News Category
From Date
To Date
Maximum Number of Result

අනුර - ටිල්වින් යුගයේ ජවිපෙ හොඳම ව්‍යාපාරිකයා සහ ඩීල්කරුවා කවුද?

Jul 29, 2025 at 07:35 AM
|

යහපාලන රජය සමයේ ජවිපෙ වසන්ත සමරසිංහ තමන් ස්ථානගත කර ගත්තේ පිරිසිඳු, දූෂණ විරෝධියෙකු විදියට.

මේ රටේ බොහෝ දෙනෙක් ඒ බව පිළිගත්තා.

ඔවුන් සැබැවින්ම වසන්ත, පිරිසිඳු මිනිසෙකු යැයි විශ්වාස කළා. ඔහු දූෂණ විරෝධියෙකු යැයි විශ්වාස කළා.

නමුත් ඇත්ත වසන්ත සමරසිංහ, ජවිපෙ සාර්ථක ව්‍යාපාරයක් ලෙස ගොඩනැංවූ අනුර - ටිල්වින් යුගයේ එහි හොඳම ව්‍යාපාරිකයා සහ ඩීල්කරුවා.

ජවිපෙ වෙනුවෙන් විශාල සමාගම් සහ එහි හිමිකරුවන් සමග 'ඩීල්' කළේ වසන්ත.

එම සමාගම් වල යූනියන් පිහිටුවා, වැඩ වර්ජනය කරන බවට හිමිකරුවන් බිය ගන්වා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තේ වසන්ත.

එය දෙආකාරයක හොරකමක්.

ප්‍රථමයෙන් එය ව්‍යාපාර හිමිකරුවන්ගෙන් ලබා ගන්නා කප්පමක්.

දෙවැන්න සැබැවින්ම ඒ කප්පම් මුදල් ලබා ගත් පසු, ව්‍යාපාර හිමිකරුවන්ට සහ හාම්පුතුන්ට සේවකයන්ට ලබාදිය යුතු වැටුප් වැඩිවීම් සහ වෙනත් අයිතිවාසිකම් ලබා නොදී සිටීමට හැකි වුණා.

ජවිපෙ වෘත්තීය සමිති ඒ කප්පාදු නොදැක්කා සේ සිටියා.

අවසානයේ ජවිපෙ වෘත්තීය සමිති ඇති කළ සෑම ආයතනයකින්ම කප්පම් මුදල් ගලා ගියේ හිමිකරුවන්ගේ පොකට්ටුවෙන් නොවෙයි, සේවකයන්ගේ පොකට්ටුවෙන්. 

ධම්මික පෙරේරා, නිමල් පෙරේරා වැනි මහා පරිමාණ ව්‍යාපාරිකයන් පවා බිය ගන්වා ඔවුන් ජවිපෙ ආධාරකරුවන් කරගත්තේ වසන්ත.

රතුපස්වල සිදුවීමෙන් ඔවුන් ධම්මික ට තමන් කවුරුන්දැයි පෙන්වූවා.

එතැන් පටන් ධම්මික ජවිපෙට නිසි කප්පම් මුදල ගෙවීමට වග බලා ගත්තා.

එතැන් සිට ධම්මික පරිසරයට / ජලයට තබා රටට කුමන විනාශය කළත් ජවිපෙ නොදැක්කා සේ සිටියා. 

(දැන් නම් ධම්මික ලා, නිමල් ලා ජවිපෙ හොඳම මිතුරන්) 

මේ ගණුදෙනු වලින් සැලකිය යුතු මුදලක් වසන්ත සමරසිංහ පුද්ගලික පරිහරණයට තබා ගත්තා.

එය ඔහුගේ කොමිස් මුදල. පක්ෂයත් ඒ පිලිබඳව දැනුවත් ඇති.

