News Category
From Date
To Date
Maximum Number of Result

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා - ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි..

Jul 13, 2025 at 09:40 PM
|

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයට සාක්ෂිකරුවෝ බොහෝදෙනෙක් සිටිය හ. එහෙත්, ඒ ගෝර්ඩන් වයිස්, ෆ්‍රැන්සිස් හැරිසන්, චැනල් 4, දරුස්මාන් මණ්ඩලය, චාල්ස් පෙටි්‍ර යන අය නොවේ. ඔවුන් එහි සාක්ෂිකරුවන් නොවන්නේ, ඒ අය කිසි විටෙකත් යුද කලාපය තුළ නොසිටි හෙයිනි. තමන් සාක්ෂිකරුවන් යැයි ප්‍රවර්ධනය කර ගත් තවත් බොහෝ අයගේ සම්පූර්ණ ලැයිස්තුවක් තිබේ. ඔවුන් තම තමන් අතර හුවමාරු කර ගනිමින් සිටියේ, ඔවුන් කියා සිටින දෙයට කිසිදු සම්බන්ධයක් නැති වෙනස් න්‍යාය පත්‍රයකට ඉතා හොඳින් ගැලපෙන තමන් විසින් ම සකස් කර ගන්නා ලද තොරතුරු කිහිපයක් පමණි. ඔවුන්ගේ විශ්වාසනීයත්වය තවදුරටත් ප්‍රශ්නකාරී එකක් වෙන්නේ, ඔවුන්ගේ මූලාශ්‍ර නිසා ය. එනම්, ඔවුන් සියල්ලෝ ම එල්ටීටීඊ හිතවාදීන් වීම නිසා ය.

කෙසේ වෙතත්, ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය පුරා ම සාක්ෂිකරුවෙක් සිටියේ ය. ඔහු විදේශිකයෙකි. ඔහුගේ නම බී. මුරලි රෙඩ්ඩි ය. ‘ද හින්දු’ පුවත්පතේ ‘ෆ්‍රන්ට් ලයින්’ අන්තර්ජාල පුවත් සඟරාවේ සේවය කරන ඉන්දියානු මාධ්‍යවේදියකු වන ඔහුගේ Final Hours – An eyewitness account of the last 70 hours of Eelam War IV – (අවසන් පැය කිහිපය – IV වන ඊළාම් යුද්ධයේ අවසාන පැය 70 ඇසින් දුටු සාක්ෂිකරුගේ වාර්තාව) මගින් ඔහු තමා ම දුටු දෑ පිළිබඳව ඇසින් දුටු සැබෑ සාක්ෂියක් අපට ලබා දෙයි.

ජන සංහාරයක් පිළිබඳව ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ චෝදනා ගලා එමින් පවතින අතර, මෙම චෝදනා බොහොමයක් යුද්ධය අවසන් වීමටත් පෙර සිට ම කල්තියා සූදානම් කර තිබූ ඒවා ය. මේ සම්බන්ධ කිසිවකුගේ අවධානයෙන් ගැලවිය නොහැකි පුද්ගලයා වෙන්නේ, ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි ය. ඇත්ත වශයෙන්ම මේ සියලු දේවල් ගැඹුරින් නිරීක්ෂණය කළ එක ම විදේශීය මාධ්‍යවේදියා ඔහු ය. ශ්‍රී ලංකා හමුදාව එහි හමුදා මෙහෙයුම සිදු කළ ආකාරය මෙන් ම, එහි සිටි සිවිල් වැසියන්ගේ තත්ත්වය සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව දැනුවත්ව සිටි හොඳම සාක්ෂිකරු ලෙස සිටින්නේ ඔහු ය. මුරලි රෙඩ්ඩි විසින් එවන ලද කිසිදු උණුසුම් පුවතක් කිසි විටෙකත් ඉවත නොදමන ලද අතර, ඒවා අන්තර්ජාල ගත කිරීමේ දී කිසිවිටෙක තහනමකට ලක් නොවීය. සන්නද්ධ හමුදා හිතාමතා ම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව අවදානමට ලක් කරන බවට සියුම් ලෙස කළ ඇඟවුමක් හෝ කිසිදු වචනයක් හෝ ඒවායේ නොතිබිණි. එනිසා, මුරලි රෙඩ්ඩිගේ වාර්තා අතිශයින් වැදගත් ඒවා බවට පත්වේ. කිසිදා යුද කලාපය අසලකවත් නොසිටිය ද, චෝදනා එල්ල කිරීමේ දී එම කුරිරුකම් තමන් විසින්ම දුටුවාක් මෙන් නිරූපණය කරන අය දෙස බලන විට, මුරලි රෙඩ්ඩි නම් මේ සාක්ෂිකරුගේ වාර්තාව ඔවුන් පවසන දෑ සමග කිසිසේත් ම නොගැලපේ.

