News Category
From Date
To Date
Maximum Number of Result

අනුරාධපුරය බේරාගත් ධර්ම වීරයා - වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා..

Jun 19, 2025 at 12:17 PM
|

සිංහල බෞද්ධයාගේ ශුද්ධ වූ නගරය ලෙස සැලකෙන අනුරාධපුරය දිගු කාලයක් මුළුල්ලේ වනාන්තරගතව තිබී, පසුව කෙමෙන් කෙමෙන් හෙළිවෙමින් වන්දනාකරුවන් ගෙන් පිරී යමින් පැවතුණා .නමුත් අවාසනාවකට මෙන් මෙම නගරය තුළ අධිරාජ්‍යවාදීන්ගේ මෙන්ම අන්‍ය ආගමිකයන්ගේද බලය වැඩි වුණා. ඇතැම් අවස්ථාවල අටමස්ථානයේ කොටස්වල පවා අන්‍යාගමිකයන් පදිංචිව සිටියා. එහිදී අටමස්ථානයේ හිමිවරුන් සහ බෞද්ධ ප්‍රභූවරුන් සංවිධානය කරමින් අනුරාධපුර ශුද්ධ නගරයේ බලය යළි සිංහල බෞද්ධයාට ලබාගැනීමට බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා නව වැඩ පිළිවෙළක් දියත් කරනු ලැබුවා.

අනුරාධපුරය බේරාගත් ධර්ම වීරයා - වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා..!

ජපන් චීනාදී රටවල සම්බුද්ධ ධර්මය දේශනා කරමින් සංචාරය කොට ගිය මස 29 වෙනි දින සිංගප්පූරුවට සම්ප්‍රාප්ත වූයෙමි. ඉතා සතුටින් නැවෙන් ගොඩබැස්ස නමුදු මා සම්භවීමට නැවට ගිය සිංහල සොයුරන්ගෙන් අපට වූ බලවත් විපත දැන ගතිමි. හරිශ්චන්ද්‍ර වයස 36 දී මරණයට පත්වේ යයි කිසිකෙනෙක් සිතුවාද? අහෝ, ලංකා ශාසනය දියුණුවේගන යන මේ කාලයේ පරාර්ථය සලකා ක්‍රියාකරන ඥාන ශක්තියෙන් යුත් වීර පුරුෂයෙක් සොයාගැනීම දුර්ලභයි. සිංහල බෞද්ධ ජනයා කෙරෙහි කරුණා සිත් ඇති ජනහිතකාරී හරිශ්චන්ද්‍රගේ වැඩ නිසා සිංහල ජනතාව දියුණුවේය යන බයක් මාරයාට ඇතිවුණාද? මට මේ මරණය පැමිණ හරිශ්චන්ද්‍රට දීර්ඝායුෂ ලැබුණා නම් මම සතුටුයි. ලංකාවට ඕනෑ කරන හරිශ්චන්ද්‍ර නැති වුණේ සිංහල බෞද්ධයන්ගේ පුණ්‍ය බලය හීන නිසායි.”

මෙයින් ශත වර්ෂයකට එපිට දිවංගත වූ දුර්ලභ ධර්ම වීරයෙකු හා ජාති හිතෛෂයකුගේ අකල් මරණය ගැන ඇසූ අනගාරික ධර්මපාලතුමන්ගේ මුවට නැගුණු වාංමාලාවයි මේ. ආචාර්ය ආනන්ද ගුරුගේ විසින් සංස්කරණය කරන ලද “ධර්මපාල ලිපි“ සංග්‍රයේ එසේ සඳහන් වී ඇත.

වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් මෙලොවට බිහි වූයේ ලංකාව විදේශ ආධිපත්‍යයට යටත්ව “මා බෞද්ධයෙක්” යයි හඬ ගා කීමට නොහැකි අඳුරු යුගයක 1876 ජූලි මස 09 වෙනි ඉරිදා මීගමුවේ මහ හුණුපිටියේදීය. එතුමාගේ මුල් නම වලිසිංහ එඩ්වඩ් ද සිල්වා නම් විය. සුප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ වලිසිංහ හෙන්ද්‍රික් ද සිල්වා මුදලාලි මහතාට සහ මර්තීනි සිල්වා ගුණසේකර මහත්මියට දාව උපන් මේ පින්වත් කුමරු කුඩා කල සිටම ඉගෙනීමට, ධර්මයට ලැදි දරුවකු විය.

