News Category
From Date
To Date
Maximum Number of Result

බටහිරට කීකරු ශ්‍රී ලංකාවක් !…ජිනීවා ව්‍යාපෘතිය තීරණාත්මක අදියරක..

Sep 7, 2025 at 12:51 PM
|

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය (International Criminal Court) පිළිගත යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඒ පිළිබඳව ඍජු ප්‍රකාශයක් හෙට කරනු ඇත. ඒ මානව හිමිකම් ප්‍රධානි වොල්කර් ටර්ක් විසින් ඉදිරිපත් කරනු ලබන නිගමන සහ නිර්දේශ යටතේය. ශ්‍රී ලංකාවට කරන මෙම අනීතික බලපෑම විමසා බැලිය යුතු වන්නේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වුණු ජිනීවා මානව හිමිකම් සැසියේදි යුද අපරාධ චෝදනා විමසීමේ ක්‍රියාවලියට අදාළ නීතිමය රාමු 9ක් අතුරින් 8වැන්න වන සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසංවිධාන කොමිසම පනත සම්මත කරන බවට ශ්‍රී ලංකාව පොරොන්දුවක් ලබා දී ඇති පසුබිමේය.

නීතිපති දෙපාර්තමේන්තුවට පිටින් ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට ගෙන ඇති තීරණය සුවිශේෂී තත්ත්වයකි. එමගින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව නැගෙන යුද අපරාධ චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම කළ හැකි බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ස්ථාවරයයි. එය යුද අපරාධ චෝදනා විමසීමේ ක්‍රියාවලියට අදාළ නීතිමය රාමු 9 අතරින් අවසන් නීතියයි. එනම් ස්වාධීන අභිචෝදක කාර්යාල පනතයි.

ඔස්ට්‍රියානු ජාතික නීතිඥ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානි වොල්කර් ටර්ක් විසින් එම කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ආරම්භ වන හෙට දිනයේ (සැප්තැම්බර් 8) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත. එම වාර්තාව දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවට එරෙහිවය. නිල වශයෙන් හෙට ඉදිරිපත් කිරීමට නියමිත එම වාර්තාව ශ්‍රී ලංකා රජය සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්වවලට දැනටමත් ලැබී ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඒකපාර්ශ්වික ප්‍රවේශය සහ ශ්‍රී ලංකා රජයේ (2009 සිට අද වනතුරු සියලුම ආණ්ඩු) සාමූහික අසාර්ථකත්වය එම වාර්තාව හෙළිදරව් කරයි. පිටු 16 ක එම වාර්තාවේ නිගමනයන් සහ නිර්දේශ නැවත නැවතත් අවධාරණය කරන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් කිසිසේත්ම සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඒ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා සම්බන්ධයෙන් බටහිර න්‍යාය පත්‍රය අකුරක් නෑර අනුගමනය කරන බැවිනි.

රටම ව්‍යාකුල කළ අරගලයෙන් පසුව ඇතිවූ දේශපාලන වාතාවරණය ජිනීවා ක්‍රියාවලියට බලපාන ආකාරය සැප්තැම්බර් 8 වැනි දින සැසිවාරය තුළින් පිළිබිඹු වනු ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය 2009 දී විනාශ කළේ කළේ ඉන්දියාව 80 දශකයේ ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කළ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී ව්‍යාපාරයක් බව සහමුලින්ම අමතක කර ඇති එම වාර්තාව 1987-1990 කාලය තුළ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල යෙදවූ ඉන්දීය හමුදාව සහ දෙමළ ත්‍රස්තවාදීන් අතර යුද්ධය සඳහන් කිරීමෙන් සිතාමතා වැළකී ඇත. ශ්‍රී ලංකා මෙහෙයුමේදී ඉන්දීය හමුදාව ජීවිත 1,500 ආසන්න ප්‍රමාණයක් අහිමි කර ගැනීම තුළ නවදිල්ලිය ස්ථාපිත කළ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ දරුණු බව තේරුම් ගත හැකිය. බත්තරමුල්ලේ ස්ථාපිත කර ඇති ඉන්දීය හමුදා ස්මාරකය ලෝකයට අවධාරණය කරන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ කළ මැදිහත්වීමයි. නමුත් භූමියේ තත්ත්වය ඇති සැටියෙන් දැකීමට ශ්‍රී ලංකා දේශපාලන නායකත්වයට ශක්තියක් නැත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ද අන්ධය.

