News Category
From Date
To Date
Maximum Number of Result

චාවේස්..

Aug 26, 2025 at 12:20 PM
|

අගෝස්තු 22 රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් කිරීමෙන් අනතුරුව සමහර දේශපාලකයන් මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූවා. එහිදී ඒ අය තුළ කියන දේ පැටලෙන බව​, අවිනිශ්චිත බව කියන දේ පෙනෙන්නම තිබුණා.

අර්බුදකාරී අවස්ථාවක චකිතය​, අවිනිශ්චිතභාවය​, පැටලීම කියන්නෙ දේශපාලන නායකයෙක් විනාශ කරන්න ප්‍රමාණවත් කරුණු විය හැකියි. ඒ වගේම ඒ වගේ වෙලාවක නිශ්චිතව, පැහැදිලිව කරුණු දක්වනවා නම් ඒකෙන් ලකුණුත් ලැබෙනවා.

එදා ඒ දේශපාලකයන්ගෙ, විශේෂයෙන්ම නාමල් රාජපක්ෂගෙ ප්‍රතිචාරය දුටුවාම​, මට සිහියට ආවෙ 1992 පෙබරවාරි 4 වෙනිදා ඌගෝ චාවේස් කරපු කතාව​.

දේශපාලකයකුට කැමති වීම හෝ අකමැති වීම ගැන මට යමක් කියන්න බැහැ. නමුත් ඌගෝ චාවේස් එක්ක බලද්දි ලංකාවෙ බොහොම දේශපාලකයන්ට මේ කියන කාරණේදි ලකුණු දෙන්න බැහැ.

පහළින් තියෙන්නෙ ඒ ගැන ඉස්සර ලිව්ව සටහනක්:

1992 පෙබරවාරි 3 වනදා නින්දට ගිය වෙනෙසුවෙලා වැසියන් ඊළඟ දිනයේ පිබිදුණේ බලාපොරොත්තු නොවූ සිද්ධියක් දැකීමටය. 4 වනදාට එළිවන පාන්දර, තරුණ හමුදා නිලධාරියකු විසින් රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් දියත් කොට තිබුණි. ජනාධිපති කාලෝස් අන්ද්‍රේස් පෙරේස්ගේ ආණ්ඩුවට කුමන්ත්‍රණයක් පිළිබඳ යම් යම් තොරතුරු ලැබී තිබුණද, හරියටම විස්තරය කුමක්ද යයි කලින් අවබෝධ වී නොතිබිණ.

මෙම කුමන්ත්‍රණයේ නායකත්වය ගත්තේ එතෙක් කල් වෙනෙසුවෙලාවේ අප්‍රකට චරිතයක් වූ, පැරෂුට් බලකායේ නිලධාරියෙකි. ඔහු ලුතිනන් කර්නල් ඌගෝ චාවේස් නම් විය. ඔහුගේ වීරයා වූයේ දකුණු ඇමරිකාවේ "විමුක්තිදායකයා" හෙවත් සයිමන් බොලිවාර් ය. බොලිවාර් බලාපොරොත්තු වූ ආකාරයේ එක්සත් සමාජයක් ඇති කිරීම චාවේස්ගේ බලාපොරොත්තුව විය.

හමුදා කුමන්ත්‍රණයේ මූලික කරුණු 3 වනදා රාත්‍රිය වන විට සැකසී තිබුන අතර රාත්‍රී 12 ට මඳක් කලින් එම කටයුතු ක්‍රියාවට නැගිණ. ඇතැම් ප්‍රදේශ කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා කණ්ඩායම් විසින් සිය පාලනයට ගත්තේ වී නමුදු, වඩා වැදගත් වූ කරාකස් අගනුවර කුමන්ත්‍රණය බලාපොරොත්තු වූ පරිදි සාර්ථක නොවිය. හිමිදිරියේ ජනපති කාලෝස් අන්ද්‍රේස් පෙරේස් ජාතිය අමතමින් කුමන්ත්‍රණයක් දියත් කර ඇති නමුත් තත්ත්වය පාලනය කර ඇති බව ප්‍රකාශ කළේය. මේ අතර චාවේස්ගේද මිතුරකු වූ රෆායල් සැන්ටෙලිස් මැදිහත්කරුවකු ලෙස යොදාගනිමින් චාවේස්ට යටත් වන ලෙස රජය දන්වා සිටියේය. සිය බලාපොරොත්තු සුන් වූ චාවේස් තමා රැඳී සිටින ස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට කෙරුණ තර්ජනයද සලකා යටත් වීමට තීරණය කළේය. උදෑසන 7 කණිසම ළඟාවූ කළ චාවේස් යටත් විය.