තම මහගෙදරට යාබද මීගහළඟ ඉස්කෝලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ කුඩා එඩ්වඩ් වැඩිදුර ඉංග්‍රීසි ඉගෙනීමට මීගමුවේ ශාන්ත මේරි විද්‍යාලයට බැඳුණේය. එහෙත් ඔහු කුඩා කල සිටම ධර්මානුකූල ජීවිතයක් ගතකිරීමට මග පෑදූ තක්සලාව වූයේ මහ හුණුපිටියේ සුගතාරාම විහාරස්ථානයයි. එහි වැඩ විසූ හුණුපිටියේ ධම්මරතනතිස්ස හිමියන් කුඩා එඩ්වඩ්ගේ පරමාදර්ශී චරිතයක් විය. ධර්ම දේශකයකු, ජාතික වීරයකු වීමේ, ජන නායකයකු වීමට අඩිතාලම දැමුවේ ඒ හිමිපාණන්ය. වැඩිදුර ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගැනීමේ අදිටනින් දෙමාපියන් එඩ්වඩ් ශිෂ්‍ය මානවකයා කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් කරනු ලැබුවේය.

එඩ්වඩ්ගේ ජීවිතයේ දෙවැනි පුනරුත්පත්තිය සිදුවූයේ අහම්බෙනි. බලපිටිය රංදොඹේ මහාච්ෙතිය පරිවේණාධිපති පූජ්‍ය තොටගමුවේ පඤ්ඤාමෝලිතිස්ස හිමියන් දිනක් මීගමුව සුගතාරාම මහාවිහාරයට වැඩම කළහ. ධර්ම දේශනය සාවධානව ශ්‍රවණය කළ කුඩා උපාසක උන්නැහේ ගැන අවධානයෙන් සිටි දේශකයාණෝ, අසල සිටි ධම්මරතනතිස්ස හිමියන්ගෙන් මේ කුඩා තැන ගැන වගතුග විමසූහ. මේ අතර කුඩා එඩ්වඩ් දේශකයන් වහන්සේ අසළට ගියේය.

“ස්වාමීනි මට භාවිතයට සුදුසු නමක් අවශ්‍යයි

“සම්පූර්ණ නම කුමක්ද?”

“වලිසිංහ එඩ්වඩ් ද සිල්වා”

“අපි එඩ්වඩ් ද සිල්වා අත අරිමු. දරුවා ඔබට උචිත නම හරිශ්චන්ද්‍ර. වලිසිංහ හරිශ්චන්ද්‍ර.”

අප කතානායකයා එතැන් සිට වලිසිංහ හරිශ්චන්ද්‍ර නම් විය.

දෙයියන්දර වෑවල පියද්දේ සුවිසුද්ධාරාම මහාවිහාරාධිපති පල්ලාවෙල සද්ධාතිස්ස නාහිමියන් පවසා ඇති පරිදි වලිසිංහ යන නාමයේ අර්ථය බලවත් සිංහයා යනුයි. බලවත් සිංහයා කේශර සිංහයෙකි. වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා නිර්භීත වීර සිංහලයෙක් විය. එහෙයින් එතුමා වලිසිංහ නාමයටද සුදුස්සෙක් විය. මෙතුමන්ගේ නාමයේ අග කොටස හරිශ්චන්ද්‍ර නම් වෙයි. පෙර හරිශ්චන්ද්‍ර නමින් සෘෂිවරයෙක් වාසය කළේය. දීප්තිමත් චන්ද්‍රයා යන අරුත එයින් ප්‍රකට වෙයි.

