News Category
From Date
To Date
Maximum Number of Result

සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයනයේ පුඤ්චිබණ්ඩාර සන්නස්ගල භූමිකාව..

Aug 13, 2025 at 05:37 PM
|

(මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල සූරීන්ගේ 110 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් කොළඹදී පැවති සමරු උත්සවයේදී කළ දෙසුම ඇසුරෙනි.)

පිරිවෙන් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලැබූ ශික්ෂණයක් සහිතව සිංහල සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණයේ යෙදුණු සාහිත්‍යධරයකු වශයෙන්ද දශක හයක පමණ කාලයක් මුළුල්ලේ අවසන් කිරීමට නොහැකිව තිබුණු සිංහල ශබ්දකෝෂ සම්පාදන ව්‍යාපෘතිය නිමා කිරීම වෙනුවෙන් නායකත්වය දුන් ශබ්දකෝෂ කර්තෘවරයකු වශයෙන්ද විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස සිංහල භාෂා සාහිත්‍ය කටයුතුවල ප්‍රවර්ධනය වෙනුවෙන් විශිෂ්ට ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටු කළ පඬිවරයකු වශයෙන්ද මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ඉටු කළ සේවාව පිළිබඳ සැකෙවි විවරණයක් සැපයීම අපගේ අරමුණයි.

1915 ජූනි මස 15 වැනි දා ඌව පළාතේ උඩුකිඳ පට්ටිපොළ කඳු පාමුල පිහිටි අඹේවෙල, අඹගස්දෝව නම් ගමේදී සත් දෙනකුන් යුත් පවුලක වැඩිමලා ලෙස ජන්ම ලාභය ලැබූ පුඤ්චිබණ්ඩාර සන්නස්ගල සිය පියාණන්ගේ සමීපතම ඥාතිවරයකු වූ මාදෝවිට ශ්‍රී ඤාණානන්ද හිමි වෙතින් අකුරු කියවීම ආරම්භ කොට, හපුතලේගම කදුරුගමුව ස්වභාෂා මිශ්‍ර පාඨශාලාවේ පස් වැනි පන්තිය දක්වා උගත්තේය. පසුව ඤාණානන්ද හිමිගේද අනුදැන්ම මත, එකල ප්‍රකට ප්‍රාචීන විද්‍යාස්ථානයක් වූ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනට 1931දී ඇතුළත් වී ලබුගම ලංකානන්ද මාහිමි බඳු වියත් යතිවරුන් ඇසුරේ පාලි, සංස්කෘත, සිංහල යන ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර හා බුදු දහම හැදැරීය.

තුරුණු වියේදීම සිංහල භාෂා ශාස්ත්‍ර විෂයයේ දස්කම් පෑ හේ විද්‍යාලංකාර පිරිවෙනින් සිංහල සාහිත්‍යාචාර්ය (1938) උපාධිය හා සාහිත්‍යශිරෝමණි (1939) උපාධියද ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් වෛද්‍යශේඛර ත්‍යාගයද දිනා ගනිමින් ‘රාජකීය පණ්ඩිත’ උපාධියද (1943) හිමි කරගත්තේය. ඒ රාජකීය පණ්ඩිත උපාධිය සඳහා ඔහු ඉදිරිපත් කළ සිංහල සාහිත්‍ය වංශකථාවේ නූතන අවස්ථාව (ක්‍රි.ව. 1600–1900) පිළිබඳ ග්‍රන්ථය පසුව පොතක් වශයෙන් පළ විය. එසේම, පාණදුර සාන්ත ජෝන් විදුහලින් වැඩිදුර අධ්‍යාපනය ලැබූ සන්නස්ගල විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ද සුදුසුකම් ලැබීය.

