News Category
From Date
To Date
Maximum Number of Result

මා නොදත් කුමන්ත්‍රණය දැන සිටි අය..

Jul 5, 2025 at 10:28 AM
|

මට විවිධ අය කියනවා විමල් වීරවංශ හා සේන තෝරදෙණිය ඊනියා කුමන්ත්‍රණය ගැන ලියා ඇති පොත් කියවන්න කියා. සමහර විට ඔවුන්ට අවශ්‍ය ඒ දෙදෙනාගේ දැනුමෙන් මා පෝෂණය කරන්න වෙන්න පුළුවන්. ඒ දෙදෙනා ම ගුණදාස අමරසේකරන්ගේ ද සම්භාවනාවට පත් වූ වාමවාදී ජාතිකවාදීන්. මා ඔවුන් මෙන් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මා මාක්ස්වාදය සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරන්නෙක්. ඒ නූගත්කම නිසා හරි සමාජවාදයක් හරියන්නෙ නැහැ කියා හිතන නිසා හරි වෙන්න ඇති. කෙසේ නමුත් පිටරටක ඉඳිමින් ඒ පොත් කියවීමට මට පිනක් නැහැ. මට මගේ නොදැනුමෙන් එහාට යන්න බැහැ.

ඒ වුණත් මා කුමන්ත්‍රණය කියන වචනයට නම් කැමැති නැහැ. විමල් වීරවංශ බොහෝ විට කුමන්ත්‍රණ ගැන කියනවා. එහෙත් ගෝඨාභය හා මහින්ද (අප බොහෝ දෙනාට අමතක වෙනවා මහින්ද ද ඉවත් කෙරුණු බව) ඉවත් කෙරුණේ සැලසුමකින් මිස ඊනියා කුමන්ත්‍රණයකින් නො වෙයි. මිනිසුන් ප්‍රසිද්ධියේ කුමන්ත්‍රණ කරන්නේ නැහැ. ඒ ඒ අයට තනතුරුවලින් අස්වෙන්න තනතුරු භාර ගන්න කියා තනියම ගෙදරට ඇවිත් කියන්නෙ කුමන්ත්‍රණකරුවන් නො වෙයි.

කෙසේ වෙතත් සැලැස්මේ විස්තර එළිවෙන පාටක් නැහැ. මා ළඟ නම් කිසිම තොරතුරක් නැහැ. එහෙත් විමල් වීරවංශවත් සේන තෝරදෙණියවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හරි වෙනත් එවැනි තැනකට හරි තමන් දන්නා තොරතුරු ඉදිරිපත් කරන පාටක් නැහැ.  මා ළඟ ඇත්තේ සැලැස්මේ දළ සටහනක් පමණයි. එය මගේ හිතලුවක්.

එහෙත් මට පෙනී යන කරුණ නම් තොරතුරු දන්නා අය ඒ තොරතුරු ඉදිරිපත් කිරීමට මැළි වන බවයි. එක් අයකු කියා තිබුණේ විමල්ට විවිධ අයගෙන් තොරතුරු ලැබෙන බවත් ඒ තොරතුරු හෙළිදරවු කළහොත් මින් පසු ඒ අය තොරතුරු ලබා නොදෙන බවත්. අප මේ කතා කරන්නේ රටේ ජනාධිපති හා අගමැති ඉවත් කළ සැලසුමක් හා රට අරාජික කර හැකිනම් ඔවුන්ට ගඩාෆි ඉරණම ලබා දීමට තැත් කිරීමක්. ඒ ගැන දන්නා තොරතුරු කියන්නේ නැත්නම් මින් මතු තොරතුරු අහවල් දේකට ද?

මා හිතූ දළ සැලැස්ම හැර වෙනත් තොරතුරක් මා දන්නේ නැහැ. කථානායකවරයාට ජනාධිපතිකම භාර ගන්න කිවුවේ කවුද කියා මා දන්නේ නැහැ. ඇතැමුන් කියන ආකාරයට ඒ ජුලි චංග් බව මා දැන හිටියා නම් අදාළ තොරතුරු සියල්ල නිසි තැන්වලට කියනවා. එහෙත් මට තොරතුරු සපයන්නන් දේශපාලනඥයන් අතරවත් රාජ්‍ය නිලධාරීන් අතරවත් නැහැ. මා කිසිම මට්ටමක රාජ්‍ය නිලධාරීන් දන්නේ නැහැ. මා අද දේශපාලනයේ යෙදෙන අයගෙන් තරමක් හරි කතා බහ කරන්නේ චන්න ජයසුමන හා දිලිත් ජයවීර සමග පමණයි. අනූවේ දශකයේ දිනේෂ් ගුණවර්ධන සමග සමීප ඇසුරක් තිබුණා. එහෙත් එය ක්‍රම ක්‍රමයෙන් දිය වී ගියා.