කොළඹ වෙස්ලි විද්‍යාලයේ ඉගෙනීම ලබන අතරතුර නීතිඥයකු වීමේ අදිටනින් හෙතෙම නීති විද්‍යාලයට බැඳුණේය. එච්.ජේ.වී. ඒකනායක හා ජේ.ටී. බ්ලසෙ නීති විශාරදයන් ඇසුරේ සිටි එතුමා චතුර කථිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ මේ අතරතුරය. නීති විද්‍යාලයේ ඉගෙනුමට වඩා ජාත්‍යාලයකින් හා ආගමාලයකින් එතුමා එකල කැපී පෙනුණේ පටු පරමාර්ථ ඉටුකරගැනීමට නොවේ. එයට ආසන්නම සිද්ධිය වූයේ අනගාරික ධර්මපාලතුමාගේ අභීත සිංහ නාදය ඇසීමෙන් ඇතිවූ උත්තේජනයයි.

“සිංහලයිනි නැගිටිව් බුදු සසුන බේරාගනිව්”

මේ සිංහනාදය වලිසිංහ හරිශ්චන්ද්‍රගේ දෙසවනේ දෝංකාර දෙන්නට විය. 1912 ලංකාවේ ලකිසුරුව සිටි සර් හෙන්රි මැක්ලම් පාලන සමයේ මහ‍ලේකම් පදවිය දැරූ සර් හියූ ක්ලිෆර්ඩ්ගේ හිතුවක්කාර තීරණයක් අනුව “ලංකාවේ ගමක් ගමක් පාසා රා තැබෑරුම් විවෘත කළ යුතුය.” යන යෝජනවාට සිංහල මන්ත්‍රීවරයකු වූ සර් ක්‍රිස්ටෝපර් උභයසේකර මහතා ද පක්ෂ වී ඇත්තේ “රා බිම ඇඟට ගුණ යැයි අනුමත කරමිනි.

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ මේ යෝජනාවට විරුද්ධ වී ඇත්තේ එකම ලාංකික මන්ත්‍රී ධුරය දැරූ ‍පොන්නම්බලම් රාමනාදන් මහතා පමණි.

“අනගාරික ධර්මපාල” චරිතාපදානය ලියූ ඩේවිඩ් කරුණාරත්න මහතා මේ කරුණු දක්වමින් පවසා ඇත්තේ එදා අමද්‍යප මහා සටන මෙහෙය වූයේ අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ඇඩ්මන් හේවාවිතාරණ, ඩී.සී. සේනානායක, ඇෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, වලිසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන, ආතර් වී. දියෙස්, ඩබ්ලිව්. ආතර් ද සිල්වා, අමදෝරිස් මැන්දිස්, මාටිනස් සී. පෙරේරා, ජේ.ඊ. ගුණසේකර, ජෝන් අමරතුංග, ඒ.පී. ගුණරත්න, ජෝන් දිසානායක, ඩී.බි. ජයතිලක ආදී අමද්‍යප සභාවේ ජාති හිතෛෂීහුය.

ධර්මපාලතුමන්ගේ ඇසුර හේතුකොට ගෙන 1897 එතුමන් විසින් ආරම්භ කරන ලද රාජගිරිය පාඨශාලාවේ (අද හේවාවිතාරණ විද්‍යාලය) ගුරුවරයකු ලෙස සේවය කළ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්, ධර්මපාලතුමන් මෙන්ම චතුර කථිකයෙකු ලෙස කැපී පෙනුණේ එතුමාගේ අඩි පාරේ යමිනි.

ඩේවිඩ් කරුණාරත්නයන් පවසා ඇති අන්දමට හරිශ්චන්ද්‍රතුමාගේ කතාවට වරක් ඇහුම්කන් දුන් කෙනකු සැතපුම් කීපයක් හෝ ගෙවා දෙවෙනි කතාව අසන්නට පෙළඹෙන තරමටම එතුමාගේ දේශන අර්ථ රසයෙන්, ශාන්ත ගුණයෙන්, කරුණා රසයෙන් පරිපූර්ණ බවය. “හරිශ්චන්ද්‍රතුමාගේ කතාවල අත්හල යුතු එකද වචනයක් නැතැ”යි එතුමන්ගේ කතා ඇසූ බොහෝ අය පවසා ඇත.