හපුතලේ, යහලබැද්ද වැනි ග්‍රාමයක හැදීවැඩුණද සිංහල අධ්‍යයන ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් ලැබූ සන්නස්ගල 1949දී කොළඹ පිහිටි ලංකා විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධිය දිනාගත්තේය. ස්වකීය පශ්චාද් උපාධි අධ්‍යයනය සඳහා සිංහල සම්භාව්‍ය සාහිත්‍යය තෝරාගත් සන්නස්ගල 1954දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (එම්.ඒ) උපාධිය හිමි කරගත්තේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ‘කාව්‍යශේඛරය’ පිළිබඳ සිදු කළ විචාරාත්මක සංස්කරණයක් වෙනුවෙනි. එසේම, 1960දී ලංකා විශ්වවිද්‍යාලයෙන්ම ආචාර්ය උපාධිය (පීඑච්.ඩී) හිමි කරගත්තේ ‘සද්ධර්මාලංකාරය’ පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක් වෙනුවෙනි. මෙලෙස පිරිවෙන් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ශික්ෂණයක් ලැබූ සන්නස්ගල ස්වකීය ශාස්ත්‍රීය උනන්දුව වඩාත් පළ කළේ සිංහල සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය වෙනුවෙනි.

1949දී එවකට ලංකා විශ්වවිද්‍යාලය යටතේ පැවැති සිංහල ශබ්දකෝෂයේ කර්තෘ මණ්ඩලයට බැඳී ස්වකීය වෘත්තීය ජීවිතය ආරම්භ කරන සන්නස්ගල 1967–1974 වකවානුවේදී එකල අභිනවයෙන් ආරම්භ කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයකු ලෙසද 1975–1981 කාලයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සහාය මහාචාර්යවරයකු ලෙසද සේවය කළේය. මේ අවධියේදී සිංහල ශබ්දකෝෂයේ නියෝජ්‍ය කර්තෘ පදවියේ අර්ධකාලීන වශයෙන් කටයුතු කරමින් තම ශාස්ත්‍රීය දායකත්වය දුන් මහාචාර්ය සන්නස්ගල 1984 සිට සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරය හෙබවීය.

මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගලගේ ශාස්ත්‍රීය සේවාව සම්භාව්‍ය සිංහල සාහිත්‍ය අධ්‍යයනය, සම්භාව්‍ය සිංහල ග්‍රන්ථ සංස්කරණය, ශබ්දකෝෂකරණය හා වෙනත් අධ්‍යයන වශයෙන් විමසිය හැකිය. සිංහල සම්භාව්‍ය සාහිත්‍යය අධ්‍යයනය සඳහා ඔහුගේ දායකත්වය අතිමහත්ය. සිංහල සාහිත්‍යයේ වංශකථාව ග්‍රන්ථාරූඪ කිරීම, සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති සංස්කරණය හා සම්භාව්‍ය සිංහල සාහිත්‍යය පිළිබඳ විචාර කෘති පළ කිරීම මෙන්ම පැරණි සිංහල පතපොත දැනගැනීමටත්, ඒවා රැකගැනීමටත් මහත් උනන්දුවක් දැක්වූ විද්වතකු ලෙස පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ශාස්ත්‍රීය ලෝකයේ ඇගයුමට ලක් වී ඇත. ස්වකීය ශාස්ත්‍රීය ජීවිතයේ මුල් අවධියේදී පණ්ඩිත නාහල්ලේ පඤ්ඤාසේන හිමියන්ගේ උපකාර ලබමින් සාහිත්‍ය ග්‍රන්ථකරණයේ යෙදුණු සන්නස්ගල ආරම්භයේදී උන් වහන්සේ සමඟ එක් වී ‘කව්සිළුමිණි සාහිත්‍යය’ (1948), ‘සිංහල සන්දේශ සාහිත්‍යය (1949) යන ග්‍රන්ථ රචනා කොට පළ කරමින් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය හදාරන විද්‍යාර්ථීන් වෙනුවෙන් ඉමහත් ශාස්ත්‍රීය සේවාවක් ඉටු කෙළේය.

