News Category
From Date
To Date
Maximum Number of Result

අඩ සියවසක නිම්වළල්ල..

Jul 21, 2025 at 09:42 AM
|

මෙරට පළමුවන සිංහල කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වූයේ 1947දීය. එය පළමු සිංහල චිත්‍රපටය වූ සේම පාසල් සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද පළමු  හා එකම සිංහල චිත්‍රපටය ලෙස නිම්වළල්ල චිත්‍රපටය ඉතිහාස ගතය. 

1970 දී නිම්වළල්ල නිර් මාණය කළේ රන්ජිත් ලාල් විසිනි. තරුණ අසහනය, සමාජ ස්ථරයන්හි නොගැලපීම හා යොවුන් ප්‍රේමය පදනම් කර ගනිමින් නිර් මාණය කෙරුණු එම චිත්‍රපටයට මේ නොවැම්බරයට 55වසරක් සපිරෙයි.

55 වසරකට පෙර නිම්වළල්ල නිර් මාණය කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසකි. එහි අපූරු කතාවක් තිබේ. රන්ජිත් ලාල්, ප්‍රේමකීර් ති ද අල්විස්, ආතර් නම්මුනි ද සොයිසා, චන්ද්‍ර ශ්‍රී මුදන්නායක, ආනන්ද නිලවීර හා ඒ. ඩී. රන්ජිත් කුමාර ආනන්දයේ එකට උගත් සිසුවෝය. පාසල් වියේදී කෙසේ හෝ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ උණක් ඔවුනට වැළදී තිබිණි.  එහි ප්‍රතිඵලය වූයේ ‘වෙර‘ නමින් කෙටි චිත්‍රපටයක් බිහිවීමය. එහි කතාව ප්‍රේමකීර් ති ද අල්විස්ගේ විය. එහි තේමා ගීතය ලිව්වේ ද ඔහුය. රන්ජිත් ලාල් අධ්‍යක්ෂණයෙන්, ගායනයෙන් හා සංගීත නිර් මාණයෙන් එයට දායක විය. එහි කලා අධ්‍යක්ෂවරයා වූයේ ඒ. ඩී. රන්ජිත් කුමාරය. ඩිල්මන් ජයරත්න කැමරාකරණයෙන් එක් විය. එම චිත්‍රපටයෙන් නිරූපනය වූයේ කම්කරුවන් හා පීඩිතයන් පිරිසකගේ ජීවන අරගලයයි.

වෙර  නමැති කෙටි චිත්‍රපටය  අධ්‍යක්ෂණයෙන් පන්නරය ලද රන්ජිත් ලාල්ගේ ඊළග වෑයම වූයේ කෙසේ හෝ වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමය. ඒ සදහා සුදුසු කතාවක් ලියන ලෙස ඔහු භාර දුන්නේ  ඒ වන විටත් ආනන්දයේ ඉගෙනුම බලමින් සිටි සුනිල් මාධව ප්‍රේමතිලකටය. ඔහු පාසල් අධ්‍යාපනය ලබන අවදියේම සිළුමිණ පුවත්පතේ ලේඛකයකු ලෙස කටයුතු කළේය. සුනිල් මාධව අපූරු කතාවක් ලීවේය. එහි තිරනාටකය ලීවේ ආනන්දයේම සිසුවකු වූ පසුව දක්ෂ මූර් ති ශිල්පියකු වූ අසෝක ඩයස් වීරසිංහය. ඒ.ඩී. රන්ජිත් කුමාර කලා අධ්‍යක්ෂවරයා විය

චිත්‍රපට උණෙන් සිටි මේ කොලු රංචුවට වෙනත් පාසල් දෙකක  ශිෂ්‍යයන් දෙදෙනෙක් ද එක්ව සිටියහ.  ඉන් එක් අයෙක් කෑගලු මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඩිල්මන් ජයරත්නය. අනෙක් සිසුවා නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි සුනිල් ආරියරත්නය. ඩිල්මන් කැමරා අධ්‍යක්ෂණයෙන්ද, සුනිල් ගීත රචනයෙන්ද නිම් වළල්ලට එකතු වූහ. එවක ප්‍රේමකීර් ති ද අල්විස් ආනන්දයෙන් සමුගෙන ගුවන් විදුලියට එක්ව සිටි බැවින් ඔහුට එම චිත්‍රපටයට එක්විය නොහැකි විය. චිත්‍රපටයේ මුල් නම වූයේ ‘යළිත් වසන්තය‘ යන්නයි. පසුව එය‘ නිම්වළල්ල‘ ලෙසින් වෙනස් කෙරිණි.. සිරිසේන විමලවීරයන්ගේ නව ජීවන චිත්‍රාගාරයේ නිර්මාණය කෙරුණු අවසන් චිත්‍රපටය වූයේ නිම්වළල්ලය.

චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම හා කළමනාකාරීත්වය බාර වූයේ ආතර් නම්මුනි ද සොයිසාටය. චන්ද්‍ර ශ්‍රී මුදන්නායක ඔහුගේ සහය කළමනාකරු විය. සහාය අධ්‍යක්ෂවරුන් වූයේ පසුකලෙක ලේක්හවුසියේ සභාපති වූ බන්දුල පද්මකුමාර සහ ආනන්ද නිලවීරය. සංස්කරණය එවක සාන්ත ජෝසප් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ලාල් දිසානායකට පැවරිණි. සත් සමුදුර, වෙස්ගත්තෝ වැනි චිත්‍රපට නිෂ්පාදනය කළේ ලාල්ලේ පියා වූ දොස්තර ලීනස් දිසානායකය. එහෙයින් පාසල් අවදියේ සිටම ලාල්ටද සිනමාව පිළිබද මනා අවබෝධයක් තිබිණි. තවත් ආනන්ද සිසුන් දෙදෙනකු වූ මහින්ද අල්ගමට (චන්ද්‍ර මඬුලු යට සුරංගනාවෝ, රුක් අත්තන මල මුදුනේ වැනි ගීත ලියූ ප්‍රවීණ ගීත රචක) ගීත රචනයත් පසු කාලයේ දෙසතිය සගරාවේ සංස්කාරකවරයා හා ප්‍රවීණ ගීත රචකයකු වූ ගාමිණී විජේතුංගට ප්‍රචාරක කටයුතුත් බාර විය. මහින්ද  ලියු  නිසයුරු  මුතුලැල්  ගීතය  ගායනා  කළේ  සී  ටී  ප්‍රනාන්දු ය 

