අනුර ආයෙත් ඇණගෙනද?
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
ඊළඟට මේ බහාලුම් තොගය නිදහස් කළාට පස්සේ රටේ අපරාධ රැල්ල වැඩිවුනා කියන තර්කයත් විටින් විට ගොඩනැගුණා.ඒ තර්කය අනුව නං බහාලුම් 323න් එකක හරි ආයුධ තිබුණාද ඒවා පාතාල කල්ලි අතට පත්වුනාද කියන සැකයත් සමාජගත වුනා.පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් කිව්වේ තායිලන්තයේ ඉඳන් ආපු කන්ටේනරයක ආයුධ ආවා කියලයි.උදය ගම්මන්පිලට රේගුවෙන් ලබාදීලා තියන තොරතුරුවලට අනුව තායිලන්තයෙන් එක කන්ටේනරයක් ඇවිත් තියනවා.
මෙතනදී තවත් සැකයක් මතුවෙන්නේ ආණ්ඩුව තායිලන්තය කන්ටේනරය ගැන තොරතුරු වසන් කිරීම හින්දයි.ආණ්ඩුව මේ චෝදනාවෙන් ගැලවෙන්න පහුගිය කාලය පුරාම විවිධ අසාර්ථක උත්සාහයන් දරුවා.වරාය ඇමති බිමල් මුලදී වැඩේ ඇඟටම අරන් face කළා.ඒ සම්බන්ධව කරපු පළවෙනි කතාවේදී බිමල් කිව්වේ එයාලගේ තියන වැලිව්ස් ගැනයි.හැබැයි දැන් මේ බහාලුම් වංචාව හරහා බිමල්ට විතරක් නෙවෙයි අනුරටත් තිබුණ වැලිව් එක බින්දුවට බැහැලා.
බිමල් අන්තිමට කිව්වේ ලෝකේ ඕනිම වරායකින් චෙක් කරන්නේ නැතිව බහාලුම් එලියට දානවා කියලයි.හොඳට දන්න කියන,දිගටම ගනුදෙනු කරපු අය එක්ක කරන විශ්වාසවන්ත ගනුදෙනූ වගේ රේගුවෙත් දන්න කියන,රේගුවට විස්වාස අපනයනකරුවන්ගේ බහාලුම් චෙක් කරන්නේ නෑ කියලත් බිමල් කිව්වා.ඒවට විවිධ උදාහරණ අරගෙන හොරකම වහන්න බිමල් උපරිම උත්සාහ කළා.අන්තිමට සීවලී අරුක්ගොඩ කියන රූකඩ රේගු අධ්‍යක්ෂකවරයා පාවිච්චි කරගෙන මාධ්‍ය සාකච්ඡාවකුත් කළා.
සීවලී අරුක්ගොඩ කිව්වේ බහාලුම් 323 ඇතුලේ ආයුධ තිබ්බේ නෑ කියලා එයා විශ්වාස කරනවා කියලා.සීවලී අරුක්ගොඩ කියපු කතාවම ආරක්ෂක ලේකම් තුහිය කොන්තත් කලින්ම කිව්වා.අන්තිමට දෙන්නම නෝන්ඩිවෙලා එයාලා දරන තනතුරුත් නෝන්ඩි වුනා.හැබැයි මේ අය කියපු කතාවට පටහැනි කතාවක් පහුගිය කතා කීපයකදීම අනුර කිව්වා.අනුර කිව්වේ කීර්තිමත් සමාගම්වල ආනයනික බහාලුම් විවෘත කරලා බැලුවම ඒවා ඇතුලෙත් නීති විරෝධී බඩු තිබුණා කියලයි.
කොහොම හරි බහාලුම් පැන්නීමට එරෙහිව ආපු සමාජ විරෝධයෙන් අනුරට ගැලවෙන්න පුළුවන් වුනේ නෑ.ඒක නිසාම අනුරට ඒ ගැන නිර්දේශ දෙන්න පරීක්ෂණ කමිටුවක් පත් කරන්න සිද්ධවුනා.දැන් පරීක්ෂණ කමිටු වර්තාව මුදල් අමාත්‍යාංශයට බාරදීලා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා.ඒ වාර්තාවට අනුව රතු ලේබල සහිත බහාලුම් නිදහස් කරන්න ඉස්සෙල්ලා අනිවාර්ය රෙගු පරීක්ෂාවක් කරන්න අවශ්‍ය බව සදහන් වෙන බව ඒ මාධ්‍ය වාර්තවල තිබුණා.
ඒ වගේම පරීක්ෂණ කමිටුව බහාලුම් 323 නිදහස් කිරීම සම්බන්ධයෙන් විගණනයක් ඉල්ලා තියනවා.පරික්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීමේදී අනුගමනය කරන්න ඕනි නිර්දේශ කීපයකුත් ඉදිරිපත් කරලා තියනවා.රතු පැහැයෙන් ලේබල් කරන ලද බහාලුම අනිවාර්ය රේගු පරීක්ෂාවකට ලක්වෙන්න ඕනි.කහ පැහැයට හුරු තැඹිලි පැහැයෙන් ලේබල් කර ඇති බහාලුම් ස්කෑන් කරන්න ඕනි.කොළ පැහැයෙන් ලේබල් කර ඇති බහාලුම් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට හැකියාව තියනවා.
මෙහෙම විවිධ ලේබල් යටතේ ඇති බහාලුම් හඳුනාගෙන සලකුණු කිරීම සඳහා මෘදුකාංග පද්ධතියක් 2021 ඉඳන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා.මේ බහාලුම 323ක අතර රතු පැහැයන් ලේබල් කර ඇති බහලුම්ද ඇතුළත් වී ඇති බවත්,රතු පැහැයෙන් අදහස් වෙන්නේ එම බහාලුම් අනිවාර්ය රේගු පරීක්ෂාවට ලක් කළ යුතු බව කමිටුව වාර්තාවේ සඳහන් වෙනවා.රතු ලේබල් කරපු බහාලුම් 323 මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වනවා.
දැන් මේ කමිටුවේ වාර්තාවත් ඒ පරීක්ෂණවලට පදනම් කරගන්න ඕනි.කොහොම හරි රජයේ පරීක්ෂණ කමිටුව ජනාධිපතිගේ,ඇමති බිමල්ගේ. තුහිය කොන්තා සහ සීවලි අරුක්ගොඩ වගේ අංජනම්කාරයින්ගේ රෙදි රට ඉස්සරහා ගලවලා නිරුවත් කරලා තියෙනවා.ඇත්තටම බිමල්ට කොන්දක් තියනවා නම් වරඳ පිලිඅරගෙන ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න ඕනි.ඒ විතරක් නෙවෙයි වරායේ තදබදය අඩු කිරීමට පත් කරපු කමිටුවේ සභාපති විදිහට බිමල් දුන්න වැරදි උපදෙස්වලට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි.ඇත්තටම බිමල් සහ සීවලි අරුක්ගොඩ අත්අඩංගුවට ගන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ
(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්