News Category
From Date
To Date
Maximum Number of Result

සියවසකට පෙර බොරැල්ල-පිටකොටුව ට්‍රෑම් කාර් ගිය සුන්දර මතක..

Jul 17, 2025 at 11:44 AM
|

ලෝක ගමනාගමනය ඉතිහාසයෙහි දැවැන්ත විප්ලවයක් ලෙස සැලකෙන්නේ කරත්තයෙන් ට්‍රෑම් කාර් දක්වා වූ පරිවර්තනයයි. ගවයකු හෝ අශ්වයකු විසින් ඇදගෙන යන කරත්තය ට්‍රෑම් කාර් එකක් දක්වා පරිවර්තනය වූයේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙනි. යුරෝපයේ ප්‍රථම ට්‍රෑම් කාර් රථය 1873දී පමණ මං මාවත්වලට පැමිණ තිබේ. 1881 වනවිට ලොස් ඇන්ජලීස්, චිකාගෝ, ඩ්‍රසේඩන්, ලන්ඩන්,  නිව්යෝර්ක්, බුඩාපෙස්ට් සහ බර්ලින් නගරවල ට්‍රෑම් කාර් ධාවනය ඇරඹී තිබේ. එම වකවානුවේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේද නවසීලන්තයේ ඩුනෙයිඩන් නගරයේද ට්‍රෑම් කාර් ධාවනය ඇරඹී තිබේ.

මගී ගමනාගමන සේවාවන් විශාල දියුණුවකට පිවිසෙද්දී ලෝකයේ බොහෝ නගරවලින් ට්‍රෑම් රථ සේවාව ඉවත්ව ගියේය. එහෙත් වර්තමාන ලෝකයේද ඇතැම් නගරවල සංචාරකයන් පිනවන ගමනාගමන සේවාවක් ලෙස කෞතුක වටිනාකමක් ඇති ට්‍රෑම් රථ ධාවනය තවදුරටත් පවත්වාගෙන යනු ලැබේ. සිංගප්පූරුව හා හොංකොං නගරවල අද පවා ට්‍රෑම් කාර් දැකිය හැකිය.

බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ 1892දී කොළඹ නගරයේ ට්‍රෑම් රථ ධාවනය ආරම්භ කළේය. පසු කලෙක වීදිවලින් අෑත් වුවද ඓතිහාසික සිහිවටනයක් වශයෙන් හෝ ට්‍රෑම් රථ සේවය තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් කටයුතු කර නැත. නූතන පරම්පරාවේ වයස අවුරුදු 75 නොඉක්මවූ වැඩිහිටියෝ ට්‍රෑම් රථයක ගමන් කිරීමේ අත්දැකීම විඳ ඇතුවාට සැක නැත.

කොළඹ නගර සභාව ට්‍රෑම් රථ ධාවනය සඳහා ටෙන්ඩර් කැඳවන ලද්දේ 1892 දීය. වසර තුනකට පසු බි්‍රතාන්‍ය පෞද්ගලික සමාගමක් වන boustead brothers සමඟ ට්‍රෑම් කාර් සේවය ආරම්භ කිරීම සඳහා නගර සභාව ගිවිසුමක් අස්සන් කර ඇත. 1897 දී පළමු ට්‍රෑම් රථය කොළඹ නගරයේ ධාවනය වී තිබේ. අධික ශබ්දය සහිත එම ට්‍රෑම් කාර් ධාවනය කරවන ලද්දේ සුදු ජාතිකයන් විසිනි. බි්‍රතාන්‍යයෙන් ගෙන්වන ලද විදුලි ට්‍රෑම් කාර් කොළඹ නගරයේ මගී ගමනාගමනය සඳහා යොදවන ලද්දේ 1902 දීය.

විදුලි ට්‍රෑම් කාර් සඳහා විදුලිය සැපයීම පිණිස ceylon electric tramways සමාගම විසින් DC විදුලිය ලබාදී තිබේ. විදුලි බලාගාරය පිහිටුවා තිබුණේ දැනට පිටකොටුවේ පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණය තිබෙන ස්ථානයේය. වර්තමාන කොළඹ නගරය විවිධ ගැටලු සහිතව ගමනා ගමන සේවාවන් පවත්වාගෙන යන නගරයක් වුවද මීට සියවසකට පෙර කොළඹ නගරයේ මගී ප්‍රවාහනය විදුලි ට්‍රෑම් කාර් මඟින් අපූරුවට සිදු වූ බව කනගාටුවෙන් නමුත් සඳහන් කළ යුතුව තිබේ.

කොළඹ නගරයේ විදුලි ට්‍රෑම් කාර් සේවාව ආරම්භ කර තිබෙන්නේ 1900 ජනවාරි 11වන දිනය.  1905 දෙසැම්බර් සිට 1907 අගෝස්තු දක්වා කාලය තුළ කොළඹ නගරයේ ට්‍රෑම් රථ දිවෙන මාර්ගවල පීලි සවි කිරීම සිදුකර තිබේ. කොළඹ ට්‍රෑම් රථ ධාවනය කළ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 7 කි. ඔබට අද වුවද කොළඹ නගරයේ ගමන් කරන විට ඇතැම් ස්ථානවල පැරණි ට්‍රෑම් කාර් ධාවනය වූ රේල් පීලි දැකගත හැකිය.

කොළඹ ට්‍රෑම් කාර් ධාවනය වූ මාර්ග දෙකක් එකල තිබී ඇත. ඒවා හ¾දුන්වා තිබෙන්නේ ග්‍රෑන්ඩ්පාස් මාර්ගය සහ බොරැල්ල මාර්ගය වශයෙනි. මාර්ග දෙකේම මුළු දුර සැතපුම් 7 කි.  ග්‍රෑන්ඩ්පාස් මාර්ගය ආරම්භ වී තිබෙන්නේ කොළඹ වරායට යාබද grand oriental hotel අසලිනි. එම මාර්ගය ශාන්ත පාවුළු දේවස්ථානය, මැසෙන්ජර් වීදිය, ඔස්සේ ගමන් කර ග්‍රෑන්ඩ්පාස් දක්වා පැමිණ තොටළඟින් අවසන් වී තිබේ. අනෙක් මාර්ගය එකල හ¾දුන්වන ලද්දේ බොරැල්ල මාර්ගය වශයෙනි. එය යෝර්ක් වීදිය, චැතම් වීදිය, හරහා කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණ එතැනින් ඕල්කොට් මාවත ඔස්සේ කාර්මික විද්‍යාලය දක්වාත් අනතුරුව මරදාන දුම්රියපොළ දක්වාත් ගමන් කර පුංචි බොරැල්ල හරහා බොරැල්ල දක්වා පැමිණ තිබේ. එම ට්‍රෑම් රථ සේවය පසුගිය සියවසේ කොළඹ නගරයේ අතිශයින් ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යය බවට පත්ව තිබී ඇත. එකල පැවති ජනගහන අනුපාතය අනුව 1910 වන විට එක් දිනකදි ‍ට්‍රෑම් රථවල ගමන් කළ මගී සංඛ්‍යාව 4529 කි.

කොළඹ ට්‍රෑම් කාර් සේවාවට කණකොකා හැඬුවේ එම සේවාව ඊටම ආවේණික මාර්ගය ගමන් නොකළ නිසාය. ට්‍රෑම් රථ ධාවනය වූයේ සීනුවක් හඬවමින් සාමාන්‍ය මගීන් ගමන් ගන්නා මාර්ගවලම එලා තිබූ පීලි මතය. ඒ නිසා නිතර අනතුරු බහුල විය. ට්‍රෑම් රථ රියැදුරන් හා කරත්ත ධාවකයන් අතර ආරවුල් ඇතිවිය. 1899 ජූනි 16 වනදා රාත්‍රි 10ට පමණ පුංචි බොරැල්ලේ ඥානාර්ථ ප්‍රදීපය අසලදී ට්‍රෑම් කාර් රථයක් පෝනියකු ඇදගෙන ගිය කරත්තයක් සමඟ ගැටීමෙන් කරත්තකරුවන් දෙදෙනාට බරපතළ තුවාල සිදු වූ බව වාර්තා වේ.

කොළඹ ට්‍රෑම් කාර් සේවය පිළිබඳව කතා කිරීමේදී විශේෂයෙන් සඳහන් කළ යුතු සිදුවීමක් වන්නේ 1829 ට්‍රෑම් කාර් වැඩ වර්ජනයයි. ඊට නායකත්වය දෙන ලද්දේ ඊ. ඒ. ගුණසිංහ විසිනි. ට්‍රෑම් කාර්  රියැදුරන් සහ කොන්‍ෙදාස්තරවරු  පුහුණුව හා අකුරු උගත් පිරිසක් වූහ. වැටුප් වශයෙන් ඔවුන්ට දිනකට ලැබුණේ රුපියල් 1.20කි. එය රුපියල් දෙක දක්වා වැඩි කරන ලද්දේ සේවයට බැඳී අවුරුදු 7ක් ඉකුත් වූ පසුය. අවුරුදු 14කින් 2.50ක් විය. තමන්ට අසනීප නිවාඩු හෝ අනියම් නිවාඩු නොලැබුණු බැව්ද ඉතා සුළු වරදකට පවා දඩ ගසන ලද බවද නිදසුනක් වශයෙන් උදේට වැඩට පැමිණීමේදී පමා වූ හැම විනාඩි එකකටම ශතය බැගින් දඩ ගැසූ බව කම්කරුවෝ වෘත්තිය සමිති නායකයන්ට පැමිණිලි කළහ.

