News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවෙ සුරතලෙක් නොවූ නිසා දඟගෙට දැක්කු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය...

Jul 7, 2025 at 07:40 AM
|

මේ ඔහු අත්අඩංගුවට ගැනීම පිලිබඳව මාධ්‍යයේ නොකියූ කතාව..

( උපුටා ගැනීම)

බැඳියාව

"""""""''

ඊයේ අත්අඩංගුවට පත්ව සිටින බන්ධනාගාර කොමසාරිස් සම්බන්ධයෙන්  ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක්  තොරතුරු සොයා බැලුවා.

එහිදී ඔවුන් පැය භාගයක්  පමණ මා සමග කතා කළා.

සත්‍ය මිස කිසිවකු සුද්ද කිරීමට අවශ්‍ය නැත

"""""""""'"

බන්ධනාගාරය තුල කුඩු, අයිස්, දුරකථන ඇති බව  සත්‍යයකි.

බන්ධනාගාර රෝහල, ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොව, ඇති හැකි උන්ගේ රෙස්ට් හවුසිය බව සත්‍යයකි

බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නොව අපරාධ සම්බන්ධ පශ්චාත් උපාධිය ලබා දෙන ආයතනය බව සත්‍යයකි.

පසුගිය දශක තුන පුරාවට මෙන්ම අදත්  බන්ධනාගාරය පවතින්නේ ඒ ආකාරයෙනි. 

තුෂාර උපුල්දෙනිය  අත්අඩංගුවට ගත්තා කියා කිසිවක් වෙනස් නොවුනි.

එවන්  බන්ධනාගාර ක්‍රමයක් (වටයගේ වචනයෙන් කියනවනම් රාජධානියක්/ මුදා නොගත් කලාපයක් ) බිහිකලේ  උපුල්දෙනිය නොවේ. 

තුෂාර උපුල්දෙනිය අත්අඩංගුවට ගැනීම වෙනත් කතාවකි.

පසුබිම් සෝදිසි

""""""""'''

අනුරාධපුර සිදුවීමට සති දෙකකට  පෙර වටගලගෙන්  උපුල්දෙනියට  හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි.

"අහවල් වෝඩ් එකේ ජංගම දුරකථනයක් තිබෙනවා, එය ගැනීමට STF සමග මා එනවා" ආදී වශයෙන් කතාවක්  වටගල කියා ඇත.

වාර්තා වන අන්දමට වටගල බන්ධනාගාරයට යාමට සැලසුම් කොට තිබෙන්නේ මාධ්‍ය කණ්ඩායමක් ද සමගිනි. 

තුෂාර උපුල්දෙනියගේ ප්‍රතිචාරය වී ඇත්තේ මෙවැන්නකි.

"ඇමතිතුමා ඕක කරන්ඩ එපා, මීට පෙර කැරලි  වලට හේතු වුණේ හමුදාව ආයුධ  සහිතව බන්ධනාගාරයට ඇතුල් කිරීමයි", "ජංගම දුරකථන තිබෙන්නේ මොන වාට්ටුවේද කියන්න,  මම ඒක අරගෙන ඔබතුමාට එවන්නම් " ලෙසින් ප්‍රතිචාර දක්වා ඇත.

තවද සන්නද්ධ STF බන්ධනාගාරය තුළට ඇතුල් කිරීමට උපුල්දෙනිය  විරුද්ධ වී ඇත.

එපමණක් නොව, උපුල්දෙනිය තවත් වැදගත් කරුනක් වටගලගේ අවධානයට යොමුකොට ඇත.

ටොයිලට්,ජලය ආහාර,ඇඳ ඇතිරිලි නොමැතිව සතුන් මෙන් ගාල් කොට සිටින සිරකරුවන් ආයුධ සහ කැමෆලාජ් දරන STF නිලධාරීන් හමුවේ කලබල විය හැකි බව  පෙන්වාදී ඇත.

උපුල්දෙනියගේ ප්‍රතිචාරය හමුවේ වටගලගේ සැලසුම අලවී ඇත.

ඉන් අනතුරුව බූස්ස බන්ධනාගාරය දූපතකට ගෙනයන සැලසුම එළියට පැමිණ ඇත.

උපුල්දෙනිය පහත හේතු මත එම සැලසුමටද විරුද්ධ වී ඇත. 

1. බන්ධනාගාරය දූපතකට ගෙනයාම හමුවේ ඥාතීන්ට සිරකරුවන් බැලීම දුෂ්කර වීම.

2. නීතිඥයන්ට සිරකරුවන් හමුවීම දුෂ්කරවීම.

3. මානව හිමිකම් කඩවීම

4. දූපතක සිරකරුවන් රැඳවීම ෆැසිස්ට් රාජ්‍යයක මිස දියුණු  රාජ්‍යයක ලක්ෂණ නොවීම

5.GSP ප්ල්ස්, IMF ක්‍රියාවලිය, UNHRC නඩු වලට අවාසියක් වීම.

6. ජාත්‍යන්තර අපකීර්තිය.

මාලිමා රජයේ සැලසුම් වලට මේ ආකාරයට විරුද්ධ වන උපුල්දෙනියගේ විශ්‍රාම වයස එළඹෙන්නේ 2032 වර්ෂයේදීය.

