News Category
From Date
To Date
Maximum Number of Result

අඩ සියවසක නිම්වළල්ල..

Jul 21, 2025 at 09:42 AM
|

මෙරට පළමුවන සිංහල කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වූයේ 1947දීය. එය පළමු සිංහල චිත්‍රපටය වූ සේම පාසල් සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද පළමු  හා එකම සිංහල චිත්‍රපටය ලෙස නිම්වළල්ල චිත්‍රපටය ඉතිහාස ගතය. 

1970 දී නිම්වළල්ල නිර් මාණය කළේ රන්ජිත් ලාල් විසිනි. තරුණ අසහනය, සමාජ ස්ථරයන්හි නොගැලපීම හා යොවුන් ප්‍රේමය පදනම් කර ගනිමින් නිර් මාණය කෙරුණු එම චිත්‍රපටයට මේ නොවැම්බරයට 55වසරක් සපිරෙයි.

55 වසරකට පෙර නිම්වළල්ල නිර් මාණය කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසකි. එහි අපූරු කතාවක් තිබේ. රන්ජිත් ලාල්, ප්‍රේමකීර් ති ද අල්විස්, ආතර් නම්මුනි ද සොයිසා, චන්ද්‍ර ශ්‍රී මුදන්නායක, ආනන්ද නිලවීර හා ඒ. ඩී. රන්ජිත් කුමාර ආනන්දයේ එකට උගත් සිසුවෝය. පාසල් වියේදී කෙසේ හෝ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ උණක් ඔවුනට වැළදී තිබිණි.  එහි ප්‍රතිඵලය වූයේ ‘වෙර‘ නමින් කෙටි චිත්‍රපටයක් බිහිවීමය. එහි කතාව ප්‍රේමකීර් ති ද අල්විස්ගේ විය. එහි තේමා ගීතය ලිව්වේ ද ඔහුය. රන්ජිත් ලාල් අධ්‍යක්ෂණයෙන්, ගායනයෙන් හා සංගීත නිර් මාණයෙන් එයට දායක විය. එහි කලා අධ්‍යක්ෂවරයා වූයේ ඒ. ඩී. රන්ජිත් කුමාරය. ඩිල්මන් ජයරත්න කැමරාකරණයෙන් එක් විය. එම චිත්‍රපටයෙන් නිරූපනය වූයේ කම්කරුවන් හා පීඩිතයන් පිරිසකගේ ජීවන අරගලයයි.

වෙර  නමැති කෙටි චිත්‍රපටය  අධ්‍යක්ෂණයෙන් පන්නරය ලද රන්ජිත් ලාල්ගේ ඊළග වෑයම වූයේ කෙසේ හෝ වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමය. ඒ සදහා සුදුසු කතාවක් ලියන ලෙස ඔහු භාර දුන්නේ  ඒ වන විටත් ආනන්දයේ ඉගෙනුම බලමින් සිටි සුනිල් මාධව ප්‍රේමතිලකටය. ඔහු පාසල් අධ්‍යාපනය ලබන අවදියේම සිළුමිණ පුවත්පතේ ලේඛකයකු ලෙස කටයුතු කළේය. සුනිල් මාධව අපූරු කතාවක් ලීවේය. එහි තිරනාටකය ලීවේ ආනන්දයේම සිසුවකු වූ පසුව දක්ෂ මූර් ති ශිල්පියකු වූ අසෝක ඩයස් වීරසිංහය. ඒ.ඩී. රන්ජිත් කුමාර කලා අධ්‍යක්ෂවරයා විය

චිත්‍රපට උණෙන් සිටි මේ කොලු රංචුවට වෙනත් පාසල් දෙකක  ශිෂ්‍යයන් දෙදෙනෙක් ද එක්ව සිටියහ.  ඉන් එක් අයෙක් කෑගලු මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඩිල්මන් ජයරත්නය. අනෙක් සිසුවා නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි සුනිල් ආරියරත්නය. ඩිල්මන් කැමරා අධ්‍යක්ෂණයෙන්ද, සුනිල් ගීත රචනයෙන්ද නිම් වළල්ලට එකතු වූහ. එවක ප්‍රේමකීර් ති ද අල්විස් ආනන්දයෙන් සමුගෙන ගුවන් විදුලියට එක්ව සිටි බැවින් ඔහුට එම චිත්‍රපටයට එක්විය නොහැකි විය. චිත්‍රපටයේ මුල් නම වූයේ ‘යළිත් වසන්තය‘ යන්නයි. පසුව එය‘ නිම්වළල්ල‘ ලෙසින් වෙනස් කෙරිණි.. සිරිසේන විමලවීරයන්ගේ නව ජීවන චිත්‍රාගාරයේ නිර්මාණය කෙරුණු අවසන් චිත්‍රපටය වූයේ නිම්වළල්ලය.

චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම හා කළමනාකාරීත්වය බාර වූයේ ආතර් නම්මුනි ද සොයිසාටය. චන්ද්‍ර ශ්‍රී මුදන්නායක ඔහුගේ සහය කළමනාකරු විය. සහාය අධ්‍යක්ෂවරුන් වූයේ පසුකලෙක ලේක්හවුසියේ සභාපති වූ බන්දුල පද්මකුමාර සහ ආනන්ද නිලවීරය. සංස්කරණය එවක සාන්ත ජෝසප් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ලාල් දිසානායකට පැවරිණි. සත් සමුදුර, වෙස්ගත්තෝ වැනි චිත්‍රපට නිෂ්පාදනය කළේ ලාල්ලේ පියා වූ දොස්තර ලීනස් දිසානායකය. එහෙයින් පාසල් අවදියේ සිටම ලාල්ටද සිනමාව පිළිබද මනා අවබෝධයක් තිබිණි. තවත් ආනන්ද සිසුන් දෙදෙනකු වූ මහින්ද අල්ගමට (චන්ද්‍ර මඬුලු යට සුරංගනාවෝ, රුක් අත්තන මල මුදුනේ වැනි ගීත ලියූ ප්‍රවීණ ගීත රචක) ගීත රචනයත් පසු කාලයේ දෙසතිය සගරාවේ සංස්කාරකවරයා හා ප්‍රවීණ ගීත රචකයකු වූ ගාමිණී විජේතුංගට ප්‍රචාරක කටයුතුත් බාර විය. මහින්ද  ලියු  නිසයුරු  මුතුලැල්  ගීතය  ගායනා  කළේ  සී  ටී  ප්‍රනාන්දු ය 