ශ්‍රී ලංකාව 2006 අගෝස්තු මාසයේදී තීරණාත්මක ඒකාබද්ධ යුද මෙහෙයුමක් දියත් කළේ කොටි ත්‍රස්තවාදී සංවිධානය හතරවන ඊළාම් යුද්ධය ආරම්භ කිරීමට ප්‍රතිචාරයක් ලෙසිනි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව එම තත්ත්වය අවධාරණය කළ යුතු නොවේද? කොටි සංවිධානය අවසන් යුද්ධය ආරම්භ කළේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නායකත්වය දුන් දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ ආශීර්වාදය ඇතිවය. දෙමළ කතා කරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙසය. රාජ්‍ය නොවන සංවිධානය ජාලය සහ ප්‍රබල මාධ්‍ය අනුග්‍රහයක් ත්‍රස්තවාදීන්ට තිබිණි.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නායකත්වය දුන් දෙමළ ජාතික සන්ධානය කොටි සංවිධානය සමග අත්වැල් බැඳ ගනු ලැබූ අවස්ථාවේ දී එම සන්ධානය පාර්ලිමේන්තුව නියෝජනය කළ බව අපට අමතක කළ නොහැක. නමුත් කිසිදු ආණ්ඩුවක් එදා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මුහුණ දුන් තර්ජනය නිල වශයෙන් ජිනීවා කවුන්සිලයට ඉදිරිපත් කර නැත. වර්තමාන රජය කරන්නේ ද නැත.

එදා ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය (එජාප) යුද හමුදාව දැඩි සමච්චලයට ලක් කළේය. එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ අනෙකුත් ප්‍රබලයින් වූ රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ මංගල සමරවීර ඍජුව ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ප්‍රකාශ කළේය. ආරක්ෂක හමුදාවන්ට අවමං කළේය.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී තීරණාත්මක දේශපාලන ශක්තියක් එදා මහින්ද රාජපක්ෂ රජයට ලබාදුන් එජාප කැරලිකාර කණ්ඩායමේ නායක කරු ජයසූරිය එජාප නියෝජ්‍ය නායකයා ලෙස 2008 දෙසැම්බර් දෙවන සතියේ නැවතත් පක්ෂයට පැමිණීම අදටත් එක්තරා ආකාරයක අභිරහසකි. ආරක්ෂක හමුදා විසින් කිලිනොච්චිය අත්පත් කර ගැනීමට සති කීපයකට පෙර කරු ජයසූරිය අමාත්‍ය ධුරය අත හැරීම අවධාරණය කළේ එක්තරා ආකාරයකට ආරක්ෂක හමුදා මෙහෙයුම පිළිබඳව සැක පළකිරීමක් නොවේද? කරු ජයසූරිය පැත්ත මාරු කර මාස හයක් යනවිට කොටි සංවිධානය සුන්බුන් ගොඩක් බවට පත්විය. එදා කරු ජයසූරිය අමාත්‍යවරයාව නොමග යැවුවේ කවුරුද?

