News Category
From Date
To Date
Maximum Number of Result

අනුරාධපුරය බේරාගත් ධර්ම වීරයා - වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා..

Jun 19, 2025 at 12:17 PM
|

සිංහල බෞද්ධයාගේ ශුද්ධ වූ නගරය ලෙස සැලකෙන අනුරාධපුරය දිගු කාලයක් මුළුල්ලේ වනාන්තරගතව තිබී, පසුව කෙමෙන් කෙමෙන් හෙළිවෙමින් වන්දනාකරුවන් ගෙන් පිරී යමින් පැවතුණා .නමුත් අවාසනාවකට මෙන් මෙම නගරය තුළ අධිරාජ්‍යවාදීන්ගේ මෙන්ම අන්‍ය ආගමිකයන්ගේද බලය වැඩි වුණා. ඇතැම් අවස්ථාවල අටමස්ථානයේ කොටස්වල පවා අන්‍යාගමිකයන් පදිංචිව සිටියා. එහිදී අටමස්ථානයේ හිමිවරුන් සහ බෞද්ධ ප්‍රභූවරුන් සංවිධානය කරමින් අනුරාධපුර ශුද්ධ නගරයේ බලය යළි සිංහල බෞද්ධයාට ලබාගැනීමට බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා නව වැඩ පිළිවෙළක් දියත් කරනු ලැබුවා.

අනුරාධපුරය බේරාගත් ධර්ම වීරයා - වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා..!

ජපන් චීනාදී රටවල සම්බුද්ධ ධර්මය දේශනා කරමින් සංචාරය කොට ගිය මස 29 වෙනි දින සිංගප්පූරුවට සම්ප්‍රාප්ත වූයෙමි. ඉතා සතුටින් නැවෙන් ගොඩබැස්ස නමුදු මා සම්භවීමට නැවට ගිය සිංහල සොයුරන්ගෙන් අපට වූ බලවත් විපත දැන ගතිමි. හරිශ්චන්ද්‍ර වයස 36 දී මරණයට පත්වේ යයි කිසිකෙනෙක් සිතුවාද? අහෝ, ලංකා ශාසනය දියුණුවේගන යන මේ කාලයේ පරාර්ථය සලකා ක්‍රියාකරන ඥාන ශක්තියෙන් යුත් වීර පුරුෂයෙක් සොයාගැනීම දුර්ලභයි. සිංහල බෞද්ධ ජනයා කෙරෙහි කරුණා සිත් ඇති ජනහිතකාරී හරිශ්චන්ද්‍රගේ වැඩ නිසා සිංහල ජනතාව දියුණුවේය යන බයක් මාරයාට ඇතිවුණාද? මට මේ මරණය පැමිණ හරිශ්චන්ද්‍රට දීර්ඝායුෂ ලැබුණා නම් මම සතුටුයි. ලංකාවට ඕනෑ කරන හරිශ්චන්ද්‍ර නැති වුණේ සිංහල බෞද්ධයන්ගේ පුණ්‍ය බලය හීන නිසායි.”

මෙයින් ශත වර්ෂයකට එපිට දිවංගත වූ දුර්ලභ ධර්ම වීරයෙකු හා ජාති හිතෛෂයකුගේ අකල් මරණය ගැන ඇසූ අනගාරික ධර්මපාලතුමන්ගේ මුවට නැගුණු වාංමාලාවයි මේ. ආචාර්ය ආනන්ද ගුරුගේ විසින් සංස්කරණය කරන ලද “ධර්මපාල ලිපි“ සංග්‍රයේ එසේ සඳහන් වී ඇත.

වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් මෙලොවට බිහි වූයේ ලංකාව විදේශ ආධිපත්‍යයට යටත්ව “මා බෞද්ධයෙක්” යයි හඬ ගා කීමට නොහැකි අඳුරු යුගයක 1876 ජූලි මස 09 වෙනි ඉරිදා මීගමුවේ මහ හුණුපිටියේදීය. එතුමාගේ මුල් නම වලිසිංහ එඩ්වඩ් ද සිල්වා නම් විය. සුප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ වලිසිංහ හෙන්ද්‍රික් ද සිල්වා මුදලාලි මහතාට සහ මර්තීනි සිල්වා ගුණසේකර මහත්මියට දාව උපන් මේ පින්වත් කුමරු කුඩා කල සිටම ඉගෙනීමට, ධර්මයට ලැදි දරුවකු විය.

