News Category
From Date
To Date
Maximum Number of Result

විභාග නොලියා දරුවන්ට ජීවිතේ විඳින්න කියමුද?

Aug 11, 2025 at 01:36 PM
|

👉 ඔයා විශිෂ්ට කවි හිතක් තියන මිනිහෙක්. අනික ඔයා දකුණු පළාතේ... ඔයා මොකටද මේ කෙහෙල්මල් වෛද්‍ය උපාධියක් වෙනුවෙන් නැහෙන්නේ... විසි කරන්න ඔය උපාධි පැත්තකට... යන්න දකුණේ ධීවර ජනතාවගේ සුවඳ විඳින්න... ගිහින් කවි ලියන්න.

👉 මේක බැලූ බැල්මට විහිළුවක් වගේ පෙනුණාට ඇත්තටම විහිළුවක් නෙමෙයි. මේක කාලෙකට කලින් මගේ මිත්‍ර වෛද්‍ය ශිෂ්‍යයෙකුට ලංකාවේ ප්‍රසිද්ධ කවියෙක් දීපූ අපූරු උපදේශයක්. 

👉 විභාග ක්‍රමය සහ අධ්‍යාපනය දිහා කවි මනසින් බලලා කරන විකාර සහගත රැඩිකල් විග්‍රහයන් සම්බන්ධව මේ කතාව හොඳ උදාහරණයක්. 

👉 පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි අධ්‍යාපනය කියන්නේ...  විභාග පාස් වෙනවාට වඩා ජීවිතේ විඳින එක වැදගත්... ලෝකේ හැමදාම සුපිරි චරිත බිහිවුණේ පන්තියේ අන්තිම පේළියෙන්... ගණන් විද්‍යාව ඉගෙන ගන්නවාට වඩා රස වින්දනය දන්න ගහකොළවල සුවඳ අඳුනන ළමයි මාරයි... හැබෑ දක්ෂකම් විභාග සහතිකවලින් මනින්න බෑ... වගේ සීයට දහයක විතර සත්‍යයක් සහිත භයානක බොරු සමාජගත කරන එක මේ වගේ ඊනියා රැඩිකල් චරිත නිතිපතා කරන දෙයක්. 

👉 මේ කටයුත්තට ලංකාවේ කලාකරුවෝ කියන අය දක්වන දායකත්වය ඉතා විශාලයි. සුනිල් එදිරිසිංහ ගායනා කරන ඉස්සර මං ගිය පාසල ඇරිලා පුංචි පැටව් පෙරහැරේ එනවා කියන ගීතයත් මේකට එක උදාහරණයක්. 

👉 අද මේ ගැන සමාජ මාධ්‍යවල කතාබහක් ඇති වෙලා තියෙන්නෙත් කලාකාරිනියකගේ අපූරු ප්‍රකාශයක් නිසා. 

👉 ඉතින් ඒ අනුව අධ්‍යාපනය ලබන වයසේ ඉන්න තරමක් විචාරශීලී මනසක් සහිත, වෙනස් අදහස් සහිත දරුවන්ට මේ අදහස්වලින් වෙන්නේ විශාල හානියක්. මම මෙහෙම කියන්නේ මටත් ඉගෙන ගන්න කාලේ මේ වගේ විකාර අදහස්වල බලපෑම තදින් දැනුණු නිසා. 

👉 විභාග ක්‍රමවල ප්‍රශ්න ගැටලු සීමාකම් තියනවා කියන එක ගැන කිසිම විවාදයක් නෑ. විභාග විතරක් නෙමෙයි මිනිස්සු ඕනම දෙයක් කරන්න හදාගත්ත ඕනෑම ක්‍රමවේදයක ගැටලු සීමාකම් තිබෙනවා. පරිපූර්ණ පරමාදර්ශී ක්‍රමවේද මුකුත් ලෝකේ නෑ. 

👉 හැබැයි අධ්‍යාපනයෙන් දක්ෂතා සහිත අය තෝරාගන්න, ඉදිරියට යන්න, ඔවුන්ව නිශ්චිත වෘත්තියක් හෝ වෙනත් දෙයකට පුහුණු කරන්න, විධිමත් අධ්‍යාපනය විභාග ක්‍රමය, හැදියාව, විනය, කැපකිරීම් වගේ දේවල් බෙහෙවින්ම වැදගත් වෙනවා. 

