News Category
From Date
To Date
Maximum Number of Result

කොතලාවල ජාතකය..

Jul 8, 2025 at 05:17 PM
|

කොතලාවල ගැන නොලියා ඉන්නට සිතුනද තක්කඩින්ගේ තක්කඩිකම් එලිකළ යුතු නිසා එහි සාරාංශයවත් ලිවිය යුතු බව සිතුවෙමි.

කොච්චර ආලවට්ටම් දැම්මත් රනිල්ගේ සහ රාජපක්ෂ ලාගේ  අඩි පාරටත් උඩින් වත්මන් රජය යන බව හා ක්‍රියා කරන බව වත්මනේ දී සියලු සාධක සහිතව ඔප්පු වෙමින් පවති. 

එදා රටේ මහජනතාව රැවටු කතා සියල්ල බොරු කරමින් රට රවටා ඇති බව පමනක් කීම සෑහේ. 

ලෝක සෞඛ්‍ය දර්ශක වල අංක 01  සිටින අපේ රටේ මහ එවුන් හෙම්බිරිස්සාවටත් ප්‍රතිකාර  ගැනිමට යන සිංගප්පූරුව ඔවුන්ගේ 03 වෙනි වෛද්‍ය විද්‍යාලය ප්‍රමිතිය හේතුවෙන් ආරම්භ කිරීම කල් දමා ඇත හැමදේම විකුනන සිංගප්පූරුව තමන්ගේ රටට ආධායමක් ලැබේ යැයි සිතන එවැනි ව්‍යාපාර කරන්නේ නැත ඒ ප්‍රමිතිය අංක 01 බැවිනි. 

ලෝක බලවතකු වන පුද්ගලික වෛද්‍ය විද්‍යාල හැට හුටාමාරක් තියෙන ඉන්දියාව සෞඛ්‍ය දර්ශක වල 112 ය..

ප්‍රමිතිය දැනුම කේන්ද්‍ර කරගත් අපි සෞඛ්‍ය දර්ශක වල අංක 47 ය.

බල්ලො මරලා හරි සල්ලි හොයලා ලක්ශ  175 ක් වියදම් කරලා දොස්තර කෙනෙක් කීරීම ප්‍රමාණවත් ය ලැබෙන වැටුප ගැන හොයන්නේ නැත  නම පමනක් තිබීම ප්‍රමාණවත්ය සෞඛ්‍ය දර්ශක ඔවුන් ට වැදගත් නැත ඒ අපේ රටේ තක්කඩි පාලකයන් ගේ හැටිය. 

අපි කොතලාවල වෛද්‍ය පීඨය විසින් පලකර ඇති දැන්වීම සහ රජයේ නිර්නායක සසඳා බලමු. 

එහි බදවාගන්නා වයස් සීමාව  16 සිට 24 ලෙස  දක්වා ඇත.

16 වසරේදී අන්තර්ජාතික විෂය නිර්දේශය හදාරන සිසුන් උසස් පෙල ලියන බැවින් එසේ සදහන් කර ඇත . වයස 24 සදහන් කර ඇත්තේ දේශිය විෂය නිර්දේශය හදාරන 03 වෙනි වර හෝ බදවාගැනිමට විය හැක. 

මුදල් වල බලය කියන්නේ මේ නිසාම අන්තර් ජාතික විෂය නිර්දේශය හදාරන සිසුන් කොතලාවල හරහා ඔවුන්ගේ වයස අවුරුදු 21 පමන වන විට අවම වශයෙන් සීමාවාසික වෛද්‍ය වරයෙක් විය හැකි අතර  එම වයසේම දේශිය විෂය නිර්දේශය හදාරන සිසුවෙකු සමහර විට රජයේ වෛද්‍ය විද්‍යාලයක පලමු වසරේය දෙවැනි හෝ තුන්වැනි වසරේ සිසුන් ගැන  කතා කිරීමෙන් පලක් නෑ.

ඒ අනුව වයස මුදල් විෂය නිර්දේශය නිසා සිදුවන මුලික මිනිස් අයිතිවාසිකම් ගැන කතා කිරීමට කෙනෙක් නැත.

විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ සදහන්ව ඇත්තේ කුසලතාවයට මිස මුදලට අධ්‍යාපනය ලබා නොදිය යුතු බවයි.  

තියෙන ප්‍රශ්න මදිවාට කිහිප දෙනෙකුගේ අරමුනු වෙනුවෙන් ආරක්ෂක හමුදාව ඉදිරියේ දි  මානව හිමිකම් දංගෙඩියට තවත් තොරතුරක් ද?.