තම මහගෙදරට යාබද මීගහළඟ ඉස්කෝලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ කුඩා එඩ්වඩ් වැඩිදුර ඉංග්‍රීසි ඉගෙනීමට මීගමුවේ ශාන්ත මේරි විද්‍යාලයට බැඳුණේය. එහෙත් ඔහු කුඩා කල සිටම ධර්මානුකූල ජීවිතයක් ගතකිරීමට මග පෑදූ තක්සලාව වූයේ මහ හුණුපිටියේ සුගතාරාම විහාරස්ථානයයි. එහි වැඩ විසූ හුණුපිටියේ ධම්මරතනතිස්ස හිමියන් කුඩා එඩ්වඩ්ගේ පරමාදර්ශී චරිතයක් විය. ධර්ම දේශකයකු, ජාතික වීරයකු වීමේ, ජන නායකයකු වීමට අඩිතාලම දැමුවේ ඒ හිමිපාණන්ය. වැඩිදුර ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගැනීමේ අදිටනින් දෙමාපියන් එඩ්වඩ් ශිෂ්‍ය මානවකයා කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් කරනු ලැබුවේය.

එඩ්වඩ්ගේ ජීවිතයේ දෙවැනි පුනරුත්පත්තිය සිදුවූයේ අහම්බෙනි. බලපිටිය රංදොඹේ මහාච්ෙතිය පරිවේණාධිපති පූජ්‍ය තොටගමුවේ පඤ්ඤාමෝලිතිස්ස හිමියන් දිනක් මීගමුව සුගතාරාම මහාවිහාරයට වැඩම කළහ. ධර්ම දේශනය සාවධානව ශ්‍රවණය කළ කුඩා උපාසක උන්නැහේ ගැන අවධානයෙන් සිටි දේශකයාණෝ, අසල සිටි ධම්මරතනතිස්ස හිමියන්ගෙන් මේ කුඩා තැන ගැන වගතුග විමසූහ. මේ අතර කුඩා එඩ්වඩ් දේශකයන් වහන්සේ අසළට ගියේය.

“ස්වාමීනි මට භාවිතයට සුදුසු නමක් අවශ්‍යයි

“සම්පූර්ණ නම කුමක්ද?”

“වලිසිංහ එඩ්වඩ් ද සිල්වා”

“අපි එඩ්වඩ් ද සිල්වා අත අරිමු. දරුවා ඔබට උචිත නම හරිශ්චන්ද්‍ර. වලිසිංහ හරිශ්චන්ද්‍ර.”

අප කතානායකයා එතැන් සිට වලිසිංහ හරිශ්චන්ද්‍ර නම් විය.

දෙයියන්දර වෑවල පියද්දේ සුවිසුද්ධාරාම මහාවිහාරාධිපති පල්ලාවෙල සද්ධාතිස්ස නාහිමියන් පවසා ඇති පරිදි වලිසිංහ යන නාමයේ අර්ථය බලවත් සිංහයා යනුයි. බලවත් සිංහයා කේශර සිංහයෙකි. වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා නිර්භීත වීර සිංහලයෙක් විය. එහෙයින් එතුමා වලිසිංහ නාමයටද සුදුස්සෙක් විය. මෙතුමන්ගේ නාමයේ අග කොටස හරිශ්චන්ද්‍ර නම් වෙයි. පෙර හරිශ්චන්ද්‍ර නමින් සෘෂිවරයෙක් වාසය කළේය. දීප්තිමත් චන්ද්‍රයා යන අරුත එයින් ප්‍රකට වෙයි.

