"ඉරේෂා පොල්ගම්පල සහෝදරිය" - ශිෂ්‍ය වීර දිනය මත්තෙනි..
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය තුළ රන් අකුරින් ලියවූ කාන්තා නාමයක් ලෙස ඉරේෂා පොල්ගම්පල නාමය සැලකිය හැක.එදත් අදත් අනාගතයේදීත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කාන්තාවක ශක්තිය ඇය මගින් මනාව විදහා පානු ඇත.කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි ඉරේෂා පොල්ගම්පල සහෝදරිය ව්‍යවහාරික විද්‍යා පීඨය විද්‍යාර්ථයෙකි. තම විශ්ව විද්‍යාල භූමිය තුළ මෙන්ම පිටත සමාජ තලයේ වුවද නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය එමෙන්ම මව්බිමේ නිදහස වෙනුවෙන් හඬ නැගූ ඇය එම ශිෂ්‍ය අරගලයන්හි පෙරමුණ ගත් අභීත සහෝදරියකි. කතා නායිකාවගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ ආරම්භයේ පටන්ම තම ජීවන සුසුම අවසන් වනතුරු නොබියව කටයුතු කළේ පුරුෂයකුටත් වඩා ධෛර්යයෙනි.ඉරේෂා සහෝදරිය කෑගල්ලේ පොල්ගම්පල ඉහල සමාජ පසුබිමක උරුමක්කාරියව සිටි ඇය එසේ තම පවුල් පසුබිම එසේ පිටින්ම අමතක කර පීඩිත මිනිසුන් වෙනුවෙන් අරගල බිමට අවතීර්ණ වී සිටියේ තම ජීවිත පරිත්‍යාගයෙන් වුවද පොදු අරමුණු වෙනුවෙන් කැපවන්නට සපථ කරමින්ය.තම අරමුණ වෙනුවෙන් තමාගේ පෞද්ගලික ජීවිතය,සෞඛ්‍ය පවා අහිමි කරගත් බවට සාක්ෂිය ලෙස ඇය හදවත් රෝගයකින් පෙළීම සහ තම මවගේ වියෝව කදිම නිදසුන්ය.සමකාලීනව ක්‍රියාත්මක වූ දැවැන්ත උද්ඝෝෂණයන් සහ විවිධ ක්‍රියාකාරකම්හිදී තම පුද්ගලික ආරක්ෂාවට වඩා පොදු අරමුණේ වැදගත්කම පෙරට ගනිමින් ඉටු කරන්නට වග බලා ගත්තාය. ඇයගේ සමකාලීන සගයෙකු වරක් කී පරිදි ඇය අපූරු දක්ෂතා ඇති කලාකාරියකි.
ඇය තමන්ට කුමන දේ අහිමි වුවත් ඒ වෙනුවට සියලු අපේක්ෂා රඳවා ගත්තේ පොදු අරමුණු කරා ළඟා වීමේ මඟ කෙරෙහිය.මනුෂ්‍ය වර්ගයා උදෙසා වූ පෙම ඉදිරියට ගත්තාය.මේ අතර ඇය අසූඅටේ එක් දිනක පැහැරගනු ලබන ඇය යළි හමුවනුයේ මග දමා ගොස් සිටියදීය.ශාරීරික විවිධ අඩන්තේට්ටම් වලට ලක්ව සිටියද යළිත් හමුවූයේ පෙරටත් වඩා මනසින් සවිමත් තම අරමුණු කෙරේ පැවති විශ්වාසය වඩාත් වර්ධනය කරගත් අරගලකාරියක බව කීම ඇයට සාධාරණ ඉටු කිරීමකි.එහෙත් දෙවන වර ඇය අපට අහිමි වනුයේ සදහටමය. ඇය 1988 දෙසැම්බර් 30 වන දින මොරටුව විශ්ව විද්‍යාලය අසලදී පැහැරගෙන ගොස් අතුරුදන් කොට ඇත.සමස්ත කාන්තා සමාජයට මෙන්ම අනාගත ශිෂ්‍ය ප්‍රජාවටද මහඟු ආදර්ශයක් වෙමින් නූපන් පරපුරක් උදෙසා දිවියම කැප කළ ඉරේෂා පොල්ගම්පල සහෝදරිය ශිෂ්‍ය වීරයන් අතර නොමැකෙන රන්සලකුණක් බව නිසැකය.නිදහස් අධ්‍යාපනය දිනේවා.!!
මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්