විභාග නොලියා දරුවන්ට ජීවිතේ විඳින්න කියමුද?
👉 ඔයා විශිෂ්ට කවි හිතක් තියන මිනිහෙක්. අනික ඔයා දකුණු පළාතේ... ඔයා මොකටද මේ කෙහෙල්මල් වෛද්‍ය උපාධියක් වෙනුවෙන් නැහෙන්නේ... විසි කරන්න ඔය උපාධි පැත්තකට... යන්න දකුණේ ධීවර ජනතාවගේ සුවඳ විඳින්න... ගිහින් කවි ලියන්න.
👉 මේක බැලූ බැල්මට විහිළුවක් වගේ පෙනුණාට ඇත්තටම විහිළුවක් නෙමෙයි. මේක කාලෙකට කලින් මගේ මිත්‍ර වෛද්‍ය ශිෂ්‍යයෙකුට ලංකාවේ ප්‍රසිද්ධ කවියෙක් දීපූ අපූරු උපදේශයක්.
👉 විභාග ක්‍රමය සහ අධ්‍යාපනය දිහා කවි මනසින් බලලා කරන විකාර සහගත රැඩිකල් විග්‍රහයන් සම්බන්ධව මේ කතාව හොඳ උදාහරණයක්.
👉 පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි අධ්‍යාපනය කියන්නේ... විභාග පාස් වෙනවාට වඩා ජීවිතේ විඳින එක වැදගත්... ලෝකේ හැමදාම සුපිරි චරිත බිහිවුණේ පන්තියේ අන්තිම පේළියෙන්... ගණන් විද්‍යාව ඉගෙන ගන්නවාට වඩා රස වින්දනය දන්න ගහකොළවල සුවඳ අඳුනන ළමයි මාරයි... හැබෑ දක්ෂකම් විභාග සහතිකවලින් මනින්න බෑ... වගේ සීයට දහයක විතර සත්‍යයක් සහිත භයානක බොරු සමාජගත කරන එක මේ වගේ ඊනියා රැඩිකල් චරිත නිතිපතා කරන දෙයක්.
👉 මේ කටයුත්තට ලංකාවේ කලාකරුවෝ කියන අය දක්වන දායකත්වය ඉතා විශාලයි. සුනිල් එදිරිසිංහ ගායනා කරන ඉස්සර මං ගිය පාසල ඇරිලා පුංචි පැටව් පෙරහැරේ එනවා කියන ගීතයත් මේකට එක උදාහරණයක්.
👉 අද මේ ගැන සමාජ මාධ්‍යවල කතාබහක් ඇති වෙලා තියෙන්නෙත් කලාකාරිනියකගේ අපූරු ප්‍රකාශයක් නිසා.
👉 ඉතින් ඒ අනුව අධ්‍යාපනය ලබන වයසේ ඉන්න තරමක් විචාරශීලී මනසක් සහිත, වෙනස් අදහස් සහිත දරුවන්ට මේ අදහස්වලින් වෙන්නේ විශාල හානියක්. මම මෙහෙම කියන්නේ මටත් ඉගෙන ගන්න කාලේ මේ වගේ විකාර අදහස්වල බලපෑම තදින් දැනුණු නිසා.
👉 විභාග ක්‍රමවල ප්‍රශ්න ගැටලු සීමාකම් තියනවා කියන එක ගැන කිසිම විවාදයක් නෑ. විභාග විතරක් නෙමෙයි මිනිස්සු ඕනම දෙයක් කරන්න හදාගත්ත ඕනෑම ක්‍රමවේදයක ගැටලු සීමාකම් තිබෙනවා. පරිපූර්ණ පරමාදර්ශී ක්‍රමවේද මුකුත් ලෝකේ නෑ.
👉 හැබැයි අධ්‍යාපනයෙන් දක්ෂතා සහිත අය තෝරාගන්න, ඉදිරියට යන්න, ඔවුන්ව නිශ්චිත වෘත්තියක් හෝ වෙනත් දෙයකට පුහුණු කරන්න, විධිමත් අධ්‍යාපනය විභාග ක්‍රමය, හැදියාව, විනය, කැපකිරීම් වගේ දේවල් බෙහෙවින්ම වැදගත් වෙනවා.