උදෑසන 10 වනවිට චාවේස් ආරක්ෂක අමාත්‍යාංශය වෙත රැගෙන යන ලදී. ඔහු සමඟ ඔහුගේ මිත්‍රයා, සැන්ටෙලිස් ද විය. එහිදී ඔහු දැනගත්තේ පිට පලාත්වල තමන්ගේ බොහෝ සගයින් යටත් වූ නමුත් ඇතැමුන් තවමත් සටන් මෙහෙයවන බවයි. වෙසෙසින්ම අරගුවා ප්‍රාන්තයේ මැරකේ (Maracay) නගරයේ කැරලි නායකයා වූ ජීසස් හර්නැන්ඩෙස් උර්ඩනේටා දිගටම සටන් කරමින් සිටියේය. ආරක්ෂක අංශ සිටියේ මරකේ නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ සිතමිනි.

තමා මැරකේ නගරයේ සිය අනුගාමිකයනට ඍජුවම අමතා යටත් වන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව චාවේස් විසින් ඉදිරිපත් කෙරුනේ මේ අවස්ථාවේය. නමුත් මැරකේ නගරයට වූ දුරකථන මාර්ග විසන්ධි වී තිබිණ. එවිට චාවේස් ගුවන්විදුලිය ඔස්සේ ඔවුන් ඇමතීමට යෝජනා කළේය. ඔහුගේ පෙර පිනකට මෙන් රූපවාහිනිය වඩා සුදුසු බවට එහි හුන් හමුදා නිලධාරීන් අතුරින් අදහසක් යොමු විය. ආරක්ෂක ඇමතිවරයා වූ ඔචොආ ඇන්ටිච් (Ochoa Antich) ද එම අදහසෙහි වරදක් දුටුවේ නැත. ඔහු ජනපති පෙරේස් අමතා ඒ සඳහා අවසර පැතීය. පෙරේස් නියෝග කලේ චාවේස්ට මාංචු දමා සිරකරුවකු ලෙස ඉදිරිපත් කිරීමටත්, ඔහුගේ කතාව කලින් ලියාගනීමටත් ය. නමුත්, චාවේස් ඒ එකදු කොන්දේසියකට හෝ එකඟ වූයේ නොවේ. පරාජිත හැඟීමෙන් ඔහු දැඩි ලෙස පීඩා වින්ද නමුත් ඒ බව පෙන්වීමට ඔහුට අවශ්‍ය නොවීය. ජාතිය ඉදිරියේ පෙනී සිටීමට ලැබෙන මේ අවස්ථාවේ ඔහු හැකි තරම් ගාම්භීර ලෙස ජනතාව අබියස පෙනී සිටීමට අදිටන් කරගත්තේය.

මතුව තිබුන තත්ත්වයෙහි බැරෑරුම්කම සළකා ආරක්ෂක අංශ ඔහුගේ ඉල්ලීමට එකඟ වූහ.

මුහුණ කට සෝදාගත් චාවේස්, සිය නිල ඇඳුමද මනාව සකසාගෙන පැරෂුට් භටයන්ගේ රතු පැහැති බෙරේ තොප්පියක් ලා ගත්තේය. ඉන්පසු, නියම හමුදා නිලධාරියකු සේ ගාම්භීර ලීලාවෙන් රූපවාහිනී කැමරා ඉදිරියේ පෙනී සිටියේය. මීළඟ තත්පර 72 ක කාලය ඔහු වැය කලේ ජීවිතයේ ඔහු කල වැදගත්ම කතාවටය.

"පළමුවෙන්ම සියලු වෙනෙසුවෙලා වැසියන්ට සුබ උදෑසනක් වේවා! කියා ප්‍රාර්ථනා කිරීමට මම කැමතියි. මේ බොලිවාරියානු පණිවිඩය අරගුවා හි සිටින සියලු පැරෂුට් භටයන් සහ වැලෙන්සියාවේ යුධ ටැංකි භටයන් වෙතයි. සහෝදරවරුනි, අවාසනාවන්ත ලෙස, අගනුවර රැඳී සිටි අපට මේ වතාවේ අපේ අරමුණු ඉටු කරගන්නට ලැබුනේ නැහැ. එනම්, අපට කරාකස් නගරයේදී බලය අල්ලාගන්නට ලැබුනේ නැහැ. ඔබ කොහි සිටියත්, ඉතාමත් හොඳින් ඔබේ කාර්යභාරය ඉටු කළා. දැන් ආපසු හැරී බලන්නට සුදුසු කාලය එළඹී තිබෙනවා. අපේ දේශය අනිවාර්යයෙන්ම මීට වඩා යහපත් තැනක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා අලුත් අවස්ථා එළඹෙනු ඇති.

