ජවිපෙ සොයන රටේ රාළ බිල්ල..
පහුගිය දවසක වරුණ දිප්ති රාජපක්ෂ අපේ මිත්‍රයාගේ යු ටියුබ් නාලිකාව හරහා බරපතල අනාවරණයක් කළා.ඒ තමන්ට විපරිත මනසක් තියෙන බව කියාගන්න ජවිපෙ සාමාජිකයෙක් එයා නියෝජනය කරන WhatsApp group එකකට දාපු මැසේජ් එකක් සම්බන්ධවයි.ඒ පණිවිඩයෙන් කියන්නේ මේ ආණ්ඩුවට එරෙහිවන ගොබ්බයන්ට ෂොට් එක දෙන්න ඕනි කියලා සහ ඒ වැඩේ බාරගන්න මිනිහා ලෑස්තියි කියලයි.එයා කියන විදහට මේ රටේ ජහමනයා නීතියකට අනුව හදන්න ඕනිලු.ඒ කියන්නේ වෙන මොකවත් නෙවෙයි ටිල්වින්ගේ කැලෑ නීතියට අනුවයි.
මිනිහා කියන්නේ ෂොට් එක දෙන වැඩේ මතවාදය හදන කොටස ලාල් කාන්තට බාර දෙන්න ඕනි කියලයි.අනුරට කියලා අපර් හෑන්ඩ් එකක් අරන් දෙන්න කියලත් එයා මැසේජ් එක යවන පුද්ගලයාගෙන් ඉල්නවා.ඒ වගේම සල්ලි ටිකකුයි,පාස් පෝට් එකකුයි අරන්න දෙන්න කියලත් ඉල්ලනවා.ඒ ටික දෙනවා නං සතියෙන් කට්ටියට ෂොට් එක දීලා අවසන් කරනවා කියලත් කියනවා.මෙහෙම ගියොත් තව අවුරුද්දකින් ගෝඨාභයට වගේ බලු වෙන්න වෙනවා කියලත් මෑන් කියනවා.වරුණ එතනදී ඒ group එකේ ඉන්න අනිත් අයගේ නම් ගම් සහ එයාලා වැඩේට සෙට් කරගන්න යෝජනා කරන අයගෙත් නම් එක්කම කිව්වා.
දැන් මෙයාලගෙන් ෂොට් එක බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විදිහට රටේ රාළටත් කියන්න කතාවක් මෙතන තියනවා.ඉතිහාසයේදී ජවිපෙ සටන්කරුවෙක් විදිහට ඉන්දැද්දී නිල සහ නිල නොවන ගහලයන්ගෙන් අහම්බෙන් ජීවිත බේරුණා. ජවිපෙ විනාශ උන තත්වයක් යටතේ බාරවෙන්න කියලා බල කරද්දීත් අපි මාස ගණන් තැන් තැන්වල හිටියා.වනගත වෙලත් හිටියා.ඒත් අපි ටිල්වින්ලා වගේ යටත්වුනේ නෑ.අනුරලා වගේ පැනලා ගියේ නෑ,විජිතලා වගේ පාවාදුන්නේ නෑ.අදත් එදා වගේම නිල සහ නිල නොවන කල්ලි ජවිපෙත් එක්ක එකතුවෙලා අපි පස්සේ පන්නනවා.
එයාලා කොතනකදී හරි රටේ රාළට ෂොට් එක දෙන බව රටේ රාළ දන්නවා.හැබැයි ෂොට් එක දෙනකම් රටේ රාළ තමන්ගේ සමාජ යුතුකම ඉෂ්ඨ කරනවා.ඒ තමයි මේ රටට ඇත්ත කතාව කියාදෙන එක.මේ page එක පටන් ගත්තේ 2017දී.ඒ රටේ රාළ එතෙක් දරපු සියලු දේශපාලන වගකීම්වලින් ඉල්ලා අස්වෙලා ඇවිත්.එදා පටන් අද දක්වාම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා නෑ, සම්බන්ධ වෙන්නෙත් නෑ.රටේ රාළ ලිපියෙන් ජනතාවගේ මතය කතා කරනවා.ඊට ගොඩක් අය තොරතුරු දෙනවා,උදව් කරනවා. ඒක නිසා මේ ලිපිය තනි පුද්ගල අයිතියක් නෙවෙයි.මේ ලිපිවල කිසිම බොරුවක් කියලා නෑ වගේම මේ ලියන හැම වචනයකටම රටේ රාළ වගකියනවා.
