News Category
From Date
To Date
Maximum Number of Result

මා නොදත් කුමන්ත්‍රණය දැන සිටි අය..

Jul 5, 2025 at 10:28 AM
|

මට විවිධ අය කියනවා විමල් වීරවංශ හා සේන තෝරදෙණිය ඊනියා කුමන්ත්‍රණය ගැන ලියා ඇති පොත් කියවන්න කියා. සමහර විට ඔවුන්ට අවශ්‍ය ඒ දෙදෙනාගේ දැනුමෙන් මා පෝෂණය කරන්න වෙන්න පුළුවන්. ඒ දෙදෙනා ම ගුණදාස අමරසේකරන්ගේ ද සම්භාවනාවට පත් වූ වාමවාදී ජාතිකවාදීන්. මා ඔවුන් මෙන් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මා මාක්ස්වාදය සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරන්නෙක්. ඒ නූගත්කම නිසා හරි සමාජවාදයක් හරියන්නෙ නැහැ කියා හිතන නිසා හරි වෙන්න ඇති. කෙසේ නමුත් පිටරටක ඉඳිමින් ඒ පොත් කියවීමට මට පිනක් නැහැ. මට මගේ නොදැනුමෙන් එහාට යන්න බැහැ.

ඒ වුණත් මා කුමන්ත්‍රණය කියන වචනයට නම් කැමැති නැහැ. විමල් වීරවංශ බොහෝ විට කුමන්ත්‍රණ ගැන කියනවා. එහෙත් ගෝඨාභය හා මහින්ද (අප බොහෝ දෙනාට අමතක වෙනවා මහින්ද ද ඉවත් කෙරුණු බව) ඉවත් කෙරුණේ සැලසුමකින් මිස ඊනියා කුමන්ත්‍රණයකින් නො වෙයි. මිනිසුන් ප්‍රසිද්ධියේ කුමන්ත්‍රණ කරන්නේ නැහැ. ඒ ඒ අයට තනතුරුවලින් අස්වෙන්න තනතුරු භාර ගන්න කියා තනියම ගෙදරට ඇවිත් කියන්නෙ කුමන්ත්‍රණකරුවන් නො වෙයි.

කෙසේ වෙතත් සැලැස්මේ විස්තර එළිවෙන පාටක් නැහැ. මා ළඟ නම් කිසිම තොරතුරක් නැහැ. එහෙත් විමල් වීරවංශවත් සේන තෝරදෙණියවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හරි වෙනත් එවැනි තැනකට හරි තමන් දන්නා තොරතුරු ඉදිරිපත් කරන පාටක් නැහැ.  මා ළඟ ඇත්තේ සැලැස්මේ දළ සටහනක් පමණයි. එය මගේ හිතලුවක්.

එහෙත් මට පෙනී යන කරුණ නම් තොරතුරු දන්නා අය ඒ තොරතුරු ඉදිරිපත් කිරීමට මැළි වන බවයි. එක් අයකු කියා තිබුණේ විමල්ට විවිධ අයගෙන් තොරතුරු ලැබෙන බවත් ඒ තොරතුරු හෙළිදරවු කළහොත් මින් පසු ඒ අය තොරතුරු ලබා නොදෙන බවත්. අප මේ කතා කරන්නේ රටේ ජනාධිපති හා අගමැති ඉවත් කළ සැලසුමක් හා රට අරාජික කර හැකිනම් ඔවුන්ට ගඩාෆි ඉරණම ලබා දීමට තැත් කිරීමක්. ඒ ගැන දන්නා තොරතුරු කියන්නේ නැත්නම් මින් මතු තොරතුරු අහවල් දේකට ද?

මා හිතූ දළ සැලැස්ම හැර වෙනත් තොරතුරක් මා දන්නේ නැහැ. කථානායකවරයාට ජනාධිපතිකම භාර ගන්න කිවුවේ කවුද කියා මා දන්නේ නැහැ. ඇතැමුන් කියන ආකාරයට ඒ ජුලි චංග් බව මා දැන හිටියා නම් අදාළ තොරතුරු සියල්ල නිසි තැන්වලට කියනවා. එහෙත් මට තොරතුරු සපයන්නන් දේශපාලනඥයන් අතරවත් රාජ්‍ය නිලධාරීන් අතරවත් නැහැ. මා කිසිම මට්ටමක රාජ්‍ය නිලධාරීන් දන්නේ නැහැ. මා අද දේශපාලනයේ යෙදෙන අයගෙන් තරමක් හරි කතා බහ කරන්නේ චන්න ජයසුමන හා දිලිත් ජයවීර සමග පමණයි. අනූවේ දශකයේ දිනේෂ් ගුණවර්ධන සමග සමීප ඇසුරක් තිබුණා. එහෙත් එය ක්‍රම ක්‍රමයෙන් දිය වී ගියා.