ගෘහස්ථ ජීවිතයෙන් සමුගෙන තම ජීවිතය, ආගම, රට, භාෂාව වෙනුවෙන් කැපකිරීමට සිතා දෙමාපියන්ගෙන් ඒ සඳහා අවසරය ලබාගත්තේය. 1896 ජනවාරි 01 වෙනිදා මංගල බෙර නාදය මැද මහා ජන ගංගාවක් සහිත සභාවක මාලිගාකන්දේ විදේ‍යාදය පිරිවෙනේදී බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර නාමය තැබුවේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසිනි.

1898 දෙසැම්බර් 25 වෙනිදා එතුමන් ධර්මපාලතුමන්ගේ උපදෙස් පරිදි මහාබෝධි සමාගමේ නියෝජ්‍ය ‍ලේකම් පදවියට පත් විය. එතැන් සිට ධර්මපාලතුමන්ගේ ප්‍රධාන සහායකයා එතුමන් සේ ම ගුරු පැහැති තවුස් ඇඳුමින් සැරසී එතුමන් ධර්ම චාරිකාවේ නියැළුණේ දුෂ්කරතා මැදය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ශ්‍රී ධර්මාරාම යන මහ පඩිවරු දෙපළ නිසා ධර්ම ශාස්ත්‍රාලෝකයේ මිණි පහන් දැල්වුණු සේම ධර්මපාලතුමාත්, හරිශ්චන්ද්‍රතුමාත් යන දේශප්‍රේමීන් දෙදෙනා නිසා වර්තමාන ජාතික හා ආගමික ප්‍රබෝධයේ පදනම දැමුණු බව පිළිගත යුතු බව ඩේවිඩ් කරුණාරත්න ලියූ ‘අනගාරික ධර්මපාල’ චරිතාපදානයේ සඳහන් කරයි.

1899 දී අනුරාධපුරයේ වන්දනාවේ ගිය හරිශ්චන්ද්‍රතුමා එහි පරිසරය නටබුන්ව තිබූ ආකාරය දැක කම්පාවට පත්ව, “කවදා හෝ අනුරාධපුරය සුරක්ෂිත කරමි”යි අධිෂ්ඨාන කරගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් හැටියට එතුමාගේ අප්‍රතිහත ධෛර්ය හේතුකොට අනුරාධපුර මහා බෝධි ශාඛාවද, අනුරාධපුර බෞද්ධාරක්ෂක සභාවද පිහිටුවමින් බෞද්ධ ප්‍රබෝධය ආරම්භ කළේය. මේ පිළිබඳ තොරතුරු ආචාර්ය උක්කු බණ්ඩා කරුණානන්ද විසින් ලියන ලද “බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර සහ අනුරාධපුර බෞද්ධ ප්‍රබෝධය” (1899 - 1913) කෘතියෙන් මනාව විස්තර කර ඇත.

එතුමා ගැන ලියූ මුල්ම චරිතාපදානය වනුයේ “බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතාගේ ජීවන චරිතය”යි. මෙය රචනා කර ඇත්තේ එතුමාගේ සොහොයුරු වෛද්‍යාචාර්ය වලිසිංහ සතිස්චන්ද්‍ර මහතා විසිනි. 1914 දී මේ ‍පොත මහාබෝධි යන්ත්‍රාලයේ මුද්‍රණය කර ඇති අතර එහි ඡායාරූප 5ක් ඇතුළත්ය. 1987 දී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්ගේ 74 වෙනි ගුණ සමරුව වෙනුවෙන් කේ. ලයනල් පෙරේරා විසින් ලියූ “බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතාපදානය” දිවැස ප්‍රකාශන වෙනුවෙන් සෝමසිරි කස්තුරිආරච්චි විසින් නිකුත් කර ඇත. 1994 දී අමරහේවාමද්දුම මහතාගේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් ලියන ලද “බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර විමර්ශනය” කෘතිය ප්‍රකාශයට පත්කළේය. මේ සියලු ‍පොත් අධ්‍යයනය කිරීමට මා හට ලබාදුන්නේ සෝමසිරි කස්තුරිආරච්චි මහතා විසිනි.

