News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රතිවාදියා නිහඬ කිරීම සඳහා යොදා ගන්නා ජනප්‍රිය උපක්‍රමය නොහොත් ජාතිවාදි ලේබලයේ ඇත්තම කතාව..

Jun 26, 2025 at 10:13 PM
|

ජාතිවාදියා යනුවෙන් හඳුන්වනවාට මම බිය නොවන බව පළමුවෙන් කිව යුතු ය. ඇතැමුන් හිතන්නේ “උඹ ජාතිවාදියෙක්” කියා කී විට මම බිය හෝ ලැජ්ජාව හෝ දෙක ම නිසා හෝ මගේ කට වසා ගනු ඇත කියා ය. නමුත් ඔවුන් වැරදි ය. ප්‍රතිවාදියා නිහඬ කිරීම සඳහා යොදා ගන්නා එම ජනප්‍රිය උපක්‍රමය මට අදාළ නැත. මන්ද සෑම මිනිසෙකු ම ජාතිවාදියෙකු වන බැවිනි. 

“ජාති” යනු උපතයි. උපත අනුව සෑම මිනිසෙකු ම සමාන යැයි කීමත් ජාතිවාදය යි. උපත අනුව සෑම මිනිසෙකුම අසමාන යැයි කීමත් ජාතිවාදය යි. උපත අනුව මිනිසුන් සමාන සහ අසමාන යැයි කීමත් ජාතිවාදය යි. උපත අනුව මිනිසුන් සමාන හෝ අසමාන හෝ නොවේ යැයි කීමත් ජාතිවාදය යි. මන්ද ඒ සියලු අදහස් පදනම් වන්නේ “ජාතිය” මත නිසා ය. නමුත් මෙම උපත පිළිබඳ මූලික අර්ථයෙන් ඉදිරියට ගොස් එක් එක් අවස්ථානුරූපී සමාජ චර්යා අනුවත් බොහෝ විට ජාතිවාදය වර නැගේ.

අනෙකාට “ජාතිවාදියා” යැයි කියන්නා ද ඒ ප්‍රකාශයෙන් ම ජාතිවාදියෙකු වේ. එනම් තමා සහ අනෙකා අසමාන බව ප්‍රකාශකයා හඟවයි. එමෙන් ම තමා ජාතිවාදී නොවන බැවින් තමා “හොඳ හෝ උසස්” බවත් අනෙකා ජාතිවාදියෙකු බැවින් “නරක හෝ පහත්” බවත් එයින් කියැවේ. එය ජාතිවාදය යි. “ජාතිකවාදියා යනු ජාතිවාදියා ය” යනුවෙන් මා වසර කිහිපයකට පෙර කළ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. වත්මන් යුදෙව් මුස්ලිම් යුද්ධය පිළිබඳව මාගේ ලිවීමෙන් උරණ වූ ඇතැමුන් මා හට ජාතිවාදියෙකු නොවී ජාතිකවාදියෙකු වන මෙන් පවසයි. මා අදත් කියන්නේ එම වචන දෙකේ වෙනසක් නැති බව ය. හැකිනම් ඒවා වෙනස් යැයි තාර්කිකව ඔප්පු කරනු.

එක්තරා තරුණයෙකු අහිංසක ලෙස කීවේ එම වචන දෙක ඔහුට අහසට පොළොව මෙන් වෙනස් ය කියා ය. ඔහු උදාහරණයක් ලෙස කීවේ ඔහුගේ අම්මාට ඔහු ආදරය කරන බවත්, නමුත් ඔහු අනුන්ගේ අම්මලා පහත් නොකරන බවත් ය. ජාතිකවාදය සහ ජාතිවාදය එම උදාහරණයට සමාන බව ඔහුගේ අහිංසක අදහස යි. එවිට මා ඇසුවේ “ඔබ ඔබේ අම්මාට ආදරය කරන තරමට ම අනෙක් සියලු අම්මලාටත් ආදරය කරනවා ද?” කියා ය. ඔහු “නැත” කීවේ ය. එයින් ම ඔහුගේ තර්කය බිඳේ. එනම් ඔහු තමන්ගේ අම්මා සහ අනුන්ගේ අම්මලා වෙනස් කොට දකියි. එපමණක් නොවේ, අනුන්ගේ අම්මලාට නොදක්වන ආදරයක් ඔහු තමන්ගේ අම්මාට දක්වයි. එය ජාතිවාදය යි. ජාතිවාදය යනු ජෛව පරිණාමයේ මූලික ලක්ෂණයකි. එය සතුන් තුළ පමණක් නොව, ශාක, ෆන්ගයි, බැක්ටීරියා සහ ජෛව/අජෛව වයිරස් දක්වා පවතින ජානගත යථාර්ථයකි. ජාතිවාදය නොමැතිව පරිණාමය විය නොහැකි ය.

