News Category
From Date
To Date
Maximum Number of Result

ලෝක සාහිත්‍යයේ පෙරළූ නැවුම් පස අපට ගෙනා සිරිල් සී. පෙරේරා

Jun 26, 2025 at 03:16 PM
|

විශ්ව සාහිත්‍යයේ සම්භාවනාවට පත් කෘති රාශියක් සිංහල භාෂාවට පරිවර්තනය කළ සිරිල් සී. පෙරේරා මහතා පරිවර්තන සාහිත්‍යය සහ, නාට්‍ය කලාවට දැවැන්ත සේවාවක් ඉටු කළ විද්වතකු ලෙස සාහිත්‍යකාමී ජනතාවගේ බුහුමනට පාත්‍රවෙයි.

සිරිල් සිල්වෙස්ටර් පෙරේරා මහතා 1923 ජුනි මස 23 දින බොරලැස්ගමුවේ බෙල්ලන්විලට නුදුරු බෙල්ලන්තර ග්‍රාමයේ උපත ලැබුවේය. ගල්හේනගේ සයිමන් පෙරේරා නම් වූ තම පියාට අයත් බොරලැස්ගමුවේ මංසන්ධියේ තිබූ පාරම්පරික නිවසට ඔහු පදිංචියට පැමිණියේ ළමා කාලයේදීමය.

සාහිත්‍යය පිළිබඳ තමාට උනන්දුවක් ඇති වූයේ ළමා කාලයේදී බවත් ඊට පසුබිම සැපයුණේ බොරලැස්ගමුවේ දී බවත් ඔහු පසු කලෙක ප්‍රකාශ කර ඇත. ඔහු තම ළමා කාලය පිළිබඳ කර ඇති විස්තරය ආනන්ද ජනකය.

කතා කීම සහ කතා ඇසීම සාහිත්‍යයේ මුල් පාඩම නම් මා අකුරුවත් කියවන්නට කලින් ඒ පාඩම් උගත්තේ බොරලැස්ගමුව හන්දියට පැමිණි කවි පොත් කරයන් දෙදෙනාට සවන් දීමෙනි. සතියකට දෙවරක් පමණ සවස් කාලයේ දී පැමිණෙන මෙම කවි පොත් කාරයන්ගෙන් එකෙක් හන්දියේ පකීර් නමැති මුස්ලිම් වෙළෙන්දාගේ බුලත් කඩය ඉදිරිපිට පාර අයිනේ කුඩය දිග ඇර තබා පොත් මිටිය ලිහා කුඩය ඇතුළේ තබා ඉන් එකක් ගෙන හඬ නඟ කියෙව්වේය. ඊළඟ දවසේ එන අනෙක් පොත් වෙළෙන්දා එතැනම බිම කඩදාසි කොළයක් එලා ඒ මත පොත් සකස් කොට තබා පොතක් ගෙන හයියෙන් කියෙව්වේය. ටික වේලාවකින් එම කවි කතා ඇසීමට රැස්වන අයට ඔහු අත වනා හිස නටවා ඇස් කරකවා කටහඬ උස් පහත් කරමින් පණ පොවා කතාව කීවේය. කතාවට වශීවන මිනිස්සු පොත් මල දී ගත්හ. අපි මේ කවි පොත් කාරයන්ගේ පැමිණීම බොහොම ආශාවෙන් බලා සිටියෙමු. (මීට දෙසතියකට පමණ පෙර සිරිල් සී. පෙරේරා බැලීමට ගිය ඔහු මගෙන් ඇසුවේ දැනුත් ඒ කවි පොත් කාරයන් පැමිණ සිටිනවාද කියායි)

සිරිල් සී. පෙරේරා තමා පළමුවරට පාසල් ගිය ආකාරය පිළිබඳ කර ඇති විස්තරයද අපූරුය. එය ඔහු ගේ වචනවලින්ම පහත දැක්වීමට කැමැත්තෙමි.

‘බොරලැස්ගමුව හන්දියේ දකුණු පැත්තේ දෙහිවලට යන පාර අයිනේ පැරණි නා ගහක් තිබුණ නිසා ඒ දවස්වල බොරලැස්ගමුව හන්දියට කිව්වෙ නා ගස් හන්දිය කියලයි. නා ගහ යට තිබුණ තේ කඩයට මිනිසුන් කිව්වෙ මයින කඩේ කියලයි. මයින කඩය ඉදිරිපිට තිබුණ කාසිම් ගේ කඩයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් ගන්න තිබුණා. දවසක් උදේ තාත්තා කාසිම් කඩෙන් ගල්ලෑල්ලකුයි ගල්කූරකුයි සිංහල හෝඩි පොතකුයි අරගෙන මා රත්තනපිටිය ආනන්ද පාසලට කැඳවාගෙන ගොස් ප්‍රධාන ගුරුතුමා ලවා මට නැකතට අකුරු කියෙව්වා මට අද වගේ හොඳට මතකයි.

විසිවන සියවසේ දෙවන දශකයේ මෙරට ගම්වල පැවති තත්ත්වය සහ ගැමියන්ගේ චර්යා රටාව ඉහත ප්‍රකාශයෙන් මැනවින් චිත්‍රනය වී ඇත.

