අමෙරිකාවේ නව වෙළෙඳ යටත් විජිතවාදය, චීනය සමග කරන ගණුදෙණුව සහ ඉන්දියාවේ බලපෑම..
ඇමරිකාව ටැරිෆ් හදුන්වලා දුන්නේම රටවල් ඇමරිකාවට නතු කර ගන්න නව වෙළද යටත්විජිතවාදය වෙනුවෙන්මයි.
එහිදී අපට මුලින් 44% බද්දක් පනවා එය සාමාන්‍යයෙන් දකුණු ආසියා කලාපයට බලපෑ 25 % කොටස ඇතුලේ ලංකාවට 20 % ලෙස අළුතින්ම සංශෝධනය කර පිහිටුවා තිබේ.
ඒ අනුව දැං අපට බලපාන්නේ 20 % බද්දකි.
මේ කේවල කිරීමේදී ඉන්දියාවට 25 % එකතු කර ඇත්තේ රුසියාව සමග කරන ගණුදෙණු වලට පහරක් ගැසීම වෙනුවෙනි.
එනම් ඉන්දියාව ඇමරිකාවට රුසියාව සමග කරණ වෙලද ගණුදෙණු අඩු කිරිමකට යම් දිනක අනාගතයේදී එකග වුවහොත් ඉන්දියාවටද 20 % පකිස්ථානයට ලබාඉදුන් 19 % හෝ අගයට හෝ ඊට අඩු දකුණු ආසියාවට පොදු බදු ප්‍රතිශත සීමාවට පැමිණිය හැක.
ලංකාව මේ,වෙනුවෙන් නිළ වශයෙන් ඇමරිකානු සමාගම් හරහා ඉන්ධන සහ බොරතෙල් මිළට ගැනීම වැනි කාරණාවලට එකග කරගෙන තිබෙන බව කියන අතර නොනිළ ලෙස චීනයේ නිෂ්පාදන ආනයන පංගුව අඩු කරගන්න කරන ලද යොජනා ඉදිරිපත්ව ඇති බව කියති. ‼️
(පහුගිය කාලයේ චීනයේ නිෂ්පාදිත BYD වාහන 1000 වඩා එන්ජින් කැපසිටිය මත බදු අය කර ගැනීමකට අදාලව වරායේ ප්‍රමාද කරමින් ඒවා නැවත ආපසු හරවා යැවීමකට සුදානමක් ගැන ප්‍රවෘත්ති පලවුනේ නිකමට නොවේ )
ඇමරිකාව මේ, බදු ක්‍රියාත්මක කරන්නේම ඒ ඒ රටවල්
චීනය රුසියාව වැනි රටවල් සමග කරන ගණුදෙණුව අඩපණ කිරීම ඉලක්ක කරගෙනය.
එහිදී අපි 44% සිට 20 % දක්වා අඩු කොටසකට පැමිණීමට අපට බලපාන ප්‍රධානම කාරණය චීනය සමග වෙලද ගණුදෙණුවේ ප්‍රමාණය අඩු වීම,
අපි චීනය රුසියාව සහිත BRICS සමුළුව වැනි ඇමරිකාවට එරෙහිව ගොඩනැගෙන නව සංවිධාන සමග එකතු නොවීම වැනි කාරණා අනිවාර්යයෙන් ඇතුලත්ය.‼️
කෙසේ,වෙතත් නව රජය යටතේ නව ලිබරල් වාදී ඇමරිකන් බදු ප්‍රහාරය
ලංකාවේ ඇමරිකන්,වෙළද පල ආරක්ෂා කර ගනිමින් සමතුලිත කර ගන්නට
නව රජයේ දේශපාලන සහ රාජ්‍ය නිළධාරී ත්‍රන්ත්‍රය සමත්වී තිබේ.
එයට රජයට ජයවේවා කියන්න ඕන නම් අනුරගේ ජයග්‍රහණයක් ලෙස දකාන්න ඕන නම් එය ගැටළුවක් නැත.
මොකද රට වැටෙනකල් බයියෝ, බලා හිටියා වගේ අදහස් මාළිමා පාක්ෂිකයන් ලීවාට එයට යමක් නොකියන්නේ එහෙම ලියන්නේ ඔවුන් තමන්ගේ පෙර මානසිකත්වයට අනුව බව බුද්ධිමත් අය දන්න නිසාය.
මෙන්න මෙතැනදී අපට අනාගතයේ චීනය සමග කරන ගණුදෙණුව සහ ඉන්දියාවේ බලපෑම නිවරදිව ගලපා නොගත්ත හොත් අපට අපේ කලාපයේ ගැටළු රැසක් සහ ලංකාවේ වැඩිම ණය පංගු,කාරයන් දෙදෙනා සමග ගැටළු ඇතිකර ගන්නට සිදුවන බව ලියා තැබිය යුතුය.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්