“ජාතික” යනු අහවල් ජාතියේ හෝ අහවල් ජාතියට අයත් යන අර්ථයයි. National යනු nation යන්නට අයත් යන අදහසයි. Nation යන්නෙහි අර්ථය උපත ය. Nativity යන්න ජේසුගේ උපතට යෙදේ. Natal යනු උපත හා සම්බන්ධ යනුයි. එපමණක් නොවේ Natural යන්නෙහි ගැබ්ව තිබෙන්නේත් උපන් හැටි හෙවත් ස්වභාවික අර්ථයයි. එනම් ජාතිවාදය සහ ජාතිකවාදය අතර අර්ථමය වෙනසක් නොමැත. මෙයට සමාන සිංහල වචන ජන, ජාන, ජාති ආදිය යි. ජනගහනයක් යනු සමාන ජාතියේ මිනිසුන්ගේ ගහනයකි.

නමුත් බොහෝ විට ජාතිවාදියා යන්නට සමාන ව භාවිත කෙරෙන ඉංග්‍රීසි වචනය Racist ය. එම වචනයට බොහෝ දෙනා බිය වෙති. බොහෝ දෙනා එම වචනය අවියක් ලෙස භාවිත කරයි. නමුත් එම වචනයේ අර්ථයක් උපත ම ය. වාග් විද්‍යාඥයන්ට අනුව එය යුදෙව්වන්ගේ හීබෘ බසෙහි Rosh සහ/හෝ අරාබි බසෙහි Ra’s යන්නෙන් නූතන ඉංග්‍රීසියට බිඳුනකි. Race යන වචනය කාලයක් විද්‍යාත්මක නාමකරණයක් ලෙස භාවිත විය. කොකේසියානු, අප්‍රිකානු, මොන්ගෝලියානු ආදි වශයෙන් මිනිසා තවත් “වර්ග” කළ හැකි යැයි මතයක් තිබිණි. නමුත් එම අදහස වහල්වාදයට සහ නාසිවාදයට උඩගෙඩි දීමක් වූ බැවින් පසුව එය විද්‍යා නාමකරණයෙන් ඉවත් විය. ජාන විද්‍යාවේ දියුණුවත් සමග අද ජීවත් වන සියලු මිනිසුන් Homo sapiens යන විශේෂයට අයත් යැයි ද මිනිසුන් අතර තිබෙන ජානමය කළු සුදු, උස මිටි ආදි වෙනස්කම් සුවිශේෂී ලෙස වර්ග කිරීමට අවශ්‍ය නැතැයි ද එකඟ විණි. ඔබ කෙනෙකුට racist යන අර්ථයෙන් බනිනවා නම් සැබැවින්ම බැනිය යුත්තේ “වර්ගවාදියා” කියා ය. නමුත් එය සැබැවින් ම අදාළ වන්නේ අර සමේ පැහැය අනුව ආදියෙන් කරන වර්ග කිරීමට ය. ඔබ වර්ගවාදියෙකු නොවේ නම් ඔබ සුදු හමක් ඇති මිනිසුන්ට “සුද්දන්” යැයි කිව නොහැකි ය. අප්‍රිකානුවන්ට “කල්ලන්” කියා කිව නොහැකි ය. කොටින්ම කිසිදු වාර්ගික අදහසකින් කිසිවෙකුට සැලකිය නොහැකි ය. නමුත් ඔබට එය කළ නොහැකි ය. එබැවින් ඔබත් නිතැතින් වර්ගවාදියෙකු වේ.

ඔබ කුකුළු මස් නොකා මාළු කනවා නම් ඔබ විශේෂවාදියෙකි. කුකුළු මස් නොකා ඌරු මස් කනවා නම් ද විශේෂවාදියෙකි. ඌරු මස් නොකා බලු මස් කනවා නම් ද විශේෂවාදියෙකි. බලු මස් නොකා හරක් මස් කනවා නම් ද විශේෂවාදියෙකි. මෙයට කියන්නේ Speciesism කියා ය. මිනිසාට වඩා සතුන් පහත් කර සැලකීමත්, එක් එක් සත්ත්ව විශේෂ එකිනෙකින් උස් පහත් කොට සැලකීමත් මෙයින් අදහස් කෙරේ. 

ඉහත කථා කළ සියල්ල පොදුවේ “ජාතිවාදය” ට අයත් වේ. එනම් ජාති අනුව සැලකීම ය. බයියන් ටොයියන් ලෙස වෙන් කිරීමත් ජාතිවාදය යි. මාලිමාවුන් සාන්තුවරයන් ලෙසත් අනෙක් සියලු පාක්ෂිකයන් හොරුන් ලෙසත් සැලකීමත් ජාතිවාදය යි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ලෙස සැලකීමත් ජාතිවාදය යි. ශ්‍රී ලාංකික, ඉන්දියානු, ඇමරිකානු, චීන, ඊශ්‍රායල්, ඉරාන ලෙස සැලකීමත් ජාතිවාදය යි. බෞද්ධ හින්දු කතෝලික ක්‍රිස්තියානු ඉස්ලාම් ලෙස සැලකීමත් ජාතිවාදය යි. ඕනෑම වර්ගීකරණයක් ජාතිවාදීය. එබැවින් ජාතිවාදී නොවන කිසිවෙකු නොමැත. මේවාට බය නලින් ද සිල්වා වැන්නවුන් "ජාතිකත්වය" නමින් තවත් බොරු වචනයක් හද ගත්තේ ය. එය අර්ථශුන්‍ය යෙදුමකි.

බුදුන් වහන්සේ දේශනා කළේ මවක් සිය එකම පුතුට කරුණාව දක්වන්නේ යම් සේ ද සියලු සත්ත්වයන් ට ඒ හා සමානව කරුණාව දක්වන්න ට කියා ය. දරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින මවක් එම එක් එක් දරුවන්ට පවා සලකන්නේ සුළු හෝ වෙනස්කම් ඇතුව ය. ඇතැමුන් වැඩිමල් පුතාට ටිකක් වැඩියෙන් ආදරේ ය. ඇතැමුන් බාලයාට ටිකක් වැඩියෙන් ආදරේ ය. “එකම පුතෙකු” කීවේ ඒ නිසා ය. නමුත් මෙයත් සර්ව සමානාත්මවාදයක් නොවේ. 

උපතින් වසලයෙකු (පහත්) හෝ බ්‍රාහ්මණයෙකු (උසස්) නොවූවත්, ක්‍රියාවෙන් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වන බව බුදුන් වහන්සේ ම දේශනා කර තිබේ. එනම් ක්‍රියාව අනුව හෝ මිනිසුන් උස් පහත් වන බව බුදුන් ද කියා ඇත. මේ ලෝකයේ හටගන්නා සියල්ල එකිනෙකින් වෙනස් ය. එය සත්‍යයකි. එක්කෝ ඔබ ඒ සියලු උත්පාදනයන්ට එක හා සමානව සැලකිය යුතු ය. නැතිනම් අනුන්ගේ ජාතිවාදීකම ගැන විනිශ්චය කිරීමට ඔබට කිසිදු හැකියාවක් නොමැත. සියලු මිනිසුන් ජාතිවාදීන් ලෙස සැලකීම වඩාත් සමානාත්මවාදීය. මම බෞද්ධ සිංහල ජාතිය විශේෂ කොට සලකමි. ධර්මය ඔබට මග වේවා!

- එරන්ද ගිනිගේ

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.