ඉංග්‍රීසි ආණ්ඩුව සමග සටන්කොට වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්ට බන්ධනාගාර ගතවීමට සිදුවූ අයුරු ගැන අගනා විස්තරයක් සරත්චන්ද්‍ර ජයකොඩි ‍ලේඛකයාණන් “තවද එක් සමයක්හි...” විශේෂාංගයකින් ඉරු දින පුවත්පතක විස්තරකොට තිබුණි.

අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවණේ කඩයක් පවත්වා ගෙන යාමට ඉංග්‍රීසි ආණ්ඩුව ඉඩදුන්නා සේම ශ්‍රී මහා බෝධිය සමීපයේ සුදෝ සුදු මල් උයනක් වගාකිරීමටත් ඉඩ දුන්හ. එසේම ඔවුන් සිංහල බෞද්ධයාට ඇට වූ උගුල 1903 ජූනි 09 වෙනිදා දහවල් එකොළහට සිදුවූ සිද්ධියක් නිසා පුපුරා ගොස් ඇත.

මේ පුවත එදින ඊඪථඥඵ ධට ඛිඥරතධද පුවත්පත වාර්තා කළ අයුරු සරච්චන්ද්‍ර ජයකොඩි ‍ලේඛකයා දක්වා ඇත.

“උදය වරුවේ 10 - 11 අතර නොනවතින බෙර හඬ මධ්‍යයේ සාදුකර දෙමින් කළ මහා සේනාවෙන් පාරවල් පිරී තිබුණු අවස්ථාවේ අමරසේකර මුදලිතුමා නිවෙස බලා ගමන් කරමින් සිටියේය. අසුගේ පයක් වැදීමෙන් වයස අවුරුදු 55 - 60 අතර වයසැති කාන්තාවක් පීඩා ලැබ බිම ඇද වැටුණාය. ඇගේ ස්වාමි පුරුෂයා “මහත්තයා, මහත්තයා, නවතින්න... නවතින්න” යැයි කෑගැසුවත් මුදලිතුමා අශ්වයාට බේ්‍රක් ඇල්ලුවේ නැත. එහිදී සිදුවූ භයානක නරුම සිද්ධිය... එයටත් වඩා තුච්ඡය. නින්දිතය. මුදලිතුමාට ‘මහත්තයා’ යැයි ආමන්ත්‍රණය කිරීම ගැන ඔහු කෝප වී තුවාල ලද ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයා කරා පැමිණ පහර දුන්නේ ඒ අහිංසක මිනිසාගේ අතෙහි වූ කුඩය උදුරා ගත්තේය. අහිංසකයාගේ නාසයෙන් කටින් ‍ලේ ගලන්නට පටන් ගති.

“මූ ඇදගෙන ඇවිත් වලව්ව දොරකඩ බැඳ දමාපියව්” කියමින් මුදලිතුමෝ යහපත් වූවෝය.

කෙසේ වුවද මේ නඩුවෙහි විනිශ්චය සාධාරණ විය. අසරණ මහලු ස්ත්‍රියගේ මරණයට මුදලිතුමෝ වරදකරු බව පිළිගත්හ. අසරණ මහලු මිනිසාට පහරදීම ද වරදක් බව ඔප්පු විය. දඩය රුපියල් හැටකි. ඒ කාලයේ හැටියට රුපියල් හැටේ දඩය පිදුරුතලාගල කන්ද වැනිය.

මේ සිද්ධියෙන් කුපිත වූ බෞද්ධයෝ තමන් තුළ පැසවමින් තිබූ විරෝධය පළ කිරීම් වස් ජය ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට පැවති ගව මස් වෙළෙඳසල, කඩා බිඳ දැමූහ. මේ සිද්ධිය අගනා අවස්ථාවක් කොටගත් ඉංග්‍රීසි පාලකයන් හරිශ්චන්ද්‍රතුමන් මේ සිද්ධියේ නායකත්වය දැරූ බවට චෝදනා ඉදිරිපත් කොට බොරු සාක්ෂි ඉදිරිපත් කොට සිරභාරයට ගන්නා ලදී. සත්‍යවශයෙන් එතුමා මේ සිද්ධිය සමථයකට පත්කිරීමට උත්සාහ කළා මිස අන් අයුරකින් අනුබල දුන්නා නොවේ. එහෙත් සත්‍යය සැමවිටම ජයගන්නා ලෙස නඩු විභාගයෙන් පසු සියලු චෝදනාවලින් එතුමන් නිදහස් විය.

වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් ‍ලේඛකයකු, පර්යේෂකයකු ලෙසද ප්‍රතිභාව පළ කළ අවස්ථා එමටය. සඟරා සංස්කාරකවරයකු ලෙසද ප්‍රකට වූයේ ‘සිංහල බෞද්ධයා’, ‘මහාබෝධි’ හා ‘සිරි අනුරාපුර පුවත’ යන පුවත්පත් සඟරා තුළිනි.

එතුමන් ලියූ ‍පොත්පත් අතර ඊඩඥ ඉචජපඥඤ ඛිඪබර ධට ඒදභපචඤඩචනභපච ග්‍රන්ථය එංගලන්තයේ රජු වෙත පෙත්සමක් ලෙස යවා ඇත. සෙසු ‍පොත්පත් අතර ‘අනුරාධපුර ෙචෙත්‍ය විස්තරය’, ‘අනුරාධපුර ශුද්ධ නුවර විස්තරය’, ‘අනුරාධපුර පළාතේ විස්තරය’, ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘, ‘රුවන්වැලි විස්තරය’, ‘ථූපාරාම දාගැබ් විස්තරය’, ‘ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව‘, ‘සිංහල ජාතියේ පටන්ගැන්ම’, ‘දෙවන පෑතිස් නරේන්ද්‍ර චරිතය’, ‘දුටුගැමුණු නරේන්ද්‍ර චරිතය’, ‘ප්‍රාණඝාතය’, ‘අදත්තාදානය’, ‘කාම මිථ්‍යාචාරය’, ‘මුසාවාදය’, ‘සුරා’, ‘ලුම්බිණි සහ ජය ශ්‍රී මා බෝමැඩ විස්තරය’.

ඒ අතරින් ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ විසිදුනු ප්‍රකාශනයක් ලෙස නිකුත් කර ඇත. කුමාරතුංග මුනිදාස වියතාණන් පරිහරණය කළ ‍පොත් අතර තිබි එතුමාණන්ගේ මුණුබුරු ගෙවිඳු කුමාරතුංගයන් අතට පත් ‘පුරාවිද්‍යාව‘ නම් හරිශ්චන්ද්‍රතුමන් එකී ග්‍රන්ථය නැවත නැවත කියවීමෙන්, ඒ කරුණු ඉදිරිපත් කර ඇති ස්වරූපයෙන් පාඨක ලෝකයා අතට පත්කිරීමට උත්සාහ ගෙන ඇත.

හරිශ්චන්ද්‍රතුමා ලියූ ‘පුරාවිද්‍යාව‘ නැමැති ග්‍රන්ථය මුද්‍රණය කර හැම ගෙයකම තබාගැනීමට සැලසිය යුතු යයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් 1957 සැප්තැම්බර් 14 වෙනිදා ලංකාදීපයට ලියා ඇත. මහාචාර්ය ඒ.වී. සුරවීර පවසා ඇත්තේ “වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාගෙන් සිංහල සංස්කෘතියට සැලසුණු සේවාදාමයන් සියල්ලම පසෙක තිබිය ද එතුමා විසින් ලියන ලද ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ නම් ග්‍රන්ථය පමණක් වුව එතුමන්ගේ නාමය අනුස්මරණය කිරීමට ප්‍රමාණවත්” බවය.

