News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රතිවාදියා නිහඬ කිරීම සඳහා යොදා ගන්නා ජනප්‍රිය උපක්‍රමය නොහොත් ජාතිවාදි ලේබලයේ ඇත්තම කතාව..

Jun 26, 2025 at 10:13 PM
|

ජාතිවාදියා යනුවෙන් හඳුන්වනවාට මම බිය නොවන බව පළමුවෙන් කිව යුතු ය. ඇතැමුන් හිතන්නේ “උඹ ජාතිවාදියෙක්” කියා කී විට මම බිය හෝ ලැජ්ජාව හෝ දෙක ම නිසා හෝ මගේ කට වසා ගනු ඇත කියා ය. නමුත් ඔවුන් වැරදි ය. ප්‍රතිවාදියා නිහඬ කිරීම සඳහා යොදා ගන්නා එම ජනප්‍රිය උපක්‍රමය මට අදාළ නැත. මන්ද සෑම මිනිසෙකු ම ජාතිවාදියෙකු වන බැවිනි. 

“ජාති” යනු උපතයි. උපත අනුව සෑම මිනිසෙකු ම සමාන යැයි කීමත් ජාතිවාදය යි. උපත අනුව සෑම මිනිසෙකුම අසමාන යැයි කීමත් ජාතිවාදය යි. උපත අනුව මිනිසුන් සමාන සහ අසමාන යැයි කීමත් ජාතිවාදය යි. උපත අනුව මිනිසුන් සමාන හෝ අසමාන හෝ නොවේ යැයි කීමත් ජාතිවාදය යි. මන්ද ඒ සියලු අදහස් පදනම් වන්නේ “ජාතිය” මත නිසා ය. නමුත් මෙම උපත පිළිබඳ මූලික අර්ථයෙන් ඉදිරියට ගොස් එක් එක් අවස්ථානුරූපී සමාජ චර්යා අනුවත් බොහෝ විට ජාතිවාදය වර නැගේ.

අනෙකාට “ජාතිවාදියා” යැයි කියන්නා ද ඒ ප්‍රකාශයෙන් ම ජාතිවාදියෙකු වේ. එනම් තමා සහ අනෙකා අසමාන බව ප්‍රකාශකයා හඟවයි. එමෙන් ම තමා ජාතිවාදී නොවන බැවින් තමා “හොඳ හෝ උසස්” බවත් අනෙකා ජාතිවාදියෙකු බැවින් “නරක හෝ පහත්” බවත් එයින් කියැවේ. එය ජාතිවාදය යි. “ජාතිකවාදියා යනු ජාතිවාදියා ය” යනුවෙන් මා වසර කිහිපයකට පෙර කළ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. වත්මන් යුදෙව් මුස්ලිම් යුද්ධය පිළිබඳව මාගේ ලිවීමෙන් උරණ වූ ඇතැමුන් මා හට ජාතිවාදියෙකු නොවී ජාතිකවාදියෙකු වන මෙන් පවසයි. මා අදත් කියන්නේ එම වචන දෙකේ වෙනසක් නැති බව ය. හැකිනම් ඒවා වෙනස් යැයි තාර්කිකව ඔප්පු කරනු.

එක්තරා තරුණයෙකු අහිංසක ලෙස කීවේ එම වචන දෙක ඔහුට අහසට පොළොව මෙන් වෙනස් ය කියා ය. ඔහු උදාහරණයක් ලෙස කීවේ ඔහුගේ අම්මාට ඔහු ආදරය කරන බවත්, නමුත් ඔහු අනුන්ගේ අම්මලා පහත් නොකරන බවත් ය. ජාතිකවාදය සහ ජාතිවාදය එම උදාහරණයට සමාන බව ඔහුගේ අහිංසක අදහස යි. එවිට මා ඇසුවේ “ඔබ ඔබේ අම්මාට ආදරය කරන තරමට ම අනෙක් සියලු අම්මලාටත් ආදරය කරනවා ද?” කියා ය. ඔහු “නැත” කීවේ ය. එයින් ම ඔහුගේ තර්කය බිඳේ. එනම් ඔහු තමන්ගේ අම්මා සහ අනුන්ගේ අම්මලා වෙනස් කොට දකියි. එපමණක් නොවේ, අනුන්ගේ අම්මලාට නොදක්වන ආදරයක් ඔහු තමන්ගේ අම්මාට දක්වයි. එය ජාතිවාදය යි. ජාතිවාදය යනු ජෛව පරිණාමයේ මූලික ලක්ෂණයකි. එය සතුන් තුළ පමණක් නොව, ශාක, ෆන්ගයි, බැක්ටීරියා සහ ජෛව/අජෛව වයිරස් දක්වා පවතින ජානගත යථාර්ථයකි. ජාතිවාදය නොමැතිව පරිණාමය විය නොහැකි ය.