කෙටියෙන් කිවහොත් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට එල්ල කළ අභියෝගය හමුදාමය ක්‍රියාමාර්ගයක් තුළ 2009 මැයි පරාජය කළත් අප රටට එරෙහි හිටපු සහ ‘දෙමළ ඩයස්පෝරා’ ව්‍යාපෘතිය බටහිර දේශපාලන බලවේග තමන් සතු කර ගෙන ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාත්මක කරන්නේ එම ව්‍යාපෘතියයි. ඒ බටහිර ආණ්ඩු වෙන් වෙන් වශයෙන් සාමුහික ක්‍රියාදාමයක් තුළ ශ්‍රී ලංකාව ඉලක්ක කර ගෙන ඇති / ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සමූහයට අමතරව ය. සමස්ත ක්‍රියා මාර්ගයේ අරමුණ බටහිරට කීකරු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමයි. තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැත.

මානව හිමිකම් කවුන්සිලය එදා යහපාලන ආණ්ඩුව සමග කළ ගනුදෙනුව තුළ රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඍජුව සම්බන්ධ වී තිබිණි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නායකත්වය දුන් එම කටයුත්තට මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂය ද සම්බන්ධ වී තිබිණි. කෙටියෙන් කිවහොත් නව ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමට සිරිසේන-වික්‍රමසිංහ රජය මාර්ග සිතියමක් පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය සමග එකඟතාවයකට පැමිණි සිටිය බව රහසක් නොවේ.

ශ්‍රී ලංකාවට එරෙහි එක්සත් ජාතීන්ගේ මාර්ග සිතියම දරුස්මාන් වාර්තාව ලෙස 2011 මාර්තු 31 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්විය. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරය (2007 සිට 2016 දක්වා) දැරූ දකුණු කොරියානු ජාතික බෑන් කි මූන් පත් කළ තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් එම කටයුත්ත එක්සත් ජාතීන්ට අවශ්‍ය ආකාරයට කළේය. එම වාර්තාවේ කර්තෘවරුන් වූයේ ඉන්දුනීසියානු දේශපාලනඥයකු වූ මාර්සුකී දරුස්මාන් (1999 සිට 2001 දක්වා ඉන්දුනීසියාවේ නීතිපති), දකුණු අප්‍රිකානු ජාතික යැස්මින් සුකා (බටහිර අරමුදල් ලැබූ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානි) සහ ඇමෙරිකානු ජාතික නීතිඥ ස්ටීවන් ආර්. රැට්නර් (ශ්‍රී ලංකාවට කවදත් එරෙහි හියුමන් රයිට්ස් වොච් නමැති සංවිධානයේ සාමාජික) බව මතක් කර දිය යුතුය.

ශ්‍රී ලංකාව ජිනීවා උගුලේ පැටලවූ බෑන් කි මූන් 2023 පෙබරවාරි මාසයේදී බංකොලොත් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර වික්‍රමසිංහ-රාජපක්ෂ රජය ඔහුට මැති සබයේ ගෞරවය පුද කළේය. ශ්‍රී ලංකාව දැඩි අපකීර්තියකට පත්කළ දරුස්මන් වාර්තාව බෑන් කි මූන් ගේ හපන්කමක් බව ලැජ්ජා නැති රාජපක්ෂ-වික්‍රමසිංහ ආණ්ඩුව අමතක කර දැමීය.

දරුස්මාන් වාර්තාව මත ගොඩනැඟූ ශ්‍රී ලංකාවට එරෙහි දුෂ්ට ක්‍රියාදාමයේ නවතම කොටස ජිනීවා කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ආරම්භයේදීම ප්‍රකාශයට පත්වීමට නියමිතය. සමස්ත ක්‍රියාදාමය දේශපාලනිකය. ජිනීවා කවුන්සිලය සැබෑවට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඊශ්‍රායලය දැනට සිදු කරන පලස්තීන ජන සංහාරයට එරෙහිව කුමක් කළ යුතුද? ශ්‍රී ලංකාවට එරෙහිව අවි අමෝරා ගෙන සිටින ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව ගාසා ජන සංහාරය දකින්නේ නැත. ගාසා ජන සංහාරයට අවශ්‍ය ආර්ථික සහ දේශපාලන රැකවරණය යුදෙව් රාජ්‍යයට නොඅඩුව සපයන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අසූචි වළක් ලෙස හැඳින්වූ ඇමෙරිකාවයි.

