News Category
From Date
To Date
Maximum Number of Result

රට හදන්න භාෂාවක්

Aug 13, 2025 at 03:04 PM
|

(2025 අගෝස්තු 10 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කරපු “චීන පෙරැළිය” ලිපි මාලාවේ 8 වැනි කොටස)

මිනිස්සු කියන්නේ හොඳින් වර්ධනය කරගත්ත භාෂා මාර්ගයෙන් සන්නිවේදනය කරන සත්ත්ව කොට්ඨාශයක්. ඉතින් රටක මිනිස්සු එකතු කරන්න නම් එකිනෙකා අතර හොඳ සන්නිවේදනයක් සිද්දවෙන්න ඕන. ඒ වෙනුවෙන් භාෂා භාවිතය විධිමත් කරන්න, පුළුල් සම්මතයක් ඇතුළට ගන්න සිද්දවෙනවා. මේ කාරණයට අදාළ හොඳ පාඩමක් චීනයෙන් ඉගෙනගන්න පුළුවන්.

චීනයේ ජනවර්ග 56 කට අයිති මිනිස්සු ජීවත්වෙනවා. ඒ අතරින් බහුතරය (ජනගහනයෙන් සීයට 92 ක්) හන් මිනිස්සු. මෙන්න මේ හන් මිනිස්සුන්ගේ භාෂාවට තමයි අපි “චීන භාෂාව” කියලා කියන්නේ. ඉතින් ඒක “හන් භාෂාව” විදිහටත් හැඳින්වෙනවා. අනිත් ජනවර්ග 55 ට අයිති මිනිස්සු ජනගහනයෙන් සීයට 8 කට සීමාවෙලා. ඒ අයගෙන් සෑහෙන පිරිසකට තම තමන්ගේ භාෂා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උදාහරණ විදිහට මොංගෝලියන්, ටිබෙට් වගේ භාෂා දක්වන්න පුළුවන්.

මහ දැවැන්ත රටක් හින්දා චීනයේ භාෂා වෙනස අදාළ වෙන්නේ වාර්ගික විවිධත්වයට විතරක් නෙවෙයි. පළාතෙන් පළාතට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට හන් මිනිස්සු තමන්ගේ භාෂාව උච්චාරණය කිරීමේ වෙනසකුත් තියෙනවා. ඒ උච්චාරණවලට “තැන් වහර” කියලා කියනවා. මෙහෙම වර්ධනය කරගත්ත ප්‍රධාන “තැන් වහර” දහයක් තියෙනවා. ඒ අතර තියෙන “යුවෙ” කියන තැන් වහරට අයිති උච්චාරණ ක්‍රමයකට තමයි අපි “කැන්ටනීස්” කියලා කියන්නේ. ලියන අකුරුවල වෙනසක් නැතත් මේ ප්‍රාදේශීය උච්චාරණවල ලොකු වෙනස්කම් තියෙනවා. එක උච්චාරණයක් පුරුදු පුහුණුවෙච්ච කෙනෙක්ට තවත් තැන් වහරකින් කියන ඒවා තේරුම්ගන්න හුඟක් අමාරුයි.

