පාස්කු ප්‍රහාරය ගැන බිමල් පාර්ලිමේන්තුවේ දී කළ හෙළිදරව්වේ සැඟවුනු කතාව..
බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඉතා බරපතල හෙළිදරව්වක් කරනවා. සමහරු කියනවා ඒ රහස කලබලයට ඔහුගේ කටින් කියවුනා කියා. නමුත් මම හිතනවා ඔහු එය කීවේ හිතලාමයි. ඒ කතෝලික පල්ලිය කොතරම් ශ්‍රී ලංකා දේශපාලනයේදී ප්‍රභලද කියන පණිවිඩය සමාජයට දෙන්න.
ඇමති බිමල් කියනවා ශානි අබේසේකර හා රවී සෙනෙවිරත්න දෙන්නාව නැවත තනතුරු වලට පත් කරන්න කිව්වේ කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවලු. පොලිසිය බාර අමාත්‍යාංශයේ ලේකම් තනතුර කියන්නේ එසේ මෙසෙ තනතුරක් නෙමෙයි. ඒ වගේම CID ප්‍රධානී තනතුර කියන්නෙත් ඒ ආකාරයේම ප්‍රභල තනතුරක්.
ඒ වගේම හමුදාපති පත් කරන්නත් කාදිනල් බලපෑම් කළා කියන කතාවත් රහසක් නෙමෙයි. ඒ කතාවත් බිමල්ගේ මේ හෙළිදරව්වත් එක්ක තහවුරු වෙනවා.
ආගමික නායකයන් රටේ පරිපාලනයට මැදිහත්වීම පිළිබද සමාජයේ පහුගිය කාලය පුරාවට තිබ්බේ යහපත් අදහසක් නෙමෙයි. ඒ බෞද්ධ ස්වාමීන්වහන්සේලා සෘජුවම දේශපාලන වේදිකාවේ පෙනීසිටිමින් ක්‍රියාකාරීව කටයුතු කිරීමත්, එසේ ස්වාමීන්වහන්සේලා පෙනීසිටි නායකයින් බලාපොරොත්තු වූ පරිදි රට පාලනය නොකිරීමත් කියන කාරනය හේතුකරගෙන.
නමුත් රටේ ආරක්ෂාවට අදාල තනතුරු පත් කිරීමේදී මහනායක හිමිවරු ආණ්ඩුවට බලපෑම් කළා කියාවත් උපදෙස් දුන්නා කියාවත් කවදාවත් අප අසා නෑ.
එළිපිට නැතත් මේ රටේ දේශපාලනයට කතෝලික පල්ලියෙන් වෙලා තියන බලපෑම සුළුපටු නෑ. 70% කට අධික බෞද්ධ ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ CID ප්‍රධානියා තෝරන්නේ හමුදාපති තෝරන්නේ පොලිස් අමාත්‍යාංශයේ ලේකම් තෝරන්නේ කතෝලික සභාවෙන් නම්. ඉතිරිය ගැන කවර කතාද?
මේ සියල්ල පැත්තකින් තියමු. මේ යෝජනා කල චරිත දෙක කවුද? එක්කෙනෙක් පාස්කු ප්‍රහාරය එල්ලවෙන බවට ඉන්දියාවේ බුද්ධිඅංශයන්ගෙන් ලැබුනු නිරවද්‍ය තහවුරු කළ අනතුරු ඇගවීම මේසේ උඩ තියාගෙන කිසිත් නොකරපු රවී සෙනෙවිරත්න. අනෙකා ප්‍රහාරයෙන් පස්සේ වසර දෙකක් පුරාවට පරීක්ෂණ අනමින් අදටත් පැටළුනු නූල් බෝලයක් කරපු ඒ වගේම ඒ පරීක්ෂණ හරියට නොවූ බවට කාදිනල් තුමාගේම චෝදනා මත පදනම්ව තනතුරින් පහ කල ශානි අබේසේකර. (රංජන්ගේ හඩපට ඇහුවනම් ශානි කියන්නේ මොනවගේ පීචං පොලිස්කාරයෙක්ද කියන එක පැහැදිළි වෙනවා)
හොදම දේ ඒක නෙමේ ප්‍රහාරය ගැන ප්‍රභූ ආරක්ෂක අංශ කලින් දැනුවත් වෙනවා. හරීන්ගෙ තාත්තා දැනුවත් වෙන්නේ ඒ හරහා. ඒ වගේම ප්‍රභූ ආරක්ෂාව තියන හැම කෙනාම මේ ගැන දැනුවත්. කාදිනල්ටත් ඒ ප්‍රභූ ආරක්ෂාව ඒ විදියටම තියනවා. එතකොට කාදිනල් මේ ප්‍රහාරය ගැන දන්නෙ නෑ කියන්න පුළුවන්ද? තමන්ගේ පැත්තට එන චෝදනාවෙන් ගැලවෙන්නද මේ රටක අනාගතය බිල්ලට දෙන්නේ? ලොවෙත් නැති මහමොළකරුවෙක් හොයන කාදිනල්තුමා තරම් පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කළ කෙනෙක් වෙන නෑ.
පාස්කු ප්‍රහාරය එල්ලකළේ අන්තවාදී මුස්ලිම් තරුණයන්. ඒකේ ජවිපේ සමීපතමයෙක් උන ජාතික ලයිස්තුවත් නියෝජනය කල ජවිපේ ප්‍රධාන මූල්‍ය අනුග්‍රාහකයෙක් වෙච්ච මොහිමඩ් ඊබ්‍රහිම්ගේ පුතාලා දෙන්නෙක් මරාගෙන මැරුනා. ඒ ලේලියත් සමග. ප්‍රහාරය කලින් ඉන්දියානු බුද්ධි අංශ දැනගෙන හිටියා වගේම අපේ රට දැනුවත් කළා. ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා දන්නවනම් ඒක මැඩපවත්වන්න රටේ ජනාධිපතිවරයා උපදෙස් දෙන්න ඕනා නෑ. ඒකට ඕනතරම් අවස්ථාව බලතල රවීටත් ශානිටත් තිබුනා. ඒ හේතුව නිසාම වගකීම හිතාමතාම පැහැර හැරීම හේතුවෙන් ජනාධිපති කොමිසමෙන් මේ දෙන්නටම අපරාධ චෝදනා යටතේ නඩු පවරන්න නිර්දේශ කරලා තිබෙනවා.
ඉතින් කාදිනල් මහමොළකරු හොයන්න දාන්න කියන්නෙ පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තාට හරිනම් හිරේ යන්න ඕනෙ උන් දෙන්නෙක්. යසයි නේද?
ඇත්තටම අපේ හාමුදුරුවරු දේශපාලනය කරන්න කාදිනල්ගෙන් ඉගෙනගන්න ඕන.
- තාරුක ෆොන්සේකා
(අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..