කොළඹ වෙස්ලි විද්‍යාලයේ ඉගෙනීම ලබන අතරතුර නීතිඥයකු වීමේ අදිටනින් හෙතෙම නීති විද්‍යාලයට බැඳුණේය. එච්.ජේ.වී. ඒකනායක හා ජේ.ටී. බ්ලසෙ නීති විශාරදයන් ඇසුරේ සිටි එතුමා චතුර කථිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ මේ අතරතුරය. නීති විද්‍යාලයේ ඉගෙනුමට වඩා ජාත්‍යාලයකින් හා ආගමාලයකින් එතුමා එකල කැපී පෙනුණේ පටු පරමාර්ථ ඉටුකරගැනීමට නොවේ. එයට ආසන්නම සිද්ධිය වූයේ අනගාරික ධර්මපාලතුමාගේ අභීත සිංහ නාදය ඇසීමෙන් ඇතිවූ උත්තේජනයයි.

“සිංහලයිනි නැගිටිව් බුදු සසුන බේරාගනිව්”

මේ සිංහනාදය වලිසිංහ හරිශ්චන්ද්‍රගේ දෙසවනේ දෝංකාර දෙන්නට විය. 1912 ලංකාවේ ලකිසුරුව සිටි සර් හෙන්රි මැක්ලම් පාලන සමයේ මහ‍ලේකම් පදවිය දැරූ සර් හියූ ක්ලිෆර්ඩ්ගේ හිතුවක්කාර තීරණයක් අනුව “ලංකාවේ ගමක් ගමක් පාසා රා තැබෑරුම් විවෘත කළ යුතුය.” යන යෝජනවාට සිංහල මන්ත්‍රීවරයකු වූ සර් ක්‍රිස්ටෝපර් උභයසේකර මහතා ද පක්ෂ වී ඇත්තේ “රා බිම ඇඟට ගුණ යැයි අනුමත කරමිනි.

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ මේ යෝජනාවට විරුද්ධ වී ඇත්තේ එකම ලාංකික මන්ත්‍රී ධුරය දැරූ ‍පොන්නම්බලම් රාමනාදන් මහතා පමණි.

“අනගාරික ධර්මපාල” චරිතාපදානය ලියූ ඩේවිඩ් කරුණාරත්න මහතා මේ කරුණු දක්වමින් පවසා ඇත්තේ එදා අමද්‍යප මහා සටන මෙහෙය වූයේ අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ඇඩ්මන් හේවාවිතාරණ, ඩී.සී. සේනානායක, ඇෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, වලිසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන, ආතර් වී. දියෙස්, ඩබ්ලිව්. ආතර් ද සිල්වා, අමදෝරිස් මැන්දිස්, මාටිනස් සී. පෙරේරා, ජේ.ඊ. ගුණසේකර, ජෝන් අමරතුංග, ඒ.පී. ගුණරත්න, ජෝන් දිසානායක, ඩී.බි. ජයතිලක ආදී අමද්‍යප සභාවේ ජාති හිතෛෂීහුය.

ධර්මපාලතුමන්ගේ ඇසුර හේතුකොට ගෙන 1897 එතුමන් විසින් ආරම්භ කරන ලද රාජගිරිය පාඨශාලාවේ (අද හේවාවිතාරණ විද්‍යාලය) ගුරුවරයකු ලෙස සේවය කළ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්, ධර්මපාලතුමන් මෙන්ම චතුර කථිකයෙකු ලෙස කැපී පෙනුණේ එතුමාගේ අඩි පාරේ යමිනි.

ඩේවිඩ් කරුණාරත්නයන් පවසා ඇති අන්දමට හරිශ්චන්ද්‍රතුමාගේ කතාවට වරක් ඇහුම්කන් දුන් කෙනකු සැතපුම් කීපයක් හෝ ගෙවා දෙවෙනි කතාව අසන්නට පෙළඹෙන තරමටම එතුමාගේ දේශන අර්ථ රසයෙන්, ශාන්ත ගුණයෙන්, කරුණා රසයෙන් පරිපූර්ණ බවය. “හරිශ්චන්ද්‍රතුමාගේ කතාවල අත්හල යුතු එකද වචනයක් නැතැ”යි එතුමන්ගේ කතා ඇසූ බොහෝ අය පවසා ඇත.

