ඉතිහාසය ඉගැන්වීම නැවතීම මාලිමා දේශපාලන ව්‍යාපෘතියේ එක් ප්‍රචාරණ පියවරක්..
ශ්‍රී ලංකාවේ ඉතිහාසය ඉගැන්වීම නැවතීමේ මාලිමා ආභාෂය තේරුම් ගන්න ඕනේ මෙහෙමයි.
3% ඉඳපු මාලිමාව බලයට ආවේ අරගලය නිසා හෝ රාජපක්ෂ ලා සහ පොහොට්ටුවට එරෙහිව ගොඩනැගුණු තීරණාත්මක වෛරය නිසා පමණක් නොවෙයි.
එහෙමනම් බලයට එන්න ඕන සජබය!
මාලිමාව බලයට ආවේ ඔවුන්ටම අනන්‍යය වූ සුවිශේෂී මතවාද මෙහෙයුමක් නිසා.
ඉන් එකක් තමයි අපි තියෙනවාට වඩා 'දුප්පත්' , 'හිඟන', 'කෙලවෙච්ච', 'අවුල්' රටක් කියලා මිනිස්සුන්ගේ ඔලු වලට දැමීම.
අදටත් මාලිමා හෑලී පටන් ගන්නෙම 'අවුරුදු 76 ක් තිස්සේ කෙලවිලා, හිඟමනට' වැටුනු රටක් විදියට.
ඇත්තටම ඒක ඇත්ත නෙවෙයි.
අපිට වඩා අවුල් රටවල් ඕනෑ තරම් තියෙනවා.
ලෝකයේ ගොඩක් දේවල් වලින් අපි ඉස්සරහට ඉන්නවා.
අපි දකුණු ආසියාවේ ධනවත්ම ජීවන රටාව සහිත රට. දකුණු ආසියාවේ පිරිසිඳුම රට.
අද ලන්ඩන් නගරයේ බහුතර තැන් වලට වඩා කොළඹ පිරිසිදුයි.
සාක්ෂතාරවයෙන් වේවා සෞඛ්‍ය සේවයෙන් වේවා (මේ ගොල්ලො ඒ තත්ත්වය නම් වැඩි කල් තියෙන්න දෙන එකක් නැහැ) ප්‍රජා සෞඛ්‍ය වේවා අපි කාලයක් තිස්සේ ඉස්සරහින් ඉන්න රටක්.
දකුණු ආසියාවේ දරුවන් වැඩියෙන්ම පාසැල් යන රට ශ්‍රී ලංකාව.
නමුත් මාලිමා චින්තනයෙන් අවුරුදු 76 ක් තිස්සේ අපි ඇචීව් කරපු හැමදෙයක්ම නිශේධනය කරලා දැම්මා.
එය ඔවුන් එක්වරම පොහොට්ටුවට, සජබයට සහ එජාපය ඉලක්ක කරමින් කළ ප්‍රහාරයක්.
ඉතිහාසයේ අපි ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ වර්ණනා වලටත් 'වංශේ කබල් ගාන' ලේබලයක් ගැහුවා.
මේ සිදුවීමට තවත් ක්ලැසික් උදාහරණයක් තියෙනවා.
අපේ රටේ අතිබහුතරය හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ පොඩිම රටක් කියලා.
ඉන්දියන් සාගරයේ කඳුලු බිංදුව ලු, ඉන්දියන් සාගරයේ තිත ලු. ලෝක සිතියමේ පේන්නෙවත් නැති රටක් ලු. එක එක කතා.
සුනිල් හඳුන්නෙත්ති ලෝක ආර්ථික සමුලුවට ගිහින් පටන් ගන්නෙත් ශ්‍රී ලංකාව 'කුඩා' රටක් ය කියලා.
මේ කැම්පේන් එක කොච්චර සාර්ථකද කියනවනම් ලෝක රූ රැජින තරගයට ගිය අනුදි පවා මේ මෝඩ කතාව කිව්වා.
මාලිමා චින්තනය විසින් අපි 'කුඩා' රටක් සහ ජාතියක් කර තිබෙනවා.
අපි විශ්වාස කරන්නේ අපි කුඩා දූපතක සිරවූ මිනිසුන් කියලා.
නමුත් යථාර්තය ඒක නෙවෙයි.
ලෝක සිතියම ප්‍රක්ෂේපනය කළ විදියට ශ්‍රී ලංකාව කුඩා රටක් විදියට පෙනුනට ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා රටක් නොවෙයි.
