කාඩිනල්තුමාගේ දේශපාලනික මැදිහත් වීම ගැන ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් එළියට එන කතාව..
කාඩිනල්ගේ අනාචාරී දේශපාලනික මැදිහත් වීම ගැන ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට අප ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. එය සැබැවින්ම අදාළ නිලධාරීන්ගේ පත්කිරීම් සහමුලින්ම ප්‍රශ්න කිරීමකි. ජවිපෙ කලක් හිටි වරුණ රාජපක්ෂ කියන ආකාරයට එය හුදෙක් ජවිපෙට හුරුපුරුදු පාවාදීමක් ලෙස මම නොදකිමි. මේ ආණ්ඩුවේ දේශපාලනික දැනුමක් සහ බුද්ධියක් තිබෙන පුද්ගලයා බිමල් රත්නායක පමණී. ඔහු එම ප්‍රකාශය කළේ සිතාමතා ම බව මාගේ අදහසයි.
“ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ” යැයි බිමල් කලකට පෙර ප්‍රකාශ කළේ ය. එය ඔහුගේ පැරණි මාක්ස්වාදී ආගම් විරෝධය මත එන්නක් මිස කොළඹ නිරාගමික බෞද්ධ විරෝධය ම මත කියූවක් නොවන බව මාගේ හැඟීමයි. රත්නායකලා දකුණේ හොඳ සිංහල බෞද්ධයන් ය. රාජ්‍යය සහ ආගම වෙන් කොට තැබීමේ ප්‍රතිපත්තිය දේශපාලන වාදයකි. කාඩිනල් කර තිබෙන්නේ නිර්මාල් ලෙව කකා ගිය හරිනිගේ සෙකියුලර් ප්‍රතිපත්ති පෙට්ටිය අමු අමුවේ දූෂණය කිරීමකි. බිමල් කළේ එය ලෝකයට හෙළිදරව් කිරීම ය.
ඔය ප්‍රකාශයෙන් පසු ඔය පත්කිරීම්වල සමාජමය නීත්‍යානුකූල භාවය අහෝසි වී යයි. ඒ අනුව අදාළ නිලධාරීන් විසින් සිදු කරන සියලු විමර්ශනවලත් අනාගත නීත්‍යානුකූල භාවයත් අහෝසි වේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව පමණක් නොව, අනෙක් සියලුම විමර්ශන මේ අනුව කතෝලික පල්ලියේ සෘජු බලපෑම මත සිද්ධ වෙන කතෝලික වැඩ බවට පත් වේ. ඒවායේ විනිශ්චයන් සියල්ල අනාගත ආණ්ඩුවකින් දැන් ඉතා පහසුවෙන් නිෂ්ප්‍රභ කළ හැකි ය.
බිමල් රත්නායක මෙම ප්‍රකාශය හරහා ගෙන තිබෙන්නේ විශාල පුද්ගලික අවදානමකි. මේ වනාහි අද නොවුණත් අනාගතයේ දිනයක හෝ ආගමික ගැටුමක් දක්වා වුවත් දිව යා හැකි තත්ත්වයක් බවට කෙනෙකුට තර්ක කළ හැකිය. රටක ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් පවතින ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීම කරන්නේ කතෝලික පල්ලියේ පූජකයන් කියන ආකාරයට නම් එය අතිශය බරපතල තත්ත්වයකි. එම ආයතන වගවිය සහ වගකිව යුත්තේ ලංකාවේ සියලුම පුරවැසියන්ට මිස කතෝලිකයන්ට පමණක් නොවේ. මෙය රෝමානු කතෝලික පල්ලිය හරහා වතිකානුවේ පාප් දක්වා ඇදෙන රාජතාන්ත්‍රික අර්බුදයක ආරම්භයකි.
කතෝලික පල්ලිය මුල සිටම කළේ මෙය බව දැන් ඕනෑම අයෙකුට සාධාරණව තර්ක කළ හැකි ය. මෙය සැබැවින්ම ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. අවශ්‍ය නම් මෙම ප්‍රකාශය මත පදනම්ව, අදාළ පත්කිරීම් බලරහිත කිරීම සඳහා විපක්ෂයට නීත්‍යානුකූලව ම කටයුතු කළ හැකි ය. නමුත් ඔය ක්‍රියාදාමය දිගටම යන්නට ඉඩ හැරීමෙන් අපට දේශපාලන වාසි දෙකක් ලැබේ.
පළමුවෙන්ම, මෙතැන් සිට මෙරට සිද්ධ වෙන හොරකම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් ආදි සියලු අපරාධ වළක්වා නොගැනීමේ වගකීම මෙන්ම, පාස්කු ප්‍රහාරය වැනි රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටීමක් වුවහොත් එහි පූර්ණ වගකීමත් සෘජුවම කාඩිනල් සහ කතෝලික පල්ලියට එල්ල කළ හැකි වේ.
දෙවනුව, මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන සියලු දේශපාලන මර්දන පිළිබඳ වගකීමත් සෘජුවම කාඩිනල් සහ කතෝලික පල්ලියට එල්ල කළ හැකි වේ. කාඩිනල්ගේ කුරුසය කාඩිනල් විසින් ම කපා ගෙන තිබේ. මෙය අපට කියලවත් කරගත නොහැකි දෙයකි. දිස් ඉස් පොලිටික්ස්!
- එරන්ද ගිනිගේ
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා