News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවෙ සුරතලෙක් නොවූ නිසා දඟගෙට දැක්කු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය...

Jul 7, 2025 at 07:40 AM
|

මේ ඔහු අත්අඩංගුවට ගැනීම පිලිබඳව මාධ්‍යයේ නොකියූ කතාව..

( උපුටා ගැනීම)

බැඳියාව

"""""""''

ඊයේ අත්අඩංගුවට පත්ව සිටින බන්ධනාගාර කොමසාරිස් සම්බන්ධයෙන්  ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක්  තොරතුරු සොයා බැලුවා.

එහිදී ඔවුන් පැය භාගයක්  පමණ මා සමග කතා කළා.

සත්‍ය මිස කිසිවකු සුද්ද කිරීමට අවශ්‍ය නැත

"""""""""'"

බන්ධනාගාරය තුල කුඩු, අයිස්, දුරකථන ඇති බව  සත්‍යයකි.

බන්ධනාගාර රෝහල, ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොව, ඇති හැකි උන්ගේ රෙස්ට් හවුසිය බව සත්‍යයකි

බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නොව අපරාධ සම්බන්ධ පශ්චාත් උපාධිය ලබා දෙන ආයතනය බව සත්‍යයකි.

පසුගිය දශක තුන පුරාවට මෙන්ම අදත්  බන්ධනාගාරය පවතින්නේ ඒ ආකාරයෙනි. 

තුෂාර උපුල්දෙනිය  අත්අඩංගුවට ගත්තා කියා කිසිවක් වෙනස් නොවුනි.

එවන්  බන්ධනාගාර ක්‍රමයක් (වටයගේ වචනයෙන් කියනවනම් රාජධානියක්/ මුදා නොගත් කලාපයක් ) බිහිකලේ  උපුල්දෙනිය නොවේ. 

තුෂාර උපුල්දෙනිය අත්අඩංගුවට ගැනීම වෙනත් කතාවකි.

පසුබිම් සෝදිසි

""""""""'''

අනුරාධපුර සිදුවීමට සති දෙකකට  පෙර වටගලගෙන්  උපුල්දෙනියට  හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි.

"අහවල් වෝඩ් එකේ ජංගම දුරකථනයක් තිබෙනවා, එය ගැනීමට STF සමග මා එනවා" ආදී වශයෙන් කතාවක්  වටගල කියා ඇත.

වාර්තා වන අන්දමට වටගල බන්ධනාගාරයට යාමට සැලසුම් කොට තිබෙන්නේ මාධ්‍ය කණ්ඩායමක් ද සමගිනි. 

තුෂාර උපුල්දෙනියගේ ප්‍රතිචාරය වී ඇත්තේ මෙවැන්නකි.

"ඇමතිතුමා ඕක කරන්ඩ එපා, මීට පෙර කැරලි  වලට හේතු වුණේ හමුදාව ආයුධ  සහිතව බන්ධනාගාරයට ඇතුල් කිරීමයි", "ජංගම දුරකථන තිබෙන්නේ මොන වාට්ටුවේද කියන්න,  මම ඒක අරගෙන ඔබතුමාට එවන්නම් " ලෙසින් ප්‍රතිචාර දක්වා ඇත.

තවද සන්නද්ධ STF බන්ධනාගාරය තුළට ඇතුල් කිරීමට උපුල්දෙනිය  විරුද්ධ වී ඇත.

එපමණක් නොව, උපුල්දෙනිය තවත් වැදගත් කරුනක් වටගලගේ අවධානයට යොමුකොට ඇත.

ටොයිලට්,ජලය ආහාර,ඇඳ ඇතිරිලි නොමැතිව සතුන් මෙන් ගාල් කොට සිටින සිරකරුවන් ආයුධ සහ කැමෆලාජ් දරන STF නිලධාරීන් හමුවේ කලබල විය හැකි බව  පෙන්වාදී ඇත.

උපුල්දෙනියගේ ප්‍රතිචාරය හමුවේ වටගලගේ සැලසුම අලවී ඇත.

ඉන් අනතුරුව බූස්ස බන්ධනාගාරය දූපතකට ගෙනයන සැලසුම එළියට පැමිණ ඇත.

උපුල්දෙනිය පහත හේතු මත එම සැලසුමටද විරුද්ධ වී ඇත. 

1. බන්ධනාගාරය දූපතකට ගෙනයාම හමුවේ ඥාතීන්ට සිරකරුවන් බැලීම දුෂ්කර වීම.

2. නීතිඥයන්ට සිරකරුවන් හමුවීම දුෂ්කරවීම.

3. මානව හිමිකම් කඩවීම

4. දූපතක සිරකරුවන් රැඳවීම ෆැසිස්ට් රාජ්‍යයක මිස දියුණු  රාජ්‍යයක ලක්ෂණ නොවීම

5.GSP ප්ල්ස්, IMF ක්‍රියාවලිය, UNHRC නඩු වලට අවාසියක් වීම.

6. ජාත්‍යන්තර අපකීර්තිය.

මාලිමා රජයේ සැලසුම් වලට මේ ආකාරයට විරුද්ධ වන උපුල්දෙනියගේ විශ්‍රාම වයස එළඹෙන්නේ 2032 වර්ෂයේදීය.

