News Category
From Date
To Date
Maximum Number of Result

ජවිපෙ සොයන රටේ රාළ බිල්ල..

Aug 4, 2025 at 07:53 AM
|

පහුගිය දවසක වරුණ දිප්ති රාජපක්ෂ අපේ මිත්‍රයාගේ යු ටියුබ් නාලිකාව හරහා බරපතල අනාවරණයක් කළා.ඒ තමන්ට විපරිත මනසක් තියෙන බව කියාගන්න ජවිපෙ සාමාජිකයෙක් එයා නියෝජනය කරන WhatsApp group එකකට දාපු මැසේජ් එකක් සම්බන්ධවයි.ඒ පණිවිඩයෙන් කියන්නේ මේ ආණ්ඩුවට එරෙහිවන ගොබ්බයන්ට ෂොට් එක දෙන්න ඕනි කියලා සහ ඒ වැඩේ බාරගන්න මිනිහා ලෑස්තියි කියලයි.එයා කියන විදහට මේ රටේ ජහමනයා නීතියකට අනුව හදන්න ඕනිලු.ඒ කියන්නේ වෙන මොකවත් නෙවෙයි ටිල්වින්ගේ කැලෑ නීතියට අනුවයි.

මිනිහා කියන්නේ ෂොට් එක දෙන වැඩේ මතවාදය හදන කොටස ලාල් කාන්තට බාර දෙන්න ඕනි කියලයි.අනුරට කියලා අපර් හෑන්ඩ් එකක් අරන් දෙන්න කියලත් එයා මැසේජ් එක යවන පුද්ගලයාගෙන් ඉල්නවා.ඒ වගේම සල්ලි ටිකකුයි,පාස් පෝට් එකකුයි අරන්න දෙන්න කියලත් ඉල්ලනවා.ඒ ටික දෙනවා නං සතියෙන් කට්ටියට ෂොට් එක දීලා අවසන් කරනවා කියලත් කියනවා.මෙහෙම ගියොත් තව අවුරුද්දකින් ගෝඨාභයට වගේ බලු වෙන්න වෙනවා කියලත් මෑන් කියනවා.වරුණ එතනදී ඒ group එකේ ඉන්න අනිත් අයගේ නම් ගම් සහ එයාලා වැඩේට සෙට් කරගන්න යෝජනා කරන අයගෙත් නම් එක්කම කිව්වා.

දැන් මෙයාලගෙන් ෂොට් එක බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විදිහට රටේ රාළටත් කියන්න කතාවක් මෙතන තියනවා.ඉතිහාසයේදී ජවිපෙ සටන්කරුවෙක් විදිහට ඉන්දැද්දී නිල සහ නිල නොවන ගහලයන්ගෙන් අහම්බෙන් ජීවිත බේරුණා. ජවිපෙ විනාශ උන තත්වයක් යටතේ බාරවෙන්න කියලා බල කරද්දීත් අපි මාස ගණන් තැන් තැන්වල හිටියා.වනගත වෙලත් හිටියා.ඒත් අපි ටිල්වින්ලා වගේ යටත්වුනේ නෑ.අනුරලා වගේ පැනලා ගියේ නෑ,විජිතලා වගේ පාවාදුන්නේ නෑ.අදත් එදා වගේම නිල සහ නිල නොවන කල්ලි ජවිපෙත් එක්ක එකතුවෙලා අපි පස්සේ පන්නනවා.

එයාලා කොතනකදී හරි රටේ රාළට ෂොට් එක දෙන බව රටේ රාළ දන්නවා.හැබැයි ෂොට් එක දෙනකම් රටේ රාළ තමන්ගේ සමාජ යුතුකම ඉෂ්ඨ කරනවා.ඒ තමයි මේ රටට ඇත්ත කතාව කියාදෙන එක.මේ page එක පටන් ගත්තේ 2017දී.ඒ රටේ රාළ එතෙක් දරපු සියලු දේශපාලන වගකීම්වලින් ඉල්ලා අස්වෙලා ඇවිත්.එදා පටන් අද දක්වාම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා නෑ, සම්බන්ධ වෙන්නෙත් නෑ.රටේ රාළ ලිපියෙන් ජනතාවගේ මතය කතා කරනවා.ඊට ගොඩක් අය තොරතුරු දෙනවා,උදව් කරනවා. ඒක නිසා මේ ලිපිය තනි පුද්ගල අයිතියක් නෙවෙයි.මේ ලිපිවල කිසිම බොරුවක් කියලා නෑ වගේම මේ ලියන හැම වචනයකටම රටේ රාළ වගකියනවා.

