හුගක් අය ඉරානෙට ගහද්දි හුරේ දාන නිසා මේ ටික ලියන්න හිතුනා
ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.
ඒවගේම කොටි ත්‍රස්තවාදීන් පරාද කරන්න අපි මුලින්ම නැගෙනහිර ක්‍රියාන්විතය පටන් ගන්න කලින් ඉරානය ඒ කාලේ මුදලින් ඩොලර් මිලියන 150ක් අපිට ආයුධ ගන්න දුන්නා ( ශ්‍රි ලංකා රුපියල් මිලියන 45,000 ) .
යුධ ජයග්‍රහණයෙන් පස්සේ ලෝකේ බටහිර රටවල් අපිට යුධ අපරාධ චෝදනා එල්ල කරලා ශ්‍රී ලංකාවට සම්බාධක දාල නැත්තටම නැති කරන්න ගිය වෙලාවේ ඉරානය පාකිස්තානය රුසියාව වගේ රටවල් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා.
ශ්‍රී ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුලුවන් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධානම කොටස් කරුව වන්නේ ඉරානය.
කොවිඩ් ආපු වෙලාවෙදිත් මිලියන සියගාණක් වටින බෙහෙත් උපකරණ ඉරානය ශ්‍රී ලංකාවට ආධාර විදියට ලබා දුන්නා.ඒ වගේ හුග ක් දේවල් වලට ඉරානය ශ්‍රී ලංකාවට උදව් කරලා තියෙනවා.
ඉතින් ඒ තරම් ලංකාවට උදව් කරපු අදටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අතිශය වැදගත් තේ අපනයනය කරන රටක්,ඉතාමත් ලාභ දායි විදියට තෙල් ටික දෙන රටකට පහර වදිද්දි සමහර සිරි ලාංකිකයෝ හුරේ දානවා.ඒක ඛේදවාචකයක්.
ඉරානයට න්‍යෂ්ටික අවියක් ලැබිය යුතු නෑ කියන මතයේ පෞද්ගලිකව මාත් ඉන්නවා.නමුත් එකම විකල්පය ඔවුන්ට පහරදීලා විනාස කරන එක නෙවෙයි.න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත හරින්න ඉරානයේ කොන්දේසිය උනේ ඊශායලය න්‍යෂ්ටික ආයුධ ඉවත් කරන්න කියන එක.නමුත් ඔවුන් එකඟ උනේ නෑ.
ඊශායලය කියන්නෙත් ශ්‍රී ලංකාවට හුගක් උදව් කරපු අපේ හුගක් අයගේ ජීවිත වෙනස් කරපු රටක්.යුද්ධයකදි වන්දි ගෙවන්නවෙන්නේ රටවල් දෙකේම අහිංසක මිනිස්සුන්ට.
ඒ නිසා කිසිම රටකට හුරේ කියන්න අයිතියක් අපිට නෑ.ඉරානය වේවා ඊශායලය වේවා ගාසා තීරය වේවා හැම රටකම අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම එකයි.අපි අවුරුදු 30ක් යුද්ධයෙන් බැටකාපු මිනිස්සු විදියට ඒක අපිට හොදටම දැනෙන්න ඕනි.
සංජය ප්‍රදීප්
Green Project Api
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..