👉 ඒ ක්‍රමය තුළ අනිවාර්යෙන්ම පීඩනයක් තියනවා තමයි. අඩු වැඩි වශයෙන් ඒක ලෝකේ කොහෙත් එහෙමයි. ඔව් ඇත්ත. පීඩනයක් නැතුව මිනිස්සුන්ට කිසිම දෙයක් කරන්න බෑ.
👉 මිනිස්සු ඉගෙන ගත්තත්, රස්සාවක් කළත්, සමාජ කටයුතු කළත්, කලා කටයුතු කළත්, කුඹුරු කෙටුවත්, පාර අතුගෑවත් මේ හැම එකකම පීඩනයක් තියනවා. පීඩනයක් නැතුව, කැපකිරීමක් නැතුව, වෙහෙස මහන්සයක් නැතුව, ආතතීන් දරාගන්නේ නැතුව මිනිස්සුන්ට කරන්න පුළුවන් කිසිම දෙයක් ලෝකේ නෑ.
👉 පීඩනයක්, කැපකිරීමක් නැතුව මිනිස්සු තනි තනිව හෝ සමාජයක් වශයෙන් හෝ කිසිම ජයග්‍රහණයක් ලබාගෙන නෑ. එහෙම දුක්ගැහැට දරාගන්න පුළුවන් මිනිස්සු නිසා තමයි ලෝකය මේ තරම් වෙනස් වෙලා තියෙන්නේ.
👉 අනික ජීවිතයේ සතුට, තෘප්තිය කියන එක හැදෙන්නෙත් ජීවිතේ අභියෝගවලට මුහුණ දෙමින්, පීඩාවන් දරාගනිමින්, ඒවා පරාජය කරමින් ඉදිරියට යන එකේ මිසක්, කිසිම පීඩනයක් නැතුව, කොන්දේසි විරහිත නිදහසක් යටතේ කකා බිබී ජීවිතේ විඳින එක තුළ නෙමෙයි.
👉 එහෙම ජීවිතේ විඳින්න පුළුවන් මිනිස්සු ලෝකේ ඉතා විරලයි වගේම හැමෝටම නම් එහෙම හිතන්න කොහොමවත් හැකියාවක් නෑ. අනික එහෙම ජීවිතේ විදින්න පුළුවන් සුල්තාන් කෙනෙකුගේ පුතෙක් වුණත් එහෙම ජීවත් වෙන්න කැමති නෑ. ඒ නිසා එහෙම පුතාලත් මොකක් හරි ගැටෙන්න ප්‍රශ්නයක් හොයා ගන්නවා. කොන්දේසි විරහිත නිදහසකින් ලෝකේ කිසිම මිනිහෙකුට කිසිම තේරුමක් නෑ.
👉 මොකද මිනිහා කියන්නෙම ස්වභාවයෙන්ම ප්‍රශ්න අභියෝග එක්ක ගැටෙන්න කැමති කෙනෙක්. එහෙම නැතුව මිනිහා කියන්නේ කූඩුවක දාලා හදන සතෙක් වගේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ගැටුම්, අභියෝග, දුෂ්කරතා එක්ත තමයි ජීවිතේ සතුට, අභිමානය උපදින්නේ. ඒවා එක්ක තමයි මිනිස්සු පෞද්ගලිකව වගේම සමාජීය වශයෙනුත් ජයග්‍රහණ ලබාගන්නේ...
👉 ඒ නිසා විභාග පැත්තක තියලා සින්දු අහන්න, ගහකොලවල සුවඳ විඳින්න, ඇළේ දොළේ නාන්න, ෆිල්ම් බලන්න, කවි ලියන්න, සමාජ අත්දැකීම් ගවේෂණය කරන්න, පොදු ජනයාගේ හදගැස්මට කන්දෙන්න වගේ විකාර කතා කවුරු හරි කියනවා නම් ඒක තමයි ළමයින්ට ඉගෙන ගන්න වයසේදි කරන්න පුළුවන් ලොකුම හානිය. ඒ හානියේ බලපෑමට වැඩියෙන්ම ලක්වෙන්නේ නිකම් ළමයි නෙමෙයි විචාරශීලී මනසක් සහිත ළමයි.
