News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රතිභාපූර්ණ නළුවෙකු වූ ජේ. එච්. ජයවර්ධන ගැන සටහනක්..

Jun 30, 2025 at 07:41 AM
|

ජේ. එච්. ජයවර්ධන අද නැත.

මීට අවුරුදු 30 කට පමණ පෙර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ආර්. ආර්. සමරකෝන්ගේ 'කැලණි පාලම' නාට්‍යයේ එක් වදන් පෙළක් තවමත් මගේ මතකයේ රැඳී පවතී.

'සැනසුම කොතැනද අල්ලපු ගෙදර' කිසිදු අපහසුතාවකින් තොරව, හාස්‍ය රසය උපදවමින් ජේ. එච්. ජයවර්ධනගේ මුවින් පිට වූ එම සිංහල චිත්‍රපට දෙකෙහි බැලූ බැල්මට අහිංසක බවක් රැඳී තිබුණද, එකට පැවසූ කළ ඊට වඩා වෙනස් අර්ථයක් ගම්‍ය වන බව පාසල් සිසුන් වන අපට ද වැටහිණ. ඒ මක්නිසාද යත් ජේ. එච්. ජයවර්ධන විසින් පණ පෙවූ 'මැම්බර් මහත්තයා' ගේ චරිතයේ ගති ලක්ෂණ පිළිබිඹු කළේ ඔහු සැනසුම සෙවීමට විවිධ ප්‍රයත්න ගත් බවය.

කැලණි පාලම නාට්‍යයට ගම්‍ය වූයේ කැලණි ගංතෙර නොයෙකුත් උපද්‍රවවලට ලක්වෙමින් දැඩි සමාජ හා ආර්ථික ප්‍රශ්නවලින් වෙළුණු පවුල් කීපයක් සහ දේශපාලනඥයන් විසින් ඔවුන්ට කරන බලපෑම් පිළිබඳ කතිකාවතකි. ජේ. එච්. ජයවර්ධනගේ චරිතය එහි වඩාත් කැපී පෙනුණ චරිතයක් වූ අතර, එය සාරධර්ම පිරිහුණු සමාජයක කැඩපතක් බඳු විය.

කැළණි පාලම

කැලණි පාලම බෙහෙවින්ම මතකයේ රැඳෙන නාට්‍යයක් වුවත්, එය ජයවර්ධනයන්ගේ කලා ජීවිතයේ තවත් එක් නාට්‍යයකි. මිය යන විට 94 වන වියේ පසු වූ ඔහු ගුවන් විදුලිය, වේදිකා නාට්‍ය, චිත්‍රපට හා ටෙලි නාට්‍ය ආදී සෑම ක්ෂේත්‍රයක්ම සිය රංග ශෝභාවෙන් හැඩ කළ ප්‍රතිභාපූර්ණ නළුවෙකි. කවදත් ධෛර්යවන්ත පුද්ගලයකු වූ ජයවර්ධන ග්ලූකෝමා රෝගය විසින් සිය දෑස අන්ධ කළ ද කලාවට ඇති ළැදියාව බිඳක් හෝ අඩු කළේ නැත.

ඔහු නිරූපණය කළ සමහර චරිත යම් කෙළිලොල් බවක් පෙන්වුව ද, සැබෑ ජීවිතයේ ඔහුට සිය බිරිඳ හා දරුවන් තම ජීවිතය හා සමාන විය. මිය යන තුරුම ඔහුට ආවතේව කළේ ඔහුගේ ප්‍රිය බිරිඳ වන ස්වර්ණා ජයවර්ධනය. එම දෙපළට දරුවන් දෙදෙනෙක් සිටී. ඔහු සිය මුනුපුරන් මිනිබිරියන්ට ද ඉතා සමීප විය. ඔහුගේ එක් මිනිබිරියකගේ විවාහ උත්සවයකදී ඔහු කඳුළු සැලුවේ ඇය මනමාලියක් වී සිටින අයුරු දැක ගැනීමට තම දෑස් නොපෙනීම තම සිතට දැඩි ශෝකයක් ගෙන දෙන බව පවසමිනි.

