ඩිජිටල් සේවා සඳහා පැනවූ 18% බද්ද වැඩ කරන්නේ මෙහෙමයි..
ආණ්ඩුව ගහපු 18% බද්ද ගැන තොරතුරු හෙව්වා.
මේ ගැන හොයන කොට Sachin Ratwatte ලියපු ලිපියක කොටසක් එක්ක මට තෙරුන කෑලි ටිකත් අමුණනවා.
වැරදි නම් කියන්න පුළුවං.
මේ බද්ද සරලවම වැඩ කරන්නේ මෙහෙමයි.
⚫ඔක්තෝම්බර් පළමුවෙනිදා ඉඳලා මනුස්සයෙක් නෙට්ෆ්ලික්ස් සබ්ස්ක්‍රිප්ෂන් එකට ගෙවද්දි, 18% ක් වැඩිපුර ගෙවන්න ඕන.
⚫වෙබ් සයිට් එකක් කරන කෙනෙක් ඔක්තෝම්බර් පළමුවෙනිදා ඉදලා ඩොමෙන් / සර්වර් අලුත් කරද්දී 18% ක් වැඩිපුර ගෙවන්න ඕන.
⚫ටෙමු / අලි එක්ස්ප්‍රස් ආදි අන්තර්ජාල වෙබ් අඩවි වලින් බඩු ගන්නා උදවිය මිලට අමතරව තවත් 18% ක් ලංකා ආණ්ඩුවට ගෙවන්න ඕන.
⚫තමන්ගේ කුඩා පරිමාණ ව්‍යාපාරය ගැන ෆේස්බුක් පෝස්ට් එකක් බූස්ට් කරද්දි වැඩිපුර 18% ක් රජයට ගෙවන්න ඕන.
⚫ගූගල් හරහා ඇඩ් එකක් ප්ලේස් කරද්දී සහ SEO ඔස්සේ තමන්ගේ වෙබ් අඩවිය ගූගල් සර්ච් බාර් එකේ උඩට ගෙනෙද්දී 18% ක බදු අය වෙනවා.
⚫ඉගැන්වීමට හෝ ව්‍යාපාරික කටයුත්තක් සඳහා සූම් පැකේජයක් මිලට ගනිද්දි එයට අතිරේක 18% ක් එකතු වෙනවා.
⚫බුකිං ඩොට් කොම් වෙබ් අඩවිය හරහා හෝටලයක් බුක් කරද්දී 18% ක් රජයට ගෙවන්න ඕන.
⚫ක්‍රිප්ටො / NFT ව්‍යාපාර කරපු තාරුණ්‍යය ඒ සඳහා 18% ක බදු ගෙවිය යුතුයි. මේ මුදල ඔවුන්ගේ එක ට්‍රේඩ් එකක ලාභයටත් වැඩි විය හැකියි.
⚫තමන්ගේ පරිගනකයට වෛරස් ගාර්ඩ් එකක්, වින්ඩෝස් පැකේජයක් හෝ ඔෆොස් පැකේජයක් මිලට ගන්නා විට ඒ සඳහා 18%ක අතිරේක බද්දක් ගෙවන්න අවශ්‍යයි.
⚫ඇපල් අයි ක්ලවුඩ් හි සිට ගූගල් ඩ්‍රයිව් දක්වා පැකේජ මිලට ගන්නා විට අමතර 18% ලංකා රජයට ගෙවිය යුතුයි.
⚫සරලවම ඕනෑම අන්තර්ජාල සේවයකට ගෙවද්දි, ගෙවන මොහොතේම අතිරේක 18% ක් බදු වශයෙන් එකතු වෙනවා.
ඩොලර් සියයක බිලකට ඩොලර් 18 ක්. රුපියල් 11,500 ක්.
⚫ මාර්ගත බැංකුකරණය නැත්තම් Online Banking කරන කොට නැත්තම් Online හරහා Apps වලින් බැංකු කටයුතු කරන කොට ඒවට 18%ක් බදු එකතු වෙනවා.
⚫ සමාජ මාධ්‍ය වේදිකා නැත්තම් ෆේස්බුක්, ඉන්ටග්‍රෑම්, ටික්ටොක්,වට්ස් ඇප්, ත්‍රෙඩ්ස් වලටත් 18% බද්දක් එකතු වෙනවා.
⏩සරලව කිව්වොත් අපි වගේ අය Zoom, Teams වගේ ඒවා භාවිතා කරනවා.