එහෙත් චන්නගේ හා දිලිත්ගේ දේශපාලනය මගේ දේශපාලනයෙන් වෙනස්. විමල්ගේ දේශපාලනයත් වෙනස්. ඇතැමකුට අනුව විමල් තමයි 2005 දී මහින්දගේ ජයග්‍රහණයට වැඩියෙන් ම උපකාර කෙළේ. මා ඒ බවක් දන්නේ නැහැ. අප කවුරුත් හැකි ආකාරයෙන් මහින්දට ආධාර කළා. මාත් රැස්වීම් කිහිපයක කතා කරන්න ඇති. විවිධ සාකච්ඡාවලට සහභාගි වෙන්න ඇති. එහෙත් මා දක්‍ෂ කථිකයකු නො වෙයි. ඇතැමකු කියන්න පුළුවන් ටිරාන් අලස් තමයි මහින්ද ජයග්‍රහණයට වැඩියෙන් ම උපකාර කළ තැනැත්තා කියා.

මා දන්නේ නැහැ විමල්ට සැලසුම පිළිබඳ තොරතුරු ලැබුණේ කවදා ද කියා. ඒ ගෝඨාභය අස්වීමට පෙර ද පසු ද? ජාතිකවාදීන්ට වැරදුණ තැනක් තියෙනවා. ඒ ගෝඨාභය ආරක්‍ෂා කිරීමට කටයුතු නොකිරීම. එක් මන්ත්‍රීවරයකු කියා ඇත්තේ මා ගෝඨාභය ගැන නොදන්නා බවත් ඔහු ගැන දන්නේ තමන් බවත්. මා දන්නේ නැහැ ගෝඨාභය ඔවුන්ට හොඳින් සැලකුවෙ නැද්ද කියා. මට නම් දේශපාලනයේ දී පෞද්ගලික සැලකීම් වටින්නේ නැහැ.

අප මුල සිට ම ගෝඨාභය හා මහින්ද අතර සමගියක් ඇති කිරීමට ක්‍රියා කළේ නැහැ. ගෝඨාභය තම පොතේ මොනවා කිවුවත් ඔහු ජනාධිපති අපේක්‍ෂක බවට පත් කිරීමට පවුලේ සාමාජිකයන් විරුද්ධ වුණා. මහින්ද අවසානයේ කැමති වුණා කියා කියන්න පුළුවන්. ඔහු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය අනුමත කළා. ඔවුන් දෙදෙනාට කිට්ටු අය කළ යුතු ව තිබුණේ දෙදෙනා අතර යම් විරසකයක් තිබුණි නම් එය සමනය කිරීමට උත්සාහ කිරීමයි. එහෙත් දුරින් ඉඳන් බලන මට පෙනී යන්නේ විරසකය සමනය කිරීමට නොව තව තවත් බිඳවීමට ඇතැමුන් කටයුතු කර ඇති බවයි.

විමල් හා පිරිස ආණ්ඩුව තුළ ඉඳිමින් ආණ්ඩුව විවේචනය කිරීම කිසිසේත් ම අනුමත කරන්න බැහැ. ඔවුන් ඔය කියන කුමන්ත්‍රණය ගැන දැන සිටියා නම් කළ යුතු ව තිබුණේ එයට විරුද්ධ ව ගෝඨාභයගේ ඊනියා නොසැලකීම් පැත්තකට දමා ගෝඨාභය ආරක්‍ෂා කිරීමයි. ඊනියා අරගලය පටන් ගත් දිනවල ම එය පරයන්ගේ (විජාතිකයන්ගේ) සිංහල බෞද්ධ විරෝධී අරගලයක් බව කියමින් මා එය (පර + අරගලය) = පරගලය ලෙස හැඳින්වුවා. සමහර විට අර සුවාදීන වූ පිරිස් එය නොදකින්න ඇති. ඩලස් ජී එල් වැනි කිසිම ජාතිකත්වයක් නැති පිරිස් (කලබල වෙන්න එපා ජාතිකවාදියා යනු කවරකු දැයි මා පසුව කියන්නම්. වචනවලට තේරුම් නොදී මා කිසිම සංදර්භයක වචන පාවිච්චි කරන්නේ නැහැ.) සුවාදීන වෙලා ආණ්ඩුව දුර්වල කිරීම හිතා ගන්න පුළුවන්. එහෙත් වාමවාදී කියන ජාතිකවදීන් සුවාදීන වීම කෙසේවත් අනුමත කරන්න බැහැ. මේ පිළිබඳ ව මා චන්නගෙන් විමසු විට ඔහු කියා සිටියේ තමන් සුවාදීන වුණෙ ගෝඨාභය අස්වීමෙන් පසු ව ය කියා. විජාතික සැලසුමක් තිබෙන බව කියද්දීත් විමල් ඇතුළු පිරිස ආණ්ඩුව දුර්වල කෙළේ ඇයි. ඔවුන්ට ඊනියා කුමන්ත්‍රණය පිලිබඳ තොරතුරු ඒ වන විට ලැබී තිබුණේ නැද්ද? මා දන්නවා ඔවුන් තමන් අස්නොවූ බව කියන විත්තිය. එහෙත් ඔවුන් වැඩ කෙළේ අස් කිරීම හැර වෙනත් විකල්පයක් නැති වන ආකාරයට.

