධා කිරීම තහංචි දැමීම දරා ගත්තේ මහින්දය.‼️
අදටත් ඒ,වෙනුවෙන් මරන්න මරණ වරෙන්තු නොනිළ ලෙස ලියවී තිබෙන සිංහල මිනිහා මහින්දය.
අපි සිංහළ ජාතියෙන් හිනා වෙන්නේ එකී මනුස්සයෙකුට ලංකාවේ පුරවැසියෙක් මාසයකට ශත. 20 ක් වියදම් කිරීම නතර කරා යන්නටය.😃😃
මම නැවතත් මුලට එමි.
නරුමයා හැම දේකම මිල විමසන අතර
වටිනාකමක් තැකීමක් නොකරයි.
ඉතිහාසයේ ලියයෙන විට කොළඹ හිටියත්
මැදමුලනේ හිටියත්
දේශමාමක ජාතිකවාදී සිංහළයන් ලංකාවේ ඉන්නා තුරු
මහින්ද රාජපක්ෂ රාජපක්ෂමය.
මැරෙනකල් මිනිස්සු කොළඹ ද බෙලිඅත්තේද නොසලකා මහින්ද සොයා යනු ඇත.
මේ සිංහළ ජාතියේ අවසාන කාර්තුවය.
සිංහළ ජාතිය වෙනුවට ලාංකික ජාතිය ඇප්ලයි කිරීම සිදුවෙමින් ඇත.
ඒ ව්‍යාපෘති වලට සිංහළ ලේබලයේ මහින්දලා පට්ටම විෂය බාධාකාරීය
එහි තුළදී සිදුවන්නේ සිංහලයාට අභිමානයක් ජනිත වන සියළු දේ ඉතා ක්ෂුක්මව ඉවත් කිරීම වන අතර
වටිනාකම් අතුගා දමීම සිදුවන්නේය.
රටකට අභය දානය ලබා ගත්ත මිනිහෙක්ට වඩා ඔහු ආරක්ෂා කරගන්න රටේ ජනතාවගෙන් එක් පුද්ගලයෙකු වසරකට වැයකරනවා කියලා ඇස්තමේන්තු වන
ශත. 20 කට වැඩි ප්‍රචාරයක් ඉඩක් තක්සේරුවක් ලැබෙන්නේ
මහින්ද රාජපක්ෂට කෙලියා කියනවාට වඩා.
සිංහලයාට උං හිතන වටිනාකම් අනවශ්‍යයි කියන ගමන නිසාය.
ශත විස්සට ජයවේවා..
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..