ඉන් ටික කලකට පසු ඔහුගේ දෙමාපියන් සමඟ කළුබෝවිල පදිංචියට පැමිණීමෙන් පසු සිරිල් සී. පෙරේරා මහතා පිළිවෙළින් නුගේගොඩ ශාන්ත ජෝන් මිෂනාරි පාසලෙන් වැල්ලවත්ත ශ්‍රී වෛශාඛ විද්‍යාලයෙන් සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.

මූලික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු රජයේ කාර්මික විද්‍යාලයේ කලා අංශයට සහ ඉංජිනේරු අංශයට සම්බන්ධ වී චිත්‍ර ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, ගොඩනැගිලි ඉංජිනේරු ශිල්පය, සෞඛ්‍ය ඉංජිනේරු ශිල්පය හා ඊට අනුබද්ධ විෂයයන් හදාරා සැලසුම් ශිල්පියකු ලෙස රජයේ සේවයට බැඳුනේය. කොළඹ ක්‍රමය යටතේ ශිෂ්‍යත්වයක් ලැබ ඕස්ට්‍රේලියාවට ගොස් පුහුණුව ලැබූ එතුමා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි සැලසුම් ශිල්පියකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළේය. මධ්‍යම බෙහෙත් ශාලා, මාතෘ නිවාස සහ රෝහල් ගොඩනැගිලි රාශියකම සැලසුම් නිර්මාණය කරනු ලැබුවේ එතුමායි.

වෛශාඛ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සමයේදී පන්ති සඟරාවක් ආරම්භ කර පවත්වාගෙන යමින් එතුමා සිය සාහිත්‍ය සේවාව ආරම්භ කළේය. අනතුරුව ඔහු විසින් රචනා කරනු ලැබූ කෙටි කතා සහ ලිපි පුවත්පත්වල පළ විය.

රජයේ සේවය කරන අතරතුරම සාහිත්‍ය කලා ශිල්ප කෙරෙහි ලැදියාවක් දැක්වූ සිරිල් සී. පෙරේරා මහතා සිංහල සහ ඉංගී‍්‍රසි සාහිත්‍යය ගැඹුරින් හැදෑරීමෙහි ද නිරත විය. චාල්ස් ඩිකන්ස් ගේ ක්‍රිස්මස් කැරොල් නමැති කෘතිය නත්තල් ගීතය නමින් සිංහලට පරිවර්තනය කොට 1958 දී පළකිරීමෙන් එතුමා සාහිත්‍ය කෘති සිංහලට පරිවර්තනය කිරීමේ චාරිකාව ආරම්භ කළේය. නිකොලායි ගොගොල්ගේ මළ මිනිස්සු, ගුස්ටාව් ප්ලෝබෙයාර් ගේ එමා බෝවාරි, මිහායෙල් ෂොලොහොව් ගේ පෙරළූ නැවුම් පස, දොස්තොවොසේකි ගේ කර්මසෝ සහෝදරයෝ, ලියෝ තොල්ස්තෝයි ගේ යුද්ධය සහ සාමය වැනි දැවැන්ත කෘති ඔහු අතින් සිංහලට පරිවර්තනය විය.

තොල්ස්තෝයි, ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, ගීද මෝපසාං, දොස්තොවොස්කි, ඕ හෙන්රි, කාටර් සිං ඩුගාල් සහ මැක්සිම් ගොර්කි වැනි ලෝක ප්‍රකට ලේකඛයන් ගේ කෙටි කතා සිංහලට පරිවර්තනය කොට කෙටි කතා සංග්‍රහ වශයෙන් එළිදැක්වීමට ද එතුමාට හැකිවිය.

ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්‍ෂණය කළ මකරාක්‍ෂයා, ධවල භීෂණ නමැති නාට්‍ය පිටපත් රචනා කිරීමෙන් එතුමා අතින් නාට්‍ය කලාවට ඉමහත් සේවයක් ඉටු විය.

කිහිපවරක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබූ සිරිල් සී. පෙරේරා මහතා 1979 දී ජාත්‍යන්තර සාහිත්‍ය සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය. රුසියාව, බල්ගේරියාව, ජර්මනිය, කොරියාව ආදී රටවල පවත්වනු ලැබූ පරිවර්තකයන් ගේ සම්මේලනවලට ද මෙතුමා ශ්‍රී ලංකාවේ නියෝජිතයා වශයෙන් සහභාගි විය.

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සාහිත්‍ය අනු මණ්ඩලය, නාට්‍ය අනුමණ්ඩලය, අධ්‍යපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ ද එතුමා දිගු කලක් සේවය කළේය.

සංග්‍රහශීලී සහ මිත්‍රශීලී පුද්ගලයකු වූ සිරිල් සී. පෙරේරා මහතා ආචාර්ය කේ. ජයතිලක, මහාචාර්ය ඒ. වී. සුරවීර, ගුණසේන විතාන, රන්ජිත් ධර්මකීර්ති, මහාචාර්ය තිස්ස කාරියවසම් සහ මා සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගියේය.

විසිවන සියවසේ දී සිංහල පරිවර්තන සාහිත්‍යයට නව පරිච්ජේදයක් එක් කරමින් පුරෝගාමී මෙහෙවරක යෙදුන සිරිල් සී. පෙරේරා මහතාගේ අභාවයත් සමඟම එම පරිච්ජේදයේ නිමාව සටහන් වන්නේය.

.- බොබී ජී. බොතේජු විසිනි

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.