Online Banking භාවිතා කරන්නෙ බැංකුවල පෝලිමේ ඉන්න බැරි නිසා සහ බැංකුවල තදබදය අඩු කරන්න.
ඊලඟට අපේ ව්‍යාපාර සඳහා ප්‍රචාරණයට ෆේස්බුක් බුක් ඉන්ග්‍රෑම් හරහා බූස්ට් ගහනවා.
ඊටපස්සේ විශේයෙන්ම මයික්, ප්‍රොජෙක්ටර්ස්, මාර්කර් පෙන් , ඒවට තීන්ත , කැමරා උපාංග ගන්නෙ කෙලින්ම ඔන්ලයින් ඕඩර් කරලා හෝ එහෙම ඕඩර් කරන අයගෙන්.
ඊලඟට විවේකයට හෝටලයක් හරි විලා එකක් හරි බුක් කරන්නෙ ඔන්ලයින් වලින්.
ටිකට් බුක් කරන්නෙ ඔන්ලයින් වලින්.
මේ ඔක්කොටම දැන් 18% වැඩිපුර ගෙවන්න ඕන.‼️
මේවයෙන් යන ආදයම් වලින් 2025 අයවැයට අනුව සහනධාර සඳහා බිලියන රු. 1,290 වෙන් වෙන් වෙනවා.
ඒ ගිය අවුරුද්දට සාපේක්ෂව සහනාධාර සඳහා රුපියල් බිලියන 235ක් වැඩිපුර දෙනගමන්.
මේ බදු පැනවීමේ අවාසි මොනවද?
✅ 1. 📈 අන්තර්ජාල ගාස්තු වැඩිවීම
18% VAT එක මඟින් පරිභෝග්‍යයාට අය වන මූලික ගාස්තුවට අමතරව ගාස්තුවක් ගෙවන්න සිදුවේ.
එම නිසා, නියමිත බලාපොරොත්තු මට්ටමින් වැඩි වැයවීමක් පාරිභෝගිකයාට සිදුවේ.
✅ 2. 📉 අන්තර්ජාල භාවිතය අඩුවීම
අඩු ආදායම් පවුල් හෝ ගමන් මගින් ජීවත් වන ව්‍යාපාර සඳහා, අන්තර්ජාලය භාවිත කිරීම සීමා වීමක් ඇති විය හැක.
විශේෂයෙන්, අන්තර්ජාල ගිණුම් නොමැති පිරිසට (digitally excluded) මෙය තවත් බාධාවක් වෙයි.
✅ 3. 💼 ස්මාර්ට් ව්‍යාපාරවල වියදම් වැඩිවීම
විශේෂයෙන් E-commerce, call centers, freelance සේවාවන්, cloud services යනාදිය සඳහා අන්තර්ජාලය මූලික පදනමක් වන බැවින්,
ආදායම් අඩුවීමකට,ප්‍රතිදානය (Output) අඩුවීමට
සේවකයින්ට වැටුප් අවම කිරීමකට හෝ වියදම් අඩු කිරීමට හේතු විය හැක.
✅ 4. 🌐 Tech Startups සහ SME (Small & Medium Enterprises) බලපෑම්
නව ව්‍යාපාරික ව්‍යාපෘති, Zoom/Cloud/Hosting යනාදිය භාවිතා කරන ව්‍යාපාර සඳහා 18% VAT බරක් වේ.
ඒ නිසා අලුත් ව්‍යාපාර වල මුල් අවධිය තුළ ව්‍යාපාර පැවැත්වීමේ හැකියාව අඩුවිය හැක.
✅ 5. 📊 Digital Economy වැඩිවීමේ බාධාව.
Digital Sri Lanka ව්‍යාපෘති හරහා රට පරිගණකමය යුගය කරා පියවර ගනිමින් සිටින අතර, මෙවන් බද්දක් අන්තර්ජාල භාවිතය අඩු කරනු ඇත.
ICT exports, freelancing, foreign clients dealing වැනි ක්ෂේත්‍ර වල ආදායම් අඩුවිය හැක.
✅ 6. 🎓 අධ්‍යාපනය හා Tele-health බලපෑම්
e-learning / Zoom classes. සේවාවන් අඩුවී යන හේතු මත ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන ප්‍රගතියට අවාසි විය හැක.
මේ නිසා මේ බද්ද ගැන නැවත සලකා බැලීමක් කරලා සංශෝධනය නොකළොත් රජය බදු ආදායම වැඩීවීම කෙසේවෙතත් රටේ ආර්ථිකයට බලපෑමක් වෙන්න පුළුවං.
(අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්