News Category
From Date
To Date
Maximum Number of Result

ඉතිහාසය ඉගැන්වීම නැවතීම මාලිමා දේශපාලන ව්‍යාපෘතියේ එක් ප්‍රචාරණ පියවරක්..

Jul 22, 2025 at 06:34 PM
|

ශ්‍රී ලංකාවේ ඉතිහාසය ඉගැන්වීම නැවතීමේ මාලිමා ආභාෂය තේරුම් ගන්න ඕනේ මෙහෙමයි.

3% ඉඳපු මාලිමාව බලයට ආවේ අරගලය නිසා හෝ රාජපක්ෂ ලා සහ පොහොට්ටුවට එරෙහිව ගොඩනැගුණු තීරණාත්මක වෛරය නිසා පමණක් නොවෙයි.

එහෙමනම් බලයට එන්න ඕන සජබය! 

මාලිමාව බලයට ආවේ ඔවුන්ටම අනන්‍යය වූ සුවිශේෂී මතවාද මෙහෙයුමක් නිසා.

ඉන් එකක් තමයි අපි තියෙනවාට වඩා 'දුප්පත්' , 'හිඟන', 'කෙලවෙච්ච', 'අවුල්' රටක් කියලා මිනිස්සුන්ගේ ඔලු වලට දැමීම. 

අදටත් මාලිමා හෑලී පටන් ගන්නෙම 'අවුරුදු 76 ක් තිස්සේ කෙලවිලා, හිඟමනට' වැටුනු රටක් විදියට.

ඇත්තටම ඒක ඇත්ත නෙවෙයි.

අපිට වඩා අවුල් රටවල් ඕනෑ තරම් තියෙනවා.

ලෝකයේ ගොඩක් දේවල් වලින් අපි ඉස්සරහට ඉන්නවා.

අපි දකුණු ආසියාවේ ධනවත්ම ජීවන රටාව සහිත රට. දකුණු ආසියාවේ පිරිසිඳුම රට. 

අද ලන්ඩන් නගරයේ බහුතර තැන් වලට වඩා කොළඹ පිරිසිදුයි.

සාක්ෂතාරවයෙන් වේවා සෞඛ්‍ය සේවයෙන් වේවා (මේ ගොල්ලො ඒ තත්ත්වය නම් වැඩි කල් තියෙන්න දෙන එකක් නැහැ) ප්‍රජා සෞඛ්‍ය වේවා අපි කාලයක් තිස්සේ ඉස්සරහින් ඉන්න රටක්.

දකුණු ආසියාවේ දරුවන් වැඩියෙන්ම පාසැල් යන රට ශ්‍රී ලංකාව.

නමුත් මාලිමා චින්තනයෙන් අවුරුදු 76 ක් තිස්සේ අපි ඇචීව් කරපු හැමදෙයක්ම නිශේධනය කරලා දැම්මා.

එය ඔවුන් එක්වරම පොහොට්ටුවට, සජබයට සහ එජාපය ඉලක්ක කරමින් කළ ප්‍රහාරයක්.

ඉතිහාසයේ අපි ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ වර්ණනා වලටත් 'වංශේ කබල් ගාන' ලේබලයක් ගැහුවා.

මේ සිදුවීමට තවත් ක්ලැසික් උදාහරණයක් තියෙනවා.

අපේ රටේ අතිබහුතරය හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ පොඩිම රටක් කියලා.

ඉන්දියන් සාගරයේ කඳුලු බිංදුව ලු, ඉන්දියන් සාගරයේ තිත ලු. ලෝක සිතියමේ පේන්නෙවත් නැති රටක් ලු. එක එක කතා.

සුනිල් හඳුන්නෙත්ති ලෝක ආර්ථික සමුලුවට ගිහින් පටන් ගන්නෙත් ශ්‍රී ලංකාව 'කුඩා' රටක් ය කියලා.

මේ කැම්පේන් එක කොච්චර සාර්ථකද කියනවනම් ලෝක රූ රැජින තරගයට ගිය අනුදි පවා මේ මෝඩ කතාව කිව්වා.

මාලිමා චින්තනය විසින් අපි 'කුඩා' රටක් සහ ජාතියක් කර තිබෙනවා.

අපි විශ්වාස කරන්නේ අපි කුඩා දූපතක සිරවූ මිනිසුන් කියලා.

නමුත් යථාර්තය ඒක නෙවෙයි.

ලෝක සිතියම ප්‍රක්ෂේපනය කළ විදියට ශ්‍රී ලංකාව කුඩා රටක් විදියට පෙනුනට ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා රටක් නොවෙයි.