දැන්වීම අනුව C 02 ක් සහ S 01 සමත්වීම බදවාගැනීමේ දැන්වීමේ සදහන් වුවත් බදවාගන්නා ආකරය සදහන් KDU ප්‍රතිපත්තියේ සදහන්ව ඇත්තේ කොතලවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලය තීරණය කරනු ලබන පරිදි  වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ නිර්ණායකයක් වශයෙන්  1.4000 ක් හෝ  ඊට ඉහල Z අගයක් වාර්තා කල යුතුය යන්නයි දැන්වීමේ සදහන් ප්‍රතිපල මත ඉහත සදහන් අගයක් පවත්වාගත හැකිද ප්‍රශ්නයකි.  

ගරු අගමැතිනිය එදා දැඩි ලෙස විවේචනය කල කලමනාකාර මන්ඩලය දැන් හොදවී ඇත.  

ඊලග කරුන වන්නේ ලබාගන්නා මුදලයි එය ලක්ෂ 175 කි.

අප අසා ඇති පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මීට පෙර කොතලාවල වෙත ඇතුළත් කරන ලද දේශිය  සිසුන් වෙනුවෙන් වසරකට එක් අයෙක් සඳහා ලබා දී ඇත්තේ ලක්ෂ හයක පමණ මුදලකි ඒ අනුව එක් සිසුවෙක් සඳහා වසර පහකට ලක්ෂ 30 කි.

සායනික පුහුණුව සඳහා රජයේ සම්පත් කොතලාවලට ලබා දී ලක්ෂ 30 වූවානම් බදවා ගන්නා එක් සිසුවෙක් වෙනුවෙන් ලක්ෂ 175  අය කරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි. 

ඒ අනුව රජයේ විශ්ව විද්‍යාල වලින් කොතලාවලට බඳවා ගන්නා 10% කෝටාවේ ශිෂ්‍යත්ව සිසුන් 15 දෙනෙක් සඳහා මුදලට බඳවා ගන්නා සිසුන් තුන්දෙනෙකුගේ මුදල් වැය කිරීම පමණක් ප්‍රමාණවත්ය.  

එහෙත් මේ වසරේ හමුදාවන්ට ඇවසි වෛද්‍යවරුන් සදහා බදවාගෙන ඇත්තේ 05  දෙනකු පමනි. 

ආණ්ඩුව උපදෙස් ලබා ගන්නා නීති විශාරදයන්  කොහොම කීවද කොතලාවල හිමිකරුගේ මූලික කැමැත්ත සඳහන් අන්තිම කැමැති පත්‍රයේ සඳහන් වනුයේ එය රටේ ආරක්ෂක  හමුදාවන්ගේ ප්‍රයෝජනය සඳහා මිස විකිණීම සඳහා සඳහන්ව නොමැති අතර එම ඉඩම පරිත්‍යාග කළ සර් ජෝන් කොතලාවලට කරන ලද අවමානයක් බව ද  සඳහන් කල යුතුව ඇත. 

ශ්‍රී ලංකා වෛද්‍ය  සභාවටද මෙහි වගකීමක් ඇති  අතර  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල සඳහන් ශික්‍ෂණ රෝහලට සහ  එහි රෝගීන් නියමිත  ප්‍රමිතියට  සහිතව සිටිනවාද යන්න වගකීමෙන් යුතුව සොයා බැලිය යුතුව  ඇත.

සිසුන්ගෙන් ලක්ෂ  175 කුත් අරගෙන සායනික පුහුණුව දීමට තමන්ගෙ රෝහලේ රෝගීන් නැති නිසා රජයේ වෛද්‍ය සිසුන් ඉගෙන ගන්නා රෝහල්වලට කඩා පැන එම  අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉඩ ලබා දිය යුතු නැත.

වැරදි උපදෙස් වැරදි තීරණ නිසා වත්මන් රජය  වැරදි පාරවල්වල ගමන්  කරනා බව නම් ඉතා වගකීමෙන් කිව හැක.

දිලිත් ලා සජිත් ලා ගේ මනදොල සපුරමින්, රනිල්ලා රාජපක්ෂලා ගිය පාරේ ඔවුන්ටත් වඩා ඉදිරියෙන් වත්මන් රජය යන බව නම් මේ අනුව පැහැදිලිව පෙනේ.

- වසන්ත අල්විස් 

මහජන යුතුකම් කෙන්ද්‍රය



සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.