පුඤ්චිබණ්ඩාර සන්නස්ගල නාමය සිංහල සාහිත්‍ය ලෝකයේ වඩාත් ප්‍රකට වූයේ ඔහු විසින් සම්පාදිත සිංහල සාහිත්‍ය වංශය නම් මාහැඟි ග්‍රන්ථය නිසාය. ස්වකීය පණ්ඩිත උපාධිය සඳහා ඉදිරිපත් කළ නිබන්ධය බලවත් පරිශ්‍රමයක් යොදා විස්තාරණය කොට, සිංහල සාහිත්‍යයේ සම්පූර්ණ වංශකථාව ‘සිංහල සාහිත්‍ය වංශය’ නමින් 1961දී පළ කිරීමට හෙතෙම පියවර ගත්තේය. ඒ පොතේ දෙවන සංස්කරණයක් පිටු 832කින් යුක්තව 1964දී පළ වූ අතර, ඔහු විසින් එය 1990 දක්වා යාවත්කාලීන කරනු ලැබීය. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ හමු වන සියලු පොත් ලැයිස්තුගත කර, ඒවායේ මූලික විස්තර ඇතුළත් කොට සකසා ඇති මේ පොත සිංහල භාෂා සාහිත්‍ය ඉතිහාසය වැඩිදුර හදාරන සෑම විද්‍යාර්ථියකුට මෙන්ම සාමාන්‍ය පාඨකයකුටද අනිවාර්ය ආශ්‍රේය ග්‍රන්ථයකි.

සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණයේ යෙදුණු පූර්ව විද්වතුන්ගේ මඟ යමින් ශාස්ත්‍රීය විධි නියම අනුව පැරණි සිංහල ග්‍රන්ථ කිහිපයකටම විධිමත් සංස්කරණ සැපයූ පඬිවරයකු ලෙසද සන්නස්ගල මහතා කැපීපෙනේ. ‘සංඝරාජ සාධුචරියාව’ (1947), ‘සඟසරණ’ (1954), ‘දළදා පූජාවලිය’ (1954), ‘සිංහල බෝධිවංශය’ (1970) ඔහු අතින් සංස්කරණය වූ පැරණි සිංහල පතපොත වෙයි. පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා ගැටපද වශයෙන් සැලකුණු පද අකාරාදි කොට තේරුම් කර දීම සඳහා ‘ගැටපද ශබ්දකෝෂ’ පිළියෙල කිරීම මේ පොත්වල දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි.

පුරා වසර 65ක් පමණ කල් ගත වූ සිංහල ශබ්දකෝෂ සම්පාදන කාර්යය නිමාවට පත් කිරීමට නායකත්වය දුන් විද්වතා වශයෙන්ද මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල නාමය ශාස්ත්‍රීය ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. විද්‍යානුකූලව සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමේ ව්‍යාපෘතිය 1927දී ප්‍රධාන කර්තෘ මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් හා ශ්‍රීමත් ඩී.බී. ජයතිලක යන විද්වතුන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුවත්, විවිධ ප්‍රධාන කර්තෘවරුන් යටතේ මේ ව්‍යාපෘතිය දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය කටයුත්තක් බවට පත් විය. 1949දී සිංහල ශබ්දකෝෂයේ උපකර්තෘවරයකු ලෙස බැඳී කලක් නියෝජ්‍ය කර්තෘ පදවියේ අර්ධකාලීන වශයෙන් කටයුතු කරමින් ශබ්දකෝෂ සම්පාදන කාර්යය පිළිබඳ මනා අවබෝධයක් ලද විද්වතකු ලෙස සන්නස්ගල හැඳින්විය හැකිය. විශ්වවිද්‍යාල සේවයෙන් පසුව යළි ශබ්දකෝෂ කර්තෘ මණ්ඩලයට එක් වී, 1984දී එහි ප්‍රධාන කර්තෘ තනතුරට උසස් කරන විට සන්නස්ගල මුහුණ දුන් අභියෝගය වූයේ සිංහල ශබ්දකෝෂ සම්පාදන කටයුත්ත නිමා කිරීමයි. ඔහු සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවියේ වැඩ භාර ගන්නා විට එහි කටයුතු ඇරඹී වසර 57ක් ගත වී තිබුණත් අවසන්ව පැවතියේ ස්වර කාණ්ඩයේ අකුරු පමණි.