1921 වර්ෂයේදී උපත ලත් ජයවර්ධන කොළඹ ආනන්ද විදුහලේ කීර්තිමත් ආදි සිසුවකු විය. පාසැල් සමයේදී ද ඔහු කලා වැඩ කටයුතුවලට බෙහෙවින් ඇලුම් කළේය. දිගු කලක් යන්නට මත්තෙන් වෘත්තීය කලා ක්ෂේත්‍රයේ දොරටු ඔහුට විවෘත විය. එම දශකවලදී කලාවට අලුතින් පිවිසෙන්නට ගුවන් විදුලිය හා වේදිකාව තෝතැන්නක් බඳු විය. එම මාධ්‍ය ප්‍රධාන සිරාවට එක් වන සමයේදීම ජයවර්ධනගේ තාරුණ්‍ය ද ළඟා වීම විශේෂත්වයකි.

ජේ.එච් සහ බිරිය

ඔහු පළමුවෙන්ම පිවිසුණේ ගුවන් විදුලි මාධ්‍යයටයි. ගුවන් විදුලි නාට්‍ය ගණනාවක චරිත රැසකට පණ පෙවූ ජයවර්ධන වඩාත්ම ජනප්‍රිය වූයේ මොනරතැන්න ගුවන් විදුලි නාට්‍යයෙනි. පසු කලෙක ඔහු එම නාට්‍යය පාදක කරගත් චිත්‍රපටයේ ද චරිතයක් නිරූපණය කළේය. ගුවන් විදුලියේ විශේෂත්වයක් වනුයේ අසන්නා විසින් කතාව සහ ජවනිකා තම සිතෙහි මවා ගත යුතු වීමයි. ජයවර්ධන සිය චරිත තුළ ජීවත් වෙමින් එම අත්දැකීම අසන්නන්ට ලබාදීමට ඉහළින්ම සමත් විය. කිසිවකුට ඔහු නොපෙණුනත් ඔහු ගුවන් විදුලියෙන් රසිකයන්ගේ හදවත් තුළ ජීවමාන විය.

එහෙත් ජයවර්ධනගේ රංගන කුසලතා වඩාත් තීව්‍ර වූයේ වේදිකාවෙන් බව නිවැරැදි කරුණකි. මෙහිදී වරක් හොලිවුඩ් අධ්‍යක්ෂ සැමි මෙන්ඩෙස් කී දෙයක් මගේ සිහියට නැඟේ. විටෙක 'ඔබ ත්‍රිමාණ නිර්මාණ කරන්නේ නැද්ද?' යනුවෙන් විචාරකයෙකු නැඟූ ප්‍රශ්නයකට ඔහු දුන් පිළිතුර වූයේ 'ඇයි නැත්තේ. මම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරනවා' යන්නයි. ජයවර්ධන සහ මෙන්ඩෙස් කිසිදා හමු නොවුණත් මෙන්ඩෙස්ගේ මෙම තර්කය ජයවර්ධන ඉතා හොඳින් දැන සිටියේය.

වේදිකාව ජයවර්ධනට සිය රංගන කුසලතාවන් හිනි පෙත්තටම ගෙන යාමට සැලැස් වූ අතර ඔහු නිරූපණය කළ චරිතවල ජීවත්වීමට ඔහුට වරම් ලැබිණ. ප්‍රේක්ෂකයන්ට ඔහුගේ ත්‍රිමාණ රූපය පමණක් නොව, ඔහුගේ රඟපෑමේ විවිධ පැතිකඩ දැක බලා ගත හැකි විය. ඔහු රඟපෑ නාට්‍ය 40 අතර මකරාක්ෂයා, හිරු නැති ලොව, සිහින සාප්පුව, මෝදර මෝල, අහසින් වැටුණු මිනිස්සු, ඉඩම සහ උතුරේ රාහුල හිමි වෙයි. ඔහු බොහෝ අවස්්ථාවල භික්ෂු චරිතයට යොදා ගැනුණේ ඉතා භක්තිමත් බෞද්ධයකු වූ ඔහුට නිතැතින්ම එකී චරිතවලට ඇතුළුවීමට

