News Category
From Date
To Date
Maximum Number of Result

යුධ හමුදාවේ 1500 කට වඩා දිවි අහිමි කළ මුලතිව් මහ බේදවාකයෙන් මිය ගිය සෙබළුන් සිරිලක මහපොළවට අළුවී වසර 29 යි..

Jul 18, 2025 at 09:46 AM
|

1996 ජූලි 18 වන බදාදා  LTTE ත්‍රස්තවාදීන් මුලතිව් යුධ හමුදා කඳවුරට පහර දෙනු ලැබීය. තිස් වසරක ඊලාම් යුද්දයේ ලංකාවේ හමුදාව ලද දරුණුම පරාජය මුලතිව් යුධ හමුදා කඳවුර විනාශය සමග සනිටුහන් විය.  දින 12 ක් පුරා පැවිති මෙම සටනේදී සෙබළුන් බොහෝ දෙනෙකු මිය යන ලදි. මුලතිවු කදවුරේ සෙබළුන් 1407ක් සිටි අතර ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ නිලධාරීන් 2 සහ සෙබළුන් 60 දෙනෙකු පමණි. ත්‍රිවිධ පහර ක්‍රියාන්විතයෙන් කඳවුර මුදාගැනීමට උත්සාහ කිරීමේදී සෙබළුන්ගෙන් 100ක් මිය ගිය අතර සෙබළුන් 1443 ක් මුලතිවු සටනේදී මිය යන ලදි. 

මෙම ප්‍රහාරය සාර්ථක කරගැනීමට කොටි ඔත්තු කරරුවෙකු ලෙස කඳවුරේ කාලතුවක්කු භාරව සිටි කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්  ත්‍රස්තවාදීන්ට උපකාර කරන ලදි. මුලතිව් සිද්ධිය පිළිබඳ පැවැත් වූ විමර්ශන අධිකරණය ඉදිරියෙහි සාක්ෂි දුන් එම කඳවුරෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ 25 බලසේනාධිපති කර්නල් යූ. බී. ලෝරන්ස් ප්‍රනාන්දු හා සිංහ බළඇනියේ මේජර් උඵී ගුණරත්න  , කඳවුරෙහි කාලතුවක්කු (ආටිලරි) අංශයේ ප්‍රධානියා වූයේ දෙමළ හමුදා නිලධාරියකු බවත් ඔහුගේ ක්‍රියාකාරිත්වය සමස්ත කඳවුරටම තර්ජනයක් වූ බවත් ප්‍රකාශ කළේය. එහෙත් එවකට සිටි හමුදා බලධාරීන් මේ පිලිබඳව පියවරක් ගත්තේ නැත.  2009 යුද ජයග්‍රහනයෙන් පසු  කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්ට සිදු වූයේ කුමක්ද යන්න පිලිබඳව තවමත් පැහැදිලි වාර්තා ලැබී නොමැත.

තිස් වසරක ඊලාම් යුද්දයේ දෙවන විශාලම පරාජය මෙයයි මේ සටන පුරා දින 12 ක් සිදුවුණා ,  රිවිරැස මෙහෙයුමෙන් යාපන මුදාගැනිමෙන් පස්සෙ යානේ හිටපු කොටි සාමාජිකයන් 3000ක් පමන වන්නි ප්‍රදෙශයට පලා ආවා . යාපනෙ නැති වු අවමානය නැති කරගන්න ඔවුන් වන්නි ප්‍රදෙශයෙ හුදකලා කදවුරකට පහර දිමට තිරනය කලා.. මෙම ප්‍රහාරය සදහා කොටි සාමාජිකයන් 4000ක් පමන කැදවු අතර මුහුදු කොටි සුසෙයී යටතෙත් . ගොඩබිම් කන්ඩායම් බල්රාජ්ගෙ නායකත්වයෙන් ස්වර්නම් , තීපන් , භානු යටතෙ මෙහෙයවනු ලැබිනි .. එවගෙම කදවුර තුල සිටි කාල තුවක්කු අනු කන්ඩය භාරව සිටි කැප්ටන් සුරෙශ් රාජ් එල් .ට් .ට් යට ඔත්තු සැපවු බවටද පසුව වාර්තා වුනිමෙම ප්‍රහාරය ආරම්භ වන විට මුලතිවු කදවුරේ සෙබළුන් 1407 කු සිටියා එනම් යුද හමුදාවේ – 1268නාවික හමුදාවේ – 09 පොලිසියේ – 49සිවිල් සේවකයින් – 81මේ අතරින් ප්‍රහාරයෙන් බේරී පැමිණියේ නිලධාරීන් 2කු සහ සෙබළුන් 60 දෙනෙකු පමණි . මේ අනුව 1343 ක් වූ අනිත් සියල්ලෝම අතුරුදහන් වුනා . ඒ වගේම ත්‍රිවිධ පහර ක්‍රියාන්විතය යටතේ ඔවුන්ව මුදා ගැනිමට පැමිණි සෙබළුන්ගෙන් 100 දෙනෙකුද මිය ගොස් සිටියා ඒ අනුව සෙබළුන් 1443 ක් මුලතිවු මහා සටනේදී අපට අහිමි වුණා .

1996 ජූලි 17 වන බදාදා රාත්‍රියේ සුපුරුදු පරිදි කඳවුරේ රාජකාරි සඳහා සෙබළුන් ස්ථාන ගත කෙරුණු අතර අඳුරු රාත්‍රිය ගෙවී පසුදිනට එළිවන්නට විය.

මධ්‍යම රාත්‍රී 12.15 සිට අලුයම 1.00 දක්වා මුළු කඳවුරම උපක්‍රමිකව සීරුවෙන් තැබුණු අතර එය ලිහිල් කළ වහාම භට පිරිස් තමන්ට නියමිත රාජකාරි සඳහා වෙන් කෙරිණි. ඒ හරියටම ජූලි 18දා අලුයම 1.30ට පමණය.

අඳුර මැදින් මුලිතිව් වෙරළ රත් පැහැ ගන්වමින් දරුණු වෙඩි වරුසාවක් සමග මුහුදු කොටි බළකාය කඳවුර වෙත කඩා පැන්නේය. මරාගෙන මැරෙන කළු කොටි මුලතිව් මුහුදු වෙරළ හරහා පැමිණ කඳවුරට කඩා වැදී හතර වටින්ම මුලතිව් කඳවුර වටකර පහර දෙන්නට වූයේ නිමේෂයකිනි. පන්දහසක පමණ කොටි බළමුළුවක් කඳවුර වටකරගෙන පහර දුන්හ.

නොසිතූ මොහොතක එල්ල වූ දරුණු ප්‍රහාරය හමුවේ සෙබළුන් වික්ෂිප්ත වූහ. ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරමින් ආරක්ෂක වළලු බිඳගෙන කඳවුර තුළට ඇතුළුවීම නවතා ගැනීම අසීරු විය.

හුදකලා කඳවුරක් වූ මෙය ඕනෑම මොහොතක ප්‍රහාරයට ලක්වීමේ අවදානමක් තිබුණ ද කඳවුරේ ඉහළ නිලධාරීන් මෙවැනි ප්‍රහාරයක් සඳහා සෙබළුන් සූදානම් කර නොතිබූ නිසා එහි ආරක්ෂක වළලු සරුංගලයක නූලක් කැඩී ගිය අයුරෙන් විසිර ගියේය.

කඳවුරේ අණදෙන්නට ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නොමැති වූයෙන් සෙබළුන්ට අණදීම හා පාලනයද දුෂ්කර විය. කඳවුරට තිබූ ලොකුම වෙඩි බලය දුන් කාලතුවක්කු අවි දෙක ප්‍රහාර එල්ල නොකරම එය භාරව සිටි ලුතිනන් ධර්මේන්ද්‍රන් සමගම කොටින්ගේ භාරයට ගෙන තිබුණි. සෙබළුන්ට හෝ ආරක්ෂක ස්ථාන කරා යාමටද කොටි ත්‍රස්තයන් ඉඩ නොතැබූයෙන් තම දිවි නොතකා එක දිගට සටන් කරන්නට සෙබළු උත්සුක වූහ. දෙපැත්තේම සාමාජිකයන් වෙඩි වරුෂා මැද බුරුතු පිටින් මැරී වැටෙන්නට වූහ.

කඳවුරේ සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ මේජර් අලිබා පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් කුරුණෑගල බෝයගනේ වූ තම රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සබඳතා තබා ගනිමින් ආධාර ඉල්ලා සිටියේය.

එදින දහවල් 2.00 වන විටත් බළසේනා මූලස්ථානය ආක්‍රමණය කළ කොටි ත්‍රස්තයෝ එහි වූ හෙලිකොප්ටර ධාවන පථයද අත්පත් කර ගත්හ. සිංහ රෙජිමේන්තු භටයින් හෙලිකොප්ටර් ධාවන පථය යළිත් දරුණු සටනක් කර අත්පත් කර ගන්නා විට වේලාව සවස 4.00ට පමණ විය. හෙලිකොප්ටර් ධාවන පථය අල්ලාගත් භට පිරිස් ගුවනේ සහායක භට පිරිස් එවන්නැයි කොළඹින් ඉල්ලා සිටියහ.

මුලතිව් කඳවුරේ සෙබළුන් 1500ක් සමග බළසේනාවක් කොටින්ට මැදිවී වික්ෂිප්ත තත්ත්වයට පත්ව තිබූ අතර පණිවුඩ හුවමාරු හරහා සෙබළුන්ගේ අ¼ෙදා්නා පමණක් ඇසෙන්නට විය.

රිවිරැස මෙහෙයුම මගින් යාපනය අර්ධද්වීපය මුදාගත් පසුව වන්නියට පසුබැස ගත් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ට එය දරාගත නොහැකි එකක් වූයේය. යාපනය අහිමි වූ පසුව එල්.ටී.ටී.ඊ.යට වූ පාඩුව පිරිමසා ගැනීමට එල්.ටී.ටී.ඊ. නායකයා සැලසුම් සකස් කළේය. ඒ වාඩුව මුලතිව් කඳවුරෙන් ගන්නට සැලසුම් කරන්නේ ඒ අනුවය. මුලතිව් කඳවුරට අලුතෙන් ගෙන ආ මිලිමීටර් 122 කාලතුවක්කු අවි දෙක ගැන ඒ වන විටත් එල්.ටී.ටී.ඊ.යට කඳවුරේ සිටි ද්‍රවිඩ නිලධාරියකුගෙන්ම ඔත්තුව ලැබි තිබිණි. ඒ අනුව ප්‍රභාකරන් සැලසුම් කළේ කාලතුවක්කු අවි දෙක හා එහි වූ මිලිමීටර් 120 මෝටාර් අවි පැහැර ගැනීමටය.

1994 සිට බළසේනා මූලස්ථානයක් වූ මුලතිව් කඳවුරේ යුද හමුදාවට අමතරව නාවික හමුදා ඛණ්ඩයක් හා සහකාර ‍පොලිස් අධිකාරිවරයකු ඇතුළු ‍පොලිස් කණ්ඩායමක්ද සිටියහ. එක්දහස් පන්සියයක් පමණ රඳවා සිටි මෙම කඳවුර හුදෙකලා කඳවුරක් වූ අතර එයට සැපයුම් තිබුණේ මුහුදෙන් හා ගුවනින් පමණි.

1996 ජූලි මාසය වන විට එල්.ටී.ටි.ඊ.ය කඳවුරට පහරදීමට රහසිගතව සැලසුම් කළ අතර ඒ අවට එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්ද වැඩි විය. ජූලි 17 බදාදා වන විට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය සැලසුම් කරන විට එහි බළසේනාධිපති වූ කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු (විශ්‍රාමික මේජර් ජෙනරාල්) සිටියේ නිවාඩු පිටය. ඔහුගේ දෙවැනියා වූ බළසේනා මේජර්ද නිවාඩු පිට සිටියේය. බළසේනා මූලස්ථානය භාරව සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කපිතාන්වරයකු වූ ජානක කස්තුරිආරච්චිය. කඳවුරේ උතුරු කොටස ආරක්ෂා කිරීම පැවරුණේ ලුතිනන් කර්නල් සේනාධීර ගුණරත්න අණ දුන් නවවන සිංහ රෙජිමේන්තුවටය. ඔහුද නිවාඩු ලබා සිටියෙන් එම වගකීම භාර වූයේ දෙවන අණදෙන නිලධාරියා වූ මේජර් හිරාන් දාබරේරා වෙතටය.

කඳවුරේ දකුණු කොටස ආරක්ෂා කිරීම පැවරුණේ හයවන විජයබා රෙජිමේන්තු වැඩබලන අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් අලිබාටය. ඒ අනුව මුළු කඳවුරු සංකීර්ණයටම ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිටියේ මේජර්වරුන් දෙදෙනකු හා කපිතාන්වරයකු පමණකි.

ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීන් රැස්වී ගුවනින් හා මුහුදින් විශේෂ බළකාය ඇතුළු පාබළ රෙජිමේන්තු මුලතිව් වෙත යැවීමට තීරණය කළහ. මේ වන විට හමුදාපති ධුරය දැරුවේ ලුතිනන් ජෙනරාල් රොහාන් දලුවත්තය.

පාබළ රෙජිමේන්තු මුහුදින් හා ගුවනින් පිටත් කරනතුරු ගුවනින් කොටින්ට ප්‍රහාර එල්ල කිරීම පැවරුණේ බළගණ නායක කපිල වනිගසූරිය ඇතුළු එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් බළගණය වෙතය.

මුලතිව් කඳවුරට ප්‍රහාරයක් එල්ල වෙනවා වහාම කඳවුරට වාර්තා කරන්නැයි ජූලි 18 දා පාන්දර 3.00ට පමණ ඔහුට දැනුම් දුන්නේය. ඒ වන විට මින්නේරිය කඳවුරේ සිටි බළගණ නායක කපිල වනිගසූරිය (මේ වන විට ගුවන් කොමදෝරුවරයෙකි) ත්‍රිකුණාමල චයින බේ කඳවුර බලා ආවේ සටන් පෙරමුණට යාමටය. ඒ වන විටත් චයින බේ කඳවුරට තවත් ප්‍රහාරක යානා කිහිපයක් ගෙන්වාගෙන තිබුණේය.

මුලතිව් කඳවුරේ තත්ත්වය දරුණු වූයෙන් වහාම ප්‍රහාරක යානා මුලතිව් බලා පියාසර කළේය. කොටින්ට නොදැනෙන්නට ගණ කැලෑවේ ගස්වල ගෑවෙන නොගෑවෙන මට්ටමින් හා මුහුදු වෙරළ ඔස්සේ පැමිණ සතුරු ඉලක්ක සොයා පහර දෙන්නට වූයෙන් මුලිතිව් කඳවුරේ සෙබළුන්ට එය අස්වැසිල්ලක් විය. මේ වනවිටත් මුහුදු කොටින්ගේ ග්‍රහණයේ තිබූ මුලතිව් මුහුදු තීරයේ කොටි යාත්‍රා, ඉලක්ක කර පුපුරුවා හැරීමටද ගුවන් හමුදා නියමුවන් සමත් වූහ. තොප්පිගල සඳහා පිටත්ව යාමට සූදානමින් පළමුවැනි විශේෂ බළකායේ සියලු දෙනා නින්දට ගිය ද මුලතිව් කඳවුර රෑ පහන්වන තුරු දරුණු කොටි ප්‍රහාරයකට ලක්වෙමින් තිබිණි. මාදුරුඔය කඳවුරේ නිලධාරී නිවස්නයේ දුරකථනය ජූලි 18 දා අලුයම 3.30ට පමණ එක දිගට නාද වන්නට විය. දුරකථනය දිගින් දිගටම නාද වන අතරේ පළමුවැනි විශේෂ බළකායේ දෙවැනි අණදෙන නිලධාරී තනතුරේ වැඩබැලූ මේජර් ජයන්ත රත්නායක (දැනට බ්‍රිගේඩියර්) වහාම දිවවිත් රිසිවරය අතට ගත්තේය.

දුරකථනයේ අනෙක් පසින් කතා කළේ යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි කර්නල් ලලිත් දවුලගලය. හමුදා මූලස්ථානයෙන් මෙම ඇමතුම දුන්නේ අණදෙන නිලධාරීනට වහාම මුලතිව් යෑමට සූදානම් වන ලෙසට දන්වන්නටය.

---------------------------------------------------------------

යාපනය රිවිරැස මෙහෙයුමට දායක වී සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් අණදුන් පළමුවැනි විශේෂ බළකායේ භට කණ්ඩායම් තවත් රහසිගත මෙහෙයුමක් සඳහා මාදුරුඔය සිය කඳවුරට පැමිණ සිටියහ.

ගුවනින් ගොස් තොප්පිගල පිහිටි කොටින්ගේ නැගෙනහිර බලමූලස්ථානය අත්පත් කර ගැනීම විශේෂ බළකායට පැවරී තිබූ ඉලක්කය විය. ලුතිනන් කර්නල් රාජ් විජේසිරි අණදුන් දෙවන විශේෂ බළකාය වැලිකන්ද පුනානි දෙසින් හතරවන ගජබා රෙජිමේන්තුව සමග කැලෑ මාර්ග ඔස්සේ තොප්පිගල බලා යන අතරේ පළමුවන විශේෂ බළකාය ගුවනින් කඳවුරට කඩා වැදීමට සැලසුම් කර තිබිණි.

මෙහෙයුමේ සැලසුමට අනුව දෙවැනි විශේෂ බළකාය 1996 ජූලි 17දා තොප්පිගල බලා ගමන් කරන අතර ජූලි 18දා අලුයම පළමු වන විශේෂ බළකා භට කණ්ඩායම් මෙහෙයුමට එක්වීමට නියමිත විය.

කර්නල් ෆස්ලි ලෆීර් මෙහෙයුමට පෙර තම සෙබළුන් දිරිමත් කළේ ඔවුන්ට අපේ රජවරු රට එක්සේසත් කරන්නට කළ මෙහෙවර ඇතුළුව ඉතිහාසයද මතක් කර දෙමිනි. ඔහුගේ සෑම වචනයක්ම විශේෂ බළකායේ සුවිශේෂ පුහුණුව ලද සෙබළුන්ට තව තවත් චිත්ත ධෛර්යය වඩවන්නටද විය. දුටුගැමුණු රජු හා එළාර සටන් කියමින් සෙබළුන්ට ජාත්‍යාලය ඇති කරන්නට ඔහු සමතකු විය.

“කොල්ලනේ උඹලා ගමේ රස්තියාදු ගහන, බෝක්කු උඩ බිඩි බොන එවුන් දැකලා තියෙනවානේ. එල්.ටී.ටී.ඊ.යේ ඉන්නෙත් එහෙම එවුන්. නමුත් උඹලා හොඳින් ට්‍රේනින් වෙලා ආයුධ එක්ක යන එස්.එෆ්. කොල්ලෝ. සතුරාගේ ශක්තිය දන්නේ නැති අය තමයි බයෙන් ඉන්නේ. අපි දුර්වල වුණොත් තමයි සතුරගෙන් ගුටි කන්නේ. ඒ සතුරා දක්ෂ නිසා ‍නෙවෙයි. ඒ නිසා අපි සතුරා කරන්න යන දේ හිතලා අපි උන්ට වඩා ට්‍රැක්ටිස් පාවිච්චි කරන්න ඕනෑ” මේ කර්නල් ලෆීර් තම විරු පුතුන්ගේ හදවතට දැනෙන්නට කියන කතාය.

ප්‍රහාරය එල්ල වන මොහොතේ මුලතිව් බලසේනාවේ ඉතිරිව සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨම නිලධාරියා වූ මේජර් ජානක කස්තුරිආරච්චි

විශේෂ බළකාය කළ මෙහෙයුම් සියයට අනූනවයක්ම සාර්ථක වූයේත් මෙවැනි නිර්භීත නායකත්වයත් නිසාය. ලුතිනන් කර්නල් ජයිව් ප්‍රනාන්දුගෙන් පළමුවන විශේෂ බළකාය භාරගත් ෆස්ලි එස්.එෆ්. නම දැනුණද සතුරා බිය වන තරමට තම සගයන්ගේ ප්‍රහාරක හැකියාව ඔප් නංවා තිබුණේය.

මුස්ලිම් ජාතිකයකු වුවද ඔහු සංහිඳියාව ඔප්නංවමින් සැබෑ දේශප්‍රේමියකු ලෙස රුදුරු ත්‍රස්තවාදය නිමා කරන්නට සැලසුම් කළ අයකු විය.

රිවිරැස මෙහෙයුමෙන් යාපනය අල්ලා ගත් පසුව තෙන්නමරච්චි-වඩමාරච්චි මුදාගැනීමේ මෙහෙයුමේ භාරදූර වගකීම පැවරෙන්නේද ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් අණදුන් පළමුවැනි විශේෂ බළකා රෙජිමේන්තුවටය.

මෙම මෙහෙයුමේදී අභියෝගාත්මක මෙහෙයුමක් සැලසුම් කරන කර්නල් ලෆීර් තම භට පිරිස් සමග පුතුර් කලපුවෙන් බැස කලපුව තරණය කර කිලෝමීටර් දහතුනක් පමණ දුරක් කිසිදු හානියකින් තොරව සරසා‍ලේ දක්වා පැමිණෙන්නේ කොටි විස්මයට පත් කරමිනි.

යම් හෙයකින් කලපුවේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූවා නම් වතුරේදීම විශාල පිරිසකට හානියක් වුවද සිදුවන්නට ඉඩ තිබිණි. එතැනදී කිසි දෙයක් නොවූ නිසා අවදානමක් ගෙන කළ ඒ විස්මිත මෙහෙයුම කරළියට ආවේය. මේ වන විටත් කොටි ත්‍රස්තයන් සියලුම ප්‍රධානම මාර්ගවල පාලම් පුපුරුවා හැරීම නිසා මාර්ගවලින් ගමන් කිරීම අසීරු විය. මේ සියලු බාධක ජයගෙන පුතුර් කලපුව හරහා ඉදිරියට ගොස් සරසාලෙන්, චාවාකච්ච්ෙරි, කිලාලි, කොඩිකාමම් දක්වා ත්‍රස්තයන් පීරමින් බලය පෙන්වන්නට විශේෂ බළකා විරුවෝ සමත් වූහ.

ඉවෙන් මෙන් කොටි ඉලක්ක සොයා ගන්නට හැකියාවක් අති කර්නල් ලෆීර් තම කණ්ඩායම් අතරින් චාලි බළගණයේ කණ්ඩායම් භාර නිලධාරියා වූ කපිතාන් ස්ටැන්ලි සිරිමාන්නට සිතියමේ කොටසක් පරීක්ෂා කරන්නට නියෝග කළේය.

ඒ අනුව මීටර් පනහේ, පනහේ වගේ කොටුවක් තමයි අපිට පරීක්ෂා කරන්න තිබුණේ. එළවළු කොටුවක් වගේ අතුරළා දාලා තිබුණ තැනක් ඉදිරියට යද්දී අපේ කුඩා කණ්ඩායමකට ගේ‍රනේඩ් (අත්බෝම්බ) එකක් දමලා ගැහුවා. එසැණින් මම මගේ කණ්ඩායම දාගෙන වට කරගෙන ගහගෙන ඉස්සරහට ගියා. එතැනදී ෆයර් ෂයිට් එකෙන් පස්සේ අපිට එල්.ටී.ටී.ඊ. හැත්තෑහයකගේ බොඩීස් හම්බ වුණා. එදා කර්නල් ලෆීර් දුන්න නායකත්වය නිසා අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න හැකි වුණා යැයි කපිතාන් ස්ටැන්ලි සිරිමාන්න වසර විස්සකට පසු සිය මතකය අවදි කළේය.

එදා එම මෙහෙයුමේදී කොටින්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සටන්කාමියකු ජීවග්‍රහයෙන් අල්ලා ගෙන විශේෂ බළකායේ ඔත්තුකරුවකු ලෙස පුහුණු කරන්නට කර්නල් ලෆීර් කටයුතු කළේය.

හමුදා පාලන ප්‍රදේශයේ සිවිල් වැසියන් අතරේ සැඟවී සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වෙන් කර හඳුනා ගැනීම සඳහා කර්නල් ලෆීර් හට මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ කොටි සාමාජිකයා මහත් සේ උපකාරි විය. එම කොටි සාමාජිකයා භාර දී තිබුණේ කපිතාන් චන්දිමාල් පීරිස්ටය.

මේ වන විට රිවිරැස මෙහෙයුමෙන් කොටි සාමාජිකයා මිය ගිය බව සිතා පවු‍ලේ අය ගම පුරා ‍පෝස්ටර් පවා අලවා තිබෙනු හමුදා නිලධාරීන්ටද දැකගත හැකි විය. දිනක් කර්නල් ලෆීර් තමන්ගේ වාහනයට කොටි සාමාජිකයාත් දමාගෙන වලිකාමම් බටහිර ප්‍රදේශයට ගෙන ගොස් කොටි සාමාජිකයාගේ පවු‍ලේ කෙනෙකු මග යනවා නම් පෙන්වන්නැයි කියා පවු‍ලේ කෙනෙකු සොයා ගත්තේය.

එම ඥාතියා සවස් යාමයේ කඳවුරට ගෙනැවිත් කොටි සාමාජිකයාටත් හොරෙන් ඔහුගේ මව ගැන තොරතුරු සොයාගෙන මවට කඳවුරට එන්නැයි දැනුම් දුන්නේය. ඒ අනුව කොටි සාමාජිකයාගේ මව ඥාතියකු සමග කඳවුරට ආ මොහොතේ දෙමළ භාෂාව හොඳින් දන්නා නිලධාරියකු වූ කර්නල් ලෆීර් ඔවුන්ව පිළිගෙන පුතාට වූ දෙය විමසුවේ මොකුත් නොදන්නා අයුරෙනි. එල්.ටී.ටී.ඊ.ය නිසා තමාට පුතා නැති වූ බව කියමින් එකී මව දෙස් දෙවොල් තියමින් බැණවදින්නට වූවාය.

ඉන්පසුව දෙමළ අම්මා තවත් හඬවනු නොහැකි නිසා ඇය මිය ගියායැයි සිතන පුතාව ඇය ඉදිරියට ගෙන්වන්නේ මව පුදුම කරවන්නටය. දරු සෙනෙහස වාවාගත නොහැකි වූ ඒ අම්මා බිම වැල්‍ලේ වැලි කන්නට වූයේ තමාට පුතු ජීවත් වනු දැක වාවාගත නොහැකි වූ නිසාවෙන්ය.

තම දරුවා බදාගෙන හඬන්නට වූ ඒ අම්මාට පුතා රැගෙන යන්නැයි කර්නල් ලෆීර් කීවේද දරු උණුසුමෙන් පිරී ගිය අම්මා සතුටු කරන්නටය. නමුත් ඒ අම්මා එය ප්‍රතික්ෂේප කළේ දරුවා ගෙදර ගෙන ගියොත් එල්.ටී.ටී.ඊ.ය යළි රැගෙන යනවාට වඩා හමුදාව භාරයේ සිටීම ආරක්ෂිත යැයි ඇයට හැඟුණ නිසාය. සටන් බිමේ සතුරාටත් මානුෂීය ගුණාංග පෙන්වූ කර්නල් ලෆීර්ගේ මනුස්සකම නිසාම හමුදාවට ස්වේච්ඡාවෙන්ම උදව් කරන්නට එකී කොටි සාමාජිකයා කැප වුණේය.

යාපනයෙන් නැගෙනහිර මෙහෙයුම් සඳහා පිටත් වෙද්දී බුද්ධි අංශය වෙත එම කොටි සගයා භාරදී එන්නට ඔවුහු කටයුතු කළහ.

යාපනයේ සිට පැමිණි පසුව මීළඟ නැගෙනහිර මෙහෙයුම් සඳහා තම බළ මුළු සූදානම් කළ නස්ලි දක්ෂ සටන්කාමියකු රණකාමියකු වුවද ඒ දැඩි සිත් ඇත්තා සිය බිරිඳට සෙනෙහෙබර සැමියකු වූවා සේම විටෙක පෙම්වතකු ද විය. ඒ තම ආදරණීය බිරිඳ අනෝමා ලෆීර්ට යුද බිමේ කොතරම් කාර්යබහුල වුවද සෑම රාත්‍රියක දිගු පෙම් හසුනක් ලියන්නට අමතක නොකළ සෙනෙහෙබර සැමියකු වූ නිසාය.

ෆස්ලි හා අනෝමා ආදරය ජාති, ආගම් කුලභේද පසෙකලා සැබෑ ආදරවන්තයින්ගේ එක්වීමක් විය. උසස් අධ්‍යාපනය ලබා සිටියද වෛද්‍යවරයකු වූ සිය පියා ගිය මග නොගොස් වෛද්‍යවරයකුගේ සිහිනය අතහැර ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට එඩිතර වීර පුතකු ලෙස ඔහු හමුදාවට එක්වූයේ රටට ඇති ආදරය නිසාය. නොනැවතී තම ජාතිය, ආගම්වල බැඳීම්වලටත් වඩා තම මව් රෙජිමේන්තුවේම කීර්තිමත් නිලධාරියකු වූ කර්නල් ප්‍රසන්න වික්‍රමසූරියගේ සොහොයුරිය වූ අනෝමා තම ජීවිතය කර ගන්නට ගත් තීරණයද සෘජු තීරණයක් විය.

මුස්ලිම් ජාතිකයකු වුවද හේතුඵලවාදය හා පුනරුත්පත්තිය දැඩිව විශ්වාස කළ ලුතිනන් කර්නල් ලෆීර් තම බිරිඳ අනෝමාට ලියූ සෑම ලිපියක් අවසානයේම සංසාරේ අපි එකටම ඉපදේවා යැයි ප්‍රාර්ථනා කරමින් ලිපිය අවසන් කළේ එය ආත්ම බැඳීමක් බව විශ්වාස කරමිනි.

නිවාඩු යන සෙබළෙකු අත හෝ තැපෑලෙන් ලිපි එවන්නටද දුරකථනයක් ලද මොහොතක ගෙදරට ඇමතුමක් දෙන්නටද ඔහු අමතක නොකළේ දින සති ගණන් කැලෑවේ සටන් නිමවී පැමිණි වහාම අනෙක් නිලධාරීන් වතුර සොයා යද්දී ෆස්ලී මුලින්ම කළේ දුරකථනය වෙත දුවගොස් බිරිඳට ඇමතුමක් දීමය.

ජූලි 18 දා තොප්පිගල මෙහෙයුමට තම භට පිරිස් සූදානම් කළ ලුතිනන් කර්නල් ලෆීර් ජූලි 16දා කෙටි නිවාඩුවකට නිවසට යාමට සූදානම් වන්නේ එදිනට තම විවාහ සංවත්සරය යෙදුණු නිසාය.

ජූලි 16දා දහවල් කෑමට නිවසට එන බවට බිරිඳ අනෝමාට දුන් ‍පොරොන්දුව ඉටු කරලන්නට කොළඹ බලා පිටත් වුවද ඔහුගේ වාහනයේ තුන් වතාවක් ටයර්වල හුළං බසින්නේ කිසිදා නොවූ අයුරෙනි.

දිවා ආහාරයට පැමිණීමට නොහැකි වුවත් සිය ආදරණීය බිරිඳ බැලීමට නිවසට ඔහු එන විට ෆස්ලිට හොඳටම උණ ගැනී තිබුණේය. එදා විවාහ සංවත්සරය වෙනුවෙන් රාත්‍රී ආහාරය ගෙන පසුදිනම යළි බිරිඳගෙන් සමුගෙන යන්නේ තොප්පිගල මෙහෙයුමෙන් පසුව මාසික නිවාඩුවට ගෙදර එන විශ්වාසයෙනි. නිවාඩුව ජූලි 19දාට යෙදුණද තොප්පිගල මෙහෙයුම සඳහා 18දාට පිටත් වන්නට තිබුණෙන් නිවාඩුවට එන දිනය ස්ථිර නොවීය.

තොප්පිගල මෙහෙයුම සඳහා 17දා පෙර පුහුණුවීම් කළ යුතු බැවින් ඒ සඳහා සිය බිරිඳගෙන් සමුගෙන පිටව යාමට ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර්ට සිදුවිය. මාදුරුඔය බලා පැමිණි ඔහු තම දරු පැටව් මෙන් වූ සෙබළ කැල අමතා පසුදින අලුයම තොප්පිගල බලා යාමට සූදානම් වන්නැයි කියා ඔවුන් දිරිගන්වා කඳවුරට යැවීය.