ඔවුන් එල්ල කරන එක් චෝදනාවක් වෙන්නේ, ‘විදේශීය මාධ්‍යවේදීන්ට යුද කලාපයට ඇතුළුවීමට අවසර ලබා නොදුන්නේය’ යන්න ය. එහෙත්, එම චෝදනාව අසත්‍යයක් බව මුරලි රෙඩ්ඩිගේ වාර්තාවෙන් ගම්‍ය වේ. මන්ද? මුරලි රෙඩ්ඩි යනු ‘ද හින්දු’ පුවත්පතේ ‘ෆ්‍රන්ට් ලයින්’ අන්තර්ජාල පුවත් සඟරාවේත්, සමස්ත ඉන්දීය ගුවන්විදුලියේත්, දූරදර්ශන් රූපවාහිනියේත් සේවය කරන මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමේ නෙනෙකි. එවකට යුද කලාපයට ප්‍රවිෂ්ඨ වීමට අවසර දී තිබූ එක ම විදේශීය මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ආයතන මේවා ය. තව ද, බි්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වන සේනාංකයට පවා ඉන්දියානු මාධ්‍යවේදීන් අනුයුක්ත කර සිට ඇත.

ඔවුන් නගන මීළඟ චෝදනාව වෙන්නේ ‘ශ්‍රී ලංකා රජය විසින් යුද කලාපයන් හි මාධ්‍ය ආවරණය සීමා කරන ලදැයි’ යන්න ය. මෙම චෝදනාව ද අසත්‍යක් බව සනාථ වී ඇත්තේ, යුද කලාපයේ මාධ්‍ය ආවරණය සඳහා කිසිදු කොන්දේසියක් නියම කර නොතිබූ බව ඉන්දියානු මාධ්‍යවේදීහු තහවුරු කරන හෙයිනි. ඒ මෙසේ ය.

‘අපට යුද කලාපයේ සිට මීටර් 400ක පමණ දුරක් දක්වා නිදහසේ සහ බාධාවකින් තොරව ගමන් කිරීමට අවසර දී තිබිණි. එහි දී හමුදාවත්, ඉතිරිව සිටි එල්ටීටීඊ නායකයන් හා ඔවුන්ගේ කාඩර්වරුන් අතරත් දරුණු සටන් ඇති වී ය. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරීත්වය යටතේ 58 වන සේනාංක මූලස්ථානයේ මෙහෙයුම් කාමරයට එබී බැලීමට පවා අපට ඉඳහිට හැකි වී ය. එහි දී මිනිසුන් රහිත ගුවන්යානා මගින් ලබාගත් යුද කලාපයේ රූප අඟල් 24 සහ අඟල් 7 ප්‍රමාණවල කුඩා හා විශාල රූපවාහිනී තිරවල විකාශනය කරනු දක්නට ලැබිණි. ඊට අමතරව, භූමිය හමුදාවේ දැඩි පාලනය යටතට පත්වූ පසු, හමුදාව බොහෝ විට සංචාරයේ නිරතවූයේ, අවසාන සටන් කලාපයේ සිට මීටර් 300 සිට 400 දක්වා දුරකිනි.’

ගෝර්ඩන් වයිස්, ෆ්‍රැන්සිස් හැරිසන් හෝ චැනල් 4 වැනි කිසිදු පාර්ශ්වයකට කිසි විටෙක එවැනි ප්‍රවේශයක් නොතිබිණි. අවසානයේ ඔවුන් ලෝක කීර්තිය ලබා ගැනීම සඳහා සිදුකළේ, දෙකට දෙකක් එකතු කර එය හතළිස් දාහකින් වැඩිකර එය ඊට වැඩි සංඛ්‍යාවක් බවට පත් කිරීම යි.