ප්‍රමාණයෙන් මධ්‍ය ප්‍රමාණයේ රටක්.

ශ්‍රී ලංකාවට වඩා ලිතුවේනියාව, ක්‍රෝඑෂියාව, ස්ලෝවැකියාව ප්‍රමාණයෙන් කුඩායි.

ශ්‍රී ලංකාවට වඩා ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය ප්‍රමාණයෙන් කුඩායි.

ශ්‍රී ලංකාවට වඩා බෙල්ජියම, ආර්මෙනියාව, තායිවානය ප්‍රමාණයෙන් කුඩායි.

හයිටිය, රුවන්ඩාව සහ ඊශ්‍රායලය පවා ශ්‍රී ලංකාවට වඩා ප්‍රමාණයෙන් කුඩායි.

කුවේටය, කටාරය සහ ලෙබනනය ශ්‍රී ලංකාවට වඩා ප්‍රමාණයෙන් කුඩායි.

එහෙනම් ශ්‍රී ලංකාව කුඩා රටක් කියන්නේ මොන ඉලව්වකටද ? 

ඔබ දැකලා තියෙනවා ද  ඩෙන්මාර්කයේ, ස්විට්සර්ලන්තයේ, කටාරයේ, කුවේටයේ තබා රුවන්ඩාවේ, හයිටියේ පුරවැසියෙක් හෝ ජාත්‍යන්තර තලයේ දී අපේ රට කුඩා රටක් ය කියා වැලපෙනවා ?

එසේ නම් ශ්‍රී ලාංකිකයාට පමණක් මේ හීනමානය ආවේ කොහෙන්ද ?

එයට හේතුව තමයි මාලිමා ප්‍රචාරණ ව්‍යාපෘතිය.

මාලිමාව ලොකු වැඩ කළ නොහැකි පක්ෂයක්, කණ්ඩායමක්.

ඉතින් ඔවුන්ට කළ හැකි පාරක් කොන්ක්‍රිට් කිරීම, සුද්දෙකුට කැලිප්සො සංගීතය සැපයීම වැනි පොඩි වැඩ සෙලිබ්‍රේට් කරන රටක් ඔවුන්ට අවශ්‍යයි.

ඒ සඳහා ඔවුන් හයි වේ තැනූ, වරායන් තැනූ, මහවැලිය තැනූ, නිදහස් අධ්‍යාපනයක් සහ නිදහස් සෞඛ්‍යයක් තැනූ, ජාත්‍යන්තරයේ සෝවියට් දේශයේ හොඳම මිතුරා සහ ධවල මන්දිරයේ අඹ යාලුවෙක් වූ විදේශ ප්‍රතිපත්ති සහිත වූ අතීත විශාල මිනිස්සුන්ගේ ජයග්‍රහණ අහෝසි කළා.

ඉන්පසුව අපි 'කුඩා' රටක 'කුඩා' මිනිසුන් යැයි වන චින්තනය ක්‍රම ක්‍රමයෙන් එන්නත් කළා.

පාරක් කොන්ක්‍රීට් කිරීම සැමරීම, ඇමති තනි වාහනයකින් පැමිණීම සැමරීමට හුරු කළා. 

'ලොකු' , 'විසල්' මිනිසුන් 'ව්‍යාජ' චරිත ලෙස පෙන්වා ඔවුන්ට වෛරයක් ඇති කළා.

රටේ ඉතිහාසය ඉගැන්වීම නවතා දැමීම ඒ දීර්ඝ ප්‍රචාරණ ව්‍යාපෘතියේ එක් පියවරක් පමණයි.

දුටුගැමුණු නොදන්නා, පරාක්‍රමබාහු නොදන්නා, ගජබා නොදන්නා, නන්දිමිත්‍ර නොදන්නා, ධාතුසේන නොදන්නා, කාශ්‍යප නොදන්නා, විමලධර්මසූරිය නොදන්නා, සීතාවක රාජසිංහ නොදන්නා, පුරන් අප්පු නොදන්නා, බූටෑවේ රටේ රාල නොදන්නා, වීදිය බණ්ඩාර නොදන්නා, කැප්පෙටිපොල නොදන්නා පරපුරකට අපි පොඩි ජාතියක පොඩි මිනිසුන් යැයි කන්වින්ස් කිරීම එතරම් අපහසු නැහැ. 

ඉතිහාසය ඉගැන්වීම නැවතීම මාලිමා දේශපාලන ව්‍යාපෘතියේ එක් ප්‍රචාරණ පියවරක්.

සචින් රත්වත්තෙ ✍️

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.