ඇත්තටම වරුණ කියන ඔය තත්වය රටේ රාළ මුහුණ දෙන්නේ 2008දී.2008දී රටේ රාළ ජවිපෙන් අයින් උන දවසේ පටන් ටිල්වින්ගේ යමපල්ලෝ රටේ රාළ පස්සෙන් එලෙව්වා.අවස්ථා දෙකකදී බිලි ගන්න හදපු සැලසුම් අසාර්ථක වුනා.ඒවා තවමත් සාක්ෂි සහිතව තියනවා.ඒ කියන්නේ එදා ටිල්වින් පැරදිලා රටේ රාළ දිනුවා.හැබැයි අද තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්.අද ජවිපෙ මේ රටේ රාජ්‍ය බලය හොබවනවා.ටිල්වින් හැමදාම හීන දැක්කේ අර්ථ මිල්ටරි රාජ්‍යයක් ගැනයි.ටිල්වින් ගොඩක් කැමති හමාස් ආකෘතියට.

අද මේ ආණ්ඩුවේ පැරා මිල්ටරි කණ්ඩායම් කෙලින්ම handle කරන්නේ පැලවත්තෙන් බව අපි දන්නවා.කළුතර ප්‍රසාන්තලා තවමත් ටිල්වින් එක්ක ඉන්න බවත් රටේ රාළ දන්නවා.ඒ වගේම ජවිපෙ රටේ රාළ සම්බන්ධව අරගෙන තියන තීරණයත් දන්නවා. ටිල්වින් නොදන්නවා උනාට ඒ තොරතුරු එන්නේ පැලවත්තෙන්ම තමයි.රටේ රාළ ලිපි ශෙයා කරන pageවල,WhatsApp groupවල Adminලට පැලවත්තෙන් කරන බලපෑම රටේ රාළ දන්නවා.

ඇත්තටම තත්වය භයානක බවත් රටේ රාළ හොඳටම දන්නවා. ඒත් අපට අත්හරින්න බැරි වගකීමක් මේ රට වෙනුවෙන් කරන්න තියනවා.එයාලා අපිට ෂොට් එක දීලා යනතුරුම අපි අපේ වැඩේ කරනවා.මොකද 88/89 අවස්ථා දෙකක් මරණය පෙනී පෙනී බේරුණා,2008දී අවස්ථා දෙකක් ටිල්වින්ගේ යමපල්ලන්ගෙන් බේරුණා.ඒක නිසා මේ ලැබිලා තියෙන්නේ ජීවිතයේ බෝනස් කාලයක්.මේ බෝනස් කාලපරිච්ජේදය ඇතුලේ සුජාත ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට ඉන්න ඕනි.අපි ජීවත්වෙන කාලය තීරණය කිරීම පැලවත්තට බාරයි.ඒත් අපිත් පරාජය ලේසියෙන් බාරගන්නේ නෑ.

ඔයාලා නිකං හිතන්නකෝ මේ ආණ්ඩුවෙන් වැඩක් කරන්න ඕනි නං මොකද්ද කරන්න ඕනි කියලා.ඒකට අනිවාර්යයෙන්ම jvpකාරයෙක් අල්ලගන්න ඕනි.මාලිමාකාරයෙක් අල්ලගෙන වැඩක් නෑ.ඔයාලට නෙවෙයි මාලිමාකාරයෙකුට උනත් මේ ආණ්ඩුවෙන් වැඩක් කරගන්න නං jvpකාරයෙන් අල්ලගන්න ඕනි.ඒ කියන්නේ තනිකරම මේ රට හසුරවන්නේ පැලවත්තෙන්.කවුරු හරි මේ ආණ්ඩුව ගේන්න හදන මර්ධනයට බය නං ඒක ෂේප් කරගන්න මාලිමාකාරයෙක් අල්ලලා වැඩක් නෑ.ඒකටත් අනිවාර්යයෙන්ම jvp ලොකු කකුලක් අල්ල ගන්න ඕනි.

එහෙම කවුරු හරි ඉන්නවා නං එයාට බේරෙන්න තව ක්‍රමයත් තියනවා.රටේ රාළ ඒකත් කියා දෙන්නම්.එහෙම නං කරන්න ඕනි ජවිපෙට ගහන්නේ නැතිව මාලිමාවට ගහන එකයි.හරිනිට ගහනවා නං ඒකට ජවිපෙ තරම් වෙන කවුරුත් කැමති නෑ.හැබැයි ජවිපෙට ගැහුවොත් නං බඩුම තමයි.මෙතනදී රටේ රාළ තෝරගෙන තියෙන්නේ අමාරු සහ අවධානම් අභියෝගය.මොකද හරිනි ඇතුලේ,චතුරංගලා ඇතුලේ ඉන්නෙත් ඔය අනිත් දේශපාලන පක්ෂ නායකයන් ඇතුලේ ඉන්න සතාම තමයි.හැබැයි jvpකාරයා ඇතුලේ ඉන්නේ ඒ ජාතියේ සතෙක් නෙවෙයි.රටේ රාළ ඒ සතා හොඳට අඳුරනවා.

