News Category
From Date
To Date
Maximum Number of Result

සියවසකට පෙර බොරැල්ල-පිටකොටුව ට්‍රෑම් කාර් ගිය සුන්දර මතක..

Jul 17, 2025 at 11:44 AM
|

ලෝක ගමනාගමනය ඉතිහාසයෙහි දැවැන්ත විප්ලවයක් ලෙස සැලකෙන්නේ කරත්තයෙන් ට්‍රෑම් කාර් දක්වා වූ පරිවර්තනයයි. ගවයකු හෝ අශ්වයකු විසින් ඇදගෙන යන කරත්තය ට්‍රෑම් කාර් එකක් දක්වා පරිවර්තනය වූයේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙනි. යුරෝපයේ ප්‍රථම ට්‍රෑම් කාර් රථය 1873දී පමණ මං මාවත්වලට පැමිණ තිබේ. 1881 වනවිට ලොස් ඇන්ජලීස්, චිකාගෝ, ඩ්‍රසේඩන්, ලන්ඩන්,  නිව්යෝර්ක්, බුඩාපෙස්ට් සහ බර්ලින් නගරවල ට්‍රෑම් කාර් ධාවනය ඇරඹී තිබේ. එම වකවානුවේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේද නවසීලන්තයේ ඩුනෙයිඩන් නගරයේද ට්‍රෑම් කාර් ධාවනය ඇරඹී තිබේ.

මගී ගමනාගමන සේවාවන් විශාල දියුණුවකට පිවිසෙද්දී ලෝකයේ බොහෝ නගරවලින් ට්‍රෑම් රථ සේවාව ඉවත්ව ගියේය. එහෙත් වර්තමාන ලෝකයේද ඇතැම් නගරවල සංචාරකයන් පිනවන ගමනාගමන සේවාවක් ලෙස කෞතුක වටිනාකමක් ඇති ට්‍රෑම් රථ ධාවනය තවදුරටත් පවත්වාගෙන යනු ලැබේ. සිංගප්පූරුව හා හොංකොං නගරවල අද පවා ට්‍රෑම් කාර් දැකිය හැකිය.

බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ 1892දී කොළඹ නගරයේ ට්‍රෑම් රථ ධාවනය ආරම්භ කළේය. පසු කලෙක වීදිවලින් අෑත් වුවද ඓතිහාසික සිහිවටනයක් වශයෙන් හෝ ට්‍රෑම් රථ සේවය තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් කටයුතු කර නැත. නූතන පරම්පරාවේ වයස අවුරුදු 75 නොඉක්මවූ වැඩිහිටියෝ ට්‍රෑම් රථයක ගමන් කිරීමේ අත්දැකීම විඳ ඇතුවාට සැක නැත.

කොළඹ නගර සභාව ට්‍රෑම් රථ ධාවනය සඳහා ටෙන්ඩර් කැඳවන ලද්දේ 1892 දීය. වසර තුනකට පසු බි්‍රතාන්‍ය පෞද්ගලික සමාගමක් වන boustead brothers සමඟ ට්‍රෑම් කාර් සේවය ආරම්භ කිරීම සඳහා නගර සභාව ගිවිසුමක් අස්සන් කර ඇත. 1897 දී පළමු ට්‍රෑම් රථය කොළඹ නගරයේ ධාවනය වී තිබේ. අධික ශබ්දය සහිත එම ට්‍රෑම් කාර් ධාවනය කරවන ලද්දේ සුදු ජාතිකයන් විසිනි. බි්‍රතාන්‍යයෙන් ගෙන්වන ලද විදුලි ට්‍රෑම් කාර් කොළඹ නගරයේ මගී ගමනාගමනය සඳහා යොදවන ලද්දේ 1902 දීය.

විදුලි ට්‍රෑම් කාර් සඳහා විදුලිය සැපයීම පිණිස ceylon electric tramways සමාගම විසින් DC විදුලිය ලබාදී තිබේ. විදුලි බලාගාරය පිහිටුවා තිබුණේ දැනට පිටකොටුවේ පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණය තිබෙන ස්ථානයේය. වර්තමාන කොළඹ නගරය විවිධ ගැටලු සහිතව ගමනා ගමන සේවාවන් පවත්වාගෙන යන නගරයක් වුවද මීට සියවසකට පෙර කොළඹ නගරයේ මගී ප්‍රවාහනය විදුලි ට්‍රෑම් කාර් මඟින් අපූරුවට සිදු වූ බව කනගාටුවෙන් නමුත් සඳහන් කළ යුතුව තිබේ.