ගෘහස්ථ ජීවිතයෙන් සමුගෙන තම ජීවිතය, ආගම, රට, භාෂාව වෙනුවෙන් කැපකිරීමට සිතා දෙමාපියන්ගෙන් ඒ සඳහා අවසරය ලබාගත්තේය. 1896 ජනවාරි 01 වෙනිදා මංගල බෙර නාදය මැද මහා ජන ගංගාවක් සහිත සභාවක මාලිගාකන්දේ විදේ‍යාදය පිරිවෙනේදී බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර නාමය තැබුවේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසිනි.

1898 දෙසැම්බර් 25 වෙනිදා එතුමන් ධර්මපාලතුමන්ගේ උපදෙස් පරිදි මහාබෝධි සමාගමේ නියෝජ්‍ය ‍ලේකම් පදවියට පත් විය. එතැන් සිට ධර්මපාලතුමන්ගේ ප්‍රධාන සහායකයා එතුමන් සේ ම ගුරු පැහැති තවුස් ඇඳුමින් සැරසී එතුමන් ධර්ම චාරිකාවේ නියැළුණේ දුෂ්කරතා මැදය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ශ්‍රී ධර්මාරාම යන මහ පඩිවරු දෙපළ නිසා ධර්ම ශාස්ත්‍රාලෝකයේ මිණි පහන් දැල්වුණු සේම ධර්මපාලතුමාත්, හරිශ්චන්ද්‍රතුමාත් යන දේශප්‍රේමීන් දෙදෙනා නිසා වර්තමාන ජාතික හා ආගමික ප්‍රබෝධයේ පදනම දැමුණු බව පිළිගත යුතු බව ඩේවිඩ් කරුණාරත්න ලියූ ‘අනගාරික ධර්මපාල’ චරිතාපදානයේ සඳහන් කරයි.

1899 දී අනුරාධපුරයේ වන්දනාවේ ගිය හරිශ්චන්ද්‍රතුමා එහි පරිසරය නටබුන්ව තිබූ ආකාරය දැක කම්පාවට පත්ව, “කවදා හෝ අනුරාධපුරය සුරක්ෂිත කරමි”යි අධිෂ්ඨාන කරගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් හැටියට එතුමාගේ අප්‍රතිහත ධෛර්ය හේතුකොට අනුරාධපුර මහා බෝධි ශාඛාවද, අනුරාධපුර බෞද්ධාරක්ෂක සභාවද පිහිටුවමින් බෞද්ධ ප්‍රබෝධය ආරම්භ කළේය. මේ පිළිබඳ තොරතුරු ආචාර්ය උක්කු බණ්ඩා කරුණානන්ද විසින් ලියන ලද “බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර සහ අනුරාධපුර බෞද්ධ ප්‍රබෝධය” (1899 - 1913) කෘතියෙන් මනාව විස්තර කර ඇත.

එතුමා ගැන ලියූ මුල්ම චරිතාපදානය වනුයේ “බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතාගේ ජීවන චරිතය”යි. මෙය රචනා කර ඇත්තේ එතුමාගේ සොහොයුරු වෛද්‍යාචාර්ය වලිසිංහ සතිස්චන්ද්‍ර මහතා විසිනි. 1914 දී මේ ‍පොත මහාබෝධි යන්ත්‍රාලයේ මුද්‍රණය කර ඇති අතර එහි ඡායාරූප 5ක් ඇතුළත්ය. 1987 දී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්ගේ 74 වෙනි ගුණ සමරුව වෙනුවෙන් කේ. ලයනල් පෙරේරා විසින් ලියූ “බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතාපදානය” දිවැස ප්‍රකාශන වෙනුවෙන් සෝමසිරි කස්තුරිආරච්චි විසින් නිකුත් කර ඇත. 1994 දී අමරහේවාමද්දුම මහතාගේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් ලියන ලද “බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර විමර්ශනය” කෘතිය ප්‍රකාශයට පත්කළේය. මේ සියලු ‍පොත් අධ්‍යයනය කිරීමට මා හට ලබාදුන්නේ සෝමසිරි කස්තුරිආරච්චි මහතා විසිනි.

