ඊයා අනුර!
ජනාධිපති ලේකම් තමන්ගේ නිල රථය බිරිඳට ලබා දී එය අහඹුවකින් අනතුරට ලක්වි දූෂිත භාවිතාව රටට හෙළිවන විට, විදුලිබල ඇමති තමන්ගේ තැරැව්කාර සමාගමට ටෙන්ඩරය ලබා දීමට මුළු ටෙන්ඩර් ක්‍රියාවලියම දූෂිත ලෙස වෙනස් කරන විට, කන්ටේනර් 343හේ වංචාව ගැන කිසිදු පරීක්ෂණයක් නොකරන විට, කැබිනට් ඇමතිවරයෙකුට සිතාසි එවූ විනිසුරු මාරුකර යවන විට, පොලිස් ලේකම්ට තිබෙන චෝදනා බලය යොදා නීති පොතෙන් ඉවත් කර ඔහු නීති ග්‍රහණයෙන් ගැලවෙන විට ආණ්ඩුව කියන්නේ සැමට නීතිය පොදු බවයි. මේ තරම් කුහක කතාවක් තවත් තිබේ ද?
වත්මන් ආණ්ඩුව මේ වන විටත් පාලනය සඳහා වන සුජාතභාවය අහිමි කරගෙන තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. විශේෂයෙන් ම ඔවුන් බලයට පැමිණියේ අන් සියලු ආණ්ඩුවලට වඩා බොහෝ ඉහළින් නීති සහ සදාචාර සීමාව තබා නිසා, මේ වන විටත් එල්ල වී ඇති චෝදනා හමුවේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුය. එහෙත් මෙවන් වංචනික කණ්ඩායමකින් අප එවැන්නක් අපේක්ෂා නොකරන අතර, අප මේ අමතන්නේ, මොවුන් විසින් වෛරයේ සතපවා සිය ඡන්දය මංකොල්ල කෑ සාමාන්‍ය ජනතාවටයි.
රනිල් වික්‍රමසිංහට එරෙහිව අපට අද ද බොහෝ චෝදනා තිබේ. යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ මහබැංකු වංචාව වැනි දේට අපි තාමත් එරෙහි ය. එහෙත් එම ආණ්ඩුව ගෙනාවේ සහ පවත්වාගෙන යෑමට ප්‍රමුඛම දායකත්වය ලබා දුන්නේ ජවිපෙ බව කිසිවෙකුට රහසක් නොවේ. එහෙත් එවක සුනිල් හඳුන්නෙත්තිගේ නායකත්වය සහිත පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ නිර්දේශය වූයේ රනිල් මහබැංකු වංචාවට වගකිව යුතු නොවන බවයි. දැන් ඔවුන් මරණයෙන් නැගිට මෙන් අපෙන් අසන්නේ, මහබැංකු හොරා හිරේ දැමීමට උබලා විරුද්ධ වන්නේ ඇයි ද කියාය.
පිළිතුර නම් රනිල්ව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහබැංකු වංචාව සඳහා නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් සිදුවීම වැනි සිදුවීම් වර්තමාන ජනාධිපතිවරයා මේ වන විටත් සිදු කර තිබේ. ඔහු තම මව බැලීමට අනුරාධපුර ගියේ සපුරා රජයේ මුදලිනි. එහි සමස්ත වියදම ගණනය කළහොත්- ආරක්ෂක-නවාතැන්-ප්‍රවාහන- එය ලක්ෂ 100 ඉක්මවනු ඇත. එවැනි තව ගමන් කීයක් නම් ජනාධිපති අනුර යෑමට ඇති ද?
අප මේ ප්‍රශ්න කරන්නේ, ජවිපේ ම තර්කයට අනුව යමින්ය. නීතිය සැමට එකම නම්, රනිල්ට ඇකැප දෙය අද ද අනුර විසින් ද කරමින් ඉන්නේ ඇයි ? ඊට නීතිය බාධාවක් නොවන්නේ ඇයි? ඒ මතු නොවේ, ජනාධිපති ලේකම්ගේ සිට- කැබිනට් ඇමතිවරු දක්වා ඉහත දූෂිත ක්‍රියා සහ ගණුදෙනුවලට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි ?
අප ඉතා පැහැදිලි ව කියා සිටින්නේ, මාලිමා ආණ්ඩුව විසින් ජනතාව අතර පංති වෛරය අවුළුවා මේවා වැඩිකල් පවත්වාගෙන යා නොහැකි බවයි.
අද මේ වන විට අනුරගේ මේ ක්‍රියාව ජාත්‍යන්තරයේ පවා දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ඉන්දියාවේ ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ප්‍රකාශ කර තිබුණේ විවාදාපන්න සුළු චෝදනා නගමින් හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන රඳවා තැබීම වැනි වෛරී ක්‍රියාවලින් වැළකෙන ලෙසය.
මේ සියල්ල මගින් පෙනී යන්නේ, ජනතාව පිට බදු පිට බදු අය කරමින්, ආර්ථික පරාසයේ කිසිදු කොටසකට කිසිදු සහනයක් නොදෙමින් ඔවුන්ව දක්වාගෙන යා හැකි දුර සීමිත ය. ආණ්ඩුවට වසරක් ගෙවෙන තැන වන විට ජනතාවගේ ඉවසීමේ සීමාව අද්දරටම දැන් ලඟා වී තිබේ. තාමත් ආණ්ඩුව සමග ඇත්තටම ඉන්නේ, මුදල් ගෙවා පවත්වාගෙන යන එහි මඩසේදුම් බලකාය පමණක් බව සමාජ මාධ්‍ය දෙස බලන විට පෙනේ. ඒ බව දැනී දැන් දැන් ඒ බිය ආණ්ඩුවට දැනී ඇති සෙයකි. එහෙත් ඊට විසඳුම අත්අඩංගුවට ගැනීම් වැනි නාටක හරහා තම කාඩරය වෙත ලබා දෙන තාවකාලික විනෝදය ලෙස දකින්නේ නම්, එය ලොකුම දේශපාලන වරදවා ගැනීමකි.
(-මහින්ද පතිරණගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..