පාසල් සිසුන්ගේම තේමාවක් ඇසුරින් නිර්මාණය වූ නිම්වළල්ලේ ප්‍රධාන චරිත නිරූපනය කළේ ජානකී කුරුකුලසූරිය, ස්වර් ණා මල්ලවාරච්චි, රුක්මණී දේවි, සිරිල් වික්‍රමගේ, පියදාස ගුණසේකර, දේවිකා කරුණාරත්න සහ ජේ.බී.එල්. ගුණසේකරය ඔවුනට අමතරව, එවක ආනන්දයේ ශිෂ්‍යයන් වූ නිමල් හෙට්ටිආරච්චි, ( පසුව මහාචාර්ය) රත්නසිරි රාජපක්ෂ, (පසුව කොළඹ නගරාධිපති) නාලන්දයේ ශිෂ්‍යයකු වූ තිස්ස විජේසුරේන්ද්‍ර, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී  සිසු  අමරසිරි කලංසූරිය යන පිරිස එයට එක්වූහ.

 ප්‍රධාන චරිතය සදහා තෝරා ගැනුණේ කිසි දිනෙක වේදිකා නාට්‍යයක හෝ රඟ පා නොසිටි නිශ්ශංක අමරසිංහය. එම චිත්‍රපටය තුළින් මනා රංඟන හැකියාවක් ප්‍රකට කළ නිශ්ශංක ඉන්පසු කිසිදු චිත්‍රපටයක රගපෑවේ නැත. චිත්‍රපටයට දායක වූ බොහෝ දෙනෙක් එයට එක් වූයේ නොමිලයේය. 

එවන අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් මංගල දර් ශනය පැවැත්විණි. එම චිත්‍රපටය සියලු දෙනා විසින්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස ඇයගෙන් සහතිකයක්ද රන්ජිත් ලාල්ට ලැබිණි.

චිත්‍රපටය ආදායම් අතින් ඉහළ මට්ටමක නොපැවතියද වියදම් පියවා ගැනීමට සමත් විය. චිත්‍රපටයේ නිෂ්පාදකයා වූයේද රන්ජිත් ලාල්ය. ඇත්තටම පාසල් සිසුවකු වූ ඔහුට මුදල් තිබුණේ නැත ඒ සදහා මුදල් දුන්නේ ඔහුගේ පියා වූ මිනුවන්ගොඩ පීල්ලවත්තේ ඩේවිඩ් සිල්වා මහතාය.

නිම්වළල්ල නිර්මාණය කිරීමෙන් පසු රන්ජිත් ලාල් යළි වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය නොකළ ද පසුව රජයේ චිත්‍රපට අංශයේ සේවය කළ කාලයේ අගනා වාර් තා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළේය. සිනමාව හා සංගීතය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයකින් යුතු ඔහු තම දැනුමෙන්  වැඩක් ගත්තේද යන්න සැක සහිතය.

55 වසරකට පෙර නිම්වළල්ලෙන් උපන් බොහෝ දෙනෙක් පසුකාලීනව විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් හා නම රැන්දූ පුද්ගලයන් බවට පත් වූහ.  ඇතැමෙක් අද ජීවතුන් අතර නැත.

නිම්වළල් පිළිබඳ ව එවක දිනමිණ කතුවරයා ව සිටි එස් සුබසිංහ මහතාගේ සඳහනකින් මෙය අවසන් කළ යුතුයැයි සිතමි.

‘සුනිල් මාධව ප්‍රේමතිලක ලියා ඇති කතාව තිරය මත කියාපෑමට රන්ජිත් ලාල් සිනමා මාධ්‍ය නිසියාකාරව උපයෝගී කරගෙන ඇති අන්දම පිළිබඳව සලකා බලන විට නිම්වළල්ල සිංහල සිංහල චිත්‍රපටයකැයි හදුන්වනවාට වඩා එය සිනමාත්මක චිත්‍රපටයකැයි හැදින්වීම මැනවයි මට සිතේ. චිත්‍රපට කතාව විකාශය වීමට රන්ජිත් කුමාරගේ පසුබිම් නිර් මාණය මහත් රුකුලක් වී තිබේ. අධ්‍යක්ෂ රන්ජිත් ලාල්, කතා රචක සුනිල් මාධව ප්‍රේමතිලක කැමරාව මෙහෙය වූ ඩිල්මන් ජයරත්න යන අයගේ හැකියාව මතින් ප්‍රකට වන්නේ ඔවුන් ලාබාල තරුණයන් පිරිසක් ලෙස නොව ජීවිතය පිළිබද පුළුල් අත්දැකීම් සහිත විවේක බුද්ධිය හා අවබෝධ ඥානයෙන් යුතුව සමාජ ප්‍රශ්න දෙස සානුකම්පිතව බලන වයොවෘද්ධයන් කිහිප දෙනෙකු ලෙසිනි.“

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

ඡායාරූප හිමිකම - ඒ. ඩී. රන්ජිත් කුමාර මහතා සතුය.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.