ජේ.එච්ගේ විවාහ මංගල්‍යය දවසේ

හැකියාවක් තිබූ නිසයි. සිනමාවේදී ඔහුට සිය රංග ප්‍රතිභාව විදහා දැක්වීමට අවස්ථා 25 කට වඩා ලැබිණ. වේදිකාවට වඩා සිනමාවේදී ජයවර්ධනයන්ගේ රංගන විලාශයන් වඩාත් ළංව බැලීමට ප්‍රේක්ෂක ජනතාවට හැකි විය. එදා රෑ (1953) ඔහුගේ පළමු චිත්‍රපටය විය. 1982 වසරේදී අධිෂ්ඨානය චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි ජනාධිපති සම්මානය ඔහුට හිමි විය. ඔහුගේ අනිකුත් චිත්‍රපට අතර හංස විලක්, සප්ත කන්‍යා, හඳයා, අයෝමා, වසන්තේ දවසක්, පාලම යට, බව දුක, ලක්ෂෙට කොඩිය, දඩයම, සුරඟන යහන, සුද්දිලාගේ කතාව, සෙයිලම සහ සති පූජා වෙයි.

හංස විලක්

1978 දී රූපවාහිනි මාධ්‍යය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුව ද, ටෙලි නාට්‍ය යන වචනය අපගේ ශබ්ද මාලාවට එක් වූයේ 1983 වර්ෂයේදී පමණය. ජයවර්ධන රූපවාහිනි මාධ්‍යයට එක්වීමට වැඩිකල් ගත නොවිණ.

සිනමාව සහ රූපවාහිනි මාධ්‍ය අතර යම් වෙනස්කම් තිබුණත් එම මාධ්‍යයට තම දස්කම් එක් කරමින් ඔහු ලොක්කේ මාමා, සංගිලි පාලම, හිරුට මුවාවෙන් සහ දල රළ පෙළ යන ටෙලි නාට්‍ය තුළත් කැපී පෙණිනි. ලොක්කේ මාමා නාට්‍යය කොතරම් ජනප්‍රිය වී ද යත් ජයවර්ධනට බොහෝ රසිකයෝ ලොක්කේ මාමා යන නමින් ආමන්ත්‍රණය කළහ.

ජයවර්ධන සෑම මොහොතක්ම කලාව සඳහා කැප කළ අතර රසිකයන් හා සහෝදර ශිල්පීන් අතර නිරතුරු ප්‍රසාදයට පත් විය. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අති විශාල සංඛ්‍යාවෙන් මේ බැව් මැනෙවින් පිළිබිඹු වෙයි.

එමෙන්ම ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණ වැලිසර සුසාන භූමියටත් බොහෝ පිරිසක් රැස් වී සිටියහ. තවමත් වේදිකාගත වෙමින් පවතින ඔහු රඟපෑ සමහර නාට්‍ය (කැලණි පාලම වැනි) වල සියලු නළු නිළියන් මේ අවස්ථාවන්ට සහභාගි වී සිටියහ. ගුවන් විදුලිය, සිනමාව, රූපවාහිනිය සහ වේදිකාව එක සේ ඒකාලෝක කළ ජයවර්ධන ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් කළ අයෙකි. ඔහුගේ අඩුව කලා ක්ෂේත්‍රයට ඉමහත් පාඩුවකි. අපි ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

- ප්‍රමෝද් ද සිල්වා

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.