‘වඩාත් ම වැදගත් දෙය නම්, අපට බාධාවකින් තොරව අන්තර්ජාලයට ප්‍රවේශ වන්නට තිබූ හැකියාව යි, එම හැකියාව යුරෝපයේ කොතැනක හෝ පිහිටා ඇති එල්ටීටීඊ හිතවාදී වෙබ් අඩවියක් ලෙස සැලකෙන ‘ටැමිල්නෙට්’ වෙබ් අඩවියට පවා බාධාවකින් තොරව හිමිවී ය. යුද කලාපයක පවත්නා සීමාවන් තුළ වුව ද, අන්තර්ජාලය භාවිත කරන කාලයේ දී එහි සම්බන්ධතාව සහ වේගය පිළිබඳ අනපේක්ෂිත ගැටලු ඇති නොවී ය. අපගේ මූලස්ථානයට ප්‍රවෘත්ති යැවීමට පෙර වෙබ් අඩවියේ ඇති වාර්තා කියවා නිවැරදි කර ගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් තිබිණි. හමුදාව මේ සම්බන්ධයෙන් අපෙන් කිසිදු ප්‍රශ්නයක් නොඇසූ හ.’

ගල්ෆ් යුද සමයේ දී පවා සිදුවූයේ, ඊට හාත්පසින් ම වෙනස් දෙයකි. එහි දී මාධ්‍යවේදීන් සියලු ම දෙනා ඒකාබද්ධව සෑම අයිතමයක් ම ලිඛිත ආරක්ෂාව සඳහා සමාලෝචනය කළ යුතු වී ය. මෙයින් පෙනී යන්නේ යුද පෙරමුණේ සිටි මෙරට මාධ්‍යවේදීන්ට අන්තර්ජාල පහසුකම් ලබා දී තිබූ හෙයින්, සිවිල් වැසියන්ට සිදුවන හානි පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් ද දැනුවත්ව සිටි බවත්, එම චෝදනා සනාථ කිරීමට හෝ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටීමට සුදුසු ම ස්ථානයේ ඔවුන් සිටි බවත් ය.

මුරලි රෙඩ්ඩිගේ Last Hours (අවසන් පැය කිහිපය) වාර්තාවෙන් 2009 මැයි 16 වන දින පස්වරු 3 ට ආරම්භ වී 2009 මැයි 19 වන දින පස්වරු 12.30 ට අවසන් වන ඊළාම් යුද්ධයේ අවසාන පැය 70 තුළ කිසිදු වරදක් සිදුවී ඇති බවක් යන්තමින්වත් හැඟවෙන්නේ නැත. මුරලිට අනුව, එල්ටීටීඊය අත්පත් කරගත් කලාපයෙන් පලා ගිය දෙමළ සිවිල් වැසියන්ගේ අවසාන කණ්ඩායම 80,000 ක් පමණ ය.

මෙහි තවත් සිත්ගන්නාසුලු කරුණ නම්, මුරලි මෙම අවසාන කණ්ඩායම සමඟ කළ සාකච්ඡාවලින් පෙනී ගියේ, මැයි 10 වන දින වන විට තමන් ‘තීරණාත්මක පරාජය’ වෙත ළඟා වන බවත්, සිවිල් වැසියන් අල්ලාගෙන සිටීම කිසිදු අරමුණක් නැති වැඩක් බවත් එල්ටීටීඊය වටහාගෙන ඇති බව ය. කෙසේ වෙතත්, යුද්ධය අවසන් කරන්නේ කුමන ආකාරයකට ද යන්න පිළිබඳව එල්ටීටීඊයට පැහැදිලි අවබෝධයක් නොවූ බව මුරලි පෙන්වා දෙයි. සිවිල් වැසියන් රඳවා තබා ගැනීමටත්, ඔවුන් මිනිස් පලිහක් ලෙස භාවිත කිරීමට හෝ සිවිල් වැසියන් මරාගෙන ඔවුනට ද මැරෙන්නට හැකිව තිබිණි. එහෙත්, මැයි 11 වන විට එල්ටීටීඊය තීරණය කළේ මුරපොළවල් අතහැර දමා, ආරක්ෂක වළලු බිඳ දමා, ඔවුනට විනාශ කළ හැකි සියල්ල විනාශ කර දැමීමට ය.