ඇමතිවරයෙකු වීමට පෙර සිටම මේ කප්පම් ගණුදෙනුවෙන් ඔහු සුපිරි ධනවතෙකු වුණා. කිසිඳු පාරම්පරික ධනයක් නොතිබූ, රැකියාවක් නොකළ වසන්ත බත්තරමුල්ල ජයන්තිපුර විශාල ඉඩමක් මිලට ගෙන විශාල ගොඩනැගිල්ලක් ඉදිකළා. 

මාලිමා රජයේ නායකයන් වූ අනුර - ටිල්වින්, වැඩිපුරම 'ඩීල්' කිරීමට අවශ්‍ය වන අමාත්‍යංශය වසන්තට භාර දෙන්නේ ඔහුගේ එම දක්ෂතාවය නිසා.

ගණුදෙනු කතා කරමින්, නියමිත කොමිස් මුදල ලබා ගැනීමට පක්ෂයේ කාටත් වැඩි දක්ෂතාවයක් වසන්තට තිබෙනවා. 

මයික් කන්නන් වූ සුනිල් හඳුන්නෙත්ති ලාට සුලු අමාත්‍යංශ ලැබෙද්දී, නලීන් හේවගේ ලා නියෝජ්‍ය ඇමති ලා වෙද්දී, හොරු ඇල්ලීමට පමණක් ප්‍රසිද්ධ වූ වෙනත් කිසිඳු විෂයකින් ජනතා ආකර්ෂනය නොතිබූ වසන්තට පොලිස් අමාත්‍යංශය නොදී, විශාලම අමාත්‍යංශයක් හිමි වූයේ ජනතාව නොදන්නා, අනුර ලා දන්නා වසන්ත සමරසිංහ ගේ මේ දක්ෂතාවය නිසා.

වර්තමාන රජයේ වැඩිම මුදලක් උපයන ඇමතිවරුන් අතර පෙරමුණේ සිටින්නේ වසන්ත.

විදේශයන්ගෙන් හාල්, ලුණු ගෙන ඒමේ සිට වෙළඳ අමාත්‍යංශයෙන් කෙරෙන බිලියන ගණන් ගණුදෙනු සියල්ල සිදු වන්නේ වසන්ත සමරසිංහ ගේ මදක් ඇද එහෙත් තියුණු දෑස් වල නීරික්ෂණයට යටත්වයි.

ඒ ගණුදෙනු වලින් හුවමාරු වන මුදල් සම්භාරයෙන් කොමිස් කොටස නතර වන්නේ ඔහුගේ මේසය මතයි. 

.................. .................. ........................

2000 වසරේ චන්ද්‍රිකා රජය යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කෙරෙනවා.

මේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් බොහෝ දෑ මිලට ගැනීමට එකඟ වෙනවා.

එමෙන්ම ඉන්දියාවත් ශ්‍රී ලංකාවෙන් විවිධ සේවා සහ අපනයන මිලට ගන්නවා.

එම ගිවිසුමට අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ වාර්ශිකව ඇඟලුම් මිලියන අටක් මිලට ගත යුතුයි.

එනම් ඇඟලුම් ඒකක. සිංහලෙන් කිව්වොත් ඕනෑම ආකාරයක ගාමන්ට් පීසස්. කලිසම් නම් කලිසම්, ගවුම් නම් ගවුම්, යට ඇඳුම් නම් යට ඇඳුම්. සම්පූර්ණ ඇඟලුම් ගණන මිලියන අටක් විය යුතුයි.

සාමාන්‍යයෙන් මේ ගිවිසුම යටතේ ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලුම් කරන්නේ මහා පරිමාණ අඩු මිල බල්ක් නිෂ්පාදන නොවෙයි.

අවම මිල ඩොලර් පහක්වත් වන ශ්‍රී ලංකාවේ නිපදවන ඉතා උසස් තත්ත්වයේ නිමි ඇඳුම්.