මේ “උච්චාරණ විවිධත්වය” විසින් චීන ජනතාව වෙන් කරනවා. එහෙම වෙන්වෙච්ච මිනිස්සු අතර හොඳ සන්නිවේදන කාර්යයක් සිද්දවෙන්නේ නෑ. මේක රටේ සහ ජනතාවගේ අභිවෘද්ධියට වගේ ම පාලනයටත් අභියෝගයක්. ක්‍රිස්තු වර්ෂ 1722 – 1735 අතර කාලයේ චීනය පාලනය කරපු යුං-චං අධිරාජයාට තමන්ගේ සමහර ඇමැතිවරු කරන කතා තේරුම්ගන්න බැරිවීම මේ ගැන සඳහන් කරන්න පුළුවන් හොඳ උදාහරණයක්. ඉතින් ඒ ඈත කාලයේ පවා ප්‍රධාන උච්චාරණ ක්‍රමයක් හඳුනාගැනීමේ අවශ්‍යතාව ඉස්සරහට ඇවිල්ලා තිබුණා. මේ වෙනුවෙන් තෝරගත්ත සම්මත උච්චාරණය තමයි “මැන්ඩරින්” කියලා හැඳින්වුණේ. අධිරාජ සේවය වෙනුවෙන් කැපවෙච්ච උසස් නිලධාරියෝ මේ උච්චාරණයේ සරණ පැතුවා. ඉතින් අධිරාජයාට ඉතාමත් පහසුවෙන් ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වුණා. මේ උච්චාරණය පෙයි-චිං නගරයේ උගත් සහ වංශවත් පවුල් අතරත් ප්‍රචලිත වුණා.

1912 ජනවාරි 1 වැනි දා නිල විදිහට පිහිටවපු “චීන ජනරජය” මුල්වෙලා “ජාතික භාෂාවක්” (ඇත්තෙන්ම, “ජාතික උච්චාරණයක්”) හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. ජනරජ විප්ලවයට මුල්වුණේ දකුණු චීනයේ මිනිස්සු. ඒත් හමුදා බලය තිබුණේ උතුරු චීනයේ මිනිස්සු අතේ. ඒ හින්දා හඳුන්වලා දෙන “ජාතික උච්චාරණය” මූලික කරගන්න ඕන දකුණේ උච්චාරණය ද එහෙමත් නැතිනම් උතුරේ උච්චාරණය ද කියන ආරවුලත් ඇතිවුණා. අලුත් කෘත්‍රිම උච්චාරණයක් හඳුන්වාදීමේ යෝජනාවකුත් ඉස්සරහට ආවා. අන්තිමේ දී, “පෙයි-චිං උච්චාරණය” පදනම් කරගෙන “ජාතික උච්චාරණයක්” ඇති කරගන්න එකඟතාවක් ඇති කරගත්තා. ඒ වෙනුවෙන් 1932 අවුරුද්දේ පෙයි-චිං නගරයේ දී “ජාතික භාෂා ඒකාබද්ධ කිරීමේ කොමිසම” කියලා ආයතනයක් ස්ථාපනය කළා.

මහජන විප්ලවයෙන් පස්සේ 1949 දී පිහිටුවපු චීන මධ්‍යම මහජන ආණ්ඩුව “ජාතික භාෂා” ව්‍යාපෘතිය ඉතා ශක්තිමත් විදිහට ඉස්සරහට ක්‍රියාත්මක කළා. ඒ සඳහා අවශ්‍ය හැම පහසුකමක් ම ලබාදුන්නා. ඒ කඩිනම් වැඩපිළිවෙළ හින්දා අවුරුදු 6 ක් ඇතුළත චීන භාෂාවට “සම්මත පොදු උච්චාරණයක්” ලබාදෙන්න මහජන ආණ්ඩුවට පුළුවන් වුණා. 1955 දී හඳුන්වලා දීපු ඒ සම්මතය හඳුන්වන්නේ “පු-ථුං-හුවා” (පොදු උච්චාරණය) කියන නමින්. (මේ පොදු උච්චාරණයට තමයි අපි දැන් “මැන්ඩරින්” කියලා කියන්නේ). ඒ ආරම්භක අවස්ථාව වෙද්දි “පරණ මැන්ඩරින්” කතා කරපු ජනතාවගෙන් සීයට 54 කට ඉතාමත් පහසුවෙන් මේ “අලුත් මැන්ඩරින්” (පොදු උච්චාරණය) තේරුම්ගන්න පුළුවන් වුණා. රටේ ජනගහනයෙන් සීයට 41 කටත් ඒ හැකියාව තිබුණා. 1984 වෙද්දි රටේ ජනගහනයෙන් සීයට 90 කට වැඩි ප්‍රමාණයක් “පොදු උච්චාරණය” අවබෝධ කරගැනීමේ හැකියාව අත්පත් කරගෙන තිබුණා. 2025 වාර්තාවල හැටියට නම්, මේ වෙද්දි රටේ ජනගහනයෙන් සීයට 85 කට “පොදු උච්චාරණය” හොඳින් වහරන්න පුළුවන්.