කොළඹ නගරයේ විදුලි ට්‍රෑම් කාර් සේවාව ආරම්භ කර තිබෙන්නේ 1900 ජනවාරි 11වන දිනය.  1905 දෙසැම්බර් සිට 1907 අගෝස්තු දක්වා කාලය තුළ කොළඹ නගරයේ ට්‍රෑම් රථ දිවෙන මාර්ගවල පීලි සවි කිරීම සිදුකර තිබේ. කොළඹ ට්‍රෑම් රථ ධාවනය කළ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 7 කි. ඔබට අද වුවද කොළඹ නගරයේ ගමන් කරන විට ඇතැම් ස්ථානවල පැරණි ට්‍රෑම් කාර් ධාවනය වූ රේල් පීලි දැකගත හැකිය.

කොළඹ ට්‍රෑම් කාර් ධාවනය වූ මාර්ග දෙකක් එකල තිබී ඇත. ඒවා හ¾දුන්වා තිබෙන්නේ ග්‍රෑන්ඩ්පාස් මාර්ගය සහ බොරැල්ල මාර්ගය වශයෙනි. මාර්ග දෙකේම මුළු දුර සැතපුම් 7 කි.  ග්‍රෑන්ඩ්පාස් මාර්ගය ආරම්භ වී තිබෙන්නේ කොළඹ වරායට යාබද grand oriental hotel අසලිනි. එම මාර්ගය ශාන්ත පාවුළු දේවස්ථානය, මැසෙන්ජර් වීදිය, ඔස්සේ ගමන් කර ග්‍රෑන්ඩ්පාස් දක්වා පැමිණ තොටළඟින් අවසන් වී තිබේ. අනෙක් මාර්ගය එකල හ¾දුන්වන ලද්දේ බොරැල්ල මාර්ගය වශයෙනි. එය යෝර්ක් වීදිය, චැතම් වීදිය, හරහා කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණ එතැනින් ඕල්කොට් මාවත ඔස්සේ කාර්මික විද්‍යාලය දක්වාත් අනතුරුව මරදාන දුම්රියපොළ දක්වාත් ගමන් කර පුංචි බොරැල්ල හරහා බොරැල්ල දක්වා පැමිණ තිබේ. එම ට්‍රෑම් රථ සේවය පසුගිය සියවසේ කොළඹ නගරයේ අතිශයින් ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යය බවට පත්ව තිබී ඇත. එකල පැවති ජනගහන අනුපාතය අනුව 1910 වන විට එක් දිනකදි ‍ට්‍රෑම් රථවල ගමන් කළ මගී සංඛ්‍යාව 4529 කි.

කොළඹ ට්‍රෑම් කාර් සේවාවට කණකොකා හැඬුවේ එම සේවාව ඊටම ආවේණික මාර්ගය ගමන් නොකළ නිසාය. ට්‍රෑම් රථ ධාවනය වූයේ සීනුවක් හඬවමින් සාමාන්‍ය මගීන් ගමන් ගන්නා මාර්ගවලම එලා තිබූ පීලි මතය. ඒ නිසා නිතර අනතුරු බහුල විය. ට්‍රෑම් රථ රියැදුරන් හා කරත්ත ධාවකයන් අතර ආරවුල් ඇතිවිය. 1899 ජූනි 16 වනදා රාත්‍රි 10ට පමණ පුංචි බොරැල්ලේ ඥානාර්ථ ප්‍රදීපය අසලදී ට්‍රෑම් කාර් රථයක් පෝනියකු ඇදගෙන ගිය කරත්තයක් සමඟ ගැටීමෙන් කරත්තකරුවන් දෙදෙනාට බරපතළ තුවාල සිදු වූ බව වාර්තා වේ.

කොළඹ ට්‍රෑම් කාර් සේවය පිළිබඳව කතා කිරීමේදී විශේෂයෙන් සඳහන් කළ යුතු සිදුවීමක් වන්නේ 1829 ට්‍රෑම් කාර් වැඩ වර්ජනයයි. ඊට නායකත්වය දෙන ලද්දේ ඊ. ඒ. ගුණසිංහ විසිනි. ට්‍රෑම් කාර්  රියැදුරන් සහ කොන්‍ෙදාස්තරවරු  පුහුණුව හා අකුරු උගත් පිරිසක් වූහ. වැටුප් වශයෙන් ඔවුන්ට දිනකට ලැබුණේ රුපියල් 1.20කි. එය රුපියල් දෙක දක්වා වැඩි කරන ලද්දේ සේවයට බැඳී අවුරුදු 7ක් ඉකුත් වූ පසුය. අවුරුදු 14කින් 2.50ක් විය. තමන්ට අසනීප නිවාඩු හෝ අනියම් නිවාඩු නොලැබුණු බැව්ද ඉතා සුළු වරදකට පවා දඩ ගසන ලද බවද නිදසුනක් වශයෙන් උදේට වැඩට පැමිණීමේදී පමා වූ හැම විනාඩි එකකටම ශතය බැගින් දඩ ගැසූ බව කම්කරුවෝ වෘත්තිය සමිති නායකයන්ට පැමිණිලි කළහ.