බල්ක් නිෂ්පාදන ඉන්දියාවේ පවතිනවා. ශ්‍රී ලංකාව 'ස්පෙෂලයිස්' වී තිබෙන්නේ 'ප්‍රමිතියෙන් උසස්' , 'හයි එන්ඩ්' ඇඟලුම් සඳහායි.

ඒ අනුව මේ ගණුදෙනුවේ සමස්ථ වටිනාකම ඩොලර් මිලියන 40 - 50 ඉක්මනවා.

එනම් රුපියල් කෝටි 1500 කට අධික මුදලක්. 

එමෙන්ම ඕනෑම අර්බුධකාරී අවස්ථාවක පවා ශ්‍රී ලංකා ඇඟලුම් ක්ෂේත්‍රයට ස්ථිර ව්‍යාපාර අවස්ථාවක් තිබෙනවා.

මේ ඇනවුම කළමනාකරණය කරන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳ අමාත්‍යංශය මගින්.

නමුත් මෙතෙක් ඉතිහාසයේ වෙළඳ අමාත්‍යංශය, ඉන්දීය රජය සහ ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තකරුවන් අතර පාලම වූවා මිසක, මෙම ගනුදෙනුවට සක්‍රීයව මැදිහත් වුණේ නැහැ.

කිසිඳු රජයක ඇමතිවරයා ඊට මැදිහත් වුණේ නැහැ.

මෙතෙක් කාලයක් ඉන්දියාවෙන් ලැබෙන මිලියන 8ක මේ ඇඟලුම් ඇනවුමේ කොටස් මෙරට කර්මාන්තකරුවන් අතර බෙදුනේ ඔවුන්ගේ විශාලත්වය, ඇනවුමට අවශ්‍ය දෑ නිපැයීමට ඔවුන්ට ඇති හැකියාව වැනි සාධක මතයි.

ඒ සඳහා ස්වාධීන සංගමයක් ද පිහිටුවා තිබෙනවා. මෙතෙක් කාලයක් මේ සංගමය මගින් ඉතාම සාධාරණව සහ සැමට කන්දෙමින් එම ඇඟලුම් ඇනවුම බෙදා දුන්නා.

කොටින්ම ඒ සඳහාත් නිසි ක්‍රමවේදයක් ඇති කර තිබුණා. ( පිට පිට වසර දෙකක දී එකම කර්මාන්තකරුවන්ට විශාල අවස්ථා  නොලැබෙන ලෙස)

නමුත් ඉතිහාසයේ ප්‍රථම වරට මේ ඇනවුම බෙදාදීම සඳහා මෙවර වෙළඳ අමාත්‍යවරයා මැදිහත් වී තිබෙනවා. 

ඒ අනුව මේ මිලියන අටක ඇනවුමෙන් කොටස් මිලියන 7.3 ක් එකම සමාගමකට ලබා දීමට වෙළඳ අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

මින්පෙර කිසිඳු වතාවක කොටස් මිලියන 7.3 ක් එකම සමාගමකට ගොස් නැහැ.

එය සෙසු කර්මාන්තකරුවන්ට අසාධාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මින්පෙර කුඩා කර්මාන්තකරුවන්ට පවා මේ ඇනවුමෙන් යම් කෝටාවක් හිමි වුණා.

මේ කෝටාව මෙරට කර්මාන්තකරුවා සහ රැකියා සුරක්ෂිත කිරීම උදෙසා භාවිතා කළා මිසෙක එයින් ලාබ ඉපැයීමට MAS, හයිද්‍රාමනි වැනි විශාල සමාගම් පවා උත්සාහ කළේ නැහැ. 

ඔවුන්ට ඕනෑ තරම් ඇනවුම් යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් හිමි වුණා.

එම නිසා ඉන්දීය කෝටාව ඉතාම සාධාරණව යටි තලයට පවා බෙදී ගියා.