දෙරණ වැනි නාළිකාවක් පරගලය සම්බන්ධයෙන් කර ගෙන ගිය ප්‍රචාරය කිසිසේත්ම ගෝඨාභය ආරක්‍ෂා කිරීම සඳහා නම් නොවෙයි. දෙරණ හිරු ආදී නාළිකා ගෝඨාභය ඉවත් කිරීම සඳහා කටයුතු කෙළේ යැයි කීම වැරදි නැහැ. ආතල්ගමට කාදිනල්තුමා ප්‍රභාකරන් වෙනුවෙන් පහන් පත්තු කළ භික්‍ෂූන් වහන්සේ කාදිනල්තුමාගේ දෑගසවුවන් කුරුසකාරයන් ජනප්‍රිය වීම සඳහා ඕනෑම දෙයක් කරන කලාකරුවන් බිරියානි වටලප්පම් බෙදන්නන් ගිය බව කවුරුත් දන්නවා. රනිල් ජනාධිපති වන තෙක් පරගලයට සහාය දුන්නා. ඉන්පසු කුඩාරම් ගැලෙවුවා. යම් ආකාරයකින් කුඩාරම්වලට රිංගූ ජාතිකවාදීන් හිටියා ද?

කෙසේ නමුත් රනිල් රට අරාජික නොකරන බව දත් ඇතැම් බටහිරයන් හා සමහර විට රනිල්ට අකමැති ඉන්දියාව ඔහුත් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව දැන් පැහැදිලි වෙනවා. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ රට අරාජික කර තමන්ට දෙන්න බැරි වූ ගඩාෆි ඉරණම මහින්දට හා ගෝඨාභයට ලබා දීම. ගෝඨාභයට රටක් නැති කිරීම වෙන්නත් පුළුවන්.  ඒ සඳහා තමයි කථානායකට ජනාධිපතිකම භාර ගන්න කියා ඇත්තේ. ඒ ජුලි චංග් නම් ඒ බව පොත්වල ලිවීමෙන් පමණක් වැඩක් නැහැ. කථානායකටත් තමන්ට ජනාධිපතිවීමට කී අය කවුදැයි කියන්න බැරි නම් ඒ බව පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ නම් නැතුව කීමෙන් ඵලක් නැහැ.

මා දන්නෙ නැහැ කිසිවකු ගෝඨාභයට ඉල්ලා අස්වීමේ ලියවිල්ලත් රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමේ ලිපියත් යැවුවා ද  කියා. එසේ යවා ගෝඨාභය රනිල් අස්කිරීමේ ලිපියට අත්සන් නොතැබුවා නම් එය වැදගත්. යම් අයකු රනිල්ට අගමැති කමෙන් අස්වෙන ලෙස කියන්න ඇති. ඒ ඔහු අගමැති ව සිටින තාක් කථානායකට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට පත්වීමට නොහැකි නිසා. මා රනිල්ගේ විජාතික දේශපාලනයට සම්පූර්ණයෙන් ම විරුද්ධයි. එහෙත් ඔහු අස් නොවීම නම් අවස්ථාවේ හැටියට වැදගත්. දැන් කියන්න එපා මා රනිල්ට ආවඩනවා කියා.

ගෝඨාභය ඇතැමුන් කියන විධියට දුර්වල ම පුද්ගලයා නොවෙයි. ඔහු දක්‍ෂත ම පුද්ගලයා ද නොවෙයි. ඔහු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට සැලකුවේ නැද්ද කියන එකත් වැදගත් නැහැ. ජාතිකවාදීන්ගේ යුතුකම ව තිබුණේ පරගලය මැද මොන දුර්වලකම් තිබුණත් ජාතිකත්වය වෙනුවෙන් ඔහු ආරක්‍ෂා කිරීම. අද ඇතැම් ජාතිකවාදීන් පුහු වීරයන් වීමට ගෝඨභය පාවා දුන්නා කියනවා. ඔවුන් තේරුම් ගත යුතු කරුණ නම් අද ජාතිකවාදීන්ට හරි හමන් නායකත්වයක් නැති වීමට ඔවුනුත් වරදකරුවන් බව.

මේ ලිපියට බොහෝ ජාතිකවාදීන් විරුද්ධ වෙන බව මා දන්නවා. මා කිසිවක් කරන්නෙ නැති ලියන්නකු පමණක් බව කියාවි. ඇතැමුන් දැනටමත් කියන්නෙ මේ විනාශය මා නිසා ඇති වුවක් බව. එහෙත් අප කළ වැරදි අප කියන්න ඕන. එසේ නැතුව වැරදි හදාගන්න බැහැ. අපට වැරදි හදාගනන පුළුවන්.

-  නලින් ද සිල්වා ඇදුරුතුමා

2024/03/29

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.