‘අවසාන අදියරේ දී හමුදාව සිවිල් වැසියන්ට අවිචාරවත් ලෙස වෙඩි තැබූ බව’ ඔවුන් නගන තවත් චෝදනාවකි. මෙම චෝදනාව අසත්‍ය බවට වන සාක්ෂි ද මුරලිගේ වාර්තාවෙන් ඉදිරිපත් වී තිබේ. මුරලිට අනුව, මැයි 11 දින වන විට එල්ටීටීඊය මුරපොලවල් විනාශ කර, ආරක්ෂක වළලු කඩා දමන්නට තීරණය කර තිබිණි. සිවිල් වැසියන්ට එල්ටීටීඊ ග්‍රහණයෙන් ඉවත් වීමට ඔවුන් අවසර දීම ආරම්භ කළේ මැයි 12/13 දින සිට ය.

වැදගත්ම තොරතුරු ලැබෙන්නේ, ‘මැයි 15 වන දින රාත්‍රිය වන විට වර්ග කිලෝමීටර් 1.5 ක ප්‍රදේශයක කොටු වී සිටියේ සිවිල් වැසියන් නොවේ’ යනුවෙන් රෙඩ්ඩි පවසන විට ය. යුද කලාපය තුළ සිටි එක ම සංවිධානය වූ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සිය මානුෂීය මෙහෙයුම් අත්හිටුවන බවට තීරණය කර ඒ බව නිවේදනය කළේ එහි සිවිල් වැසියන් නොසිටි නිසා ය.

ඔවුන් මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ, සියලු ම සිවිල් වැසියන් යුද කලාපයෙන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් ඇති බවත්, අවසන් සටනේ දී සටන් කිරීමට ඉතිරිව සිටියේ, හමුදාව සහ එල්ටීටීඊය පමණක් බවත් පැහැදිලි වූ බැවිනි. මෙයින් හෙළි වෙන්නේ මැයි 16 සිට මැයි 19 දක්වා යුද කලාපය තුළ කිසිදු සිවිල් වැසියකු නොසිටි බව ය. එසේ නම්, 40,000 ක් හෝ 125,000 ක් මිය යන්නට ඇත්තේ කෙසේ ද?

එල්ටීටීඊ පවුල්වල සාමාජිකයන් වූ අවසාන සිවිල් වැසියා දක්නට ලැබුණේ, මැයි 15/16 දිනවල නාවික හමුදාව විසින් මුහුදු කොටි නායක සුසෙයිගේ පවුලේ අය රඳවා තබා ගත් අවස්ථාවේ දී ය. මැයි 16 වන දින 50,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පලා ගිය හ. මැයි 27 වන දින හමුදා කඳවුරක සිටිය දී ප්‍රභාකරන්ගේ දෙමව්පියන් ද සිවිල් වැසියන් සමඟ ගොස් ඇති බව සඳහන් කළ යුතු ය. රෙඩ්ඩි පවසන්නේ ප්‍රභාකරන්, ඔහුගේ පුත් චාල්ස් ඇන්තනි, පොට්ටු අම්මාන්, සුසෙයි සමඟ යුද කලාපය තුළ සිටින බව සුසෙයිගේ බිරිඳ තහවුරු කළ බව ය.

‘2,000 ත් 3,000 ත් අතර මළසිරුරු සංඛ්‍යාවක් සිවිල් වැසියන්ගෙන් පිරුණු ප්‍රදේශයක සෑම තැනක ම වැතිරී ඇති අතර සිවිල් වැසියන් සියල්ලෝ ම එම මළ සිරුරුවල දැඩි දුර්ගන්ධයෙන් පීඩා විඳිති’ යනුවෙන් ‘ටැමිල්නෙට්’ වෙබ් අඩවියේ වූ සඳහනක් රෙඩ්ඩි උපුටා දක්වයි. එයින් අදහස් වෙන්නේ මළසිරුරු 2000-3000 ක් යනු ‘සිවිල් වැසියන්’ නොව, ඒ එල්ටීටීඊ සාමාජිකයන්ගේ මළසිරුරු බව ය. එක්කෝ ඔවුන්ට ශ්‍රී ලංකා හමුදාව වෙඩි තබා ඇත, නැතහොත්, සමහර විට තුවාල ලබා අනෙක් අය සමඟ ගමන් කිරීමට නොහැකිව සිටි තමන්ගේ ම සාමාජිකයන්ට එල්ටීටීඊ සාමාජිකයන් ම වෙඩි තබා ඇත. එල්ටීටීඊ සාමාජිකයන් තමන්ගේ ම පිරිමි සහ කාන්තා සාමාජිකයන් බස් රථයකට දමා ගිනි තබා මරා දැමූ ආකාරය අපි දුටුවෙමු.

මැයි 16 වන දින ජෝර්දානයේ පැවති G-11 සමුළුවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ එල්ටීටීඊය පරාජය කළ බවත්, ඔහු ‘ත්‍රස්තවාදය පරාජය කළ ජාතියක නායකයකු ලෙස’ ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන බවත් ය. මෙම ඨ-11 සමුළුවේ දී ම ජනාධිපති රාජපක්ෂ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය (ICRC) වෙත දැනුම් දුන්නේ, ශ්‍රී ලංකා රජය එල්ටීටීඊයේ යටත් වීම කොන්දේසි විරහිතව පිළිගැනීමට සූදානම් බව ය. කෙසේ වෙතත්, එල්ටීටීඊය හමුදාවට යටත් වීමට සූදානම් නොවී ය.

G-11 සමුළුවේ දී ජනාධිපති රාජපක්ෂ තවදුරටත් මෙසේ පවසයි. “භූමියේ ගැටලුවේ සංකීර්ණත්වය පිළිබඳ අඩු අවබෝධයක්වත් නොමැතිව බාහිරව නියම කරන ලද විසඳුම් අසාර්ථක වීමට ඉඩ ඇති බව ඉතිහාසය අපට උගන්වා ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලුම ප්‍රජාවන්ට පිළිගත හැකි දේශීය විසඳුමක් සෙවීමට මගේ රජය දැඩි ලෙස කැපවී සිටී”

රෙඩ්ඩිට අනුව, දෙමළ සිවිල් වැසියන් නොමැති යුද කලාපය තුළ කොටු වී සිටි එල්ටීටීඊයේ අවසානය මේ අනුව ආරම්භ වූයේ, මැයි 16 වන දින වෙරළ තීරය පිරිසිදු කිරීමත් සමඟ ය. වෙරළ තීරය නිදහස් කර ශ්‍රී ලංකා හමුදාව යටතේ තිබීමෙන් හෙළි වෙන්නේ, ඒ වනවිට එල්ටීටීඊය රට අභ්‍යන්තරයට කොටු වී සිටි බව ය. මෙය මැයි 17 වන දින අලුයම 5 ට පමණ ඇති වූ දැඩි සටනකට තුඩු දුන්නේ ය. මුරලි රෙඩ්ඩි පවසන්නේ ‘කොටින් බලාපොරොත්තු රහිත සටනක් දියත් කළේ හරියට ම එල්ටීටීඊයේ ඉහළ නිලධාරීන් බේරා ගැනීමට නොවේ නම්, අවශ්‍යයෙන් ම කළයුතු නියෝගයක් ඉටුකිරීමට’ බව ය. රෙඩ්ඩි විසින් එය පැය 22 ක සටනක් ලෙස හඳුන්වන අතර, මැයි 18 වන දින වන විටත් හමුදා ප්‍රධානියාට ප්‍රභාකරන්ගේ මරණය තහවුරු කිරීමට නොහැකි වූ බව ඔහු පවසයි.

