ඉතිහාස විෂය ඉවත් කරන්න හදන අගමැතිනියගේ විකෘතිය..
ඉතිහාසය ඉගෙනගන්න එක අනිවාර්ය නෑ කියලා...
අධ්‍යාපන අමත්‍යංශය පාසල් විශය නිර්දේශයෙන් ඉතිහාස විෂය අයින් කරන්න උත්සහ කරනවා.
මෙ සඳහා මැදිහත්ව කටයුතු කරන්නෙ අධ්‍යාපන ඇමති වන රටේ අගමැතිනිය වීම මොන තරම් අවාසනාවක්ද ?
අගමැතිනියගෙ අරමුණ අපි කවුරුන්ද වග නොදන්න අනාගත ජාතියක් බිහි කිරීමද ?
අපේ දරුවන්ට තමන්ගේම රටේ ඉතිහාසය දැනගන්න අනිවාර්ය නැහැ කියලා කියන එක,
විකෘති අදහසක්.
ජාතියක එකමුතු හැඟීමක්, පුරවැසි වගකීමක්, සංස්කෘතික උරුමය පිළිබඳ අවබෝධයක් ඇතිවෙන්න ඉතිහාසය ඉගෙනීම අත්‍යවශ්‍යයි.
ඒක තේරෙන්න නම්,
බලන්න ලෝකයේ දියුණුම රටවල් ඉතිහාසය ගැන කොහොම හිතනවද කියලා.
ඇමරිකාව (USA) – “U.S. History” සහ “World History” උසස් පාසල්වල අනිවාර්යයි.
ඕස්ට්‍රේලියාව – Grade 3–10 දක්වා "History" අනිවාර්ය විෂයයකි.
එංගලන්තය (UK) – 14 වියෙහිදී වුවද, 11 වයස දක්වා ඉතිහාසය අනිවාර්යයි.
ප්‍රංශය – “Histoire-Géographie” ලෙස විෂයය පාසැල් මට්ටමින් අනිවාර්යයි.
කැනඩාව – Grades 1–8 මට්ටමින් History අනිවාර්යයි.
ජර්මනිය – නාසි සමයේ අතීතය තේරුම් ගැනීම අනිවාර්යයෙන් ඉගෙන්නයි.
ජපානය – Japanese History සහ World History පාසල්වල අනිවාර්යයි.
චීනය – Chinese History අනිවාර්යයි, සංස්කෘතික වටිනාකම් සුරැකීමේ අරමුණින්.
අපේ ලංකාවේ තත්වය
Grade 6–11 දක්වා ඉතිහාසය විෂයය අනිවාර්ය කරලා මෙතෙක් තිබ්බෙ.
නමුත් උසස් පෙළ (A/L) සඳහා විකල්ප විෂයක්.නව විෂය නිර්දේශ යටතේ ඉතිහාසය අනිවාර්ය නොවිය යුතුය කියන අදහස් යෝජනා වීම...
තවදුරටත් අනතුරුදායකයි.
ඇමරිකාවේ, ජර්මනියේ, ජපානයේ දරුවන්ට තමන්ගේ අතීතය දැනගන්න අනිවාර්ය කරලා තියෙනවා නම්,
අපේ දරුවන්ට එහෙම නොකිරීමෙන් ලැබෙන වාසිය කුමක්ද ?
ජාතික අන්නන්‍යතාවක් නැති දරුවෙක් විධිමත් පුරවැසියෙකු වෙන්නෙ නෑ.
ඉතිහාසය අයින් කරලා ලෝකයේ ආතක් පාතක් නැති, අභිමාණයක් නැති,
සංස්කෘතියක් නැති අනාගත පරපුරක් ,ජාතියක් ශ්‍රී ලංකාව තුල බිහි කරන්න එපා.
ජාතික අධ්‍යාපන පද්ධතියක් කියන්නේ,
රටක් සදාචාරයෙන්,
ආදරයෙන්, වගකීම් වලින් ගොඩනංවන්න තියෙන හදවතක්.
ඒ හදවතට පණ දිය හැක්කේ – ඉතිහාසය ඉගෙනීමෙන් පමණයි.
ඔබ රටට ආදරය කරන,
අනාගත පරපුරට ආදරය කරන පුරවැසියෙක් නම් අගමැතිනියගෙ මේ විකෘතියට...
විරුද්ධ වෙන්න..
© | Srimal Disanayaka ✍️
.
📎අර රජවරු හදපු වැවු අමුනු නිසා බඩ කට පුරවගන සීගිරිය අනුරාධපුර පොළොන්නරු බලන්න එන සන්චාරකයොන්ගෙන් කීයක් හරි හොයාන රෝල ගහන අපේම උං අහනව...
ඉතිහාසෙන් රටක් දියුනු කරන්න පුළුවන්ද ?
ඉතිහාසෙ කබල් ගාන්නද කියල කියල.
මුන්‍ට අන් තට්ටුවක් විතරයි නැත්තෙ.
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..