“ජාතික” යනු අහවල් ජාතියේ හෝ අහවල් ජාතියට අයත් යන අර්ථයයි. National යනු nation යන්නට අයත් යන අදහසයි. Nation යන්නෙහි අර්ථය උපත ය. Nativity යන්න ජේසුගේ උපතට යෙදේ. Natal යනු උපත හා සම්බන්ධ යනුයි. එපමණක් නොවේ Natural යන්නෙහි ගැබ්ව තිබෙන්නේත් උපන් හැටි හෙවත් ස්වභාවික අර්ථයයි. එනම් ජාතිවාදය සහ ජාතිකවාදය අතර අර්ථමය වෙනසක් නොමැත. මෙයට සමාන සිංහල වචන ජන, ජාන, ජාති ආදිය යි. ජනගහනයක් යනු සමාන ජාතියේ මිනිසුන්ගේ ගහනයකි.

නමුත් බොහෝ විට ජාතිවාදියා යන්නට සමාන ව භාවිත කෙරෙන ඉංග්‍රීසි වචනය Racist ය. එම වචනයට බොහෝ දෙනා බිය වෙති. බොහෝ දෙනා එම වචනය අවියක් ලෙස භාවිත කරයි. නමුත් එම වචනයේ අර්ථයක් උපත ම ය. වාග් විද්‍යාඥයන්ට අනුව එය යුදෙව්වන්ගේ හීබෘ බසෙහි Rosh සහ/හෝ අරාබි බසෙහි Ra’s යන්නෙන් නූතන ඉංග්‍රීසියට බිඳුනකි. Race යන වචනය කාලයක් විද්‍යාත්මක නාමකරණයක් ලෙස භාවිත විය. කොකේසියානු, අප්‍රිකානු, මොන්ගෝලියානු ආදි වශයෙන් මිනිසා තවත් “වර්ග” කළ හැකි යැයි මතයක් තිබිණි. නමුත් එම අදහස වහල්වාදයට සහ නාසිවාදයට උඩගෙඩි දීමක් වූ බැවින් පසුව එය විද්‍යා නාමකරණයෙන් ඉවත් විය. ජාන විද්‍යාවේ දියුණුවත් සමග අද ජීවත් වන සියලු මිනිසුන් Homo sapiens යන විශේෂයට අයත් යැයි ද මිනිසුන් අතර තිබෙන ජානමය කළු සුදු, උස මිටි ආදි වෙනස්කම් සුවිශේෂී ලෙස වර්ග කිරීමට අවශ්‍ය නැතැයි ද එකඟ විණි. ඔබ කෙනෙකුට racist යන අර්ථයෙන් බනිනවා නම් සැබැවින්ම බැනිය යුත්තේ “වර්ගවාදියා” කියා ය. නමුත් එය සැබැවින් ම අදාළ වන්නේ අර සමේ පැහැය අනුව ආදියෙන් කරන වර්ග කිරීමට ය. ඔබ වර්ගවාදියෙකු නොවේ නම් ඔබ සුදු හමක් ඇති මිනිසුන්ට “සුද්දන්” යැයි කිව නොහැකි ය. අප්‍රිකානුවන්ට “කල්ලන්” කියා කිව නොහැකි ය. කොටින්ම කිසිදු වාර්ගික අදහසකින් කිසිවෙකුට සැලකිය නොහැකි ය. නමුත් ඔබට එය කළ නොහැකි ය. එබැවින් ඔබත් නිතැතින් වර්ගවාදියෙකු වේ.