එල්ටීටීඊයේ ඉහළ නිලධාරීන්ගේ මළ සිරුරු හඳුනා ගැනීම සඳහා එම ස්ථානයට මුරලි රෙඩ්ඩි ද ගෙන ගොස් තිබේ. ප්‍රභාකරන්ගේ වැඩිමහල් පුත් චාල්ස් ඇන්තනි ඇතුළු 18 දෙනකුගේ මළසිරුරු ඒ අතර තිබී ඇත. තවත් සිත්ගන්නාසුලු කරුණක් වෙන්නේ, මෙම එල්ටීටීඊ නායකයන් ‘වෙඩි තැබීම්වලින් ලද තුවාලවලින් හෝ කාඩර්වරුන් විසින් පුපුරවා හැරගන්නා ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව පෙනෙන්නට තිබුණි’ යනුවෙන් සහ ‘සමහරු සයනයිඩ් පවා ගිල දමා තිබුණි’ යනුවෙන් රෙඩ්ඩි පවසා තිබීම යි. මෙයින් පෙනී යන්නේ, ශ්‍රී ලංකා හමුදාව විසින් අල්ලා ගැනීමට හෝ වෙඩි තැබීමට පෙර එල්ටීටීඊ සංවිධානයට සියදිවි නසා ගැනීමේ වැඩි හැකියාවක් තිබූ බව ය.

එල්ටීටීඊ නායකයන් 18 දෙනා සමඟ තවත් මළ සිරුරු 250ක් ද සොයා ගන්නා ලදී. යුරෝපයේ සිටින ඔවුන්ගේ සම්බන්ධතා වෙත නඩේසන් සහ පුලිතේවන් විසින් මැයි 18 වන දින යවන ලද දුරකථන පණිවිඩයක ‘තුවාල ලැබූ සාමාජිකයන්, එල්ටීටීඊ සිවිල් නිලධාරීන් සහ සිවිල් වැසියන් 1000 ක් පමණ ආරක්ෂිත කලාපය තුළ රැඳී සිටින’ බව සඳහන් කර ඇත. කලාපය තුළ සිවිල් වැසියන් 40,000 ක් පමණ සිටින බවට කිසිදු සඳහනක් නොමැති වීම මෙම සංඛ්‍යාව ගොතන ලද බොරුවක් බවට වන තවත් සාක්ෂියකි.

මැයි 19 වන දින දහවල් වන විට භට පිරිස් ප්‍රභාකරන්ගේ සහ සුසෙයිගේ මළ සිරුරු සොයා ගත් නමුත්, ‘ටැමිල්නෙට්’ වෙබ් අඩවිය උපුටා දක්වමින් ‘කේ.පී’ කියා සිටියේ, ප්‍රභාකරන් ‘ජීවතුන් අතර බවත්, ඔහු හොඳින්’ සිටින බවත් ය. මැයි 17 වන දින නඩේසන් තමාටත්, පුලිතේවන්ටත් යටත්වීමට අවශ්‍ය හෙයින්, ඒ සඳහා අතරමැදියකු ඉල්ලා සිටි බව මැයි 24 වන දින අන්තර්ජාල සංස්කරණයේ මාරි කොල්වින් (ද සන්ඩේ ටයිම්ස්, ලන්ඩන්) ලියා ඇති බව රෙඩ්ඩි උපුටා දක්වයි. පැහැදිලිව ම එයින් හැඟවුණේ එල්ටීටීඊ නායකයන් ම එල්ටීටීඊ නායකත්වයෙන් බිඳී යමින් සිටි බවකි.

මේ අනුව, මුරලි රෙඩ්ඩිගේ Last Hours වාර්තාව 2009 මැයි 16 වන දින පස්වරු 3 සිට 2009 මැයි 19 වන දින දහවල් 12:30 දක්වා සිදුවීම් සංක්ෂිප්තව දක්වා ඇත්තේ මෙසේ ය.

මැයි 10 වන දින – එල්ටීටීඊය ඔවුන්ගේ ඉරණම තේරුම් ගනී.

මැයි 11 වන දින – එල්ටීටීඊය ඔවුන්ගේ දේපළ විනාශ කරයි.

මැයි 12/13 – එල්ටීටීඊය සිවිල් වැසියන්ට පිටව යාමට ඉඩ දෙයි.

මැයි 15 වන දින වැදගත් සිදුවීම්.

එල්ටීටීඊය කොටු කළ වර්ග කිලෝමීටර 1.5 ක භූමි ප්‍රමාණයක සිවිල් වැසියන් නැත.