පාසල් සිසුන්ගේම තේමාවක් ඇසුරින් නිර්මාණය වූ නිම්වළල්ලේ ප්‍රධාන චරිත නිරූපනය කළේ ජානකී කුරුකුලසූරිය, ස්වර් ණා මල්ලවාරච්චි, රුක්මණී දේවි, සිරිල් වික්‍රමගේ, පියදාස ගුණසේකර, දේවිකා කරුණාරත්න සහ ජේ.බී.එල්. ගුණසේකරය ඔවුනට අමතරව, එවක ආනන්දයේ ශිෂ්‍යයන් වූ නිමල් හෙට්ටිආරච්චි, ( පසුව මහාචාර්ය) රත්නසිරි රාජපක්ෂ, (පසුව කොළඹ නගරාධිපති) නාලන්දයේ ශිෂ්‍යයකු වූ තිස්ස විජේසුරේන්ද්‍ර, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී  සිසු  අමරසිරි කලංසූරිය යන පිරිස එයට එක්වූහ.

 ප්‍රධාන චරිතය සදහා තෝරා ගැනුණේ කිසි දිනෙක වේදිකා නාට්‍යයක හෝ රඟ පා නොසිටි නිශ්ශංක අමරසිංහය. එම චිත්‍රපටය තුළින් මනා රංඟන හැකියාවක් ප්‍රකට කළ නිශ්ශංක ඉන්පසු කිසිදු චිත්‍රපටයක රගපෑවේ නැත. චිත්‍රපටයට දායක වූ බොහෝ දෙනෙක් එයට එක් වූයේ නොමිලයේය. 

එවන අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් මංගල දර් ශනය පැවැත්විණි. එම චිත්‍රපටය සියලු දෙනා විසින්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස ඇයගෙන් සහතිකයක්ද රන්ජිත් ලාල්ට ලැබිණි.

චිත්‍රපටය ආදායම් අතින් ඉහළ මට්ටමක නොපැවතියද වියදම් පියවා ගැනීමට සමත් විය. චිත්‍රපටයේ නිෂ්පාදකයා වූයේද රන්ජිත් ලාල්ය. ඇත්තටම පාසල් සිසුවකු වූ ඔහුට මුදල් තිබුණේ නැත ඒ සදහා මුදල් දුන්නේ ඔහුගේ පියා වූ මිනුවන්ගොඩ පීල්ලවත්තේ ඩේවිඩ් සිල්වා මහතාය.

නිම්වළල්ල නිර්මාණය කිරීමෙන් පසු රන්ජිත් ලාල් යළි වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය නොකළ ද පසුව රජයේ චිත්‍රපට අංශයේ සේවය කළ කාලයේ අගනා වාර් තා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළේය. සිනමාව හා සංගීතය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයකින් යුතු ඔහු තම දැනුමෙන්  වැඩක් ගත්තේද යන්න සැක සහිතය.

55 වසරකට පෙර නිම්වළල්ලෙන් උපන් බොහෝ දෙනෙක් පසුකාලීනව විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් හා නම රැන්දූ පුද්ගලයන් බවට පත් වූහ.  ඇතැමෙක් අද ජීවතුන් අතර නැත.

නිම්වළල් පිළිබඳ ව එවක දිනමිණ කතුවරයා ව සිටි එස් සුබසිංහ මහතාගේ සඳහනකින් මෙය අවසන් කළ යුතුයැයි සිතමි.

‘සුනිල් මාධව ප්‍රේමතිලක ලියා ඇති කතාව තිරය මත කියාපෑමට රන්ජිත් ලාල් සිනමා මාධ්‍ය නිසියාකාරව උපයෝගී කරගෙන ඇති අන්දම පිළිබඳව සලකා බලන විට නිම්වළල්ල සිංහල සිංහල චිත්‍රපටයකැයි හදුන්වනවාට වඩා එය සිනමාත්මක චිත්‍රපටයකැයි හැදින්වීම මැනවයි මට සිතේ. චිත්‍රපට කතාව විකාශය වීමට රන්ජිත් කුමාරගේ පසුබිම් නිර් මාණය මහත් රුකුලක් වී තිබේ. අධ්‍යක්ෂ රන්ජිත් ලාල්, කතා රචක සුනිල් මාධව ප්‍රේමතිලක කැමරාව මෙහෙය වූ ඩිල්මන් ජයරත්න යන අයගේ හැකියාව මතින් ප්‍රකට වන්නේ ඔවුන් ලාබාල තරුණයන් පිරිසක් ලෙස නොව ජීවිතය පිළිබද පුළුල් අත්දැකීම් සහිත විවේක බුද්ධිය හා අවබෝධ ඥානයෙන් යුතුව සමාජ ප්‍රශ්න දෙස සානුකම්පිතව බලන වයොවෘද්ධයන් කිහිප දෙනෙකු ලෙසිනි.“

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

ඡායාරූප හිමිකම - ඒ. ඩී. රන්ජිත් කුමාර මහතා සතුය.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.