News Category
From Date
To Date
Maximum Number of Result

රු.10,000 නෝට්ටුව..

Aug 13, 2025 at 07:39 AM
|

බංකොලොත් යැයි කියන රටක ඩොලර් බිලියනපතියෙකු බිහි වී තිබේ. ලංකාවට සිය වාර්ෂික ණය වාරිකය ගෙවා ගැනීමට නොහැකිව සිටිනා අතරතුර කොළඹ ඉදි කළ කැතම කැත් එහෙත් සුපිරි ම සුපිරි කැසිනෝවක් විවෘත කිරීම සඳහා ඩොලර් මිලියන ගණනක් ගෙවා ඉන්දියානු නළුවෙකු මෙහි ගෙන්වා බාල් නටා තිබේ. දිලිත් ජයවීරත් ඔහුට උම්මා දීමට එහි ගොස් තිබේ. සෙවනගල ගොවියන් දහස් ගණනකට සිය වේතන අහිමි ව දුහුවිලි කාගෙන උද්ඝෝෂනය කරන විට ඉරාජ් වීරරත්න කොළඹ කෙල්ලන් සහ කොල්ලන් දහස් ගණනක් ගෙන්වා තෙත මඩ ගොඩේ ගොබ්බ සංගීත දමා කිස් කෑම් පෙන්වා තිබේ. මේ වෙන්නේ කුමක් ද?

ලංකාව සැබැවින් ම බංකොලොත් වූයේ නැත. ලංකාව සැබැවින්ම කිසිදා බංකොලොත් නොවේ. වෙන කිසිවක් නොකර යල-මහ කන්න දෙකට වැසි ලැබී වගා කළ පමණින් වුවත් රටේ ආර්ථිකය වර්ධනය වේ. බංකොලොත් රටක ඩොලර් බිලියනපතියන් බිහි විය නොහැකි ය. රට බංකොලොත් යැයි ප්‍රකාශයට පත් කිරීම සෙට්ට සබ්‍රියා විසින් කරනු ලැබුවේ මෙරට ධනපති කල්ලියකගේ සැලසුම් සහගත උවමනාවට ය. අරගලය වනාහි මූලිකව විපත් ධනවාදයේ (Disaster Capitalism) කූට ව්‍යාපෘතියකි.

රටක් සැබැවින්ම ආර්ථික අර්බුදයකට පත් වෙනවා නම් එරට මහා පරිමාණ ව්‍යාපාර පළමුව බංකොලොත් විය යුතු ය. නමුත් ලංකාවේ බංකොලොත් වූ බැංකු හෝ මූල්‍ය ආයතන මොනවාද? ටෙලිකොම් ව්‍යාපාර මොනවාද? තේ රබර් පොල් ව්‍යාපාර මොනවාද? ඇඟලුම් ව්‍යාපාර මොනවාද? ආනයන-අපනයන ව්‍යාපාර මොනවාද? මහා පරිමාණ ව්‍යාපාර ජාල කිසිවක් බංකොලොත් වූයේ නැත. සැබැවින්ම වූයේ ඔවුන්ගේ වත්කම් තව තවත් වැඩි වීම බව මූල්‍ය වාර්තා බැලූ විට පෙනේ.

ධනය යනු සීමිත දෙයකි. ධනය නිර්මාණය කරනවා යනු අමූලික බොරුවකි. මුදල් යනු ධනයේ සාපේක්ෂ වටිනාකම පමණී. ඒවා නිකම් අගයන් ය. රුපියල් දාහේ නෝට්ටුවක් සැබැවින්ම දාහක් වටින්නේ නැති කඩදාසියකි. අරගලයට පෙර රුපියල් දාහට ගන්න පුළුවන් වූ බඩු ලැයිස්තුව අද රුපියල් පන්දාහකටවත් ගත නොහැකි ය. යමෙකු ධනය උපයනවා යනු තවකෙකුට ධනය නැති වෙනවා යන්න ය. තිබෙන්නේ එක රටකි. එක පෘථිවියකි. එක කේක් ගෙඩියකි. එයින් ලොකු කෑල්ලක් කිසිවෙකුට අවශ්‍ය නම් අනෙක් අයට පොඩි කෑල්ලක් පමණක් දිය යුතු ය. ලංකාවේ සිද්ධ වෙමින් තිබෙන්නේ එයයි. අනුර කුමාරගේ පාලනය අවසාන වන විට ලංකාවේ ඇති-නැති පරතරය ලෝකයේ වැඩිම අගය ගනු ඇත.