ප්‍රමාණයෙන් මධ්‍ය ප්‍රමාණයේ රටක්.
ශ්‍රී ලංකාවට වඩා ලිතුවේනියාව, ක්‍රෝඑෂියාව, ස්ලෝවැකියාව ප්‍රමාණයෙන් කුඩායි.
ශ්‍රී ලංකාවට වඩා ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය ප්‍රමාණයෙන් කුඩායි.
ශ්‍රී ලංකාවට වඩා බෙල්ජියම, ආර්මෙනියාව, තායිවානය ප්‍රමාණයෙන් කුඩායි.
හයිටිය, රුවන්ඩාව සහ ඊශ්‍රායලය පවා ශ්‍රී ලංකාවට වඩා ප්‍රමාණයෙන් කුඩායි.
කුවේටය, කටාරය සහ ලෙබනනය ශ්‍රී ලංකාවට වඩා ප්‍රමාණයෙන් කුඩායි.
එහෙනම් ශ්‍රී ලංකාව කුඩා රටක් කියන්නේ මොන ඉලව්වකටද ?
ඔබ දැකලා තියෙනවා ද ඩෙන්මාර්කයේ, ස්විට්සර්ලන්තයේ, කටාරයේ, කුවේටයේ තබා රුවන්ඩාවේ, හයිටියේ පුරවැසියෙක් හෝ ජාත්‍යන්තර තලයේ දී අපේ රට කුඩා රටක් ය කියා වැලපෙනවා ?
එසේ නම් ශ්‍රී ලාංකිකයාට පමණක් මේ හීනමානය ආවේ කොහෙන්ද ?
එයට හේතුව තමයි මාලිමා ප්‍රචාරණ ව්‍යාපෘතිය.
මාලිමාව ලොකු වැඩ කළ නොහැකි පක්ෂයක්, කණ්ඩායමක්.
ඉතින් ඔවුන්ට කළ හැකි පාරක් කොන්ක්‍රිට් කිරීම, සුද්දෙකුට කැලිප්සො සංගීතය සැපයීම වැනි පොඩි වැඩ සෙලිබ්‍රේට් කරන රටක් ඔවුන්ට අවශ්‍යයි.
ඒ සඳහා ඔවුන් හයි වේ තැනූ, වරායන් තැනූ, මහවැලිය තැනූ, නිදහස් අධ්‍යාපනයක් සහ නිදහස් සෞඛ්‍යයක් තැනූ, ජාත්‍යන්තරයේ සෝවියට් දේශයේ හොඳම මිතුරා සහ ධවල මන්දිරයේ අඹ යාලුවෙක් වූ විදේශ ප්‍රතිපත්ති සහිත වූ අතීත විශාල මිනිස්සුන්ගේ ජයග්‍රහණ අහෝසි කළා.
ඉන්පසුව අපි 'කුඩා' රටක 'කුඩා' මිනිසුන් යැයි වන චින්තනය ක්‍රම ක්‍රමයෙන් එන්නත් කළා.
පාරක් කොන්ක්‍රීට් කිරීම සැමරීම, ඇමති තනි වාහනයකින් පැමිණීම සැමරීමට හුරු කළා.
'ලොකු' , 'විසල්' මිනිසුන් 'ව්‍යාජ' චරිත ලෙස පෙන්වා ඔවුන්ට වෛරයක් ඇති කළා.
රටේ ඉතිහාසය ඉගැන්වීම නවතා දැමීම ඒ දීර්ඝ ප්‍රචාරණ ව්‍යාපෘතියේ එක් පියවරක් පමණයි.
දුටුගැමුණු නොදන්නා, පරාක්‍රමබාහු නොදන්නා, ගජබා නොදන්නා, නන්දිමිත්‍ර නොදන්නා, ධාතුසේන නොදන්නා, කාශ්‍යප නොදන්නා, විමලධර්මසූරිය නොදන්නා, සීතාවක රාජසිංහ නොදන්නා, පුරන් අප්පු නොදන්නා, බූටෑවේ රටේ රාල නොදන්නා, වීදිය බණ්ඩාර නොදන්නා, කැප්පෙටිපොල නොදන්නා පරපුරකට අපි පොඩි ජාතියක පොඩි මිනිසුන් යැයි කන්වින්ස් කිරීම එතරම් අපහසු නැහැ.
ඉතිහාසය ඉගැන්වීම නැවතීම මාලිමා දේශපාලන ව්‍යාපෘතියේ එක් ප්‍රචාරණ පියවරක්.
සචින් රත්වත්තෙ ✍️
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..