👉 ඒ නිසා ඔය කියන සේරම දේවල් කළාට කමක් නෑ හැබැයි ඒවා කරන්න ඕන අධ්‍යාපනයත් එක්ක සමබරතාවක් පවත්වා ගනිමින් මිසක් ඉන් පරිබාහිරව නෙමෙයි.
👉 මොකද යොවුන් වියේදී ළමයි හිතනවා පන්තියේ ඉගෙන ගන්නවාට වැඩිය කෙල්ලෝ පස්සේ යන එක, ලව් කරන එක, පාරවල්වල රස්තියාදු වෙන එක, ගස් ගල් යට හැංගිලා අරක්කු සිගරට් බොන එක, යාළුවෝ මිත්‍රයෝ එක්ක ගමේ වළ බහින එක, මොකක් හරි මගෝඩි වැඩක් කරලා සතුටු වෙන එක වගේ දේවල් ජීවිතේට මාර වැදගත් සහ ඒවා ජීවිතේට මාර වටිනාකමක් එකතු කරන අත්දැකීම් කියලා. ඔවුන්ට මේ කලාකරුවන්ගේ ළාමක කතාවලින් ලැබෙන්නේ විශාල උත්තේජනයක්.
👉 එහෙම රස්තියාදුකාර අත්දැකීම් තියන ළමයි, එහෙම අත්දැකීම් අඩු ඉගෙන ගන්න දක්ෂ ළමයින්ට හිනාවෙනවා උඹලාට තියෙන්නේ පොතේ පතේ දැනුම විතරයි සමාජ දැනුම නෑ, ලොකේ ගැන දන්නේ නෑ කියලා.
👉 මම පාසල් කාලෙදි ඔය දෙපැත්තම තිබුණු කෙනෙක්. හැබැයි මට පවා සමාජ අත්දැකීම් නෑ කියලා එක එක රස කතා කියපු සමහර පාසල් මිත්‍රයෝ හිටියා. හැබැයි ඒ සමහරු ඕලෙවල්වත් පාස් කරගන්න බැරි වුණු අය.
👉 ඇත්තටම උඹලාට තියෙන්නේ පොතේ පතේ දැනුම විතරයි වෙන මුකුත් නෑ කියන නූගත් මිනිස්සුන්ට තියෙන්නේ මොනවාද? එයාලාට පොතේ පතේ දැනුමකුත් නෑ, සමාජ හෝ වෙන මොනවා හරි විශේෂ දැනුමකුත් නෑ.
👉 එයාලට තියෙන්නේ ඕනෑම මෝඩයෙකුට පහසුවෙන් ලබන්න පුළුවන් තරුණ කාලේ රස්තියාදු ගහලා ගන්න අත්දැකීම් ටික විතරයි. ඒවා කොයි තරම් සීමාසහිත දේවල්ද කියලා තේරෙන්නත් මිනිහෙක් එතනින් එහා විවිධ සමාජතලවලට, විවිධ සංස්කෘතින් තුළට, ලෝක අත්දැකීම්වලට නිරාවරණය වෙන්න ඕන. එහෙම වෙන්න අපි වගේ අයට අවස්ථාව හම්බවෙන්නේ ඉගෙන ගන්න කාලේ ඒකට අවශ්‍ය කැපවීම විනය අපි තුළ තිබුණොත් විතරයි.
👉 ඒ නිසා අහසට ඉගිල්ලෙන්න නම් ටික කාලයක් බිත්තර කටුව ඇතුළේ හිරවෙලා ඉන්න පුරුදු වෙන්න ඕන. අත්තටු ශක්තිමත් වෙනකල් කූඩුව ඇතුළේ හිරවෙලා ඉන්න පුරුදු වෙන්න ඕන. ඒ පීඩනය දරාගන්නේ නැතුව, අහසේ දිග පළල දන්නේ නැතුව, එක පාරට ඉගිල්ලෙන්න හීන දැක්කොත් යන්න පුළුවන් දුර ඉතා සීමිතයි.
👉 ඒ නිසා ඉගෙනගන්න වයසේ ඉන්න ළමයි මේ ව්‍යාජ රැඩිකල් චරිතවල විකාර රැඩිකල් කතාවලින් තමන්ගේ මනස අවුල් කරගෙන අමාරුවේ වැටෙන්න එපා කියන එක තමයි අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ.
ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා