ඉතිහාස විෂය ඉවත් කරන්න හදන අගමැතිනියගේ විකෘතිය..
ඉතිහාසය ඉගෙනගන්න එක අනිවාර්ය නෑ කියලා...
අධ්‍යාපන අමත්‍යංශය පාසල් විශය නිර්දේශයෙන් ඉතිහාස විෂය අයින් කරන්න උත්සහ කරනවා.
මෙ සඳහා මැදිහත්ව කටයුතු කරන්නෙ අධ්‍යාපන ඇමති වන රටේ අගමැතිනිය වීම මොන තරම් අවාසනාවක්ද ?
අගමැතිනියගෙ අරමුණ අපි කවුරුන්ද වග නොදන්න අනාගත ජාතියක් බිහි කිරීමද ?
අපේ දරුවන්ට තමන්ගේම රටේ ඉතිහාසය දැනගන්න අනිවාර්ය නැහැ කියලා කියන එක,
විකෘති අදහසක්.
ජාතියක එකමුතු හැඟීමක්, පුරවැසි වගකීමක්, සංස්කෘතික උරුමය පිළිබඳ අවබෝධයක් ඇතිවෙන්න ඉතිහාසය ඉගෙනීම අත්‍යවශ්‍යයි.
ඒක තේරෙන්න නම්,
බලන්න ලෝකයේ දියුණුම රටවල් ඉතිහාසය ගැන කොහොම හිතනවද කියලා.
ඇමරිකාව (USA) – “U.S. History” සහ “World History” උසස් පාසල්වල අනිවාර්යයි.
ඕස්ට්‍රේලියාව – Grade 3–10 දක්වා "History" අනිවාර්ය විෂයයකි.
එංගලන්තය (UK) – 14 වියෙහිදී වුවද, 11 වයස දක්වා ඉතිහාසය අනිවාර්යයි.
ප්‍රංශය – “Histoire-Géographie” ලෙස විෂයය පාසැල් මට්ටමින් අනිවාර්යයි.
කැනඩාව – Grades 1–8 මට්ටමින් History අනිවාර්යයි.
ජර්මනිය – නාසි සමයේ අතීතය තේරුම් ගැනීම අනිවාර්යයෙන් ඉගෙන්නයි.
ජපානය – Japanese History සහ World History පාසල්වල අනිවාර්යයි.
චීනය – Chinese History අනිවාර්යයි, සංස්කෘතික වටිනාකම් සුරැකීමේ අරමුණින්.
අපේ ලංකාවේ තත්වය
Grade 6–11 දක්වා ඉතිහාසය විෂයය අනිවාර්ය කරලා මෙතෙක් තිබ්බෙ.
නමුත් උසස් පෙළ (A/L) සඳහා විකල්ප විෂයක්.නව විෂය නිර්දේශ යටතේ ඉතිහාසය අනිවාර්ය නොවිය යුතුය කියන අදහස් යෝජනා වීම...
තවදුරටත් අනතුරුදායකයි.
ඇමරිකාවේ, ජර්මනියේ, ජපානයේ දරුවන්ට තමන්ගේ අතීතය දැනගන්න අනිවාර්ය කරලා තියෙනවා නම්,
අපේ දරුවන්ට එහෙම නොකිරීමෙන් ලැබෙන වාසිය කුමක්ද ?
ජාතික අන්නන්‍යතාවක් නැති දරුවෙක් විධිමත් පුරවැසියෙකු වෙන්නෙ නෑ.
ඉතිහාසය අයින් කරලා ලෝකයේ ආතක් පාතක් නැති, අභිමාණයක් නැති,
සංස්කෘතියක් නැති අනාගත පරපුරක් ,ජාතියක් ශ්‍රී ලංකාව තුල බිහි කරන්න එපා.
ජාතික අධ්‍යාපන පද්ධතියක් කියන්නේ,
රටක් සදාචාරයෙන්,
ආදරයෙන්, වගකීම් වලින් ගොඩනංවන්න තියෙන හදවතක්.
ඒ හදවතට පණ දිය හැක්කේ – ඉතිහාසය ඉගෙනීමෙන් පමණයි.
ඔබ රටට ආදරය කරන,
අනාගත පරපුරට ආදරය කරන පුරවැසියෙක් නම් අගමැතිනියගෙ මේ විකෘතියට...
විරුද්ධ වෙන්න..
© | Srimal Disanayaka ✍️
.
📎අර රජවරු හදපු වැවු අමුනු නිසා බඩ කට පුරවගන සීගිරිය අනුරාධපුර පොළොන්නරු බලන්න එන සන්චාරකයොන්ගෙන් කීයක් හරි හොයාන රෝල ගහන අපේම උං අහනව...
ඉතිහාසෙන් රටක් දියුනු කරන්න පුළුවන්ද ?
ඉතිහාසෙ කබල් ගාන්නද කියල කියල.
මුන්‍ට අන් තට්ටුවක් විතරයි නැත්තෙ.
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්