👉 ඒ ක්‍රමය තුළ අනිවාර්යෙන්ම පීඩනයක් තියනවා තමයි. අඩු වැඩි වශයෙන් ඒක ලෝකේ කොහෙත් එහෙමයි. ඔව් ඇත්ත. පීඩනයක් නැතුව මිනිස්සුන්ට කිසිම දෙයක් කරන්න බෑ. 

👉 මිනිස්සු ඉගෙන ගත්තත්, රස්සාවක් කළත්, සමාජ කටයුතු කළත්, කලා කටයුතු කළත්, කුඹුරු කෙටුවත්, පාර අතුගෑවත් මේ හැම එකකම පීඩනයක් තියනවා. පීඩනයක් නැතුව, කැපකිරීමක් නැතුව, වෙහෙස මහන්සයක් නැතුව, ආතතීන් දරාගන්නේ නැතුව මිනිස්සුන්ට කරන්න පුළුවන් කිසිම දෙයක් ලෝකේ නෑ. 

👉 පීඩනයක්, කැපකිරීමක් නැතුව මිනිස්සු තනි තනිව හෝ සමාජයක් වශයෙන් හෝ කිසිම ජයග්‍රහණයක් ලබාගෙන නෑ. එහෙම දුක්ගැහැට දරාගන්න පුළුවන් මිනිස්සු නිසා තමයි ලෝකය මේ තරම් වෙනස් වෙලා තියෙන්නේ. 

👉 අනික ජීවිතයේ සතුට, තෘප්තිය කියන එක හැදෙන්නෙත් ජීවිතේ අභියෝගවලට මුහුණ දෙමින්, පීඩාවන් දරාගනිමින්, ඒවා පරාජය කරමින් ඉදිරියට යන එකේ මිසක්, කිසිම පීඩනයක් නැතුව, කොන්දේසි විරහිත නිදහසක් යටතේ කකා බිබී ජීවිතේ විඳින එක තුළ නෙමෙයි. 

👉 එහෙම ජීවිතේ විඳින්න පුළුවන් මිනිස්සු ලෝකේ ඉතා විරලයි වගේම හැමෝටම නම් එහෙම හිතන්න කොහොමවත් හැකියාවක් නෑ. අනික එහෙම ජීවිතේ විදින්න පුළුවන් සුල්තාන් කෙනෙකුගේ පුතෙක් වුණත් එහෙම ජීවත් වෙන්න කැමති නෑ. ඒ නිසා එහෙම පුතාලත් මොකක් හරි ගැටෙන්න ප්‍රශ්නයක් හොයා ගන්නවා. කොන්දේසි විරහිත නිදහසකින් ලෝකේ කිසිම මිනිහෙකුට කිසිම තේරුමක් නෑ.

👉 මොකද මිනිහා කියන්නෙම ස්වභාවයෙන්ම ප්‍රශ්න අභියෝග එක්ක ගැටෙන්න කැමති කෙනෙක්. එහෙම නැතුව මිනිහා කියන්නේ කූඩුවක දාලා හදන සතෙක් වගේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ගැටුම්, අභියෝග, දුෂ්කරතා එක්ත තමයි ජීවිතේ සතුට, අභිමානය උපදින්නේ. ඒවා එක්ක තමයි මිනිස්සු පෞද්ගලිකව වගේම සමාජීය වශයෙනුත් ජයග්‍රහණ ලබාගන්නේ...

👉 ඒ නිසා විභාග පැත්තක තියලා සින්දු අහන්න, ගහකොලවල සුවඳ විඳින්න, ඇළේ දොළේ නාන්න, ෆිල්ම් බලන්න, කවි ලියන්න, සමාජ අත්දැකීම් ගවේෂණය කරන්න, පොදු ජනයාගේ  හදගැස්මට කන්දෙන්න වගේ විකාර කතා කවුරු හරි කියනවා නම් ඒක තමයි ළමයින්ට ඉගෙන ගන්න වයසේදි කරන්න පුළුවන් ලොකුම හානිය. ඒ හානියේ බලපෑමට වැඩියෙන්ම ලක්වෙන්නේ නිකම් ළමයි නෙමෙයි විචාරශීලී මනසක් සහිත ළමයි. 