හන් භාෂාවේ “පොදු උච්චාරණය” ඉතාමත් හොඳ සම්බන්ධීකරණ භාෂාවක් බවට පත්වෙලා. ඒක ඉංග්‍රීසි වගේ ආනයනය කරපු සම්බන්ධීකරණ භාෂාවක් නෙවෙයි. අපේ රටේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයකට ඉංග්‍රීසි බෑ. ඒත් අපි අපේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් ම සම්බන්ධීකරණ (සන්ධාන) භාෂාව විදිහට ඉංග්‍රීසි නම් කරලා. රටේ මිනිස්සුන්ට බැරි භාෂාවකින් ඒ අයව “ලින්ක්” කරවන්න පුළුවන් නම් ඒක ලෝක වාර්තාවක්!

මෑතක දී, චීන ජාතික රාජ්‍ය සභාව විසින් “පොදු උච්චාරණය” ප්‍රවර්ධනයට අදාළ කාර්යභාරයන් පහකුත් හඳුන්වලා දීලා තියෙනවා. ජාතික පොදු භාෂා උච්චාරණය සහ අක්‍ෂර ක්‍රමය ප්‍රචලිතකිරීම, මූලික භාෂා සහ අකුරු ලිවීමේ හැකියාව ප්‍රවර්ධනය, ජාතික භාෂාව සහ අකුරු යොදාගෙන ලබාදෙන සේවා ප්‍රවර්ධනය, චීනයට උරුම විශිෂ්ට භාෂාව සහ සංස්කෘතිය ප්‍රවර්ධනය, සහ චීන භාෂාවේ ජාත්‍යන්තර තත්ත්වය සහ බලපෑම ඉහළ නැංවීම කියන කාර්යභාරයන් පහ තමයි ඒ විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ.

මේ “සම්බන්ධීකරණ භාෂාව” (හන් භාෂාවේ “පොදු උච්චාරණය”) හින්දා චීනයේ සමාජ - ආර්ථික සංවර්ධනයට ලැබිලා තියෙන උදව්ව සුළුපටු එකක් නෙවෙයි. “පොදු උච්චාරණය” විසින් පාලන කටයුතු ඉතාමත් හොඳින් සිද්දවෙනවා. ජනමාධ්‍ය සහ මූලික සන්නිවේදන කටයුතු එක විදිහකට සිද්දවෙනවා. අධ්‍යාපන සහ ශාස්ත්‍රීය කටයුතුත් එක භාෂා සම්මතයක් ඇතුළේ සිද්දවෙනවා. සෞඛ්‍ය වගේ මූලික සේවා ලබාගැනීමත් පහසුවෙලා. සෞන්දර්ය, කලා රස වින්දනයත් උත්තේජනය කරලා. ආර්ථික සහ වෙළෙඳ කටයුතු ඉතාමත් ඉහළට වර්ධනය කරලා.

“පොදු උච්චාරණය” බලවත් වෙලා තියෙන හින්දා ඕනෑම චීන ජාතිකයෙක්ට රටේ ඕනෑම තැනක සේවය කරන්න, ඕනෑම තැනකින් සේවා ලබාගන්න පුළුවන් වෙලා. ඈත පිටිසර පළාතක ළමයෙක්ට වුනත් හොඳින් විභාග සමත්වෙලා පෙයි-චිං නගරයේ තියෙන ඡිං-හුවා වගේ මහා විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න පුළුවන්. මොන විෂයයකින් සරසවි ප්‍රවේශ විභාගයට පෙනී හිටියත් හැම ළමයෙක් ම අනිවාර්යයෙන් ම චීන භාෂා ප්‍රශ්න පත්‍රයට පෙනී ඉන්න ඕන. ඒ මාර්ගයෙනුත් අධ්‍යාපනයේ පොදු බව සහතික කෙරෙනවා.