ඔබ කුකුළු මස් නොකා මාළු කනවා නම් ඔබ විශේෂවාදියෙකි. කුකුළු මස් නොකා ඌරු මස් කනවා නම් ද විශේෂවාදියෙකි. ඌරු මස් නොකා බලු මස් කනවා නම් ද විශේෂවාදියෙකි. බලු මස් නොකා හරක් මස් කනවා නම් ද විශේෂවාදියෙකි. මෙයට කියන්නේ Speciesism කියා ය. මිනිසාට වඩා සතුන් පහත් කර සැලකීමත්, එක් එක් සත්ත්ව විශේෂ එකිනෙකින් උස් පහත් කොට සැලකීමත් මෙයින් අදහස් කෙරේ. 

ඉහත කථා කළ සියල්ල පොදුවේ “ජාතිවාදය” ට අයත් වේ. එනම් ජාති අනුව සැලකීම ය. බයියන් ටොයියන් ලෙස වෙන් කිරීමත් ජාතිවාදය යි. මාලිමාවුන් සාන්තුවරයන් ලෙසත් අනෙක් සියලු පාක්ෂිකයන් හොරුන් ලෙසත් සැලකීමත් ජාතිවාදය යි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ලෙස සැලකීමත් ජාතිවාදය යි. ශ්‍රී ලාංකික, ඉන්දියානු, ඇමරිකානු, චීන, ඊශ්‍රායල්, ඉරාන ලෙස සැලකීමත් ජාතිවාදය යි. බෞද්ධ හින්දු කතෝලික ක්‍රිස්තියානු ඉස්ලාම් ලෙස සැලකීමත් ජාතිවාදය යි. ඕනෑම වර්ගීකරණයක් ජාතිවාදීය. එබැවින් ජාතිවාදී නොවන කිසිවෙකු නොමැත. මේවාට බය නලින් ද සිල්වා වැන්නවුන් "ජාතිකත්වය" නමින් තවත් බොරු වචනයක් හද ගත්තේ ය. එය අර්ථශුන්‍ය යෙදුමකි.

බුදුන් වහන්සේ දේශනා කළේ මවක් සිය එකම පුතුට කරුණාව දක්වන්නේ යම් සේ ද සියලු සත්ත්වයන් ට ඒ හා සමානව කරුණාව දක්වන්න ට කියා ය. දරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින මවක් එම එක් එක් දරුවන්ට පවා සලකන්නේ සුළු හෝ වෙනස්කම් ඇතුව ය. ඇතැමුන් වැඩිමල් පුතාට ටිකක් වැඩියෙන් ආදරේ ය. ඇතැමුන් බාලයාට ටිකක් වැඩියෙන් ආදරේ ය. “එකම පුතෙකු” කීවේ ඒ නිසා ය. නමුත් මෙයත් සර්ව සමානාත්මවාදයක් නොවේ. 

උපතින් වසලයෙකු (පහත්) හෝ බ්‍රාහ්මණයෙකු (උසස්) නොවූවත්, ක්‍රියාවෙන් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වන බව බුදුන් වහන්සේ ම දේශනා කර තිබේ. එනම් ක්‍රියාව අනුව හෝ මිනිසුන් උස් පහත් වන බව බුදුන් ද කියා ඇත. මේ ලෝකයේ හටගන්නා සියල්ල එකිනෙකින් වෙනස් ය. එය සත්‍යයකි. එක්කෝ ඔබ ඒ සියලු උත්පාදනයන්ට එක හා සමානව සැලකිය යුතු ය. නැතිනම් අනුන්ගේ ජාතිවාදීකම ගැන විනිශ්චය කිරීමට ඔබට කිසිදු හැකියාවක් නොමැත. සියලු මිනිසුන් ජාතිවාදීන් ලෙස සැලකීම වඩාත් සමානාත්මවාදීය. මම බෞද්ධ සිංහල ජාතිය විශේෂ කොට සලකමි. ධර්මය ඔබට මග වේවා!

- එරන්ද ගිනිගේ

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.