පියවර 5 කින් සාර්ථකව රටක් අල්ලා ගන්නා හැටි..
1) ඔබට අල්ලා ගැනීමට අවශ්‍ය රටේ සියලුම තරුණ තරුණියන් අතට ජංගම දුරකථන දෙන්න. Facebook, Instagram, YouTube, TikTok, Whatsapp වැනි සමාජ මාධ්‍ය වෙත ඔවුන් ග්‍රහණය කර ගන්න.
2) වැදගත් රැකියාවක් කිරීමට ශක්‍යතාවයක් නොමැති මෝඩයන් ටිකක් හඳුනා ගෙන, ඉහත සමාජ මාධ්‍යවලට content හදන හැටි උගන්වා, කැමරා ආම්පන්න සපයා, channel හදා දී, වියදමට මුදල් දී, promote කර ලක්ෂ ගණන් followers ලා සිටින influencer ලා බවට පත් කරන්න.
3) කිසිදු බුද්ධිමය වටිනාකමක් නොමැති, අධ්‍යාපනික වටිනාකමක් නොමැති, සදාචාරයක් නොමැති, කුණුහරුප කියවන, විකට ජවනිකා කරන, අනුන්ට බනින content හදවා, ඔබේ පාලනයේ ඇති algorithms භාවිතා කර නැගිට්ට වෙලේ සිට නින්දට යන තෙක් ඒවා ග්‍රාහකයන්ගේ ඇස් ඉදිරියේ තබන්න. හැකි තරම් රටේ වැසියන් මෝඩයන් කරන්න. කවුරුන් හෝ සත්‍යය පවසා නම් ඒ සියලු content යට යවන්න. යහපත් content හදන්නවුන් restrict කරන්න.
3) “සියලු පුද්ගලයන් මුහුණ දෙන සියලු දුක්වලට හේතුව දේශපාලන නියෝජිතයන් හොරා කෑම ය” යන මතය ඉහත influencer ලා හරහා ඔවුන්ගේ channels සහ groups තුළ නැවත නැවත මතුරන්න. කිසිදු සාක්ෂියක් නැති බොරු බේගල් හදා නැවත නැවත ප්‍රචාරය කරන්න. සිය නායකයන් කෙරෙහි දැඩි වෛරයක් සහ ද්වේශයක් රටේ ජනතාව තුළ ම ඇති කරන්න.
4) ඔබේ influencer ලා හරහා විරෝධතා සැලසුම් කරන්න. ඒ සඳහා කලින් හදා ගත් Whatsapp සහ Telegram groups භාවිතා කරන්න. විරෝධතා අතරතුර පොලීසිය සහ හමුදාව සමග ගැටීමට පොළඹවන්න. එයින් කිසිවෙකු මරණයට පත් කර ගන්න. එම වීඩියෝව ඉහත channels හරහා live දෙන්න. ඔබේ පාලනයේ ඇති algorithms සීරු මාරු කර ප්‍රචණ්ඩත්වය ම පෙන්වන්න.
5) දැන් ඔබ කිසිවක් කළ යුතු නැත. ඒ රටේ අනාගත පරපුර විසින් ම ඔවුන්ගේ රට ගිනි තබන හැටි ඔබේ තානාපති කාර්යාලයේ සිට බලා සිටින්න. දශක ගණනාවක් තිස්සේ ඒ රටේ නායකයන් මහත් පරිශ්‍රමයෙන් ඉදි කළ රාජ්‍යය එක රැයින් ගිනි බත් කරන හැටි විස්කි තොලගාමින් නරඹන්න. ඒ රටේ මිනිසුන්ගේ විනය විනාශ වී, සදාචාරය අවසන් වී, සංස්කෘතික වටිනාකම් බිඳ වැටී, අරමුණක් නැති වනචර සත්තු ලෙස හැසිරෙන තැනට තරුණ තරුණියන් පත් කරන්න. එපමණ ය. රටක සාරය මරා දැමූ පසු ඔබ ජයග්‍රහණය කර අවසන් ය. තවත් බොහෝ කාලයකට ඒ රට හිස ඔසවන්නේ නැත. දැන් ඔබට කැමති ලෙස ඒ රටේ සම්පත් භුක්ති විඳිය හැකි ය. ඒ සඳහා ඔබේ පදයට නටන ආණ්ඩුවක් පත් කර ගන්නත් අමතක කරන්න එපා.
දිස් ඉස් පොලිටික්ස්.
එරන්ද ගිනිගේ
2025 සැප්තැම්බර් 10
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්