ලංකා කම්කරු සංගමය ඔවුන් වෙනුවෙන් සන්දේශයක් ඉදිරිපත් කරමින් ට්‍රෑම් කාර් සේවකයන් සඳහා 25%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියහ. සති දෙකක අසනීප නිවාඩු හා සති දෙකක අනියම් නිවාඩුද නොමිලේ වැහි කබා, සපත්තු හා තොප්පිද, අතිකාල වැටුප්ද ඉල්ලා සිටි ඔවුන් පඩි කපා ගැනීම වහාම නතර කරන ලෙස ද ඉල්ලා සිටියහ.

බවුස්ටඩ් බ්‍රදර්ස් සමාගම වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ට්‍රෑම් කාර් කොන්‍ෙදාස්තර කෙනකු සේවයෙන් නෙරපීම හේතු කොටගෙන 1929 ජනවාරි 23 ට්‍රෑම් කාර් වැඩ වර්ජනය ඇරඹිණි. සමාගම හොරිකඩයන් යොදවා ට්‍රෑම් කාර් දුවවන්නට උත්සාහ කිරීම නිසා කොළඹ නගරයේ කලබලකාරී තත්ත්වයක් ඇතිවිය. ධාවනය වූ සෑම ට්‍රෑම් කාර් එකකම පොලිස් භටයකු නංවා යවන ලදි. එහි ප්‍රතිඵලය වූයේ ට්‍රෑම් කාර් වැඩ වර්ජනයට විශාල මහජන සහයෝගයක් ලැබීමයි. වර්ජනයට සහයෝගය දුන් පිරිස් ධාවනය වූ ට්‍රෑම් කාර්වලට ගල් මුල්වලින් පහර දෙන්නට පටන් ගැනීම නිසා ට්‍රෑම් කාර්වල ගමන් කිරීමට එරෙහිව උද්ඝෝෂණ පැන නැගිණ.  තත්ත්වය ඉතා නරක අතට හැරිණි. පොලිස්පති ඩව්බිගින්ගේ ක්‍රියා කලාපයට දැඩි විවේචන එල්ල විය. ඓතිහාසික ට්‍රෑම් කාර් වැඩවර්ජනය අවසන් වූයේ දින 13කට පසුය. ඒත් කම්කරුවන්ට ප්‍රමාණවත් ඉල්ලීම් දිනාගත නොහැකි විය.

කොළඹ නගර සභාව ට්‍රෑම් කාර් වෙනුවට ට්‍රොලි බස් යෙදවීමට තීරණය කෙරිණි. කෙමෙන් වැඩි වූ ජනගහනය නිසා මාර්ග තදබදය අවම කිරීම යන කරුණ ප්‍රධාන කොට ගනිමින් 1960 ජුනි 30 වැනිදා ට්‍රෑම් කාර් සේවාව මුළුමනින් නවතා දමන ලදී. ඓතිහාසික සිහිවටනයක් ලෙස කොළඹ නගරයේ කිසියම් ප්‍රදේශ ඉලක්ක කොට හෝ පැරණි ට්‍රෑම් කාර් රථ කිහිපයක්  ධාවනය කිරීම හොංකොං හා සිංගප්පූරු නගර අදත් සිදු කරන අන්දමට සිදු කළා නම් කොළඹ නගරයේ අසිරිමත් පෞරාණික උරුමය වර්තමාන පරපුරට අත්විඳින්නට අවස්ථාව ලබා ගත හැකිව තිබුණි. ට්‍රොලි බස් සේවය ආරම්භ කළ ද පෞද්ගලික බස් රථ කරළියට පැමිණීමත් සමඟ එයද අහෝසි විය. අද ට්‍රෑම් කාර්  නැත. ට්‍රොලි බසුත් නැත. ජනතාවට අති මහත් පීඩාවක් එල්ල කරන පෞද්ගලික බස් සේවාව පමණක් අත්විඳින්නට සිදුව ඇත.

ඒ. එම්. විශ්වා අබේකෝන් සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය ශ්‍රී  ලංකා රජරට විශ්ව විද්‍යාලය

(Gamine Wasantha Vandakoon ගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.