ඇත්තටම වරුණ කියන ඔය තත්වය රටේ රාළ මුහුණ දෙන්නේ 2008දී.2008දී රටේ රාළ ජවිපෙන් අයින් උන දවසේ පටන් ටිල්වින්ගේ යමපල්ලෝ රටේ රාළ පස්සෙන් එලෙව්වා.අවස්ථා දෙකකදී බිලි ගන්න හදපු සැලසුම් අසාර්ථක වුනා.ඒවා තවමත් සාක්ෂි සහිතව තියනවා.ඒ කියන්නේ එදා ටිල්වින් පැරදිලා රටේ රාළ දිනුවා.හැබැයි අද තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්.අද ජවිපෙ මේ රටේ රාජ්‍ය බලය හොබවනවා.ටිල්වින් හැමදාම හීන දැක්කේ අර්ථ මිල්ටරි රාජ්‍යයක් ගැනයි.ටිල්වින් ගොඩක් කැමති හමාස් ආකෘතියට.
අද මේ ආණ්ඩුවේ පැරා මිල්ටරි කණ්ඩායම් කෙලින්ම handle කරන්නේ පැලවත්තෙන් බව අපි දන්නවා.කළුතර ප්‍රසාන්තලා තවමත් ටිල්වින් එක්ක ඉන්න බවත් රටේ රාළ දන්නවා.ඒ වගේම ජවිපෙ රටේ රාළ සම්බන්ධව අරගෙන තියන තීරණයත් දන්නවා. ටිල්වින් නොදන්නවා උනාට ඒ තොරතුරු එන්නේ පැලවත්තෙන්ම තමයි.රටේ රාළ ලිපි ශෙයා කරන pageවල,WhatsApp groupවල Adminලට පැලවත්තෙන් කරන බලපෑම රටේ රාළ දන්නවා.
ඇත්තටම තත්වය භයානක බවත් රටේ රාළ හොඳටම දන්නවා. ඒත් අපට අත්හරින්න බැරි වගකීමක් මේ රට වෙනුවෙන් කරන්න තියනවා.එයාලා අපිට ෂොට් එක දීලා යනතුරුම අපි අපේ වැඩේ කරනවා.මොකද 88/89 අවස්ථා දෙකක් මරණය පෙනී පෙනී බේරුණා,2008දී අවස්ථා දෙකක් ටිල්වින්ගේ යමපල්ලන්ගෙන් බේරුණා.ඒක නිසා මේ ලැබිලා තියෙන්නේ ජීවිතයේ බෝනස් කාලයක්.මේ බෝනස් කාලපරිච්ජේදය ඇතුලේ සුජාත ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට ඉන්න ඕනි.අපි ජීවත්වෙන කාලය තීරණය කිරීම පැලවත්තට බාරයි.ඒත් අපිත් පරාජය ලේසියෙන් බාරගන්නේ නෑ.
ඔයාලා නිකං හිතන්නකෝ මේ ආණ්ඩුවෙන් වැඩක් කරන්න ඕනි නං මොකද්ද කරන්න ඕනි කියලා.ඒකට අනිවාර්යයෙන්ම jvpකාරයෙක් අල්ලගන්න ඕනි.මාලිමාකාරයෙක් අල්ලගෙන වැඩක් නෑ.ඔයාලට නෙවෙයි මාලිමාකාරයෙකුට උනත් මේ ආණ්ඩුවෙන් වැඩක් කරගන්න නං jvpකාරයෙන් අල්ලගන්න ඕනි.ඒ කියන්නේ තනිකරම මේ රට හසුරවන්නේ පැලවත්තෙන්.කවුරු හරි මේ ආණ්ඩුව ගේන්න හදන මර්ධනයට බය නං ඒක ෂේප් කරගන්න මාලිමාකාරයෙක් අල්ලලා වැඩක් නෑ.ඒකටත් අනිවාර්යයෙන්ම jvp ලොකු කකුලක් අල්ල ගන්න ඕනි.
එහෙම කවුරු හරි ඉන්නවා නං එයාට බේරෙන්න තව ක්‍රමයත් තියනවා.රටේ රාළ ඒකත් කියා දෙන්නම්.එහෙම නං කරන්න ඕනි ජවිපෙට ගහන්නේ නැතිව මාලිමාවට ගහන එකයි.හරිනිට ගහනවා නං ඒකට ජවිපෙ තරම් වෙන කවුරුත් කැමති නෑ.හැබැයි ජවිපෙට ගැහුවොත් නං බඩුම තමයි.මෙතනදී රටේ රාළ තෝරගෙන තියෙන්නේ අමාරු සහ අවධානම් අභියෝගය.මොකද හරිනි ඇතුලේ,චතුරංගලා ඇතුලේ ඉන්නෙත් ඔය අනිත් දේශපාලන පක්ෂ නායකයන් ඇතුලේ ඉන්න සතාම තමයි.හැබැයි jvpකාරයා ඇතුලේ ඉන්නේ ඒ ජාතියේ සතෙක් නෙවෙයි.රටේ රාළ ඒ සතා හොඳට අඳුරනවා.