සිවිල් වැසියන් නොමැති නිසා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ (ICRC‍) මෙහෙයුම් අත්හිටුවයි.

මැයි 16 සිට 19 දක්වා සිවිල් වැසියන් නැත – සිවිල් වැසියන් 40,000 ත් 125,000 ත් අතර සංඛ්‍යාවක් සිටියේ කෙසේ ද?

මැයි 16 වන දින වැදගත් සිදුවීම්.

සිවිල් වැසියන් 50,000 ක් පලා ගියහ.

තම රජය කොන්දේසි විරහිතව යටත් වීමක් ලබා දෙන බව ජනාධිපති රාජපක්ෂ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හරහා එල්ටීටීඊයට දැනුම් දෙන අතර, එය එල්ටීටීඊ සංවිධානය ප්‍රතික්ෂේප කරයි.

මැයි 17/18 – එල්ටීටීඊය සහ ශ්‍රී ලංකා හමුදාව අතර සටනක් ආරම්භ වෙයි.

මැයි 19 – ප්‍රභාකරන්ගේ මරණය නිවේදනය කරයි.

මුරලි රෙඩ්ඩි නම් සාක්ෂිකරුවා විසින් උණුසුම් පුවත් ලෙස යුද කලාපයෙන් ම ලබා දෙන ලද විස්තර වර්තමානයේ ශ්‍රී ලංකාවට එරෙහිව භාවිත කරන දෙයට වඩා වෙනස් තොරතුරු දැක්වීමක් පෙන්නුම් කරයි. එනිසා, වසර 30ක් පුරා එල්ටීටීඊ සංවිධානයට සමෘද්ධිමත් වීමට ඉඩ දීමෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් මිලියන 20කට හානි සිදුකළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත යුතුව ඇත.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඇස්තමේන්තු කළේ යුද්ධයේ අවසාන අදියරේ දී සිවිල් වැසියන් 7000 ක් පමණ මිය ගිය බව ය. ඕස්ටේ්‍රලියාව බලා ගිය ගෝර්ඩන් වයිස් විසින් එම සංඛ්‍යාව 40,000 දක්වා ඉහළ නංවනු ලැබී ය. ඔහු තම පොත් එළිදැක්වීමේ උත්සවයක දී නැවත එම සංඛ්‍යාව 10,000 දක්වා වෙනස් කළ අතර, අංක වෙනස් කිරීමේ වගකීම මුද්‍රණකරුවන්ට පැවරීමෙන් ඊට තමන්ගේ සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළේ ය.

මෙම සංඛාලේඛන පිළිබඳ අනුමාන ඇස්තමේන්තු සපයන්නන් අතරට තවත් අය එකතු වෙති. එවැන්නකු වන චාල්ස් පෙටි්‍ර ඔහුගේ වාර්තාවේ පවසන්නේ එම සංඛ්‍යාව 70,000 ක් බව ය. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ දේශීය කණ්ඩායම විසින් උපුටා දක්වන ලද මියගිය සංඛ්‍යාව 7721 ක් වන අතර, එල්ටීටීඊ ප්‍රචාරක අංශය වන ‘ටැමිල්නෙට්’ වෙබ් අඩවිය වාර්තා කළේ මුළු මරණ සංඛ්‍යාව 7398 ක් ලෙස ය.

රජය විසින් උතුරු පළාතේ සිදු කරන ලද පුළුල් සමීක්ෂණයනින් හෙළිවූයේ, යුද්ධයේ අවසන් අදියරේ දී මියගිය සහ අතුරුදන් වූ සංඛ්‍යාව 7400 ක් ලෙස ය. මෙම 7400 දෙනා අතර සටනේ දී මියගිය එල්ටීටීඊ සටන්කාමීහු ද සිටිති. එයින් අතුරුදන් වූ සංඛ්‍යාව දැක්වෙන්නේ 2600 ක් ලෙස ය. අතුරුදන් වූ 2600 දෙනාගෙන් 1600 ක් ම එල්ටීටීඊය සමග සිටි අය වන අතර, හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශවල අතුරුදන් වී ඇත්තේ 438 දෙනෙක් පමණි.

මේ සම්බන්ධයෙන් The American Association for the Advancement of Science (විද්‍යාවේ දියුණුව සඳහා වන ඇමෙරිකානු සංගමය) ට පවා වාර්තා කළ හැකිවූ භූමිදාන කළ මළසිරුරු සංඛ්‍යාව 960 ක් පමණක් වන හෙයින්, මළ සිරුරු 40,000 ඇත්තේ කොහේ ද? යන ස්වර්ණමය ප්‍රශ්නයට අපි නැවත පැමිණ සිටිමු.

අපට අසන්නට ඇත්තේ මෙම පුද්ගලයන් මළසිරුරු ගණන් කළේ කෙසේ ද යන්න සහ ඔවුන් එම සංඛ්‍යා ගණනය කිරීමට භාවිත කළ මිණුම් ලකුණ කුමක් ද යන්න පමණි. මිලියන 2.2 ක් වූ ශ්‍රී ලංකාවේ දෙමළ ජනගහනයෙන් මිලියන 1 ක් දෙමළ ජනතාව මේ වනවිට වාසය කරන්නේ විදේශයන් හි ය.

ඒ කෙසේ වුව ද, මළවුන්ට නම් තිබිය යුතු ය. – ඔවුන්ගේ නම් මොනවා ද? මළවුන්ට ඥාතීන් සිටිය යුතු ය – ඥාතීන් කොහේ ද? මේ ඥාතීන් 40,000ක ගෙන් කිසිවකු ඔවුන්ගේ නම් ඉදිරිපත් නොකළේ ඇයි? අද වන විට මෙම 40,000 හෝ 125,000 කවුරුන් දැයි අපි නොදනිමු.

රෙඩ්ඩි සම්බන්ධයෙන් ගත් කල, ඔහු ඉන්දියානු මාධ්‍යවේදියකු වන අතර, එල්ටීටීඊය හෝ ශ්‍රී ලංකා හමුදාව වෙනුවෙන් කතා කිරීමට ඔහුට කිසිදු අවශ්‍යතාවක් නොමැත. ‘අවසාන පැය කිහිපය’ පිළිබඳ ඔහුගේ වාර්තා ඔහු ඒවා දුටු ආකාරයට ම සකස් කර ඇත. ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනාවලට එරෙහිව සිදුකර ඇති ඔහුගේ මෙම තොරතුරු දැක්වීමෙන් අපට නිගමනය කළ හැක්කේ, මේ සම්බන්ධයෙන් යමකු බොරු කියන බව ය. කිසිදා සාක්ෂිකරුවන් නොවූ ඒ බොරුකාරයන් මළ සිරුරු 40,000 ක් දුටු බව පැවසුව ද, ඔවුන් කවුරුන් දැයි නොදන්නා බව ය, වසර ගණනාවකට පසුව ද, ඔවුන්ට තවමත් ඔවුන්ගේ නම් හෝ ඥාතීන් සොයාගත නොහැකිව සිටින බව ය.

එහෙයින්, නිෂ්ඵල චෝදනා එල්ල නොකර මළවුන්ගේ නිශ්චිත නම් දැන ගන්නා ලෙස මෙම චෝදනා නගන්නන්ගෙන් ඉල්ලා සිටීමට කාලය පැමිණ තිබේ.

(‘ද හින්දු’ පුවත්පතේ ‘ෆ්‍රන්ට්ලයින්’ අන්තර්ජාල පුවත් සඟරාවේ සේවය කරන ඉන්දියානු මාධ්‍යවේදියකු වන මුරලි රෙඩ්ඩිගේ Final Hours – An eyewitness account of the last 70 hours of Eelam War IV – (අවසන් පැය කිහිපය – IV වන ඊළාම් යුද්ධයේ අවසාන පැය 70 ඇසින් දුටු සාක්ෂිකරුගේ වාර්තාව) පදනම් කරගෙන ෂෙනාලි ඩී වඩුගේ නම් ලේඛිකාව අන්තර්ජාලයේ පළකර ඇති Sri Lanka’s War had Witnesses ( Indian Journalist B. Murali Reddy නම් ලිපිය ඇසුරිනි)

- පරිවර්තනය

අනුර බී. සෙනෙවිරත්න

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.