පාස්කු ප්‍රහාරය ගැන බිමල් පාර්ලිමේන්තුවේ දී කළ හෙළිදරව්වේ සැඟවුනු කතාව..
බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඉතා බරපතල හෙළිදරව්වක් කරනවා. සමහරු කියනවා ඒ රහස කලබලයට ඔහුගේ කටින් කියවුනා කියා. නමුත් මම හිතනවා ඔහු එය කීවේ හිතලාමයි. ඒ කතෝලික පල්ලිය කොතරම් ශ්‍රී ලංකා දේශපාලනයේදී ප්‍රභලද කියන පණිවිඩය සමාජයට දෙන්න.
ඇමති බිමල් කියනවා ශානි අබේසේකර හා රවී සෙනෙවිරත්න දෙන්නාව නැවත තනතුරු වලට පත් කරන්න කිව්වේ කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවලු. පොලිසිය බාර අමාත්‍යාංශයේ ලේකම් තනතුර කියන්නේ එසේ මෙසෙ තනතුරක් නෙමෙයි. ඒ වගේම CID ප්‍රධානී තනතුර කියන්නෙත් ඒ ආකාරයේම ප්‍රභල තනතුරක්.
ඒ වගේම හමුදාපති පත් කරන්නත් කාදිනල් බලපෑම් කළා කියන කතාවත් රහසක් නෙමෙයි. ඒ කතාවත් බිමල්ගේ මේ හෙළිදරව්වත් එක්ක තහවුරු වෙනවා.
ආගමික නායකයන් රටේ පරිපාලනයට මැදිහත්වීම පිළිබද සමාජයේ පහුගිය කාලය පුරාවට තිබ්බේ යහපත් අදහසක් නෙමෙයි. ඒ බෞද්ධ ස්වාමීන්වහන්සේලා සෘජුවම දේශපාලන වේදිකාවේ පෙනීසිටිමින් ක්‍රියාකාරීව කටයුතු කිරීමත්, එසේ ස්වාමීන්වහන්සේලා පෙනීසිටි නායකයින් බලාපොරොත්තු වූ පරිදි රට පාලනය නොකිරීමත් කියන කාරනය හේතුකරගෙන.
නමුත් රටේ ආරක්ෂාවට අදාල තනතුරු පත් කිරීමේදී මහනායක හිමිවරු ආණ්ඩුවට බලපෑම් කළා කියාවත් උපදෙස් දුන්නා කියාවත් කවදාවත් අප අසා නෑ.
එළිපිට නැතත් මේ රටේ දේශපාලනයට කතෝලික පල්ලියෙන් වෙලා තියන බලපෑම සුළුපටු නෑ. 70% කට අධික බෞද්ධ ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ CID ප්‍රධානියා තෝරන්නේ හමුදාපති තෝරන්නේ පොලිස් අමාත්‍යාංශයේ ලේකම් තෝරන්නේ කතෝලික සභාවෙන් නම්. ඉතිරිය ගැන කවර කතාද?
මේ සියල්ල පැත්තකින් තියමු. මේ යෝජනා කල චරිත දෙක කවුද? එක්කෙනෙක් පාස්කු ප්‍රහාරය එල්ලවෙන බවට ඉන්දියාවේ බුද්ධිඅංශයන්ගෙන් ලැබුනු නිරවද්‍ය තහවුරු කළ අනතුරු ඇගවීම මේසේ උඩ තියාගෙන කිසිත් නොකරපු රවී සෙනෙවිරත්න. අනෙකා ප්‍රහාරයෙන් පස්සේ වසර දෙකක් පුරාවට පරීක්ෂණ අනමින් අදටත් පැටළුනු නූල් බෝලයක් කරපු ඒ වගේම ඒ පරීක්ෂණ හරියට නොවූ බවට කාදිනල් තුමාගේම චෝදනා මත පදනම්ව තනතුරින් පහ කල ශානි අබේසේකර. (රංජන්ගේ හඩපට ඇහුවනම් ශානි කියන්නේ මොනවගේ පීචං පොලිස්කාරයෙක්ද කියන එක පැහැදිළි වෙනවා)
හොදම දේ ඒක නෙමේ ප්‍රහාරය ගැන ප්‍රභූ ආරක්ෂක අංශ කලින් දැනුවත් වෙනවා. හරීන්ගෙ තාත්තා දැනුවත් වෙන්නේ ඒ හරහා. ඒ වගේම ප්‍රභූ ආරක්ෂාව තියන හැම කෙනාම මේ ගැන දැනුවත්. කාදිනල්ටත් ඒ ප්‍රභූ ආරක්ෂාව ඒ විදියටම තියනවා. එතකොට කාදිනල් මේ ප්‍රහාරය ගැන දන්නෙ නෑ කියන්න පුළුවන්ද? තමන්ගේ පැත්තට එන චෝදනාවෙන් ගැලවෙන්නද මේ රටක අනාගතය බිල්ලට දෙන්නේ? ලොවෙත් නැති මහමොළකරුවෙක් හොයන කාදිනල්තුමා තරම් පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කළ කෙනෙක් වෙන නෑ.
පාස්කු ප්‍රහාරය එල්ලකළේ අන්තවාදී මුස්ලිම් තරුණයන්. ඒකේ ජවිපේ සමීපතමයෙක් උන ජාතික ලයිස්තුවත් නියෝජනය කල ජවිපේ ප්‍රධාන මූල්‍ය අනුග්‍රාහකයෙක් වෙච්ච මොහිමඩ් ඊබ්‍රහිම්ගේ පුතාලා දෙන්නෙක් මරාගෙන මැරුනා. ඒ ලේලියත් සමග. ප්‍රහාරය කලින් ඉන්දියානු බුද්ධි අංශ දැනගෙන හිටියා වගේම අපේ රට දැනුවත් කළා. ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා දන්නවනම් ඒක මැඩපවත්වන්න රටේ ජනාධිපතිවරයා උපදෙස් දෙන්න ඕනා නෑ. ඒකට ඕනතරම් අවස්ථාව බලතල රවීටත් ශානිටත් තිබුනා. ඒ හේතුව නිසාම වගකීම හිතාමතාම පැහැර හැරීම හේතුවෙන් ජනාධිපති කොමිසමෙන් මේ දෙන්නටම අපරාධ චෝදනා යටතේ නඩු පවරන්න නිර්දේශ කරලා තිබෙනවා.
ඉතින් කාදිනල් මහමොළකරු හොයන්න දාන්න කියන්නෙ පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තාට හරිනම් හිරේ යන්න ඕනෙ උන් දෙන්නෙක්. යසයි නේද?
ඇත්තටම අපේ හාමුදුරුවරු දේශපාලනය කරන්න කාදිනල්ගෙන් ඉගෙනගන්න ඕන.
- තාරුක ෆොන්සේකා
(අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්