තොප්පිගල හමුදා මෙහෙයුම යන අතරේ එල්.ටී.ටී.ඊ. නායකත්වය මුලතිව් කඳවුර අල්ලන්නට සැලසුම් ක්‍රියාත්මක කරන්නේද මෙදින (ජූලි 17) මධ්‍යම රාත්‍රියේදීය.

මරණය පෙනි පෙනී මුලතිව් බේරාගන්නට ගිය සෙන්පතියා කර්නල් ෆස්ලි ලෆීර්

අස්ලාම් ෆස්ලි ලෆීර් 1958 දෙසැම්බර් 26 දා වෛද්‍ය ඒ.එච්.එම්. ලෆීර් මහතාට හා ලෆීර් මහත්මියට දාව මහනුවර දී උපන්නේය. කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලෙන් සිප්සතර හැදෑරූ ඔහු පාස‍ලේ දී ගුරු දෙගුරුන්ගේ මෙන්ම සහෝදර ශිෂ්‍යයින්ගේ සිත් දිනාගත් දීප්තිමත් ශිෂ්‍යයෙක් ද විය.

අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා කටයුතුවලදීත් මූලිකත්වය ගත් ඔහු පාස‍ලේ දීප්තිමත් සිසුවකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.

දිනූ දේශයේ ස්වාධීනත්වය රැකීමේ පරම අභිලාෂයෙන් 1980 අගෝස්තු 11 දා කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්වන්නේ වෛද්‍යවරයකු වූ සිය පියාගේ අඩිපාරේ යාමට වඩා තම තාරුණ්‍යය රට දැය වෙනුවෙන් කැපකරමිනි.

යුද හමුදා විද්‍යා පීඨයේ දක්ෂ විනයගරුක කැඩෙට් නිලධාරියකු ලෙස පුහුණුව ලද ඔහු 1982 පෙබරවාරි 27 දා පුහුණුව නිමාකර දෙවැනි ලුතිනන්වරයකු වශයෙන් අධිකාරි ලබා රජරට රයිෆල් රෙජිමේන්තුවට එක්විය.

ඉන් අනතුරුව පළමුවැනි ගජබා රෙජිමේන්තුව නගා සිටුවීමේ දී එහි ආරම්භක නිලධාරියකු ලෙස ද කටයුතු කළේය. ඉන් පසුව තුන්වැනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද මොහුගේ සුවිශේෂී දක්ෂතාව නිසාම 1985 මාර්තු 26 දා සිට පාකිස්තාන් උපදේශකයන්ගේ මෙහෙයවීම යටතේ ඇරඹි ක්ෂණික විහිදුම් බළකායේ පළමු පාඨමාලාවට එක්වී උසස් ලෙස එය හැදෑරීය.

කොටි ත්‍රස්තවාදීන්ගේ ගරිල්ලා සටන්වලට ප්‍රතික්‍රියා දක්වන්නට ඇරඹි සුවිශේෂී පුහුණුව ලත් භට කණ්ඩායමක් ලෙස ක්ෂණික විහිදුම් බළකාය අරඹද්දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිලධාරීන් අතරට මෙකී තරුණ නිලධාරියා ද ඇතුළත්ව තිබිණි.

ගරිල්ලා ත්‍රස්තවාදීන්ට දරුණු හිසරදයක් වෙමින් හිස එසවූ ක්ෂණික විහිදුම් බළකායේ කුඩා කණ්ඩායම් මෙහෙයුම් නිලධාරියකු ලෙස පත්වී විශිෂ්ට මෙහෙවරක් කරන්නට අස්ලාම් ෆස්ලි ලෆීර් නම් වූ තරුණ නිලධාරියා සමත් වූයේය.

යුද පෙරමුණේ සිටි නිලධාරියකු ලෙසින් 1985 අගෝස්තු 27 දා කපිතාන් නිලයට උසස්වීම් ලද ඔහු 1989 අගෝස්තු 27 දා මේජර් නිලයට ද උසස්වීම් ලැබිය. 1989 අගෝස්තු 27 දා මේජර් නිලයට උසස්වීම් ලද මොහු පාකිස්තානයේ කනිටු නිලධාරි පාඨමාලාව ද හදාරා තිබිණි. අනතුරුව ඉන්දියාවේ දී මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරුවේය. කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාවේදීත්, බළඇණි ආරක්ෂක නිලධාරී පාඨමාලාව මෙරටදීත් හදාරන්නේය. මෙම කාල සීමාවල දී ක්ෂණික විහිදුම් බළකා ‘බි’ බලඝනයේ නිලධාරී අණදෙන ලෙසින් ද, විශේෂ බළකා පුහුණු පාස‍ලේ ප්‍රධාන උපදේශක ලෙස ද කටයුතු කරන්නේය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.