ඉංග්‍රීසි ආණ්ඩුව සමග සටන්කොට වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්ට බන්ධනාගාර ගතවීමට සිදුවූ අයුරු ගැන අගනා විස්තරයක් සරත්චන්ද්‍ර ජයකොඩි ‍ලේඛකයාණන් “තවද එක් සමයක්හි...” විශේෂාංගයකින් ඉරු දින පුවත්පතක විස්තරකොට තිබුණි.

අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවණේ කඩයක් පවත්වා ගෙන යාමට ඉංග්‍රීසි ආණ්ඩුව ඉඩදුන්නා සේම ශ්‍රී මහා බෝධිය සමීපයේ සුදෝ සුදු මල් උයනක් වගාකිරීමටත් ඉඩ දුන්හ. එසේම ඔවුන් සිංහල බෞද්ධයාට ඇට වූ උගුල 1903 ජූනි 09 වෙනිදා දහවල් එකොළහට සිදුවූ සිද්ධියක් නිසා පුපුරා ගොස් ඇත.

මේ පුවත එදින ඊඪථඥඵ ධට ඛිඥරතධද පුවත්පත වාර්තා කළ අයුරු සරච්චන්ද්‍ර ජයකොඩි ‍ලේඛකයා දක්වා ඇත.

“උදය වරුවේ 10 - 11 අතර නොනවතින බෙර හඬ මධ්‍යයේ සාදුකර දෙමින් කළ මහා සේනාවෙන් පාරවල් පිරී තිබුණු අවස්ථාවේ අමරසේකර මුදලිතුමා නිවෙස බලා ගමන් කරමින් සිටියේය. අසුගේ පයක් වැදීමෙන් වයස අවුරුදු 55 - 60 අතර වයසැති කාන්තාවක් පීඩා ලැබ බිම ඇද වැටුණාය. ඇගේ ස්වාමි පුරුෂයා “මහත්තයා, මහත්තයා, නවතින්න... නවතින්න” යැයි කෑගැසුවත් මුදලිතුමා අශ්වයාට බේ්‍රක් ඇල්ලුවේ නැත. එහිදී සිදුවූ භයානක නරුම සිද්ධිය... එයටත් වඩා තුච්ඡය. නින්දිතය. මුදලිතුමාට ‘මහත්තයා’ යැයි ආමන්ත්‍රණය කිරීම ගැන ඔහු කෝප වී තුවාල ලද ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයා කරා පැමිණ පහර දුන්නේ ඒ අහිංසක මිනිසාගේ අතෙහි වූ කුඩය උදුරා ගත්තේය. අහිංසකයාගේ නාසයෙන් කටින් ‍ලේ ගලන්නට පටන් ගති.

“මූ ඇදගෙන ඇවිත් වලව්ව දොරකඩ බැඳ දමාපියව්” කියමින් මුදලිතුමෝ යහපත් වූවෝය.

කෙසේ වුවද මේ නඩුවෙහි විනිශ්චය සාධාරණ විය. අසරණ මහලු ස්ත්‍රියගේ මරණයට මුදලිතුමෝ වරදකරු බව පිළිගත්හ. අසරණ මහලු මිනිසාට පහරදීම ද වරදක් බව ඔප්පු විය. දඩය රුපියල් හැටකි. ඒ කාලයේ හැටියට රුපියල් හැටේ දඩය පිදුරුතලාගල කන්ද වැනිය.

මේ සිද්ධියෙන් කුපිත වූ බෞද්ධයෝ තමන් තුළ පැසවමින් තිබූ විරෝධය පළ කිරීම් වස් ජය ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට පැවති ගව මස් වෙළෙඳසල, කඩා බිඳ දැමූහ. මේ සිද්ධිය අගනා අවස්ථාවක් කොටගත් ඉංග්‍රීසි පාලකයන් හරිශ්චන්ද්‍රතුමන් මේ සිද්ධියේ නායකත්වය දැරූ බවට චෝදනා ඉදිරිපත් කොට බොරු සාක්ෂි ඉදිරිපත් කොට සිරභාරයට ගන්නා ලදී. සත්‍යවශයෙන් එතුමා මේ සිද්ධිය සමථයකට පත්කිරීමට උත්සාහ කළා මිස අන් අයුරකින් අනුබල දුන්නා නොවේ. එහෙත් සත්‍යය සැමවිටම ජයගන්නා ලෙස නඩු විභාගයෙන් පසු සියලු චෝදනාවලින් එතුමන් නිදහස් විය.

වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් ‍ලේඛකයකු, පර්යේෂකයකු ලෙසද ප්‍රතිභාව පළ කළ අවස්ථා එමටය. සඟරා සංස්කාරකවරයකු ලෙසද ප්‍රකට වූයේ ‘සිංහල බෞද්ධයා’, ‘මහාබෝධි’ හා ‘සිරි අනුරාපුර පුවත’ යන පුවත්පත් සඟරා තුළිනි.

එතුමන් ලියූ ‍පොත්පත් අතර ඊඩඥ ඉචජපඥඤ ඛිඪබර ධට ඒදභපචඤඩචනභපච ග්‍රන්ථය එංගලන්තයේ රජු වෙත පෙත්සමක් ලෙස යවා ඇත. සෙසු ‍පොත්පත් අතර ‘අනුරාධපුර ෙචෙත්‍ය විස්තරය’, ‘අනුරාධපුර ශුද්ධ නුවර විස්තරය’, ‘අනුරාධපුර පළාතේ විස්තරය’, ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘, ‘රුවන්වැලි විස්තරය’, ‘ථූපාරාම දාගැබ් විස්තරය’, ‘ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව‘, ‘සිංහල ජාතියේ පටන්ගැන්ම’, ‘දෙවන පෑතිස් නරේන්ද්‍ර චරිතය’, ‘දුටුගැමුණු නරේන්ද්‍ර චරිතය’, ‘ප්‍රාණඝාතය’, ‘අදත්තාදානය’, ‘කාම මිථ්‍යාචාරය’, ‘මුසාවාදය’, ‘සුරා’, ‘ලුම්බිණි සහ ජය ශ්‍රී මා බෝමැඩ විස්තරය’.

ඒ අතරින් ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ විසිදුනු ප්‍රකාශනයක් ලෙස නිකුත් කර ඇත. කුමාරතුංග මුනිදාස වියතාණන් පරිහරණය කළ ‍පොත් අතර තිබි එතුමාණන්ගේ මුණුබුරු ගෙවිඳු කුමාරතුංගයන් අතට පත් ‘පුරාවිද්‍යාව‘ නම් හරිශ්චන්ද්‍රතුමන් එකී ග්‍රන්ථය නැවත නැවත කියවීමෙන්, ඒ කරුණු ඉදිරිපත් කර ඇති ස්වරූපයෙන් පාඨක ලෝකයා අතට පත්කිරීමට උත්සාහ ගෙන ඇත.

හරිශ්චන්ද්‍රතුමා ලියූ ‘පුරාවිද්‍යාව‘ නැමැති ග්‍රන්ථය මුද්‍රණය කර හැම ගෙයකම තබාගැනීමට සැලසිය යුතු යයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් 1957 සැප්තැම්බර් 14 වෙනිදා ලංකාදීපයට ලියා ඇත. මහාචාර්ය ඒ.වී. සුරවීර පවසා ඇත්තේ “වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාගෙන් සිංහල සංස්කෘතියට සැලසුණු සේවාදාමයන් සියල්ලම පසෙක තිබිය ද එතුමා විසින් ලියන ලද ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ නම් ග්‍රන්ථය පමණක් වුව එතුමන්ගේ නාමය අනුස්මරණය කිරීමට ප්‍රමාණවත්” බවය.