මින්පෙර එක සමාගමකට වාර්තා වූ වැඩිම කොටස් ගණන වූයේ MAS සමාගමට හිමි වූ මිලියන 1.3 ක කොටස් ගණනක්.

ඒ අනුව මෙවර සම්පූර්ණ ඇනවුමම පාහේ එක් සමාගමකට ලබා දී තිබෙන බව පැහැදිලියි. 

හොඳම දේ එය නොවෙයි.

ඉතිහාසයේ පළමු වරට මෙවර ඇනවුම ලැබෙන්නේ ශ්‍රී ලාංකේය සමාගමකට නොවෙයි.

මෙවර ඇනවුමෙන් කොටස් මිලියන 7.3 ක් හිමි වන්නේ ඉන්දීය සමාගමක් වන ආමන්ටේ සමාගමකට.

අමාන්ටේ සන්නාමය ශ්‍රී ලාංකේය සමාගමක් වන MAS ආයතනය විසින් ආරම්භ කළත්, 2021 කොවිඩ් සමයේ ඉන්දියාවේ මුකේෂ් අම්බානි ගේ රිලායන්ස් සමාගම විසින් එය මිලට ගත්තා.

දැන් එය 100% ඉන්දියානු සමාගමක්.

ඒ අනුව චන්ද්‍රිකා රජයේ ගිවිසුමක් අනුව ඉන්දියාවෙන් ලංකාවට ලැබෙනා ඇඟලුම් ඇනවුම, වසර 25 කට පසුව නැවත ශ්‍රී ලංකා රජය විසින්ම ඉන්දියාවට ලබා දෙනවා.

එය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට මරු පහරක්.

මෙය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ 'පිනට' නොවෙයි.

අප ඉන්දියාවෙන් මිලට ගන්නා භාණ්ඩ නිසා. එම නිසා මේ ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා ජනතාවයේ අයිතියක්.

මේ ගණුදෙනුව නිසා රටට පැමිණීමට තිබූ ඩොලර් මිලියන ගණනක් අහිමි වෙනවා.

රටේ ඇඟලුම් සේවකයන්ට හිමි වීමට තිබූ රැකියාවක් / දීමනාවක් අහිමි වෙනවා.

අවසානයේ මෙය රටේ ආර්ථිකයටම සිදු වූ දැවැන්ත පාඩුවක්. 

උසස් ප්‍රමිතියේ යට ඇඳුම් කොටස් මිලියන 7.3 ක් යනු ඩොලර් මිලියන ගණනක ගණුදෙනුවක්.

එහි කොමිස් මුදල ඩොලර් ලක්ෂ ගණනක් වනවාට කිසිඳු සැකයක් නැහැ.

එයින් කොටසක් පැලවත්ත ජවිපෙ ගිණුමටත්, ඉතිරි කොටස වසන්ත සමරසිංහගේ විදෙස් බැංකු ගිණුමකටත් බැර වේවි.

වසර 76 ක සාපය යැයි කියූ චන්ද්‍රිකා ලා රටට ඩොලර් ගෙන ඒමට මාවත් විවර කර තිබිය දී,

දූෂණ විරෝධීන් යැයි හඳුන්වා ගත් වසන්ත සමරසිංහ ලා රටට පැමිණීමට නියමිත ඩොලර් පෙරලා ඉන්දියාවට ලබා දෙන්නේ මෙහෙමයි.

අතීත පාලකයන් හොරා කෑ ඩොලර් විදේශයන්ගෙන් ගෙන ඒමට, දූෂණ විරෝධීන්ට ඡන්දය ලබා දුන් ජනතාවගේ දෑස් ඉදිරිපිටම ඉතිහාසයේ කිසිදිනෙක සිදු නොවූ හොරකම්, වංචා මාලිමා රජය යටතේ සිදුවීම දෛවයේ සරදමක්.

-සචින්

(දේෂක කෝට්ටගේ ගේ මුහුණුපොතිනි.)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.