ලංකා කම්කරු සංගමය ඔවුන් වෙනුවෙන් සන්දේශයක් ඉදිරිපත් කරමින් ට්‍රෑම් කාර් සේවකයන් සඳහා 25%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියහ. සති දෙකක අසනීප නිවාඩු හා සති දෙකක අනියම් නිවාඩුද නොමිලේ වැහි කබා, සපත්තු හා තොප්පිද, අතිකාල වැටුප්ද ඉල්ලා සිටි ඔවුන් පඩි කපා ගැනීම වහාම නතර කරන ලෙස ද ඉල්ලා සිටියහ.

බවුස්ටඩ් බ්‍රදර්ස් සමාගම වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ට්‍රෑම් කාර් කොන්‍ෙදාස්තර කෙනකු සේවයෙන් නෙරපීම හේතු කොටගෙන 1929 ජනවාරි 23 ට්‍රෑම් කාර් වැඩ වර්ජනය ඇරඹිණි. සමාගම හොරිකඩයන් යොදවා ට්‍රෑම් කාර් දුවවන්නට උත්සාහ කිරීම නිසා කොළඹ නගරයේ කලබලකාරී තත්ත්වයක් ඇතිවිය. ධාවනය වූ සෑම ට්‍රෑම් කාර් එකකම පොලිස් භටයකු නංවා යවන ලදි. එහි ප්‍රතිඵලය වූයේ ට්‍රෑම් කාර් වැඩ වර්ජනයට විශාල මහජන සහයෝගයක් ලැබීමයි. වර්ජනයට සහයෝගය දුන් පිරිස් ධාවනය වූ ට්‍රෑම් කාර්වලට ගල් මුල්වලින් පහර දෙන්නට පටන් ගැනීම නිසා ට්‍රෑම් කාර්වල ගමන් කිරීමට එරෙහිව උද්ඝෝෂණ පැන නැගිණ.  තත්ත්වය ඉතා නරක අතට හැරිණි. පොලිස්පති ඩව්බිගින්ගේ ක්‍රියා කලාපයට දැඩි විවේචන එල්ල විය. ඓතිහාසික ට්‍රෑම් කාර් වැඩවර්ජනය අවසන් වූයේ දින 13කට පසුය. ඒත් කම්කරුවන්ට ප්‍රමාණවත් ඉල්ලීම් දිනාගත නොහැකි විය.

කොළඹ නගර සභාව ට්‍රෑම් කාර් වෙනුවට ට්‍රොලි බස් යෙදවීමට තීරණය කෙරිණි. කෙමෙන් වැඩි වූ ජනගහනය නිසා මාර්ග තදබදය අවම කිරීම යන කරුණ ප්‍රධාන කොට ගනිමින් 1960 ජුනි 30 වැනිදා ට්‍රෑම් කාර් සේවාව මුළුමනින් නවතා දමන ලදී. ඓතිහාසික සිහිවටනයක් ලෙස කොළඹ නගරයේ කිසියම් ප්‍රදේශ ඉලක්ක කොට හෝ පැරණි ට්‍රෑම් කාර් රථ කිහිපයක්  ධාවනය කිරීම හොංකොං හා සිංගප්පූරු නගර අදත් සිදු කරන අන්දමට සිදු කළා නම් කොළඹ නගරයේ අසිරිමත් පෞරාණික උරුමය වර්තමාන පරපුරට අත්විඳින්නට අවස්ථාව ලබා ගත හැකිව තිබුණි. ට්‍රොලි බස් සේවය ආරම්භ කළ ද පෞද්ගලික බස් රථ කරළියට පැමිණීමත් සමඟ එයද අහෝසි විය. අද ට්‍රෑම් කාර්  නැත. ට්‍රොලි බසුත් නැත. ජනතාවට අති මහත් පීඩාවක් එල්ල කරන පෞද්ගලික බස් සේවාව පමණක් අත්විඳින්නට සිදුව ඇත.

ඒ. එම්. විශ්වා අබේකෝන් සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය ශ්‍රී  ලංකා රජරට විශ්ව විද්‍යාලය

(Gamine Wasantha Vandakoon ගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.