දේශනයෙන්ද, ‍පොත පත ලියමින්ද ජාතික සටන කරගෙන යද්දී හරිශ්චන්ද්‍රතුමන් පිළිකා රෝගයෙන් පීඩා වින්දේය. මේ වන විට ධර්මපාලතුමන් සිටියේ කල්කටාවේය. දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ඇෆ්.ආර්. සේනානායක, චාල්ස් බටුවන්තුඩාවේ, ආතර් වී. දියෙස් ආදී කල්‍යාණ මිත්‍රයන් මෙතුමන්ගේ වටිනා ජීවිතය මරණයෙන් බේරාගන්නට අහස ‍පොළව ගැටගසා ගත් උත්සාහය ව්‍යර්ථ වූ බව ඩේවිඩ් කරුණාරත්න ‍ලේඛකයා විස්තර කර ඇත. 1913 සැප්තැම්බර් 13 වෙනිදා එතුමන් අභාවයට පත්විය.

වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්ගේ ආදාහනෝත්සවය ගැන ටී.ඇස්. ධර්මබන්ධු ලියූ ‘සිංහල වීරයෝ’ ග්‍රන්ථයේ මෙසේ විස්තර වෙයි.

“ඉක්බිති අගනා පෙට්ටියක බහාලූ මෘත ශරීරය ඩබ්ලිව්. ආතර් සිල්වා, ඩී.බි. ජයතිලක, ඇෆ්.ආර්. සේනානායක, දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ඇඩ්මන් හේවාවිතාරණ, ආතර් වී. දියෙස්, ඩී.බි. පෙරේරා, මාටිනස් සී. පෙරේරා, පියදාස සිරිසේන ආදී ජාති හිතෛෂී ප්‍රභූවරයන් විසින් සොහොන් බිමට  ඒ මහත් ශෝකයෙන් ගෙන යන ලදී  ...😪

දෙසීයක් පමණ වූ මහා සංඝයා වහන්සේගෙන්ද, දස දහසකටත් අධික වූ උපාසක උපාසිකාවන් ගෙන් ද, සැදුම් ලත් මහ පෙරහැර 14 වැනි රිවි දින 4.30ට පමණ කනත්තේ සුසාන භූමියට ළඟා විය. නියම ජාති හිතෛෂියෙක් වූ ද, අද්විතීය ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු වූ ද, වලිසිංහ හරිශ්චන්ද්‍ර බ්‍රහ්මචාරීතුමාගේ ගුණ වර්ණනාත්මක කතා කිහිපයක් පැවැත්වීමෙන් පසු සවස 6ට පමණ චිතකයට ගිනි දල්වන ලදී.”

එතුමාගේ ශ්‍රී නාමයට ගෞරව පිණිස කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ හරිශ්චන්ද්‍ර අනුස්මරණ ශාලාව හා මීගමුවේ හරිශ්චන්ද්‍ර විද්‍යාලය ඉදි වූ බව ටී.ඇස්. ධර්මබන්ධු ‍ලේඛකයා සඳහන් කර ඇත. අනුරාධපුර මහමෙවුනා උයනේ හරිශ්චන්ද්‍රතුමාගේ පිළිරුව අසල පුවරුවේ මේ කවිය ලියා ඇත.

බුද්ධ උරුමය අනුව රුපුනගෙ

ලෙයින් සිය අසිපත නොනාවා

සුද්ද කරමින් මහත් කුළුනින්

රැඳී සිට ජය කණුව ගාවා

සුද්ද භූමිය රැක බලා ගත්

ජාතියේ මුර දේවතාවා

සිද්දවන හරි වැරදි දැක

මම යළිත් ආ යුතු තැනට ආවා

“මිනිසුන්ට බණිනව යයි කියන මා මැරී, හරිශ්චන්ද්‍ර තව කලක් ජීවත් වුණා නම් යෙහෙකි.” වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා මිය ගිය පුවත ඇසූ ධර්මපාලතුමාගේ මුවින් පිටවී ඇත.

උපුටා ගැනීම

හරිශ්චන්ද්‍රතුමා ලියූ ‘පුරාවිද්‍යාව‘ නැමැති ග්‍රන්ථය මුද්‍රණය කර හැම ගෙයකම තබාගැනීමට සැලසිය යුතු යයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් 1957 සැප්තැම්බර් 14 වෙනිදා ලංකාදීපයට ලියා ඇත.

- අතුල මහේෂ් ද සිල්වා





සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.