1977දී පත් වූ නව රජය සිංහල ශබ්දකෝෂය කඩිනමින් අවසන් කිරීමට ගත් තීරණය යටතේ අනුග්‍රහය ලබමින් ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා නායකත්වය දුන් මහාචාර්ය සන්නස්ගල ඊට අවශ්‍ය පහසුකම්, විදේශාධාර හා පුහුණුව ලබාගැනීමට මෙන්ම විශ්වවිද්‍යාල හා හෙළ හවුලේ උගතුන්ගේ සහාය ගැනීමටද කටයුතු යෙදීය. තෙමේද, ශබ්දකෝෂකරණය පිළිබඳ විධිමත් විදේශීය පුහුණුවක් ලැබූ විද්වතකු වූ සන්නස්ගල එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, බටහිර ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල පැවැති ශබ්දකෝෂ ආයතනවල පැවති වැඩසටහන් හා පාඨමාලා සඳහාද සහභාගි වෙමින් තත් විෂයය පිළිබඳ නව දැනුම උකහාගත්තේය.

මේ ආකාරයෙන් සිංහල ශබ්දකෝෂ සම්පාදන ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව වැඩ කරමින්, තම යටතේ කටයුතු කළ කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද එසේ කිරීමට පෙලඹවූ අතර, අවසානයේ 1992දී තම ඉලක්කය සපුරාගත්තේය.1982–1992 කාලයේ ‘ක’ අකුරේ සිට ‘හ’ අකුර තෙක් සියලු කාණ්ඩ ප්‍රකාශයට පත් කරමින් සිංහල ශබ්දකෝෂය කාණ්ඩ 26කින් නිමා කිරීමටත්, එසේම සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ කටයුතු නිමාවට පත් කිරීමටත් සැලැස්මක් පිළියෙල කිරීමටද හේ උත්සුක විය. පසුකාලීන කාණ්ඩ කඩිනම් වැඩපිළිවෙළ යටතේ සිදු කරන ලද බැවින් ඒවායේ යම් ආකාරයක අසම්පූර්ණත්වයක් දක්නට ලැබුණත් මහාචාර්ය සන්නස්ගලගේ නොපසුබට උත්සාහය නොවන්නට රජයේ සිංහල ශබ්දකෝෂ සම්පාදන කටයුත්ත අවසන් නොවනු ඇත.

ශබ්දකෝෂකරණය මෙන්ම සිංහල භාෂාව ගැන උනන්දු වූ විද්වතකු ලෙස සිංහල භාෂාවේ ලන්දේසි වචන පිළිබඳ පර්යේෂණාත්මක කෘතියක් ‘A Study of Sinhala Vocables of Dutch Origin – with Appendices of Portuguese and Malay/ Javanese Borrowings’ (1976) නමින් පළ කිරීමට ඔහු සමත් විය. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ ශබ්දකෝෂ විද්‍යාව ඉගෙනීමේදී සිංහල භාෂාවේ දක්නට ලැබෙන ලන්දේසි, පෘතුගීසී, මැලේ හා ජා වචන පිළිබඳ මූලාශ්‍රය සොයාගෙන මේ අධ්‍යයනය සිදු කොට ඇත.

මහාචාර්ය සන්නස්ගල විසින් රචිත තවත් කැපීපෙනෙන ප්‍රකාශනයක් වන්නේ ඌව පළාතේ සිද්ධස්ථානයක ඉතිහාසය විස්තරාත්මකව සපයන ‘සොරගුණු දේවාල පුවත’ (1973) පොතයි. එය ඌව පළාතේ සොරගුණු ගමේ, ‘පුංචි කතරගම’ නමින් හැඳින්වෙන පැරණි දේවාලයේ කාලාන්තරයක් තිස්සේ යට වී පැවති අප්‍රකට ලිපිලේඛන පිරික්සා කළ ගවේෂණයකි. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ මෙතෙක් අමුද්‍රිත එකම පැරණි සූප ශාස්ත්‍ර ග්‍රන්ථය ශෝධනය කරමින් සිංහල සූප කලා සාහිත්‍යය ගැන සිංහල සාහිත්‍ය පොතපතේ හා සෙසු ලේඛනවල හමුවන සටහන් ඉදිරිපත් කරමින් මහත් පරිශ්‍රමයක් දරා පළ කළ පර්යේෂණ කෘතියක් වන ‘මහනුවර රජගෙදර සූප කලා ශාස්ත්‍ර’ පොත හා ‘සිංහල සූප කලා සාහිත්‍යය’ (1989) ඔහුගේ තවත් වැදගත් පර්යේෂණ ග්‍රන්ථයකි.