දේශනයෙන්ද, ‍පොත පත ලියමින්ද ජාතික සටන කරගෙන යද්දී හරිශ්චන්ද්‍රතුමන් පිළිකා රෝගයෙන් පීඩා වින්දේය. මේ වන විට ධර්මපාලතුමන් සිටියේ කල්කටාවේය. දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ඇෆ්.ආර්. සේනානායක, චාල්ස් බටුවන්තුඩාවේ, ආතර් වී. දියෙස් ආදී කල්‍යාණ මිත්‍රයන් මෙතුමන්ගේ වටිනා ජීවිතය මරණයෙන් බේරාගන්නට අහස ‍පොළව ගැටගසා ගත් උත්සාහය ව්‍යර්ථ වූ බව ඩේවිඩ් කරුණාරත්න ‍ලේඛකයා විස්තර කර ඇත. 1913 සැප්තැම්බර් 13 වෙනිදා එතුමන් අභාවයට පත්විය.

වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්ගේ ආදාහනෝත්සවය ගැන ටී.ඇස්. ධර්මබන්ධු ලියූ ‘සිංහල වීරයෝ’ ග්‍රන්ථයේ මෙසේ විස්තර වෙයි.

“ඉක්බිති අගනා පෙට්ටියක බහාලූ මෘත ශරීරය ඩබ්ලිව්. ආතර් සිල්වා, ඩී.බි. ජයතිලක, ඇෆ්.ආර්. සේනානායක, දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ඇඩ්මන් හේවාවිතාරණ, ආතර් වී. දියෙස්, ඩී.බි. පෙරේරා, මාටිනස් සී. පෙරේරා, පියදාස සිරිසේන ආදී ජාති හිතෛෂී ප්‍රභූවරයන් විසින් සොහොන් බිමට  ඒ මහත් ශෝකයෙන් ගෙන යන ලදී  ...😪

දෙසීයක් පමණ වූ මහා සංඝයා වහන්සේගෙන්ද, දස දහසකටත් අධික වූ උපාසක උපාසිකාවන් ගෙන් ද, සැදුම් ලත් මහ පෙරහැර 14 වැනි රිවි දින 4.30ට පමණ කනත්තේ සුසාන භූමියට ළඟා විය. නියම ජාති හිතෛෂියෙක් වූ ද, අද්විතීය ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු වූ ද, වලිසිංහ හරිශ්චන්ද්‍ර බ්‍රහ්මචාරීතුමාගේ ගුණ වර්ණනාත්මක කතා කිහිපයක් පැවැත්වීමෙන් පසු සවස 6ට පමණ චිතකයට ගිනි දල්වන ලදී.”

එතුමාගේ ශ්‍රී නාමයට ගෞරව පිණිස කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ හරිශ්චන්ද්‍ර අනුස්මරණ ශාලාව හා මීගමුවේ හරිශ්චන්ද්‍ර විද්‍යාලය ඉදි වූ බව ටී.ඇස්. ධර්මබන්ධු ‍ලේඛකයා සඳහන් කර ඇත. අනුරාධපුර මහමෙවුනා උයනේ හරිශ්චන්ද්‍රතුමාගේ පිළිරුව අසල පුවරුවේ මේ කවිය ලියා ඇත.

බුද්ධ උරුමය අනුව රුපුනගෙ

ලෙයින් සිය අසිපත නොනාවා

සුද්ද කරමින් මහත් කුළුනින්

රැඳී සිට ජය කණුව ගාවා

සුද්ද භූමිය රැක බලා ගත්

ජාතියේ මුර දේවතාවා

සිද්දවන හරි වැරදි දැක

මම යළිත් ආ යුතු තැනට ආවා

“මිනිසුන්ට බණිනව යයි කියන මා මැරී, හරිශ්චන්ද්‍ර තව කලක් ජීවත් වුණා නම් යෙහෙකි.” වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා මිය ගිය පුවත ඇසූ ධර්මපාලතුමාගේ මුවින් පිටවී ඇත.

උපුටා ගැනීම

හරිශ්චන්ද්‍රතුමා ලියූ ‘පුරාවිද්‍යාව‘ නැමැති ග්‍රන්ථය මුද්‍රණය කර හැම ගෙයකම තබාගැනීමට සැලසිය යුතු යයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් 1957 සැප්තැම්බර් 14 වෙනිදා ලංකාදීපයට ලියා ඇත.

- අතුල මහේෂ් ද සිල්වා





සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.