👉 ඒ නිසා ඔය කියන සේරම දේවල් කළාට කමක් නෑ හැබැයි ඒවා කරන්න ඕන අධ්‍යාපනයත් එක්ක සමබරතාවක් පවත්වා ගනිමින් මිසක් ඉන් පරිබාහිරව නෙමෙයි. 

👉 මොකද යොවුන් වියේදී ළමයි හිතනවා පන්තියේ ඉගෙන ගන්නවාට වැඩිය කෙල්ලෝ පස්සේ යන එක, ලව් කරන එක, පාරවල්වල රස්තියාදු වෙන එක, ගස් ගල් යට හැංගිලා අරක්කු සිගරට් බොන එක, යාළුවෝ මිත්‍රයෝ එක්ක ගමේ වළ බහින එක, මොකක් හරි මගෝඩි වැඩක් කරලා සතුටු වෙන එක වගේ දේවල් ජීවිතේට මාර වැදගත් සහ ඒවා ජීවිතේට මාර වටිනාකමක් එකතු කරන අත්දැකීම් කියලා. ඔවුන්ට මේ කලාකරුවන්ගේ ළාමක කතාවලින් ලැබෙන්නේ විශාල උත්තේජනයක්. 

👉 එහෙම රස්තියාදුකාර අත්දැකීම් තියන ළමයි, එහෙම අත්දැකීම් අඩු ඉගෙන ගන්න දක්ෂ ළමයින්ට හිනාවෙනවා උඹලාට තියෙන්නේ පොතේ පතේ දැනුම විතරයි සමාජ දැනුම නෑ, ලොකේ  ගැන දන්නේ නෑ කියලා. 

👉 මම පාසල් කාලෙදි ඔය දෙපැත්තම තිබුණු කෙනෙක්. හැබැයි මට පවා සමාජ අත්දැකීම් නෑ කියලා එක එක රස කතා කියපු සමහර පාසල් මිත්‍රයෝ හිටියා. හැබැයි ඒ සමහරු ඕලෙවල්වත් පාස් කරගන්න බැරි වුණු අය. 

👉 ඇත්තටම උඹලාට තියෙන්නේ පොතේ පතේ දැනුම විතරයි වෙන මුකුත් නෑ කියන නූගත් මිනිස්සුන්ට තියෙන්නේ මොනවාද? එයාලාට  පොතේ පතේ දැනුමකුත් නෑ, සමාජ හෝ වෙන මොනවා හරි විශේෂ දැනුමකුත් නෑ. 

👉 එයාලට තියෙන්නේ ඕනෑම මෝඩයෙකුට පහසුවෙන් ලබන්න පුළුවන් තරුණ කාලේ රස්තියාදු ගහලා ගන්න අත්දැකීම් ටික විතරයි. ඒවා කොයි තරම් සීමාසහිත දේවල්ද කියලා තේරෙන්නත් මිනිහෙක් එතනින් එහා විවිධ සමාජතලවලට, විවිධ සංස්කෘතින් තුළට, ලෝක අත්දැකීම්වලට නිරාවරණය වෙන්න ඕන. එහෙම වෙන්න අපි වගේ අයට අවස්ථාව හම්බවෙන්නේ ඉගෙන ගන්න කාලේ ඒකට අවශ්‍ය කැපවීම විනය අපි තුළ තිබුණොත් විතරයි.

👉 ඒ නිසා අහසට ඉගිල්ලෙන්න නම් ටික කාලයක් බිත්තර කටුව ඇතුළේ හිරවෙලා ඉන්න පුරුදු වෙන්න ඕන. අත්තටු ශක්තිමත් වෙනකල් කූඩුව ඇතුළේ හිරවෙලා ඉන්න පුරුදු වෙන්න ඕන. ඒ පීඩනය දරාගන්නේ නැතුව, අහසේ දිග පළල දන්නේ නැතුව, එක පාරට ඉගිල්ලෙන්න හීන දැක්කොත් යන්න පුළුවන් දුර ඉතා සීමිතයි. 

👉 ඒ නිසා ඉගෙනගන්න වයසේ ඉන්න ළමයි මේ ව්‍යාජ රැඩිකල් චරිතවල විකාර රැඩිකල් කතාවලින් තමන්ගේ මනස අවුල් කරගෙන අමාරුවේ වැටෙන්න එපා කියන එක තමයි අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ.

ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.