විවිධ සාහිත්‍ය හා ශාස්ත්‍රීය කටයුතුවලට තම ශාස්ත්‍රීය දායකත්වය දුන් සාහිත්‍යධරයකු වූ මහාචාර්ය සන්නස්ගල විසින් සංස්කරණය කොට ලියා පළ කරන ලද ලේඛන රාශියකි. ‘නලෝපාඛ්‍යාන ව්‍යාඛ්‍යාව’ (පණ්ඩිත නාහල්ලේ පඤ්ඤාසේන හිමි සමඟ, 1948), ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය, (තල්පාවිල ශීලවංශ නාහිමි හා පණ්ඩිත මිරිස්සේ චන්දජෝති හිමි සමඟ, 1956), සාහිත්‍යය විශේෂ කලාපය: ප්‍රශස්ති සහ හටන් කාව්‍ය (ලීල් ගුණසේකර සමඟ, 1966), සාහිත්‍යය සඟරාව (1966-1969), සාහිත්‍ය ප්‍රදීප 1 හා 2 (ලීල් ගුණසේකර සමඟ, 1973, 1934), සිංහල ශබ්දකෝෂයේ සාහිත්‍ය අංකය (1988) යන කෘති ඒ අතර වෙයි.

සමකාලීනව පැවති නොයෙකුත් ශාස්ත්‍රීය ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වී කටයුතු කළ මහාචාර්ය සන්නස්ගල 1955දී බුද්ධ ජයන්ති සැමරුම් උත්සවවලට සමගාමීව ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වූ සිංහල විශ්වකෝෂයක් සම්පාදනය කිරීමේ කාර්යය භාර දුන් කමිටුවේ සම ලේකම්වරයකු ලෙසත්, සිංහල ලේඛක සංවිධානයේ ආරම්භක සාමාජිකයකු සහ නිලධරයකු ලෙසත් කටයුතු කරමින් භාෂා සාහිත්‍ය උන්නතිය පිණිස කටයුතු කළේය. එසේම, විවිධ ශාස්ත්‍රීය පර්ෂදවල ඔහු විසින් පවත්වන ලද දේශන හා ප්‍රකට ලේඛකයකු ලෙස සිය තුරුණු වියේ සිටම දිනමිණ, සිළුමිණ ඇතුළු සිංහල පුවත්පත් සඟරාවලට සපයන ලද ශාස්ත්‍රීය ලිපිද රැසකි.

නාලිනී රත්නායක සමඟ විවාහ වී සිටි මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල නිරූපමාල්, මහේෂිකා, මනෝරි, ක්ෂණිකා, තුසානි යන දියණියන් පස් දෙනකුගේ ආදරණීය පියාණන් ලෙස කොළඹ ගංග­ාරාමය අසල ලේක් ක්‍රෙසෙන්ට්හි දිවි ගත කළද, සිය ගම් පියස වූ හපුතලේ, යහලබැද්ද සමඟ පැවති සබඳතාද අත් නොහළේය. සිංහල භාෂා සාහිත්‍ය ප්‍රවර්ධනය උදෙසා ඉටු කළ අනුල්ලංඝනීය සේවාව උදෙසා ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ ගෞරව සාමාජික පදවියකින්ද කලාකීර්ති ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබූ හෙතෙම 1997 මාර්තු 22 වැනිදා මෙලොවින් සමු ගත්තේය.

අවසාන වශයෙන්, ඔහුගේ අමරණීය ශාස්ත්‍රීය සේවාව අගයනු වස් සිදු ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් සඳහන් කරමින් මෙය නිමහම් දැක්වීම උචිතයැයි හඟිමි:

• මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල විසින් රචිත සියලු ග්‍රන්ථවල සංචිතයක් රටේ ප්‍රධාන පුස්තකාලයක තැන්පත් කිරීම

• දැනට මුද්‍රණයේ නැති ඔහුගේ පතපොත හා අමුද්‍රිත උපාධි නිබන්ධ පළ කිරීම

• ඔහු විසින් රචිත ශාස්ත්‍රීය ලිපි ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම

• සිංහල විෂය පිළිබඳ විද්‍යාර්ථියකු දක්වන විශිෂ්ට කුසලතාව වෙනුවෙන් පුඤ්චිබණ්ඩාර සන්නස්ගල නමින් විශ්වවිද්‍යාලයක අනුස්මරණ ශිෂ්‍යත්වයක්/ ත්‍යාගයක් පිහිටුවීම.