වෙළෙඳපොළටත් භාෂාවක් තියෙනවා. වෙන වෙනම උච්චාරණ බලවත් කළා නම් හැදෙන්නේ කෑලි කෑලිවලට කැඩිච්ච වෙළෙඳපොළක්. මේ වෙද්දි ඉන්දියාව ජනගහනය අතින් ඉස්සරහට ම ඇවිල්ලා. ඒත් ඉන්දියාවට තනි භාෂාවකින් හැදිච්ච වෙළෙඳපොළක් නෑ. “පොදු උච්චාරණය” හින්දා චීනයේ හැදිලා තියෙන්නේ ඉතාමත් දැවැන්ත තනි, සමතලා වෙළෙඳපොළක්. ඉතින් එහෙම වෙළෙඳපොළක බලය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. එහෙම වෙළෙඳපොළක ප්‍රචාරණ කටයුතු පවා පහසුයි. මානව සම්පත් භාවිතයත් පහසුයි.

චිත්‍රපටි, ටෙලි නාට්‍ය නිෂ්පාදනයට අදාළ වෙළෙඳපොළකුත් තියෙනවා. මුළු චීනය ම “පොදු උච්චාරණය” විසින් එකතු කරලා තියෙන හින්දා චීනයේ චිත්‍රපටි, ටෙලි නාට්‍ය වෙළෙඳපොළත් මහ දැවැන්ත එකක් බවට පත්වෙලා. සාමාන්‍යයෙන් චිත්‍රපටියක්, ටෙලි නාට්‍යයක් බලන ප්‍රේක්‍ෂක ප්‍රමාණය මිලියන 800 කට වැඩියි. ඒ කියන්නේ කෝටි 80 කට වැඩියි. ඉතින් ලොකුවට ප්‍රාග්ධනයක් යට කරලා මහ දැවැන්ත නිර්මාණ හදන එක ඉතාමත් ලේසි කටයුත්තක් බවට පත්වෙලා. ඒ වෙනුවෙන් කරන ආයෝජනය වගේ තිස් හතළිස් ගුණයක ආදායමක් උපයාගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි.

ප්‍රේම සම්බන්ධතා, විවාහ ගනුදෙනුවලටත් “පොදු උච්චාරණය” උදව් කරනවා. විවිධ පළාත්වලින් යම් යම් විශ්වවිද්‍යාලවලට එන, යම් යම් කර්මාන්තශාලාවල වැඩට යන තරුණ තරුණියෝ අතර ප්‍රේම සම්බන්ධතා ඇතිවෙන්න, ඒ සම්බන්ධතා විවාහ ගනුදෙනු දක්වා වර්ධනය කරගන්න සන්නිවේදන ගැටලුවක් නෑ. ඉතින් ඒ පැත්තෙන් ගත්තත් “පොදු උච්චාරණය” සිදු කරන්නේ ඉතාමත් විශාල සේවයක්.

හන් භාෂාවේ “පොදු උච්චාරණය” ඉස්සරහට ආවා කියලා අනිත් උච්චාරණ, වෙනත් වාර්ගික භාෂා නැතිවෙලා නෑ. ඒවා පවත්වාගෙන යන්න අවශ්‍ය විධිවිධානත් පනවලා තියෙනවා. චීනය කියන්නේ භාෂාවෙන් වැඩ ගන්න රටක් මිසක් භාෂාව දාලා මිනිස්සු බෙදන රටක් නෙවෙයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.