ඒ සතා තමයි මේ රටට අතිශයින් හානිකර සතා.ඒකා එක්ක හැපෙන්නේ නැතිව මේ මොහොතේ වැඩකට නැති හාල් කෑලිත් එක්ක හැපෙන එක රටේ රාළට වටින්නේ නෑ.මේක ඔයාලට තේරුම් ගන්න තවත් හොඳම උදාහරණයක් තියනවා.දැන් මේ ආණ්ඩුවේ ඔලමොට්ටල කතා නොකියන කෙනෙක් නෑනේ.ජවිපෙ සහ මාලිමාවේ අය තරඟෙට ඔලමොට්ටල කතා කියනවා.ඔයාලා හොඳට බලන්න jvpකාරයෙක් කියපු ඔලමොට්ටල කතාවක් වෛරල් වෙනකොට ටක් ගාලා ඒ එක්කම මාලිමාවේ කෙනෙක්ගෙත් ඔලමොට්ටල කතාවක් දානවා.පරණ එකක් හරි දානවා.

ඒකෙන් කරන්නේ අර ජේවීපීකාරයා කියපු ඔලමොට්ටල කතාව වැහිලා මාලිමාකාරයාගේ ඔලමොට්ටල කතාවට අවධානය හදන එකයි.නැත්තං අර විරෝධය දිය කරන එකයි.එක දාන්නේ ජේවීපීකාරයා බේරගන්න.විශේෂයෙන්ම බිමල්,හදුන්,නලින්ද එහෙම ඔලමොට්ටල කතාවක් කියපු ගමන් මාලිමාවේ කෙනෙක්ගේ ඔලමොට්ටල කතාවකුත් කරලියට එනවා.හැබැයි ලාල්ට ඒ චාන්ස් එක නෑ.දැන් ඔයාලට හිතාගන්න පුලුවන්නේ වැඩේ කරන්නේ කවුද කියලා.මේ ලිපි පෙල ඉතා මෑතක් වෙනතුරු ලිව්වේ රටේ රාළ කියන නමින්.හෙටත් එහෙම තමයි.

හැබැයි මේ ලිපියේ අනන්‍යතාවය කාගේද කියන හෙලි කිරීම කරන්න රටේ රාළ තීරණය කරන්නේ ජවිපෙ තර්ජණය එලිපත්තටම ඇවිත් තියන නිසයි.පහුගිය 28 වෙනිදා රටේ රාළ කියන්නේ කවුද කියලා ඔයාලා දකින්න ඇති.ඒක කළේ හේතු දෙකක් එක්ක.එකක් කවදා හරි දවසක රටේ රාළ මරලා දාලා කිව්වොත් ඔයාලාට මේ මොකාද කියලා හිතේ කොනක ඡායාවක්වත් හදාගන්න බෑ.දැන් අඩුම ගානේ මරලා දාලා තියෙන්නේ priyanjith vitharana කියලා ඔයාලට මතක් හරිවෙයි.

අනන්‍යතාවය හෙලිකිරීමෙන් රටේ රාළ බලාපොරොත්තු වෙන අනිත් කාරණය තමයි ජවිපෙ අත්තනෝමතිකත්වයට කවදාවත් යටත් වෙන්නේ නැති බවයි.ඒක නිසා රටේ රාළව මරලා දාන්න ඉස්සෙල්ලා රටේ රාළටත් බේරගන්න ගනුදෙනුවක් තියනවා. හැබැයි ඒ ජවිපෙත් එක්ක නං නෙවෙයි.ඒ මේ රටේ ජනතාවත් එක්ක.ලොකු බලාපොරොත්තු නෑ,මැරෙන්න ඉස්සෙල්ලා මේ රටේ ජනතාවගේ ඇත්ත හතුරා කවුද කියලා කියාදීලා මැරෙන්න තිබුනොත් ඒ හොඳටම ඇති.තර්ජණ වැඩිවෙන්න වැඩිවෙන්න වෙන්නේ ලියන ලිපි ගාණ වැඩිවෙන එක විතරයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

(Priyanjith vitharana)

(මුහුණු පොතෙනි)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.