රටේ දේශපාලන බලවේග හෝ කණ්ඩායම් එකට හිටගෙන එකම දිශානතියකින් වැඩ කරපු අවස්ථාවන්...
හැමතැනම පෝස්ට්ස් දැක්කා මේ අවස්ථාවෙ එකට එකතු වුනාට කවදාවත් දේශපාලන බලවේග එකම අරමුණක් වෙනුවෙන් එකතුවෙලා නෑ කියලා.
පහල තියෙන්නෙ රටේ දේශපාලන බලවේග හෝ කණ්ඩායම, එකට එකතු වෙලා හෝ එකට හිටගෙන හෝ එකම දිශානතියකින් වැඩ කරපු අවස්ථාවන්...
1. වර්ෂ 1987 දී ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) පළවා හැරීමට ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය, දෙමළ කොටි සංවිධානය කෙලින්ම ඉන්දීය හමුදාවට ප්‍රහාර එල්ල කරමින් ද, නිළ නොවන වශයෙන් ත්‍රස්තවාදීන්ට අවි සපයමින් එක්සත් ජාතික පක්ෂ රජය ද ක්‍රියාකල බව පැවසේ.
2. රනිල් වික්‍රමසිංහ සහ එරික් සෝල්හයිම් ගේ 2002 ඊනියා සාම ගිවිසුම හරහා රට දෙකඩ කිරීම වැලැක්වීමට පොදුජන එක්සත් පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එක්වී රනිල් වික්‍රමසිංහ රජය පරාජයට පත් කලහ.
3. වර්ෂ 2004 සුනාමියේදී සියලු දේශපාලන පක්ෂ ඉතිහාසයේ ප්‍රථම වරට එකට එක්ව ක්‍රියාකල අතර දෙමළ කොටි සංවිධානය විසින් ද ඒක පාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශ කරන ලදී. එවකට ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධව ක්‍රියාකල කරාපිටිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය හා (මම කරාපිටියේ ශිෂ්‍යයෙකු නොවූවද) කොළඹ සිට ගොස් වෛද්‍ය ශිෂ්‍යයෙකූ ලෙස මම ද එක් වී සහන කටයුතු වලට සක්‍රීය ලෙස දායක වූයෙමි.
4. වර්ෂ 2008 දී දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කරන සටන නවතන්නට පවා හේතු විය හැකි ලෙස මහින්ද රාජපක්ෂ රජය පෙරලන්න්ට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක් විය. නමුත් එම පක්ෂ දෙකේම සමහර මන්ත්‍රීවරු ඊට එරෙහිව මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට ඔහු හා එක්වූයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවිය. මගේ මතකය අනුව ජනතා විමුක්ති පෙරමුණේ රිදී සීනුව ලෙස එවකට ඔවුන් සැලකූ විමල් වීරවංශගේ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය ගේ වෙන්වීම් සිදූවීයේ මේ වකවානුවේ දිය. වර්ෂ 2008 ජනවාරි මම ද නාවික හමුදා නිළධාරියෙකු ලෙස සිව්වන සහ විජයග්‍රාහී සිව්වන ඊළාම් යුද්දයට දායක වීමේ ගෞරවනීය අවස්ථාව ලබා ගතිමි.
5. වර්ෂ 2015 දී මහින්ද රාජපක්ෂගේ රජය පෙරලීමට ජනතා විමුක්ති පෙරමුණ වක්‍රාකාරයෙන් එක්සත් ජාතික පක්ෂය හා එක්විය.
6. වර්ෂ 2018 දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තනතුරට පත්කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ සක්‍රීය ලෙස එකසත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කළේය.
7. වර්ෂ 2021 දී කොරෝනා වසංගතය ආරම්භවූ විට රට වසා දමන්නට රජයට බල කරමින් ආර්ථික අර්බුධ ඇතිකිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය එකට එක්විය. මේ දීර්ඝකාලීන රට වසා තැබීම රටේ ආර්ථිකයට මරු පහරක් වූ අතර ඒ සඳහා රැකියාවට නොයා ගෙදර නිදාගෙන වැටුප් ලබා ගැනීමට රහ වැටී උන් රාජ්‍ය සේවකයෝ ද මේ දේශපාලන පක්ෂ හා එක් වූහ. මේ සමයේ මම ජාතික රෝහලේ සේවය කරමින් කොරෝනා රෝග පාලනයට සක්‍රීයව දායක වුනෙමි.
8. වර්ෂ 2022 දී ගෝඨාභය රාජපක්ෂ ගේ රජය පෙරලීම සඳහා කල කුමන්ත්‍රණයේදී එය ආරම්භ කල අවස්ථාවේ එය හෙලා දකිමින් එයට එරෙහිව කටයුතු කල ජනතා විමුක්ති පෙරමුණ, පසුව කුමන්ත්‍රණය සාර්ථක වන බව වටහා ගැනීමෙන් පසු, ජාතික හරිත පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය හා එක්ව ඊට සහභාගී වී කුමන්ත්‍රණය සාර්ථක වූ පසු එය තමන්ගේ වික්‍රමයක් ලෙස විදහා පාමින් අනෙකුත් පක්ෂ සූක්ෂමව පසෙකට කරන ලදී.
වෛද්‍ය කෝසල තෙන්නකෝන්
උපුටාගැනීම අවසන්...
පහළ වීඩියෝවේ යටත් විජිත මහතා උසේන් බෝල්ට් මෙන් දිව යන්නේ පාර්ලිමේන්තුවේ පැවති අවුරුදු උත්සවයක ධාවන තරඟයකට නොව රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම ආරක්ෂා කර දීම උදෙසායි. රනිල් වෙනුවෙන් ලේ පවා හැලූ අයෙක් ලෙස ඒ මහතා ඉතිහාසගත වී ඇත.
#සුහාරා
(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..