ශ්‍රී ලංකාවේ ලේ වැගිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ වගකීම සහ වගවීම නොසලකා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාව හරහා සම්මත වූ ‘ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය’ තවදුරටත් ඉදිරියට ගෙනගිය හැකිද? සැබවින්ම මතු කළ යුතු මතභේදාත්මක ප්‍රශ්නය එයයි. මානව හිමිකම් කවුන්සිලය මීට පෙර වසරවල ඉදිරිපත් කළ වාර්තා මෙන්ම මෙවර වාර්තාව ද ඉන්දියාව සම්බන්ධයෙන් නිහඬය. ශ්‍රී ලංකාව විනාශ කළ ත්‍රස්තවාදයේ දෙමව්පියන් ඉන්දියාව බව අවධාරණය කළ යුතුය. ලෝකය කොන්දේසි විරහිතව ත්‍රස්තවාදයට එරෙහි විය යුතු බව පවසන නරේන්ද්‍ර මෝඩි රජයට ඉන්දියාව ශ්‍රී ලංකාවට කළ අසාධාරණය මතක් කර යුතුය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දුසිම් ගණනින් ඉන්දියාවට ගෙන ගොස් සන්තෝෂ කිරීමෙන් රටට වාසියක් නැත.

සෑම රජයක්ම ‘ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය’ ප්‍රතික්ෂේප කර ඇත. ජවිපෙ/ ජාතික ජනබලවේගය (ජාජබ) රජය ද එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. එලෙසෙම වගවීම සම්බන්ධයෙන් ජිනීවා යෝජනා ද ප්‍රතික්ෂේප කර ඇත. නමුත් අධිකරණමය ක්‍රියාමාර්ගයක් තුළ විමර්ෂණයට භාජනය නොවූ චෝදනා මත ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට එරෙහි ව්‍යාපෘතිය ව්‍යර්ථ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු රජයක් අවංක උත්සාහයක් ගත්තේ නැත. වර්තමාන රජයට එවැනි උනන්දුවක් තිබෙන බව නොපෙනේ. මීට පෙර රජයන් මෙන් ‘ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය’ ප්‍රතික්ෂේප කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.

ශ්‍රී ලංකාවට එරෙහි මෙහෙයුමට සාර්ථකව මුහුණ දිය හැකි බව පළමුවෙන්ම අවධාරණය වූයේ දරුස්මාන් වාර්තාව ඉදිරිපත් කර මාස දෙකකට පසුවය. ඒ 2011 මැයි අග-ජුනි කොළඹ පැවැති පළමුවන ආරක්ෂක සමුළුවේදීය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ත්‍රස්තවාදය නැසීමට සටන් කිරීමට ඉන්දියානු හමුදාවට සිදුවිය. ඒ හමුදාවේ ඉහළ නිලධාරියකු වූ මේජර් ජෙනරාල් අශෝක් මේතා ගලදාරි හෝටලයේ පැවැත්වූ තුන්දින කොළඹ ආරක්ෂක සමුළුවේ ආරම්භක දිනයේදී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට යුද අපරාධ සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ එවකට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත්ය. එම නිලධාරියා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අණ දුන් 58 සේනාංකයට එල්ල වී තිබූ යටත් වන පුද්ගලයින් ඝාතනය කිරීමේ චෝදනාව (සුදු කොඩි නඩුව) සහ අනෙකුත් යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ඇමෙරිකානු නිලධාරියා කළ මැදිහත්වීම සියලු දෙනා මවිතයට පත් කළේය. එම පුවත ඊට පසුදින වාර්තා කළේ The Island පුවත්පතට මෙම ලියුම්කරු පමණි. එම අවස්ථාවට සහභාගි වීමට මෙම ලියුම්කරුට අවස්ථාව සලසා දීම තුළ එම හෙළිදරව්ව කිරීමට හැකි විය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත් එම සමුළුවේදී නියෝජනය කළේ ඇමෙරිකාව නොවන බව ප්‍රකාශ කළේය. ඒ දිනපතා වොෂින්ටනයේ පැවැත්වෙන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවේදීය.

මහින්ද රාජපක්ෂ රජය එම ප්‍රකාශය නොසලකා හැරියේය. එවකට හමුදාපති වූ ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය ද මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතුය. වර්ධනය වෙමින් පැවති ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දීමට අත්තිවාරමක් විය හැකිව තිබූ එම ප්‍රකාශය ත්‍රස්තවාදය පරාජය කළ රජය අමතක කර දැමීය. ඒ වෙනුවට වංචනික ඇමෙරිකානු ජාතිකයකුට ඩොලර් මිලියන හයකට වඩා වැඩි මුදලක් ලබා දුන්නේ රටේ ප්‍රතිරූපය සෑදීමට ය. එය වෙනමම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි.

කොළඹ ආරක්ෂක සමුළුවේදී ඇමෙරිකාව කළ ප්‍රකාශය ඍජුව තහවුරු වන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් 2017 ඔක්තෝබර් මාසයේදී නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ දී කළේය. ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත් මෙන්ම හතර වන ඊළාම් යුද්ධය සිදුවන අවස්ථාවේදී කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ ලුතිනන් කර්නල් ඇන්තනි ගැෂ් 2009 ජනවාරි – මැයි යන කාලය තුළ ලන්ඩනයට යැවූ රහස්‍ය ලිපි පදනම් කර නේස්බි සාමිවරයා කළ ප්‍රකාශය දරුස්මාන් වාර්තාවට මරු පහරක් එල්ල කළේය. එම වාර්තාවේ ප්‍රධානතම චෝදනාව වූ 40,000 කට අධික සිවිල් වැසියන් ඝාතනය කිරීම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් අභියෝගයට ලක් කර තිබිණි.

මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුතු කරුණක් ඇත. ශ්‍රී ලංකාවේ වගකීම සහ වගවීම පිළිබඳව තීරණාත්මක සාධකයක් වන මෙම කරුණු නේස්බි සාමිවරයා මතුකර ගනු ලැබුවේ මහා බ්‍රිතාන්‍යයේ තොරතුරු දැන ගැනීමේ පනත පාවිච්චි කිරීමෙනි. නමුත් බ්‍රිතාන්‍ය රජය නොයෙකුත් හේතු දක්වමින් සමස්ත ක්‍රියාදාමය පරක්කු කිරීම හේතුවෙන් දැඩි වාරණයට ලක් කරන ලද එම රහස්‍ය ලිපි නේස්බි සාමිවරයා අතට පත් වන්නේ 2017 අග භාගයේදීය. එතුමා තොරතුරු දැන ගැනීම පනත යටතේ අදාළ ඉල්ලීම කර තිබුණේ 2014 වසරේදීය. රාජ්‍ය මැදිහත්වීම තුළ අවහිර කිරීමක් සිදු නොවුණා නම් 2015 ඔක්තෝබර් 1 වැනි දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ද සම දායකත්වය ඇතිව සම්මත කර ගත් ඇමෙරිකානු යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර නේස්බි සාමිවරයාට සත්‍යය හෙළිදරව් කිරීමට අවස්ථාවක් තිබිණි. බෙදුම්වාදී දෙමළ බලවේග නළවන බ්‍රිතාන්‍ය රජය තොරතුරු සැඟවීමට උත්සාහ කළ හේතුව අමුතුවෙන් කිව යුතු නැත.

නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව ශ්‍රී ලංකාවේ වාසියට යොදා ගැනීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් මෙම ලියුම්කරු යහපාලන සමයේ විදේශ අමාත්‍යාංශයෙන් විමසූ විට ඊට ලැබුණේ පුදුමාකාර උත්තරයකි. බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේදී කළ ප්‍රකාශය වැදගත් නොවන බව විදේශ අමාත්‍යාංශය අවධාරණය කළේය. ඒ 2017 ඔක්තෝබර් මාසයේ තුන්වන සතියේය. යහපාලන විදේශ අමාත්‍යාංශය පෙනී සිටියේ කවුරු වෙනුවෙන් ද යන ප්‍රශ්නයට පිළිතුර නොදන්නා කෙනෙක් නැත.

මාධ්‍ය එල්ල කළ දැඩි දෝෂාරෝපණය පසුබිමේ යහපාලන ආණ්ඩුවට නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සඳහන් කිරීමට සිදුවිය. හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන විදේශ අමාත්‍යවරයා ලෙස එම ප්‍රකාශය ජිනීවාහිදී කළේය. ආණ්ඩුවේ ප්‍රතිචාරය ප්‍රකාශයකට සීමා විය. ජිනීවා ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක විය.

අතිශය තීරණාත්මක 2019 ජනාධිපතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ ජිනීවා ක්‍රියාවලියෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළේය. එය නිල වශයෙන් ප්‍රකාශ කළේ 2020 පෙබරවාරි/මාර්තු පැවැත්වූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දීය. ශ්‍රී ලංකාවේ සම දායකත්වයෙන් 2015 ඔක්තෝබර් 1 දින ප්‍රකාශයට පත් කළ යෝජනාවෙන් ඉවත් වූ බවට කළ ප්‍රකාශය හුදු ඇස්බැන්දුමක් පමණි. ජිනීවා ක්‍රියාවලිය නොනැවතී ඉදිරියට ගමන් කළේය. ජිනීවා කවුන්සිලයේ හෙට ඉදිරිපත් කරන වාර්තාව අවධාරණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ රජය වෙනුවෙන් එවකට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනීවාහි දී කළ ප්‍රකාශය වෙනසක් කර නැති බවයි.

ශ්‍රී ලංකාව තුළ ඇති දේශපාලන ව්‍යාකූලත්වය බටහිර බලවේග උපරිම ලෙස අප රටට එරෙහි මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමට පාවිච්චි කරන බව නොරහසකි. එම ව්‍යාපාරය අතිශයින්ම බලවත්ය. ඊට සම්පත් ඇත. ඒවා ව්‍යාපෘතිය තුළ ශ්‍රී ලංකා අභිමානයට නොනවත්වා පහර දීම සිදුවේ. ඊට දිය හැකි අපූරු උදාහරණයක් ඇත. දරුස්මාන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට තීරණාත්මක කාර්යක් කළ යැස්මින් සුකා නායකත්වය දෙන දකුණු අප්‍රිකාවේ ස්ථානගතවී ඇති රාජ්‍ය නොවන සංවිධානයක් කළ බලපෑම් මත අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ මතක සටහන් (The Turning Point( The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism) අලෙවි කිරීම මහා බ්‍රිතාන්‍යයේ ඇමේසන් ආයතනය (UK Amazon) එම පොතේ මුද්‍රණය ඉන්දියාවේ පෙන්ගුයින් (Penguin Random House) ප්‍රකාශකයන් නැවැත්වූ බවයි.

සුකා අද්මිරාල් කරන්නාගොඩට එරෙහිව නිශ්චිත ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ මහා බ්‍රිතාන්‍ය පසුගිය මාර්තු මාසයේදී කරන්නාගොඩ, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය සහ කොටි කැරලිකරු කරුණා අම්මාන් යුද අපරාධකරුවන් ලෙස නම් කිරීම අවියක් කර ගනිමිනි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ තෙවරක් මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කළේය. අවසන් සංචාරයේදී රුපියල් මිලියන 16.6 දින දෙකකට වියදම් කර නඩුවක් පටලවා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා දේශපාලනය නව පැත්තකට යොමු කර ඇති එංගලන්ත සංචාරය නිසාය.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

දිවයින

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.