ජනාධිපති පොදුසමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම

""""""""""

මාලිමා රජය යටතේ  මුල්ම සිරකරුවන් නිදහස් කිරීම සිදුවුණේ නත්තලටය.

එහිදී අධිකරණ අමාත්‍යාංශය අනුමත කළ ලැයිස්තුව සහ නිදහස් කළ ලැයිස්තුව අතර වෙනස්කම් තිබී ඇත.

ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ පියුමන්ති, උපුල්දෙනියගෙන් හේතු විමසා ඇත. උපුල්දෙනිය යැවූ ලිඛිත පැහැදිලි කිරීම අධිකරණ අමාත්‍යාංශය පිළිගෙන ඇත.

නත්තලට සිරකරුවන් නිදහස් කිරීමේදී උගත් පාඩම් අනුව  වෙසක් නිදහස් කිරීමේදී අනුමත ලැයිස්තුවට තරයේ අවනත විය යුතු බව දන්වා  චක්‍රලේඛයක්  කමිශනර් මෙහෙයුම්( උපුල්දෙණිය වෙනුවෙන්) නිකුත් කර ඇත. 

කෙසේ වුවද වෙසක් පොදු සමාවේදීද අනුමත ලැයිස්තුව සහ නිදහස් කළ ලැයිස්තුව අතර වෙනස්කම් තිබී ඇත. 

එකී වෙනස්කම් සම්බන්ධයෙන් කරුණු විමසීම වෙනුවට සිදු වුණේ උපුල්දෙනිය අත්අඩංගුවට ගැනීමය.

අතුල තිලකරත්න නිදහස් කිරීම

""""""'''''''''''

අතුල තිලකරත්න නිදහස් කිරීමේ සිදුවීම කරළියට ආවේ පුවත්පතක පළවූ වාර්තාවක් සමාජ ජාලාවල වෛරල් වීම නිසාය.

අතුල තිලකරත්න සිදුවීම වෛරල් වීමත්  සමග අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, උපුල්දෙනියට කතා කොට කරුනු  සොයා බලන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව අතුල තිලකරත්න නිදහස් කිරීම සම්බන්ධයෙන් උපුල්දෙනිය  අනුරාධපුර බන්ධනාගාර අධිකාරියගෙන් නිදහසට කරුණු (Explanation) විමසා ඇත. (2025 ජූනි 6)

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි එදින  whatsapp හරහා  නිදහසට කරුණු මූලස්ථානයට එවා ඇත. ( එය A demi-official ලිපියකි) 

ඉන් අනතුරුව එනම් පස්වරුවේ  අදාල නිදහස් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් උපුල්දෙනිය විසින් අධිකරණ අමාත්‍යංශයට යවා ඇත.

අතුල තිලකරත්න නිදහස් කිරීමේ දෝෂයක් ඇත්නම් ඔහු අත්අඩංගුවට පත්විය  යුතුය.

අතුල නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ හනුමා නොහොත් දිලීප පීරිස් බොරු කියා ඇත. 

අතුල විදේශගතව ඇතැයි දිලීප අධිකරණයට කියා තිබුණි.

උපුල්දෙනිය අත්අඩංගුවට ගැනීම.

"""""""""'""

ඉහල නියෝගය අනුව උපුල්දෙනිය අත්අඩංගුවට ගැනීමට යෙදවූ මුල්ම CID කණ්ඩායම (උත්සාහය) ක්‍රියාත්මක නොවුනි.

CID දෙවන කණ්ඩායමද  ක්‍රියාත්මක නොවුණි

කැබිනට් තීන්දුවකින්  උපුල්දෙනියගේ වැඩ තහනම් කොට උපුල්දෙනිය  අත්අඩංගුවට ගැනීමට  තුන්වන කණ්ඩායම යොදවන්නේ ඒ අනුවය.

හිටපු CID  අධ්‍යක්ෂක මුතුමාල ඉවත් කිරීමට මෙවැනි කරුණද බලපෑවා විය හැක.

නිගමනය

"""""""""""''

අතුල නිදහස් කිරීම  Admin procedures වලට  සම්බන්ධ නඩු නිමිත්තකි.

CIDය යොදවා උපුල්දෙනිය  අත්අඩංගුවට ගැනීමට පෙර කළ යුතුව තිබුණේ අභ්‍යන්තර පරීක්ෂණ අධිකරණයක් (CofI) හරහා  පරීක්ෂණක් කිරීමය.

කන්ටේනර් නිදහස් කිරීමේ සිදුවීමට එක නීතියකුත් සිරකරුවන් නිදහස්  කිරීමේ සිදුවීමට තවත් නීතියකුත්  එනම් එකම නඩු නිමිත්තට පරස්පර අයුරින් ක්‍රියා කිරීම තුළින් විධායකයේ බල අපහරණයක් දිස්වෙයි.

ජවිපෙ පැලවත්ත කාර්යාලය   ෆැසිස්ට්  පාලනයක අත්තිවාරම කපනු පෙනේ.

එකී පාලනයට නුසුදුසු ඉත්තන් ඉවත් කරමින් සුදුසු ඉත්තන් ප්ලාන්ට් කිරීමේ  මෙහෙයුමක් ක්‍රියාත්මක බව නිගමනය කළ හැක.

( උපුටා ගැනීම අවසන්)

Keerthi Ratnayake 👍

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.