ඒ සතා තමයි මේ රටට අතිශයින් හානිකර සතා.ඒකා එක්ක හැපෙන්නේ නැතිව මේ මොහොතේ වැඩකට නැති හාල් කෑලිත් එක්ක හැපෙන එක රටේ රාළට වටින්නේ නෑ.මේක ඔයාලට තේරුම් ගන්න තවත් හොඳම උදාහරණයක් තියනවා.දැන් මේ ආණ්ඩුවේ ඔලමොට්ටල කතා නොකියන කෙනෙක් නෑනේ.ජවිපෙ සහ මාලිමාවේ අය තරඟෙට ඔලමොට්ටල කතා කියනවා.ඔයාලා හොඳට බලන්න jvpකාරයෙක් කියපු ඔලමොට්ටල කතාවක් වෛරල් වෙනකොට ටක් ගාලා ඒ එක්කම මාලිමාවේ කෙනෙක්ගෙත් ඔලමොට්ටල කතාවක් දානවා.පරණ එකක් හරි දානවා.
ඒකෙන් කරන්නේ අර ජේවීපීකාරයා කියපු ඔලමොට්ටල කතාව වැහිලා මාලිමාකාරයාගේ ඔලමොට්ටල කතාවට අවධානය හදන එකයි.නැත්තං අර විරෝධය දිය කරන එකයි.එක දාන්නේ ජේවීපීකාරයා බේරගන්න.විශේෂයෙන්ම බිමල්,හදුන්,නලින්ද එහෙම ඔලමොට්ටල කතාවක් කියපු ගමන් මාලිමාවේ කෙනෙක්ගේ ඔලමොට්ටල කතාවකුත් කරලියට එනවා.හැබැයි ලාල්ට ඒ චාන්ස් එක නෑ.දැන් ඔයාලට හිතාගන්න පුලුවන්නේ වැඩේ කරන්නේ කවුද කියලා.මේ ලිපි පෙල ඉතා මෑතක් වෙනතුරු ලිව්වේ රටේ රාළ කියන නමින්.හෙටත් එහෙම තමයි.
හැබැයි මේ ලිපියේ අනන්‍යතාවය කාගේද කියන හෙලි කිරීම කරන්න රටේ රාළ තීරණය කරන්නේ ජවිපෙ තර්ජණය එලිපත්තටම ඇවිත් තියන නිසයි.පහුගිය 28 වෙනිදා රටේ රාළ කියන්නේ කවුද කියලා ඔයාලා දකින්න ඇති.ඒක කළේ හේතු දෙකක් එක්ක.එකක් කවදා හරි දවසක රටේ රාළ මරලා දාලා කිව්වොත් ඔයාලාට මේ මොකාද කියලා හිතේ කොනක ඡායාවක්වත් හදාගන්න බෑ.දැන් අඩුම ගානේ මරලා දාලා තියෙන්නේ priyanjith vitharana කියලා ඔයාලට මතක් හරිවෙයි.
අනන්‍යතාවය හෙලිකිරීමෙන් රටේ රාළ බලාපොරොත්තු වෙන අනිත් කාරණය තමයි ජවිපෙ අත්තනෝමතිකත්වයට කවදාවත් යටත් වෙන්නේ නැති බවයි.ඒක නිසා රටේ රාළව මරලා දාන්න ඉස්සෙල්ලා රටේ රාළටත් බේරගන්න ගනුදෙනුවක් තියනවා. හැබැයි ඒ ජවිපෙත් එක්ක නං නෙවෙයි.ඒ මේ රටේ ජනතාවත් එක්ක.ලොකු බලාපොරොත්තු නෑ,මැරෙන්න ඉස්සෙල්ලා මේ රටේ ජනතාවගේ ඇත්ත හතුරා කවුද කියලා කියාදීලා මැරෙන්න තිබුනොත් ඒ හොඳටම ඇති.තර්ජණ වැඩිවෙන්න වැඩිවෙන්න වෙන්නේ ලියන ලිපි ගාණ වැඩිවෙන එක විතරයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
(Priyanjith vitharana)
(මුහුණු පොතෙනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..