එසේම, ඔහු පාදා දුන් භාෂා සාහිත්‍ය ගමන් මඟෙහි විමර්ශනශීලිව ගමන් කිරීම මේ විශිෂ්ට පඬිවරයාට කළ හැකි ඉහළම උපහාරයයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

සඳගෝමි කෝපරහේවා

සිංහල අංශය – කොළඹ විශ්වවිද්‍යාලය

සම්බන්ධිත පුවත් | Related News

අතීත හෙළයන් යනු භූමියට පමණක් නොව, මහා සාගරයටත් එකසේ බලය පැතුරූ, ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ අතිශය දියුණු ජාතියක්! අපේ ඉතිහාස පොත්වල මේ ගැන සවිස්තරාත්මකව නොතිබුණත්, ලෝකයේ පැරණි ඓතිහාසික වාර්තා, විශේෂයෙන්ම චීන සහ ග්‍රීක ජාතිකයන්ගේ ලියවිලි පරීක්ෂා කිරීමේදී අපට අපේ මුතුන්මිත්තන්ගේ නාවික තාක්ෂණය ගැන අදහාගත නොහැකි තරම් අභිමානවත් තොරතුරු රැසක් අනාවරණය වනවා.
ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
පසුගිය මැයි 28 වැනිදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ. වසර 32ක කාලයක් තිස්සේ වුෂු ක්‍රීඩාවේ පරිපාලනය හසුරුවන නිලධාරී පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය හා අයවැය වාර්තාවල පවතින බරපතල අක්‍රමිකතා හේතුවෙන් සභාව තුළ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් රාජධානියේ සෙන්ට්‍රල් ලැන්කෂයර් විශ්වවිද්‍යාලය විසින් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට එරෙහිව එවකට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු කළ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක් පහත වීඩියෝවේ දැක්වේ.
රෙදි උස්සගෙන, මෙන්නෝ කපිල මුස්ලිම් මුඩුක්කු කාරයො දෙන්නෙක් දාල ඇප තියලෝ ඒ නිසා රංග උත්තමයා මැදිහත්වෙලා උසාවියෙන් ඇප අවලංගු කරලෝ, මෙන්න කපිල චන්ද්‍රසේන තව හොරයක් කරලා මාට්ටු වෙලෝ කියල මැයි හය, හත් වෙනිද රෙදි උස්සගෙන කෑගහපු තරිඳු උඩුවර ගෙදර සහ ෆසීර් කියල යූ ටියුබර්ස්ලා දෙන්නෙක් ඉන්නවා.
තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝකයම කතා වෙන ජපානයෙන් ඇහෙන කතාව මේකට හොඳම උදාහරණයක්.
Alexander Cunningham යනු ඉන්දියානු පුරාවිද්‍යා ඉතිහාසයට ඉතා බලපෑම් කළ පුද්ගලයෙකි. ඔහු බෞද්ධ ස්ථාන, අශෝක ශිලා ලේඛන, පැරණි නගර සහ චීන සංචාරක වාර්තා භාවිතයෙන් ඉන්දියාව හා දකුණු ආසියාවේ බොහෝ ස්ථාන හඳුනාගැනීමට උත්සාහ කළේය.
බටහිර ජාතීන් කාලතුවක්කු, තුවක්කුත් අරගෙන ලංකාව ආක්‍රමණය කරන්න එද්දී, ඔවුන් හිතන්න නැතුව ඇති තමන්ට වඩා දියුණු, වඩාත් ප්‍රහාරාත්මක තාක්ෂණයකින් තමන්ටම බැට කන්න වෙයි කියලා! ඔව්, සුදු ජාතිකයෝ ලංකාවට තුවක්කු හඳුන්වා දීලා කෙටි කාලයක් යද්දී, අපේ හෙළ ශිල්පීන් ලෝකයම මවිත කරවන, බටහිර තුවක්කුවලටත් වඩා විශිෂ්ට මට්ටමේ "සිංහල තුවක්කුව" නිර්මාණය කළා.

ප්‍රධාන පුවත්

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නොතීසි නිකුත් කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.