ඒ නිසා, දැන් මා කියන දේ හොඳින් අසන්න. මේ පණිවිඩය ඔබට දෙන කමන්ඩන්ටේ චාවේස්ගේ හඬට ඇහුම්කන් දෙන්න. කරුණාකරලා, යලි සිතා බලා, අවි බිම තබන්න. මොකද, අගනුවරදී අපට රාජ්‍ය බලය අල්ලා ගැනීමට නොහැකි වූ නිසාත් ඊට අවස්ථාවක් නොමැති නිසාත්. සහෝදරවරුනි, ඔබ වෙත එන මේ සහයෝගීතාවයේ පණිවිඩය අසන්න. මා ඔබේ පක්ෂපාතීත්වයටත්, නිර්භීතභාවයටත්, නොමසුරු ආධාරයටත් සදා ණය ගැතියි. දේශය සහ ඔබ අබියස මා මේ බොලිවාරියානු ව්‍යාපාරය සඳහා පූර්ණ වගකීම භාර ගන්නවා. බොහොම ස්තූතියි!"

තමන් මවිතයට පත් කල කුමන්ත්‍රණයේ නායකයා, තමන් ඉදිරියේ බොහෝ ගාම්භීර ආකාරයෙන් පෙනී හිඳිමින්, කුමන්ත්‍රණයේ අසාර්ථකත්වය පිලිබඳ වගකීම භාර ගනු දුටු වෙනෙසුවෙලා වැසියෝ පුදුමයෙන් ගල් ගැසුනහ. රටේ බොහෝ දේ හරි ආකාරව සිදු නොවෙද්දී පවා, තමන් අතින් වූ වරදකට වගකීම භාරගත් දේශපාලකයකු ඔවුන් ඉන් පෙර දැක තිබුනේ නැත. නමුත් එම පෙබරවාරි මස 4 වනදා උදෑසන ඔවුන් ඉදිරියේ පෙනී සිටි තරුණ හමුදා නිලධාරියා සිය අසාර්ථකත්වයට වගකීම භාරගත්තේ, තමා අනෙක් දේශපාලකයන්ට වඩා වෙනස් බව පසක් කරමිනි.

සාර්ථක කතාවක් කලද, චාවේස් සිටියේ දැඩි මානසික ආතතියකිනි. අසාර්ථක වූ කුමන්ත්‍රණයක් දියත් කොට, එහි අවසන රජයට යටත් වන ලෙස සිය සගයින්ගෙන් ඉලා සිටීමට සිදු වීම ඔහුගේ මනසට දැඩි පීඩනයක් විය. ඔහුගේ මිත්‍රයා සන්ටෙලිස් ඔහු සොයා ආවේ මෙවිටය.

"නියම කතාව මිත්‍රයා!" ඔහු කියා සිටියේය.

"මොන නියමක්ද? මම ඉල්ලා හිටියේ යටත් වෙන්න කියලා නේ."

"ඇයි එහෙම කියන්නේ. ඔබ කිව්වා, මේ වතාවේ (Por Ahora-ඉංග්‍රීසියෙන් "For now")කියලා"

තමා නොදැනීම චාවේස් විසින් එම වචන දෙක පිටව තිබිණ. "මේ වතාවේ" එනම්, තව වතාවක් එන බවට ඉඟියකි. ඒ වතාව උදා වූයේ 1998 ජනාධිපතිවරණයේ ය. එහිදී චාවේස්ගේ එක් සටන් පාඨයක් වූයේ මේ "Por Ahora" වචන දෙකයි. 1998 දෙසැම්බර් ජනාධිපතිවරණයෙන් 56.2% ඡන්ද ප්‍රතිශතයක් ලැබූ චාවේස් 1999 පෙබරවාරි 2 වනදා, එනම් සිය කුමන්ත්‍රණයේ සත්වන සංවත්සරයට දින දෙකකට පෙර, වෙනෙසුවෙලාවේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.