ලංකාවේ සමාජය එදා සිට ම සාපේක්ෂව සමාන ව තිබිණි. එය තේරුම් ගැනීමට නම් ඔබ ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ චීනයේ හෝ ජීවත් වී බැලිය යුතු ය. ඒවායේ ඇති-නැති පරතරය සිතා ගැනීමටවත් නොහැකි ය. උදාහරණයක් හැටියට ඔබ හිතන්න අම්බානි වැන්නෙකු සහ මුම්බායිහි සාමාන්‍ය වෘත්තිකයෙකු අතර වෙනස. ඒක ඔබට තබා ඉන්දියාවේ උන්ටවත් හිතා ගන්න අමාරුයි. ඇමරිකාවේ ඉලෝන් මස්ක් සහ නිව්යෝර්ක් පාරක වෙළඳාම් කරන ව්‍යවසායකයෙකු අතර වෙනස කොහොමද! ඒ හිඩැස කවදාවත් සමීප කරන්න බැරි තරම් විශාලයි. නමුත් ලංකාවේ මෙම පරතරය ඒ තරම් තිබුණේ නැහැ. ලංකාවේ සමාජය බොහෝ දුරට තිබුණේ එකිනෙකාට එකිනෙකාව අතින් ඇල්ලිය හැකි දුරකින්. නමුත් තවදුරටත් එය එහෙම වෙන්නේ නැහැ. මෙය කියවන ඔබ අද කාර්යාලයට ගිහිල්ලා කොපමණ මහන්සි වෙලා වැඩ කළත් ඉෂාර නානායක්කාරගේ ධනය ගැන ඔබට සිහිනෙන්වත් හිතන්න බැහැ. මෙය කිසිදා නොකියවන නූගත් එළවළු ගොවියා ගැන කවර කථාද!

මෙන්න මේක තමයි මාලිමාව බලයට ගෙන ඒමේ ව්‍යාපාරික අරමුණ. රටේ ධනය ජනතාව අතර යම් සමානත්වයකින් බෙදී යා නොදී ඉන් විශාල පංගුවක් එක්තරා ධනපති කල්ලියකට ලබා ගැනීම. කේක් ගෙඩියෙන් ලොකුම කෑල්ල ඔවුන්ට ගැනීම. ඔබ හිතන්න එපා මේක ව්‍යවසායකත්වය ය කියා. නැහැ. මේ කියන්නේ උත්සාහය, කැපවීම සහ නව්‍යකරණය තියෙනවා නම් ධනවතෙකු වෙන්න පුළුවන් කියා නොවේ. ඉෂාර නානායක්කාර එසේ අමුතු මහන්සියක් හෝ කැප වීමක් හෝ කර නැත. ලොකුම කැසිනෝ විවෘත කළ ජෝන් කීල්ස් යනු ලංකාවේ තේ කර්මාන්තයේ වහලුන්ගේ උත්සාහයෙන් ධනවත් වූ කොම්පැනියක් මිස කිසිදු නව්‍යකරණයක් කළ ඉලව්වක් නොවේ. මේ කියන්නේ රටේ දේශපාලනය සහ ජනමාධ්‍ය අවභාවිත කරමින් මූඪ වැසියන් රවටමින් ඔවුන්ගේ කේක් කෑල්ලත් තමන් වෙත ලබා ගැනීම ගැන ය.

පුබුදු ජයගොඩ වැන්නවුන් අද මොන කථා කීවත්, මෙම ආන්තික ධනපති පන්තිය සහ ආන්තික දුප්පතුන් හැදීමට වැඩියෙන්ම උදව් කළේ පෙරටුගාමීන් සහ අන්තරේ ය. අරගලය හරහාඔවුන් කළේ විපත් ධනවාදයේ ව්‍යාපෘතියකි. එනම් වසංගතය වැනි ස්වභාවික විපතක් අවභාවිත කරමින්, කෘත්‍රිමව ආර්ථික අර්බුදයක් හදමින් (ඩොලර් එවන්න එපා, වැඩ වර්ජන, රට වැසීම ආදියෙන්), ඒ හරහා රාජ්‍යය අස්ථාවර කර, මාලිමාව වැනි දුර්වල දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් කර, IMF එක ළඟ දණ ගස්සවා, රාජ්‍ය සේවයේ කකුල් කඩා, ආර්ථික රෙගුලාසි ඉවත් කර, ආනයන සීමා ඉවත් කර, ඩඩ්ලිලාට සිය ඒකාධිකාර පවත්වා ගෙන යාමට පූර්ණ ඉඩ දී ලංකාව පිස්සු ඇමරිකාවක් කිරීම ය. චිචීගේ රොකට් එක දිහා බලා සිටි නූගත් වැසියන් දුප්පතුන් වී තිබේ. වෙනත් අය ඩොලර් බිලියනපතියන් වී තිබේ. 

මෙම ජයග්‍රහණය සැමරීම සඳහා අනුර කුමාරගේ රූපය සහිතව රුපියල් දහදාහේ නෝට්ටුවක් මුද්‍රණය කිරීමට මම යෝජනා කරමි. බැංකු කාඩ් පත් නොතිබුණා නම් දැනටමත් එය සිද්ධ වී තිබිය යුතු ය. ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ

2025 අගෝස්තු 12

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.