"ඉරේෂා පොල්ගම්පල සහෝදරිය" - ශිෂ්‍ය වීර දිනය මත්තෙනි..
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය තුළ රන් අකුරින් ලියවූ කාන්තා නාමයක් ලෙස ඉරේෂා පොල්ගම්පල නාමය සැලකිය හැක.එදත් අදත් අනාගතයේදීත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කාන්තාවක ශක්තිය ඇය මගින් මනාව විදහා පානු ඇත.කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි ඉරේෂා පොල්ගම්පල සහෝදරිය ව්‍යවහාරික විද්‍යා පීඨය විද්‍යාර්ථයෙකි. තම විශ්ව විද්‍යාල භූමිය තුළ මෙන්ම පිටත සමාජ තලයේ වුවද නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය එමෙන්ම මව්බිමේ නිදහස වෙනුවෙන් හඬ නැගූ ඇය එම ශිෂ්‍ය අරගලයන්හි පෙරමුණ ගත් අභීත සහෝදරියකි. කතා නායිකාවගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ ආරම්භයේ පටන්ම තම ජීවන සුසුම අවසන් වනතුරු නොබියව කටයුතු කළේ පුරුෂයකුටත් වඩා ධෛර්යයෙනි.ඉරේෂා සහෝදරිය කෑගල්ලේ පොල්ගම්පල ඉහල සමාජ පසුබිමක උරුමක්කාරියව සිටි ඇය එසේ තම පවුල් පසුබිම එසේ පිටින්ම අමතක කර පීඩිත මිනිසුන් වෙනුවෙන් අරගල බිමට අවතීර්ණ වී සිටියේ තම ජීවිත පරිත්‍යාගයෙන් වුවද පොදු අරමුණු වෙනුවෙන් කැපවන්නට සපථ කරමින්ය.තම අරමුණ වෙනුවෙන් තමාගේ පෞද්ගලික ජීවිතය,සෞඛ්‍ය පවා අහිමි කරගත් බවට සාක්ෂිය ලෙස ඇය හදවත් රෝගයකින් පෙළීම සහ තම මවගේ වියෝව කදිම නිදසුන්ය.සමකාලීනව ක්‍රියාත්මක වූ දැවැන්ත උද්ඝෝෂණයන් සහ විවිධ ක්‍රියාකාරකම්හිදී තම පුද්ගලික ආරක්ෂාවට වඩා පොදු අරමුණේ වැදගත්කම පෙරට ගනිමින් ඉටු කරන්නට වග බලා ගත්තාය. ඇයගේ සමකාලීන සගයෙකු වරක් කී පරිදි ඇය අපූරු දක්ෂතා ඇති කලාකාරියකි.
ඇය තමන්ට කුමන දේ අහිමි වුවත් ඒ වෙනුවට සියලු අපේක්ෂා රඳවා ගත්තේ පොදු අරමුණු කරා ළඟා වීමේ මඟ කෙරෙහිය.මනුෂ්‍ය වර්ගයා උදෙසා වූ පෙම ඉදිරියට ගත්තාය.මේ අතර ඇය අසූඅටේ එක් දිනක පැහැරගනු ලබන ඇය යළි හමුවනුයේ මග දමා ගොස් සිටියදීය.ශාරීරික විවිධ අඩන්තේට්ටම් වලට ලක්ව සිටියද යළිත් හමුවූයේ පෙරටත් වඩා මනසින් සවිමත් තම අරමුණු කෙරේ පැවති විශ්වාසය වඩාත් වර්ධනය කරගත් අරගලකාරියක බව කීම ඇයට සාධාරණ ඉටු කිරීමකි.එහෙත් දෙවන වර ඇය අපට අහිමි වනුයේ සදහටමය. ඇය 1988 දෙසැම්බර් 30 වන දින මොරටුව විශ්ව විද්‍යාලය අසලදී පැහැරගෙන ගොස් අතුරුදන් කොට ඇත.සමස්ත කාන්තා සමාජයට මෙන්ම අනාගත ශිෂ්‍ය ප්‍රජාවටද මහඟු ආදර්ශයක් වෙමින් නූපන් පරපුරක් උදෙසා දිවියම කැප කළ ඉරේෂා පොල්ගම්පල සහෝදරිය ශිෂ්‍ය වීරයන් අතර නොමැකෙන රන්සලකුණක් බව නිසැකය.නිදහස් අධ්‍යාපනය දිනේවා.!!
මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..