කාඩිනල්තුමාගේ දේශපාලනික මැදිහත් වීම ගැන ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් එළියට එන කතාව..
කාඩිනල්ගේ අනාචාරී දේශපාලනික මැදිහත් වීම ගැන ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට අප ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. එය සැබැවින්ම අදාළ නිලධාරීන්ගේ පත්කිරීම් සහමුලින්ම ප්‍රශ්න කිරීමකි. ජවිපෙ කලක් හිටි වරුණ රාජපක්ෂ කියන ආකාරයට එය හුදෙක් ජවිපෙට හුරුපුරුදු පාවාදීමක් ලෙස මම නොදකිමි. මේ ආණ්ඩුවේ දේශපාලනික දැනුමක් සහ බුද්ධියක් තිබෙන පුද්ගලයා බිමල් රත්නායක පමණී. ඔහු එම ප්‍රකාශය කළේ සිතාමතා ම බව මාගේ අදහසයි.
“ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ” යැයි බිමල් කලකට පෙර ප්‍රකාශ කළේ ය. එය ඔහුගේ පැරණි මාක්ස්වාදී ආගම් විරෝධය මත එන්නක් මිස කොළඹ නිරාගමික බෞද්ධ විරෝධය ම මත කියූවක් නොවන බව මාගේ හැඟීමයි. රත්නායකලා දකුණේ හොඳ සිංහල බෞද්ධයන් ය. රාජ්‍යය සහ ආගම වෙන් කොට තැබීමේ ප්‍රතිපත්තිය දේශපාලන වාදයකි. කාඩිනල් කර තිබෙන්නේ නිර්මාල් ලෙව කකා ගිය හරිනිගේ සෙකියුලර් ප්‍රතිපත්ති පෙට්ටිය අමු අමුවේ දූෂණය කිරීමකි. බිමල් කළේ එය ලෝකයට හෙළිදරව් කිරීම ය.
ඔය ප්‍රකාශයෙන් පසු ඔය පත්කිරීම්වල සමාජමය නීත්‍යානුකූල භාවය අහෝසි වී යයි. ඒ අනුව අදාළ නිලධාරීන් විසින් සිදු කරන සියලු විමර්ශනවලත් අනාගත නීත්‍යානුකූල භාවයත් අහෝසි වේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව පමණක් නොව, අනෙක් සියලුම විමර්ශන මේ අනුව කතෝලික පල්ලියේ සෘජු බලපෑම මත සිද්ධ වෙන කතෝලික වැඩ බවට පත් වේ. ඒවායේ විනිශ්චයන් සියල්ල අනාගත ආණ්ඩුවකින් දැන් ඉතා පහසුවෙන් නිෂ්ප්‍රභ කළ හැකි ය.
බිමල් රත්නායක මෙම ප්‍රකාශය හරහා ගෙන තිබෙන්නේ විශාල පුද්ගලික අවදානමකි. මේ වනාහි අද නොවුණත් අනාගතයේ දිනයක හෝ ආගමික ගැටුමක් දක්වා වුවත් දිව යා හැකි තත්ත්වයක් බවට කෙනෙකුට තර්ක කළ හැකිය. රටක ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් පවතින ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීම කරන්නේ කතෝලික පල්ලියේ පූජකයන් කියන ආකාරයට නම් එය අතිශය බරපතල තත්ත්වයකි. එම ආයතන වගවිය සහ වගකිව යුත්තේ ලංකාවේ සියලුම පුරවැසියන්ට මිස කතෝලිකයන්ට පමණක් නොවේ. මෙය රෝමානු කතෝලික පල්ලිය හරහා වතිකානුවේ පාප් දක්වා ඇදෙන රාජතාන්ත්‍රික අර්බුදයක ආරම්භයකි.
කතෝලික පල්ලිය මුල සිටම කළේ මෙය බව දැන් ඕනෑම අයෙකුට සාධාරණව තර්ක කළ හැකි ය. මෙය සැබැවින්ම ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. අවශ්‍ය නම් මෙම ප්‍රකාශය මත පදනම්ව, අදාළ පත්කිරීම් බලරහිත කිරීම සඳහා විපක්ෂයට නීත්‍යානුකූලව ම කටයුතු කළ හැකි ය. නමුත් ඔය ක්‍රියාදාමය දිගටම යන්නට ඉඩ හැරීමෙන් අපට දේශපාලන වාසි දෙකක් ලැබේ.
පළමුවෙන්ම, මෙතැන් සිට මෙරට සිද්ධ වෙන හොරකම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් ආදි සියලු අපරාධ වළක්වා නොගැනීමේ වගකීම මෙන්ම, පාස්කු ප්‍රහාරය වැනි රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටීමක් වුවහොත් එහි පූර්ණ වගකීමත් සෘජුවම කාඩිනල් සහ කතෝලික පල්ලියට එල්ල කළ හැකි වේ.
දෙවනුව, මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන සියලු දේශපාලන මර්දන පිළිබඳ වගකීමත් සෘජුවම කාඩිනල් සහ කතෝලික පල්ලියට එල්ල කළ හැකි වේ. කාඩිනල්ගේ කුරුසය කාඩිනල් විසින් ම කපා ගෙන තිබේ. මෙය අපට කියලවත් කරගත නොහැකි දෙයකි. දිස් ඉස් පොලිටික්ස්!
- එරන්ද ගිනිගේ
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..