එහෙත් චන්නගේ හා දිලිත්ගේ දේශපාලනය මගේ දේශපාලනයෙන් වෙනස්. විමල්ගේ දේශපාලනයත් වෙනස්. ඇතැමකුට අනුව විමල් තමයි 2005 දී මහින්දගේ ජයග්‍රහණයට වැඩියෙන් ම උපකාර කෙළේ. මා ඒ බවක් දන්නේ නැහැ. අප කවුරුත් හැකි ආකාරයෙන් මහින්දට ආධාර කළා. මාත් රැස්වීම් කිහිපයක කතා කරන්න ඇති. විවිධ සාකච්ඡාවලට සහභාගි වෙන්න ඇති. එහෙත් මා දක්‍ෂ කථිකයකු නො වෙයි. ඇතැමකු කියන්න පුළුවන් ටිරාන් අලස් තමයි මහින්ද ජයග්‍රහණයට වැඩියෙන් ම උපකාර කළ තැනැත්තා කියා.

මා දන්නේ නැහැ විමල්ට සැලසුම පිළිබඳ තොරතුරු ලැබුණේ කවදා ද කියා. ඒ ගෝඨාභය අස්වීමට පෙර ද පසු ද? ජාතිකවාදීන්ට වැරදුණ තැනක් තියෙනවා. ඒ ගෝඨාභය ආරක්‍ෂා කිරීමට කටයුතු නොකිරීම. එක් මන්ත්‍රීවරයකු කියා ඇත්තේ මා ගෝඨාභය ගැන නොදන්නා බවත් ඔහු ගැන දන්නේ තමන් බවත්. මා දන්නේ නැහැ ගෝඨාභය ඔවුන්ට හොඳින් සැලකුවෙ නැද්ද කියා. මට නම් දේශපාලනයේ දී පෞද්ගලික සැලකීම් වටින්නේ නැහැ.

අප මුල සිට ම ගෝඨාභය හා මහින්ද අතර සමගියක් ඇති කිරීමට ක්‍රියා කළේ නැහැ. ගෝඨාභය තම පොතේ මොනවා කිවුවත් ඔහු ජනාධිපති අපේක්‍ෂක බවට පත් කිරීමට පවුලේ සාමාජිකයන් විරුද්ධ වුණා. මහින්ද අවසානයේ කැමති වුණා කියා කියන්න පුළුවන්. ඔහු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය අනුමත කළා. ඔවුන් දෙදෙනාට කිට්ටු අය කළ යුතු ව තිබුණේ දෙදෙනා අතර යම් විරසකයක් තිබුණි නම් එය සමනය කිරීමට උත්සාහ කිරීමයි. එහෙත් දුරින් ඉඳන් බලන මට පෙනී යන්නේ විරසකය සමනය කිරීමට නොව තව තවත් බිඳවීමට ඇතැමුන් කටයුතු කර ඇති බවයි.

විමල් හා පිරිස ආණ්ඩුව තුළ ඉඳිමින් ආණ්ඩුව විවේචනය කිරීම කිසිසේත් ම අනුමත කරන්න බැහැ. ඔවුන් ඔය කියන කුමන්ත්‍රණය ගැන දැන සිටියා නම් කළ යුතු ව තිබුණේ එයට විරුද්ධ ව ගෝඨාභයගේ ඊනියා නොසැලකීම් පැත්තකට දමා ගෝඨාභය ආරක්‍ෂා කිරීමයි. ඊනියා අරගලය පටන් ගත් දිනවල ම එය පරයන්ගේ (විජාතිකයන්ගේ) සිංහල බෞද්ධ විරෝධී අරගලයක් බව කියමින් මා එය (පර + අරගලය) = පරගලය ලෙස හැඳින්වුවා. සමහර විට අර සුවාදීන වූ පිරිස් එය නොදකින්න ඇති. ඩලස් ජී එල් වැනි කිසිම ජාතිකත්වයක් නැති පිරිස් (කලබල වෙන්න එපා ජාතිකවාදියා යනු කවරකු දැයි මා පසුව කියන්නම්. වචනවලට තේරුම් නොදී මා කිසිම සංදර්භයක වචන පාවිච්චි කරන්නේ නැහැ.) සුවාදීන වෙලා ආණ්ඩුව දුර්වල කිරීම හිතා ගන්න පුළුවන්. එහෙත් වාමවාදී කියන ජාතිකවදීන් සුවාදීන වීම කෙසේවත් අනුමත කරන්න බැහැ. මේ පිළිබඳ ව මා චන්නගෙන් විමසු විට ඔහු කියා සිටියේ තමන් සුවාදීන වුණෙ ගෝඨාභය අස්වීමෙන් පසු ව ය කියා. විජාතික සැලසුමක් තිබෙන බව කියද්දීත් විමල් ඇතුළු පිරිස ආණ්ඩුව දුර්වල කෙළේ ඇයි. ඔවුන්ට ඊනියා කුමන්ත්‍රණය පිලිබඳ තොරතුරු ඒ වන විට ලැබී තිබුණේ නැද්ද? මා දන්නවා ඔවුන් තමන් අස්නොවූ බව කියන විත්තිය. එහෙත් ඔවුන් වැඩ කෙළේ අස් කිරීම හැර වෙනත් විකල්පයක් නැති වන ආකාරයට.

දෙරණ වැනි නාළිකාවක් පරගලය සම්බන්ධයෙන් කර ගෙන ගිය ප්‍රචාරය කිසිසේත්ම ගෝඨාභය ආරක්‍ෂා කිරීම සඳහා නම් නොවෙයි. දෙරණ හිරු ආදී නාළිකා ගෝඨාභය ඉවත් කිරීම සඳහා කටයුතු කෙළේ යැයි කීම වැරදි නැහැ. ආතල්ගමට කාදිනල්තුමා ප්‍රභාකරන් වෙනුවෙන් පහන් පත්තු කළ භික්‍ෂූන් වහන්සේ කාදිනල්තුමාගේ දෑගසවුවන් කුරුසකාරයන් ජනප්‍රිය වීම සඳහා ඕනෑම දෙයක් කරන කලාකරුවන් බිරියානි වටලප්පම් බෙදන්නන් ගිය බව කවුරුත් දන්නවා. රනිල් ජනාධිපති වන තෙක් පරගලයට සහාය දුන්නා. ඉන්පසු කුඩාරම් ගැලෙවුවා. යම් ආකාරයකින් කුඩාරම්වලට රිංගූ ජාතිකවාදීන් හිටියා ද?

කෙසේ නමුත් රනිල් රට අරාජික නොකරන බව දත් ඇතැම් බටහිරයන් හා සමහර විට රනිල්ට අකමැති ඉන්දියාව ඔහුත් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව දැන් පැහැදිලි වෙනවා. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ රට අරාජික කර තමන්ට දෙන්න බැරි වූ ගඩාෆි ඉරණම මහින්දට හා ගෝඨාභයට ලබා දීම. ගෝඨාභයට රටක් නැති කිරීම වෙන්නත් පුළුවන්.  ඒ සඳහා තමයි කථානායකට ජනාධිපතිකම භාර ගන්න කියා ඇත්තේ. ඒ ජුලි චංග් නම් ඒ බව පොත්වල ලිවීමෙන් පමණක් වැඩක් නැහැ. කථානායකටත් තමන්ට ජනාධිපතිවීමට කී අය කවුදැයි කියන්න බැරි නම් ඒ බව පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ නම් නැතුව කීමෙන් ඵලක් නැහැ.

මා දන්නෙ නැහැ කිසිවකු ගෝඨාභයට ඉල්ලා අස්වීමේ ලියවිල්ලත් රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමේ ලිපියත් යැවුවා ද  කියා. එසේ යවා ගෝඨාභය රනිල් අස්කිරීමේ ලිපියට අත්සන් නොතැබුවා නම් එය වැදගත්. යම් අයකු රනිල්ට අගමැති කමෙන් අස්වෙන ලෙස කියන්න ඇති. ඒ ඔහු අගමැති ව සිටින තාක් කථානායකට ජනාධිපති ධුරයේ වැඩ බැලීමට පත්වීමට නොහැකි නිසා. මා රනිල්ගේ විජාතික දේශපාලනයට සම්පූර්ණයෙන් ම විරුද්ධයි. එහෙත් ඔහු අස් නොවීම නම් අවස්ථාවේ හැටියට වැදගත්. දැන් කියන්න එපා මා රනිල්ට ආවඩනවා කියා.

ගෝඨාභය ඇතැමුන් කියන විධියට දුර්වල ම පුද්ගලයා නොවෙයි. ඔහු දක්‍ෂත ම පුද්ගලයා ද නොවෙයි. ඔහු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට සැලකුවේ නැද්ද කියන එකත් වැදගත් නැහැ. ජාතිකවාදීන්ගේ යුතුකම ව තිබුණේ පරගලය මැද මොන දුර්වලකම් තිබුණත් ජාතිකත්වය වෙනුවෙන් ඔහු ආරක්‍ෂා කිරීම. අද ඇතැම් ජාතිකවාදීන් පුහු වීරයන් වීමට ගෝඨභය පාවා දුන්නා කියනවා. ඔවුන් තේරුම් ගත යුතු කරුණ නම් අද ජාතිකවාදීන්ට හරි හමන් නායකත්වයක් නැති වීමට ඔවුනුත් වරදකරුවන් බව.

මේ ලිපියට බොහෝ ජාතිකවාදීන් විරුද්ධ වෙන බව මා දන්නවා. මා කිසිවක් කරන්නෙ නැති ලියන්නකු පමණක් බව කියාවි. ඇතැමුන් දැනටමත් කියන්නෙ මේ විනාශය මා නිසා ඇති වුවක් බව. එහෙත් අප කළ වැරදි අප කියන්න ඕන. එසේ නැතුව වැරදි හදාගන්න බැහැ. අපට වැරදි හදාගනන පුළුවන්.

-  නලින් ද සිල්වා ඇදුරුතුමා

2024/03/29

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.