ජනාධිපති පොදුසමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම

""""""""""

මාලිමා රජය යටතේ  මුල්ම සිරකරුවන් නිදහස් කිරීම සිදුවුණේ නත්තලටය.

එහිදී අධිකරණ අමාත්‍යාංශය අනුමත කළ ලැයිස්තුව සහ නිදහස් කළ ලැයිස්තුව අතර වෙනස්කම් තිබී ඇත.

ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ පියුමන්ති, උපුල්දෙනියගෙන් හේතු විමසා ඇත. උපුල්දෙනිය යැවූ ලිඛිත පැහැදිලි කිරීම අධිකරණ අමාත්‍යාංශය පිළිගෙන ඇත.

නත්තලට සිරකරුවන් නිදහස් කිරීමේදී උගත් පාඩම් අනුව  වෙසක් නිදහස් කිරීමේදී අනුමත ලැයිස්තුවට තරයේ අවනත විය යුතු බව දන්වා  චක්‍රලේඛයක්  කමිශනර් මෙහෙයුම්( උපුල්දෙණිය වෙනුවෙන්) නිකුත් කර ඇත. 

කෙසේ වුවද වෙසක් පොදු සමාවේදීද අනුමත ලැයිස්තුව සහ නිදහස් කළ ලැයිස්තුව අතර වෙනස්කම් තිබී ඇත. 

එකී වෙනස්කම් සම්බන්ධයෙන් කරුණු විමසීම වෙනුවට සිදු වුණේ උපුල්දෙනිය අත්අඩංගුවට ගැනීමය.

අතුල තිලකරත්න නිදහස් කිරීම

""""""'''''''''''

අතුල තිලකරත්න නිදහස් කිරීමේ සිදුවීම කරළියට ආවේ පුවත්පතක පළවූ වාර්තාවක් සමාජ ජාලාවල වෛරල් වීම නිසාය.

අතුල තිලකරත්න සිදුවීම වෛරල් වීමත්  සමග අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, උපුල්දෙනියට කතා කොට කරුනු  සොයා බලන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව අතුල තිලකරත්න නිදහස් කිරීම සම්බන්ධයෙන් උපුල්දෙනිය  අනුරාධපුර බන්ධනාගාර අධිකාරියගෙන් නිදහසට කරුණු (Explanation) විමසා ඇත. (2025 ජූනි 6)

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි එදින  whatsapp හරහා  නිදහසට කරුණු මූලස්ථානයට එවා ඇත. ( එය A demi-official ලිපියකි) 

ඉන් අනතුරුව එනම් පස්වරුවේ  අදාල නිදහස් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් උපුල්දෙනිය විසින් අධිකරණ අමාත්‍යංශයට යවා ඇත.

අතුල තිලකරත්න නිදහස් කිරීමේ දෝෂයක් ඇත්නම් ඔහු අත්අඩංගුවට පත්විය  යුතුය.

අතුල නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ හනුමා නොහොත් දිලීප පීරිස් බොරු කියා ඇත. 

අතුල විදේශගතව ඇතැයි දිලීප අධිකරණයට කියා තිබුණි.

උපුල්දෙනිය අත්අඩංගුවට ගැනීම.

"""""""""'""

ඉහල නියෝගය අනුව උපුල්දෙනිය අත්අඩංගුවට ගැනීමට යෙදවූ මුල්ම CID කණ්ඩායම (උත්සාහය) ක්‍රියාත්මක නොවුනි.

CID දෙවන කණ්ඩායමද  ක්‍රියාත්මක නොවුණි

කැබිනට් තීන්දුවකින්  උපුල්දෙනියගේ වැඩ තහනම් කොට උපුල්දෙනිය  අත්අඩංගුවට ගැනීමට  තුන්වන කණ්ඩායම යොදවන්නේ ඒ අනුවය.

හිටපු CID  අධ්‍යක්ෂක මුතුමාල ඉවත් කිරීමට මෙවැනි කරුණද බලපෑවා විය හැක.

නිගමනය

"""""""""""''

අතුල නිදහස් කිරීම  Admin procedures වලට  සම්බන්ධ නඩු නිමිත්තකි.

CIDය යොදවා උපුල්දෙනිය  අත්අඩංගුවට ගැනීමට පෙර කළ යුතුව තිබුණේ අභ්‍යන්තර පරීක්ෂණ අධිකරණයක් (CofI) හරහා  පරීක්ෂණක් කිරීමය.

කන්ටේනර් නිදහස් කිරීමේ සිදුවීමට එක නීතියකුත් සිරකරුවන් නිදහස්  කිරීමේ සිදුවීමට තවත් නීතියකුත්  එනම් එකම නඩු නිමිත්තට පරස්පර අයුරින් ක්‍රියා කිරීම තුළින් විධායකයේ බල අපහරණයක් දිස්වෙයි.

ජවිපෙ පැලවත්ත කාර්යාලය   ෆැසිස්ට්  පාලනයක අත්තිවාරම කපනු පෙනේ.

එකී පාලනයට නුසුදුසු ඉත්තන් ඉවත් කරමින් සුදුසු ඉත්තන් ප්ලාන්ට් කිරීමේ  මෙහෙයුමක් ක්‍රියාත්මක බව නිගමනය කළ හැක.

( උපුටා ගැනීම අවසන්)

Keerthi Ratnayake 👍

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.